-
යෙසායා 11:11, 12ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 ඒ දවසේදී යෙහෝවා දෙවෙනි පාරටත් ඔහුගේ අත දික් කරලා ඉතුරු වෙලා ඉන්න ඔහුගේ සෙනඟව ආයෙත් එකතු කරගන්නවා. ඇසිරියාව,+ ඊජිප්තුව,+ පත්‍රොස්,+ කූෂ්,+ ඒලාම්,+ ෂීනාර්,* හමාත් සහ දූපත්වල+ ඉන්න හැමෝවම ඔහු එක් රැස් කරගන්නවා. 12 ඔහු ජාතීන්ට පේන්න කණුවක්* හිටවලා විසිරිලා ඉන්න ඊශ්‍රායෙල්වරුන්ව එකතු කරගන්නවා.+ පොළොවේ හතර කොනටම විසිරිලා ගිහින් ඉන්න යූදා සෙනඟව ඔහු ආයෙත් එකතු කරගන්නවා.+
-