-
යෙරෙමියා 50:44-46ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
44 “බලන්න! යොර්දාන් ගඟ දිගේ තියෙන ගන කැලෑවේ ඉඳන් සිංහයෙක් කඩා පනිනවා වගේ කෙනෙක් ආරක්ෂිත තණබිම්වලට පහර දෙන්න කඩා පනිනවා. එක මොහොතකින් ඔවුන්ට ඇයව අතහැරලා පලා යන්න මම සලස්වනවා. මම තෝරගත්ත කෙනාව ඇයව පාලනය කරන්න පත් කරනවා.+ මොකද මට සමාන කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද? මං කරන දේ ප්‍රශ්න කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද? මට විරුද්ධව ඉන්න පුළුවන් එඬේරෙක් ඉන්නවාද?+ 45 දැන් ඇහුම්කන් දෙන්න. බැබිලෝනියට විරුද්ධව යෙහෝවා ගත්ත තීරණයටත්+ කල්දිවරුන්ගේ දේශයට විරුද්ධව ඔහු කරන්න අදහස් කරන දේටත් ඇහුම්කන් දෙන්න.
ඔවුන් කරපු දේවල් නිසා ඔහු ඔවුන්ගේ දේශය පාළු කරනවා.
රැළේ ඉන්න බැටළු පැටවුන්ව අනිවාර්යයෙන්ම ඇදගෙන යනවා.+
-