ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 28:53-57
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 53 සතුරන් ඔයාලව වටලගෙන ඉන්න නිසාත් ඔයාලා පිටට ගේන දරුණු පීඩා නිසාත් ඔයාලාගේ දරුවන්ව මරලා කන්න ඔයාලට සිද්ධ වෙයි.+ ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට දුන්න ඔයාලාගෙම දරුවන්ව ඔයාලා මරලා කයි.

      54 “සැපපහසු ජීවිතයක් ගත කරපු, ගුණ යහපත් පුරුෂයන් පවා ඒ කාලේදී තමන්ගේ සහෝදරයාටවත් තමන්ගේ ආදරණීය බිරිඳටවත් ඉතුරු වෙලා ඉන්න තමන්ගේ දරුවන්ටවත් කිසිම අනුකම්පාවක් පෙන්නන්නේ නැහැ. 55 එයාලා තමන්ගේ දරුවන්ව මරාගෙන කද්දී පවුලේ අය එක්ක ඒක බෙදාගන්නෙවත් නැහැ. මොකද සතුරන් නගර වටලගෙන ඉන්න නිසාත් එයාලා ඇති කරන දුෂ්කරතා නිසාත් කෑමට ගන්න වෙන කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.+ 56 කකුල්වල දූවිලි පොදක්වත් ගෑවුණේ නැති, හරිම සැපපහසු ජීවිතයක් ගත කරපු ගුණ යහපත් කාන්තාවන් පවා+ ඒ කාලේදී තමන්ගේ ආදරණීය පුරුෂයාටවත් දූදරුවන්ටවත් කිසිම අනුකම්පාවක් පෙන්නන්නේ නැහැ. 57 එයාලා පවුලේ අයටත් හොරෙන් තමන්ගේ අලුත උපන් දරුවන්ව කාලා දායි. ඒ විතරක් නෙමෙයි ප්‍රසූතියේදී පිට වෙන හැම දෙයක්මත් එයාලා කයි. මොකද සතුරන් නගර වටලගෙන ඉන්න නිසාත් එයාලා ඇති කරන දුෂ්කරතා නිසාත් කෑමට ගන්න වෙන කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.

  • 2 රාජාවලිය 25:3-7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 හතරවෙනි මාසේ නමවෙනිදා වෙද්දී සාගතය කොච්චර දරුණු වුණාද+ කියනවා නම් දේශයේ හිටපු මිනිස්සුන්ට කන්න කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා.+ 4 කල්දිවරු නගරයේ පවුර කඩාගෙන ඇතුළට ආවා.+ ඒකට කලින් එදා රෑම නගරයේ හිටපු සෙබළු හැමෝම රජගේ උයන ළඟ, තාප්ප දෙක අතරේ තිබුණ දොරටුවෙන් පැනලා ගියා. ඒ වෙද්දී කල්දිවරු නගරය වටලගෙනයි හිටියේ. ශෙදකියා රජත් අරබා නිම්නයට යන පාරෙන් පැනලා ගියා.+ 5 ඒත් කල්දිවරුන්ගේ හමුදාව ශෙදකියා පස්සේ එළවගෙන ගිහිල්ලා යෙරිකෝවට කිට්ටුවෙන් තියෙන පාළුකරයේදී එයාව අල්ලගත්තා. ශෙදකියාගේ හමුදාව එයාව අත්හැරලා දාලා ඒ මේ අත දිව්වා. 6 කල්දිවරුන්ගේ හමුදාව ශෙදකියාව අල්ලගෙන+ රිබ්ලාවල හිටපු බැබිලෝනියේ රජ ළඟට එයාව අරගෙන ගියා. එහෙදී එයාට දෙන්න ඕනෙ දඬුවම තීරණය කළා. 7 එයාලා ශෙදකියා ඉස්සරහම එයාගේ පුතාලව මරලා දැම්මා. ඊටපස්සේ නෙබුකද්නෙෂර් ශෙදකියාගේ ඇස් අන්ධ කරලා එයාට තඹ විලංගු දාලා එයාව බැබිලෝනියට අරන් ගියා.+

  • යෙසායා 3:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 සැබෑ ස්වාමීන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියන් කරන දේ බලන්න!

      ඔහු යෙරුසලමෙන් සහ යූදා දේශයෙන් හැම දෙයක්ම ඒ කියන්නේ සෙනඟ ජීවත් වෙන්න අවශ්‍යයි කියලා හිතන හැම දෙයක්ම අයින් කරනවා.

      කෑමත් වතුරත්+

  • එසකියෙල් 4:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඊටපස්සේ ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, මම යෙරුසලමට ආහාර ලැබෙන එක නවත්තනවා.*+ දැනෙන කනස්සල්ල නිසා මිනිස්සු ලැබෙන රොටි පංගුව කිරලා මැනලා කයි.+ දැනෙන බය නිසා ලැබෙන වතුර ටික ඔවුන් මැනලා බොයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න