ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 25:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඉතින් මම යෙහෝවාගේ අතේ තිබුණ කුසලානය අරගෙන යෙහෝවා මාව යවපු හැම ජාතියක් ළඟටම ගිහින් ඔවුන්ට ඒකෙන් බොන්න දුන්නා.+

  • යෙරෙමියා 25:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඔවුන් අතරේ ජීවත් වෙන විදේශිකයන් හැමෝටමත් ඒකෙන් බොන්න දුන්නා. ඌෂ් දේශයේ රජවරු හැමෝටමත් පිලිස්තිවරුන්ගේ දේශයේ ඉන්න රජවරු හැමෝටමත්+ අෂ්කෙලොන්,+ ගාසා සහ එක්‍රොන්වලටත් අෂ්දොද්වල ඉතුරු වෙලා ඉන්න අයටත්

  • එසකියෙල් 25:15, 16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙමත් කියනවා. ‘පිලිස්තිවරු වෛරය හිතේ තියාගෙනම ඉන්න නිසා දරුණු විදිහට පළිගන්න හදනවා. හැම දෙයක්ම විනාශ කරන්න හදනවා.+ 16 ඒ නිසා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. “මම පිලිස්තිවරුන්ට විරුද්ධව මගේ අත දික් කරනවා.+ කෙරෙතිවරුන්ව සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා.+ වෙරළබඩ තීරයේ ඉතුරු වෙලා ඉන්න සෙනඟවත් විනාශ කරනවා.+

  • ආමොස් 1:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 යෙහෝවා මෙහෙමත් කියනවා.

      ‘“ගාසා නගරයේ වැසියන් තුන් පාරක් කැරලිගැහුවා.+ හතර පාරක්ම කැරලිගැහුවා.

      ඒ නිසා ඔවුන් ගැන ගත්ත තීරණය මම වෙනස් කරන්නේ නැහැ.

      වහලුන් විදිහට අරන් ගිය හැම කෙනෙක්වම+ ඔවුන් ඒදොම්වරුන්ගේ අතට භාර දුන්නා.

  • ශෙපනියා 2:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 මොකද ගාසා, අත්හැරලා දාපු නගරයක් වෙයි.

      අෂ්කෙලොන් පාළු බිමක් වෙයි.+

      මහ දවාලේ සතුරෝ ඇවිත් අෂ්දොද් නගරයේ වැසියන්ව පන්නලා දායි.

      එක්‍රොන් නගරයත් සම්පූර්ණයෙන්ම විනාශ කරලා දායි.+

  • සෙකරියා 9:5, 6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 අෂ්කෙලොන් නගරයේ අය ඒක දැකලා බය වෙයි.

      ගාසා නගරයේ අයට ලොකු වේදනාවක් දැනෙයි.

      එක්‍රොන් නගරයේ අයට දැනෙන්නෙත් ඒ විදිහටමයි.

      මොකද ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වෙලා යයි.

      ගාසා පාලනය කරන්න රජෙක් ඉතුරු වෙන්නේ නැහැ.

      අෂ්කෙලොන් සම්පූර්ණයෙන්ම පාළු වෙලා යයි.+

       6 විදේශිකයෙක්* අෂ්දොද් නගරයේ පදිංචි වෙයි.

      පිලිස්තිවරුන්ගේ ආඩම්බරයට හේතු වුණ දේ මම නැති කරලා දානවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න