2 “බලන්න! ජාතීන් අතරේ මම ඔබව වැදගැම්මකට නැති ජාතියක් කරනවා.
මිනිස්සු ඔබව සම්පූර්ණයෙන්ම හෙළා දකියි.+
3 පර්වතවලත් කඳු මුදුන්වලත් ආරක්ෂිතව ඉන්න ඔබ
‘මාව බිමට ඇදලා දාන්න පුළුවන් කාටද’ කියලා හිතනවා.
ඔබේ උඩඟු හිත නිසා ඔබ ඉන්නේ රැවටිලා.”+
4 යෙහෝවා මෙහෙමත් කියනවා.
“ඔබ රාජාලියෙක් වගේ උස් තැනක කැදැල්ල හදාගත්තත්
තරු අතරේ කූඩුව හදාගත්තත් මම ඔබව එතනින් පහතට ඇදලා දානවා.