-
යෙරෙමියා 44:12ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
12 ඊජිප්තුවට ගිහින් එහේ පදිංචි වෙන්න තීරණය කරපු ඉතුරු වෙලා ඉන්න යුදෙව්වන්ව මම අල්ලගන්නවා. ඔවුන් හැමෝම ඊජිප්තු දේශයේදී විනාශ වෙනවා.+ ඔවුන් කඩුවෙනුත් සාගතයෙනුත් පහර කනවා. ලොකු කුඩා හැමෝම සාගතයෙන් සහ කඩුවෙන් මැරුම් කනවා. ඔවුන්ට වෙන දේ දැකලා මිනිස්සු පුදුම වෙනවා. මිනිස්සු ඔවුන්ට ශාප කරයි, සමච්චල් කරයි. ඔවුන්ව පිළිකුල් කරයි.+
-
-
එසකියෙල් 17:17, 18ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
17 පාරාවෝ බලවත්, විශාල හමුදාවක් එක්ක ඔහුගේ උදව්වට ආවත් ඒකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ.+ හුඟදෙනෙක්ව මරලා දාන අදහසින් සතුරෝ නගරය වටලන්න බැමි බැඳලා පවුරු ගොඩනඟද්දී ඒ හමුදාවෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. 18 ඔහු තමන් දුන්න පොරොන්දුව සැහැල්ලුවට අරන් ගිවිසුම කඩ කළා. ඔහු පොරොන්දුවක් දීලා* තියෙද්දීත් ඒ දේවල් කරපු නිසා ඔහු කීයටවත් ගැලවෙන්නේ නැහැ.’”
-