ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 18:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 තමන්ගේ පුතාව හරි දුවව හරි ගින්නෙන් දවලා පූජා කරන+ කිසිම කෙනෙක් ඔයාලා අතරේ ඉන්න බැහැ. පේන කියන,+ මන්තර ගුරුකම් කරන,+ නිමිති බලන,+ මායා බලයෙන් දේවල් කරන+ කිසිම කෙනෙක් ඔයාලා අතරේ ඉන්න බැහැ.

  • ද්විතීය කතාව 18:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “ඔයාලා දේශයෙන් පන්නලා දාන ඒ ජාතීන් මන්තර ගුරුකම් කරන+ සහ පේන+ කියන අයගෙන් උදව් ගන්න පුරුදු වෙලා හිටියා. ඒත් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඒ වගේ කිසිම දෙයක් කරන්න ඔයාලට අවසර දීලා නැහැ.

  • යෙරෙමියා 27:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “‘“‘“බැබිලෝනියේ රජට සේවය කරන්න ඔබට සිද්ධ වෙන්නේ නැහැ” කියලා කියන ඔබේ අනාගතවක්තෘවරුන්ට, පේන කියන්නන්ට, සිහින දකින්නන්ට, මන්තර ගුරුකම් කරන්නන්ට සහ කට්ටඩියන්ට ඇහුම්කන් දෙන්න එපා.

  • මීකා 3:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 ‘ඔබට රාත්‍රිය උදා වෙයි.+ ඔබට දර්ශන දකින්න ලැබෙන්නේ නැහැ.+

      ඔබට ඉතුරු වෙන්නේ අන්ධකාරය විතරයි. තවදුරටත් ඔබට පේන කියන්න බැරි වෙයි.

      අනාගතවක්තෘවරු ආයෙත් කවදාවත් හිරු එළිය දකින්නේ නැහැ.

      ඔවුන්ට දවාල රාත්‍රිය වගේ පෙනෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න