ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 18:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 හෙසකියා රජ පාලනය කරපු 14වෙනි අවුරුද්දේදී ඇසිරියාවේ රජ+ වුණ සෙනකෙරිබ් යූදාවල තිබුණ පවුරුවලින් වට වුණ හැම නගරයකටම විරුද්ධව සටන් කරලා ඒවා අල්ලගත්තා.+

  • 2 ලේකම් 32:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 හෙසකියා විශ්වාසවන්තව+ ඒ හැම දෙයක්ම කරලා ටික කාලයක් ගියාට පස්සේ ඇසිරියාවේ රජ වුණ සෙනකෙරිබ් යූදා දේශය ආක්‍රමණය කළා. සෙනකෙරිබ් ආරක්ෂාව වැඩි කරලා තිබුණ නගර වැටලුවා. එයාට ඕනෙ වුණේ ඒ නගරවල පවුරු කඩලා ඒවා අල්ලගන්නයි.+

  • යෙසායා 8:7, 8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 ඒ නිසා යෙහෝවා වන මම

      ඇසිරියාවේ රජවයි,+ ඔහුගේ බලවත් හමුදාවයි

      මේ සෙනඟට විරුද්ධව එවනවා.

      ඔහු හරියට මහ ගඟේ* බලවත් ජල කන්දරාව වගේ.

      ඒක ගංඉවුර යට කරගෙන පිටාර ගලයි.

       8 මුළු යූදා දේශයම යට කරලා දායි.

      ඔහු බෙල්ල ළඟටම එන ගං වතුරක් වගේ හැම දෙයක්ම යට කරගෙන යයි.+

      අනේ එම්මානුවෙල්,*+

      ඔහු පියාපත් විහිදුවලා ඔබේ මුළු දේශයම වහගන්නවා!”

  • යෙසායා 10:28-32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ඔහු අයියත්වලට ආවා.+

      මිග්‍රොන් නගරය මැදින් ගියා.

      මික්මාෂ්වල+ ඔහුගේ බඩු තිබ්බා.

      29 ඔහු තොටුපොළ පහු කරගෙන ගියා.

      ගෙබාවල+ රාත්‍රිය ගත කළා.

      රාමාවල මිනිස්සු බයෙන් වෙවුලනවා. සාවුල්ගේ නගරය වුණ ගිබෙයාවල+ මිනිස්සු පැනලා ගියා.+

      30 ගල්ලිම් දියණියනි, කෑ ගහන්න.

      ලායිෂා, ලෑස්ති පිට ඉන්න.

      අනේ, අසරණ අනාතොත්!+

      31 මද්මේනාවල මිනිස්සු පැනලා ගිහින්.

      ගෙබිම්වල හිටපු අය ආරක්ෂිත තැන් හොයාගෙන ගිහින්.

      32 අද ඔහු නොබ්වල නතර වෙයි.+

      ඔහු සියොන් දියණියගේ කන්ද දිහාවට ඔහුගේ අත දික් කරනවා.

      යෙරුසලම පිහිටුවලා තියෙන කන්දට තර්ජනය කරන්න ඔහු අත දික් කරනවා.

  • යෙසායා 33:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 මහා මාර්ග පාළුවට ගිහිල්ලා.

      පාරවල්වල කිසිම කෙනෙක් ගමන් කරන්නේ නැහැ.

      ඔහු* ගිවිසුම කඩ කළා.

      ඔහු නුවරවල් හෙළා දැක්කා.

      ඔහුට මිනිස්සු ගැන කිසිම ගාණක් නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න