ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 28
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • මායාකාරියක්ව හම්බ වෙන්න සාවුල් ඒන්දෝර්වලට යයි (1-25)

1 සාමුවෙල් 28:1

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 14:52
  • +1සාමු 27:12; 29:3

1 සාමුවෙල් 28:2

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 29:2

1 සාමුවෙල් 28:3

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:1
  • +නික් 22:18; ලෙවී 19:31; 20:6, 27; ද්වි 18:10, 11; එළි 21:8

1 සාමුවෙල් 28:4

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 19:17, 18; 2රාජා 4:8
  • +1සාමු 31:1; 2සාමු 1:21; 21:12

1 සාමුවෙල් 28:5

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 28:20

1 සාමුවෙල් 28:6

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 14:37
  • +නික් 28:30; ගණන් 27:21

1 සාමුවෙල් 28:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:18; ලෙවී 19:31; 20:6; 1සාමු 15:23; 28:3
  • +යොෂු 17:11

1 සාමුවෙල් 28:8

පාදසටහන්

  • *

    මූ.අ., “පේන කියලා.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 18:10, 11; 1ලේක 10:13

1 සාමුවෙල් 28:9

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 28:3
  • +නික් 22:18; ලෙවී 20:27

1 සාමුවෙල් 28:12

පාදසටහන්

  • *

    හෝ, “සාමුවෙල් වගේ පෙනී හිටපු භූතයාව.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 28:3

1 සාමුවෙල් 28:14

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 15:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2010, 20 පි.

1 සාමුවෙල් 28:15

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 28:6
  • +ලෙවී 19:31

1 සාමුවෙල් 28:16

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 15:23; 16:14

1 සාමුවෙල් 28:17

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 13:14; 15:28; 16:13; 24:20

1 සාමුවෙල් 28:18

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 15:9; 1ලේක 10:13

1 සාමුවෙල් 28:19

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 28:1; 31:1
  • +1සාමු 31:5
  • +1සාමු 31:2; 2සාමු 2:8
  • +1සාමු 31:7

1 සාමුවෙල් 28:21

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 20:27

1 සාමුවෙල් 28:24

පාදසටහන්

  • *

    හෝ, “පූජා කරලා.”

1 සාමුවෙල් 28:25

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 28:8

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 සාමු. 28:11සාමු 14:52
1 සාමු. 28:11සාමු 27:12; 29:3
1 සාමු. 28:21සාමු 29:2
1 සාමු. 28:31සාමු 25:1
1 සාමු. 28:3නික් 22:18; ලෙවී 19:31; 20:6, 27; ද්වි 18:10, 11; එළි 21:8
1 සාමු. 28:4යොෂු 19:17, 18; 2රාජා 4:8
1 සාමු. 28:41සාමු 31:1; 2සාමු 1:21; 21:12
1 සාමු. 28:51සාමු 28:20
1 සාමු. 28:61සාමු 14:37
1 සාමු. 28:6නික් 28:30; ගණන් 27:21
1 සාමු. 28:7නික් 22:18; ලෙවී 19:31; 20:6; 1සාමු 15:23; 28:3
1 සාමු. 28:7යොෂු 17:11
1 සාමු. 28:8ද්වි 18:10, 11; 1ලේක 10:13
1 සාමු. 28:91සාමු 28:3
1 සාමු. 28:9නික් 22:18; ලෙවී 20:27
1 සාමු. 28:121සාමු 28:3
1 සාමු. 28:141සාමු 15:27
1 සාමු. 28:151සාමු 28:6
1 සාමු. 28:15ලෙවී 19:31
1 සාමු. 28:161සාමු 15:23; 16:14
1 සාමු. 28:171සාමු 13:14; 15:28; 16:13; 24:20
1 සාමු. 28:181සාමු 15:9; 1ලේක 10:13
1 සාමු. 28:191සාමු 28:1; 31:1
1 සාමු. 28:191සාමු 31:5
1 සාමු. 28:191සාමු 31:2; 2සාමු 2:8
1 සාමු. 28:191සාමු 31:7
1 සාමු. 28:21ලෙවී 20:27
1 සාමු. 28:251සාමු 28:8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 සාමුවෙල් 28:1-25

පළවෙනි සාමුවෙල්

28 ඒ දවස්වලදී පිලිස්තිවරු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කරන්න ලෑස්ති වුණා.+ ඒ වෙලාවේ ආකිෂ් රජ දාවිත්ට මෙහෙම කිව්වා. “ඔයායි, ඔයාගේ සෙබළුයි මාත් එක්ක යුද්දෙට යන්න එන්න ඕනේ.”+ 2 එතකොට දාවිත් “මගේ ස්වාමීනි, මම ඔබ එක්ක එනවා කියලා ඔබ හොඳින්ම දන්නවානේ” කියලා ආකිෂ්ට කිව්වා. ආකිෂ් රජත් “ඔව්, මම දන්නවා. ඒ නිසයි මම ඔයාව හැමදාටම මගේ ආරක්ෂක නිලධාරියා විදිහට පත් කරන්නේ”+ කියලා දාවිත්ට කිව්වා.

3 ඒ වෙනකොට සාමුවෙල් මිය ගිහින් හිටියේ. මුළු ඊශ්‍රායෙල් සෙනඟම සාමුවෙල් ගැන හුඟක් දුක් වුණාට පස්සේ එයාගේ නගරය වුණ රාමාවල එයාව තැන්පත් කළා.+ ඒ වෙද්දී සාවුල් මායාකාරයන්වයි, ශාස්ත්‍ර කියන අයවයි දේශයෙන් පන්නලා දාලයි තිබුණේ.+

4 පිලිස්තිවරු එයාලාගේ හමුදාව රැස් කරගෙන ෂුනෙම්+ නගරයට ගිහින් කඳවුරු බැඳගත්තා. සාවුල් රජත් මුළු ඊශ්‍රායෙල් හමුදාවම රැස් කරගෙන ගිල්බෝවා+ කන්දේ කඳවුරු බැඳගත්තා. 5 පිලිස්තිවරුන්ගේ කඳවුර දැක්කාම සාවුල් ගොඩක් බය වුණා.+ 6 සාවුල් යෙහෝවාගෙන් මඟ පෙන්වීම් ඉල්ලුවත්+ යෙහෝවා එයාට උත්තර දුන්නේ නැහැ. හීනයක් මාර්ගයෙන්වත් ඌරීම්+ මාර්ගයෙන්වත් අනාගතවක්තෘවරුන් මාර්ගයෙන්වත් දෙවියන් සාවුල්ට උත්තර දුන්නේ නැහැ. 7 අන්තිමට සාවුල් එයාගේ සේවකයන්ට මෙහෙම කිව්වා. “මට මායාකාරියක්ව හොයලා දෙන්න.+ මට දැනගන්න ඕනෙ දේ මං එයාගෙන් අහලා දැනගන්නම්.” එතකොට එයාලා “ඒන්දෝර්වල+ නම් මායාකාරියක් ඉන්නවා” කියලා සාවුල්ට කිව්වා.

8 ඊටපස්සේ සාවුල් වෙස්වලා ගෙන පුරුෂයන් දෙන්නෙක් එක්ක ඒ මායාකාරියව හම්බ වෙන්න ගියා. එයාලා එතනට ගියේ අඳුර වැටුණාට පස්සේ. සාවුල් එයාට මෙහෙම කිව්වා. “ඔයාගේ මන්තර බලයෙන්*+ මං කියන කෙනාව මෙතනට ගෙන්නන්න.” 9 ඒත් එයා මෙහෙම කිව්වා. “සාවුල් මායාකාරයන්වයි, ශාස්ත්‍ර කියන අයවයි දේශයෙන් පන්නලා දැම්මා+ කියලා ඔයා දන්නවානේ. ඉතින් ඇයි ඔයා ඒ ගැන දැනදැනත් මට විරුද්ධව උගුලක් අටවන්න හදන්නේ? ඔයා මාව මරලා දාන්නද හදන්නේ?”+ 10 ඒත් සාවුල්, යෙහෝවාගේ නමින් දිවුරලා එයාට මෙහෙම කිව්වා. “ඔයාට කිසි දඬුවමක් ලැබෙන්නේ නැහැ කියලා මම ජීවමාන දෙවි යෙහෝවා ඉස්සරහා දිවුරලා කියනවා.” 11 එතකොට ඒ ස්ත්‍රිය “මං ගෙන්නන්න ඕනෙ කාවද” කියලා සාවුල්ගෙන් ඇහුවා. “සාමුවෙල්ව ගෙන්නන්න” කියලා සාවුල් කිව්වා. 12 ඒ ස්ත්‍රිය “සාමුවෙල්ව”*+ දැක්ක ගමන්ම මහ හයියෙන් කෑගහලා සාවුල්ගෙන් මෙහෙම ඇහුවා. “ඔබ සාවුල් නේද? ඇයි ඔබ මාව රැවැට්ටුවේ?” 13 ඒ වෙලාවේ රජ “බය වෙන්න එපා. ඔයා මොනවාද දැක්කේ කියලා මට කියන්න” කියලා එයාට කිව්වා. මායාකාරිය “කවුරු හරි කෙනෙක් පොළොවෙන් උඩට එනවා මං දැක්කා. එයා හරියට දෙවි කෙනෙක් වගේ” කියලා කිව්වා. 14 එතකොට සාවුල් “එයාගේ හැඩරුව මොන වගේද” කියලා ඇහුවා. ස්ත්‍රිය කිව්වා “පොළොවෙන් උඩට ආවේ වයසක මනුස්සයෙක්. එයා ඇඳගෙන ඉන්නේ අත් නැති ඇඳුමක්”+ කියලා. ඒක ඇහුවාම සාවුල් හිතුවා “ඒ ‘සාමුවෙල්’ වෙන්න ඕනෙ” කියලා. ඉතින් එයා එතනම දණ ගහලා බිම දිගා වුණා.

15 එතකොට “සාමුවෙල්” සාවුල්ගෙන් මෙහෙම ඇහුවා. “ඇයි ඔයා මට කරදර කරන්නේ? ඇයි ඔයා මාව මෙතනට ගෙන්නුවේ?” සාවුල් මෙහෙම කිව්වා. “මං ලොකු කරදරේක වැටිලා ඉන්නේ. පිලිස්තිවරු මට විරුද්ධව සටන් කරන්න ඇවිත්. දෙවියනුත් මාව අත්හැරලා. මං ඔහුට කතා කළත් ඔහු අනාගතවක්තෘවරුන් මාර්ගයෙන්වත් හීනයකින්වත් මට උත්තර දෙන්නේ නැහැ.+ මං මොනවාද කරන්න ඕනෙ කියලා දැනගන්නයි ඔයාට කතා කළේ.”+

16 “සාමුවෙල්” සාවුල්ට මෙහෙම කිව්වා. “යෙහෝවා ඔයාව අත්හැරලා.+ ඔහු ඔයාව සලකන්නේ සතුරෙක් විදිහට. ඒක දැනදැනත් ඔයා මං ළඟට ආවේ ඇයි? 17 යෙහෝවා දෙවියන් මං ලවා කියපු හැම දෙයක්ම ඒ විදිහටම ඉටු කරනවා. යෙහෝවා ඔයාගේ අතින් රාජ්‍යය උදුරගෙන ඔයාගෙම ජාතියේ කෙනෙක් වන දාවිත්ට ඒක භාර දෙයි.+ 18 ඔයා යෙහෝවාට අකීකරු වුණා. යෙහෝවා දැවෙන කේන්තියකින් අමලෙක්වරුන්ව විනාශ කරන්න කියලා කිව්වත් ඔයා ඔහු නියම කරපු දඬුවම එයාලට දුන්නේ නැහැ.+ ඒ නිසා දෙවියන් ඔයාට කරන්න යන දේ මං දැන් කියන්නම්. 19 යෙහෝවා ඔයාවයි, ඊශ්‍රායෙල් සෙනඟවයි පිලිස්තිවරුන්ගේ අතට+ අහු කරලා දෙනවා. හෙට ඔයාටයි,+ ඔයාගේ පුතාලටයි+ සිද්ධ වෙනවා මං ඉන්න තැනට එන්න. යෙහෝවා මුළු ඊශ්‍රායෙල් හමුදාවම පිලිස්තිවරුන්ට යටත් කරලා දෙනවා.”+

20 “සාමුවෙල්” කියපු දේ අහලා සාවුල් ගොඩක් බය වුණා. එයා එතනම වැටිලා බිම වැතිරිලා හිටියා. දවස පුරාම එයා කිසිම දෙයක් කාලා හිටියේ නැති නිසා එයාගේ ඇඟට කිසි ශක්තියක් තිබුණේ නැහැ. 21 මායාකාරිය සාවුල් ළඟට ආවාම එයා දැක්කා සාවුල්ගේ හිත හොඳටම අවුල් වෙලා කියලා. එතකොට එයා සාවුල්ට මෙහෙම කිව්වා. “ඔබේ දාසිය වන මම මගේ ජීවිතෙත් අනතුරේ දාලා+ ඔබේ ඉල්ලීම ඉටු කළා. 22 ඉතින් දැන් ඔබේ දාසිය වන මම කියන දේ අහන්න. මම ඔබට කන්න රොටියක් ගෙනත් දෙන්නම්. ඔබ ඒක කෑවොත් ඔබේ ගමන යන්න ඔබට ශක්තියක් ලැබෙයි.” 23 ඒත් සාවුල් “මට කන්න බැහැ” කියලා ස්ත්‍රියට කිව්වා. ඒ වුණත් ඒ ස්ත්‍රියත් සාවුල්ගේ සේවකයනුත් කන්න කියලා බල කරපු නිසා සාවුල් නැඟිටලා එතන තිබුණ ඇඳ උඩ ඉඳගත්තා. 24 ඒ ස්ත්‍රිය ළඟ හොඳට වැඩුණු තර වස්සෙක් හිටියා. එයා ඉක්මනින් ඒ වස්සාව මරලා* ඌව කෑමට පිළියෙල කළා. එයා පිටි අනලා මුහුන් දාන්නේ නැතුව රොටිත් හැදුවා. 25 ඊටපස්සේ ඒ ස්ත්‍රිය සාවුල්ටයි, එයාගේ සේවකයන්ටයි ඒවා කන්න දුන්නා. එයාලා කෑවාට පස්සේ එදා රෑම එතනින් පිටත් වෙලා ගියා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න