-
යෙරෙමියා 16:10, 11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
10 “මේ හැම දෙයක්ම ඔයා සෙනඟට කිව්වාම එයාලා ඔයාගෙන් මෙහෙම අහයි. ‘මේ හැම දරුණු විපතක්ම යෙහෝවා අපිට විරුද්ධව ගේනවා කියලා කියන්නේ ඇයි? අපි කරපු වරද මොකක්ද? අපේ දෙවි යෙහෝවාට විරුද්ධව අපි කරපු පාපය මොකක්ද?’+ 11 එතකොට ඔයා එයාලට මෙහෙම උත්තර දෙන්න. ‘යෙහෝවා මෙහෙම කියනවා. “මම ඒ දේ කරන්නේ ඔබේ මුතුන්මිත්තන් මාව අතහැරිය නිසයි.+ ඔවුන් දිගින් දිගටම වෙනත් දෙවිවරු පස්සේ ගිහින් ඒ දෙවිවරු ඉස්සරහා වැඳ වැටිලා ඒ දෙවිවරුන්ට නමස්කාර කළා.+ ඔවුන් මාව අතහැරලා දැම්මා. මගේ නීති පිළිපැද්දේ නැහැ.+
-