ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 28:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “ඒත් ඔයාලා ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ හඬට සවන් දෙන්නේ නැතුව අද මම ඔයාලට කියලා දෙන ඔහුගේ ආඥා සහ පනත් පිළිපැද්දේ නැත්නම් මේ හැම ශාපයක්ම ඔයාලා අද්දකියි. ඇත්තටම ඒ ශාප ඔයාලා පස්සේ එළවගෙන එයි.+

  • ද්විතීය කතාව 28:48
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 48 යෙහෝවා ඔයාලට විරුද්ධව ඔයාලාගේ සතුරන්ව එවයි. ඔයාලා බඩගින්නෙන්,+ පිපාසයෙන්, අඳින්න හරි හමං ඇඳුම් පවා නැතුව ගොඩක් අගහිඟකම් මැද එයාලට දාසකම් කරයි.+ ඔයාලා නැත්තටම නැති වෙලා යන කල් එයාලා යකඩ වියගහක් ඔයාලාගේ බෙල්ලේ බඳියි.

  • යෙසායා 3:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 සැබෑ ස්වාමීන් සහ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියන් කරන දේ බලන්න!

      ඔහු යෙරුසලමෙන් සහ යූදා දේශයෙන් හැම දෙයක්ම ඒ කියන්නේ සෙනඟ ජීවත් වෙන්න අවශ්‍යයි කියලා හිතන හැම දෙයක්ම අයින් කරනවා.

      කෑමත් වතුරත්+

  • එසකියෙල් 4:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “වතුරත් මැනලා බොන්න. හැම දවසකම හින මිනුමෙන් හයෙන් එකක්* බොන්න ඕනේ. ඒක නියමිත වෙලාවලදී බොන්න.

  • එසකියෙල් 4:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඊටපස්සේ ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, මම යෙරුසලමට ආහාර ලැබෙන එක නවත්තනවා.*+ දැනෙන කනස්සල්ල නිසා මිනිස්සු ලැබෙන රොටි පංගුව කිරලා මැනලා කයි.+ දැනෙන බය නිසා ලැබෙන වතුර ටික ඔවුන් මැනලා බොයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න