ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 28
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා පොතේ සාරාංශයක්

      • යෙරෙමියා සහ බොරු අනාගතවක්තෘ හනනියා (1-17)

යෙරෙමියා 28:1

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 24:17; 2ලේක 36:10
  • +යොෂු 11:19; 2සාමු 21:2

යෙරෙමියා 28:2

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 27:4, 8

යෙරෙමියා 28:3

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 24:11, 13; යෙරෙ 27:16; දානි 1:2

යෙරෙමියා 28:4

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 23:36; 24:6
  • +2රාජා 24:8; 25:27; යෙරෙ 37:1
  • +2රාජා 24:12, 14; යෙරෙ 24:1

යෙරෙමියා 28:6

පාදසටහන්

  • *

    හෝ, “එසේම වේවා!”

යෙරෙමියා 28:8

පාදසටහන්

  • *

    හෝ, “ලෙඩ රෝග.”

යෙරෙමියා 28:10

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 27:2

යෙරෙමියා 28:11

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 28:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 250-251 පි.

යෙරෙමියා 28:13

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 27:2

යෙරෙමියා 28:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:48; යෙරෙ 5:19
  • +යෙරෙ 27:6; දානි 2:37, 38

යෙරෙමියා 28:15

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 28:1
  • +යෙරෙ 14:14; 23:21; 27:15; එස 13:3

යෙරෙමියා 28:16

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 13:5; 18:20; යෙරෙ 29:32

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

යෙරෙ. 28:12රාජා 24:17; 2ලේක 36:10
යෙරෙ. 28:1යොෂු 11:19; 2සාමු 21:2
යෙරෙ. 28:2යෙරෙ 27:4, 8
යෙරෙ. 28:32රාජා 24:11, 13; යෙරෙ 27:16; දානි 1:2
යෙරෙ. 28:42රාජා 23:36; 24:6
යෙරෙ. 28:42රාජා 24:8; 25:27; යෙරෙ 37:1
යෙරෙ. 28:42රාජා 24:12, 14; යෙරෙ 24:1
යෙරෙ. 28:10යෙරෙ 27:2
යෙරෙ. 28:11යෙරෙ 28:4
යෙරෙ. 28:13යෙරෙ 27:2
යෙරෙ. 28:14ද්වි 28:48; යෙරෙ 5:19
යෙරෙ. 28:14යෙරෙ 27:6; දානි 2:37, 38
යෙරෙ. 28:15යෙරෙ 28:1
යෙරෙ. 28:15යෙරෙ 14:14; 23:21; 27:15; එස 13:3
යෙරෙ. 28:16ද්වි 13:5; 18:20; යෙරෙ 29:32
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
යෙරෙමියා 28:1-17

යෙරෙමියා

28 ඒ අවුරුද්දේම ඒ කියන්නේ යූදාවල රජ වන ශෙදකියා+ පාලනය කරපු මුල් කාලේ තවත් දෙයක් වුණා. ඔහු පාලනය කරපු හතරවෙනි අවුරුද්දේ පස්වෙනි මාසේදී අස්සූර්ගේ පුතා සහ ගිබියොන්වල කෙනෙක්+ වුණ අනාගතවක්තෘ හනනියා, යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ හිටපු පූජකයන් සහ සෙනඟ ඉස්සරහා මට මෙහෙම කිව්වා. 2 “ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා කියන්නේ මේකයි. ‘බැබිලෝනියේ රජ ඔබ පිට පටවලා තියෙන වියගහ මම කඩලා දානවා.+ 3 බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර් යෙහෝවා දෙවියන්ගේ ගෘහයෙන් බැබිලෝනියට අරගෙන ගිය හැම භාණ්ඩයක්ම අවුරුදු දෙකක් ඇතුළත මම ආපහු මෙහෙට ගේනවා.’”+ 4 “‘යෙහෝයාකිම්ගේ+ පුතා වුණ යූදාවල රජකම් කරපු යෙකොනියාවත්+ යූදා දේශයේ ඉඳන් බැබිලෝනියට අරන් ගිය හැමෝවමත් මම ආපහු මෙහෙට ගේනවා’+ කියලා යෙහෝවා කියනවා. ‘මොකද බැබිලෝනියේ රජ ඔබ පිට පටවලා තියෙන වියගහ මම කඩලා දානවා.’”

5 එතකොට අනාගතවක්තෘ යෙරෙමියා, යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ හිටගෙන හිටපු පූජකයන් සහ සෙනඟ ඉස්සරහා අනාගතවක්තෘ හනනියාට කතා කළා. 6 අනාගතවක්තෘ යෙරෙමියා මෙහෙම කිව්වා. “ආමෙන්!* යෙහෝවා එහෙම කළොත් කොච්චර හොඳද! බැබිලෝනියට අරන් ගිය යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ භාණ්ඩත් වහලුන් විදිහට අරන් ගිය සෙනඟවත් ආපහු මෙහෙට ගෙනල්ලා ඔබ කියපු අනාවැකිය යෙහෝවා ඉටු කළොත් කොච්චර හොඳද! 7 ඒත් දැන් මං ඔබටයි, මේ මුළු සෙනඟටයි ඇහෙන්න කියන පණිවිඩයට කරුණාකරලා ඇහුම්කන් දෙන්න. 8 ඔබටයි, මටයි කලින් හිටපු අනාගතවක්තෘවරු ඒ කියන්නේ ඈත අතීතයේ හිටපු අනාගතවක්තෘවරු අනාවැකි කිව්වේ ගොඩක් දේශවලටත් බලවත් රාජ්‍යයන්වලටත් මුහුණ දෙන්න වෙන යුද්ධ, විපත්ති සහ වසංගත* ගැනයි. 9 ඒත් අනාගතවක්තෘවරයෙක් සාමය ගැන අනාවැකි කිව්වොත් ඔහු ඇත්තටම යෙහෝවා එව්ව කෙනෙක් කියලා දැනගන්න පුළුවන් වෙන්නේ ඒක ඉටු වුණොත් විතරයි.”

10 එතකොටම අනාගතවක්තෘ හනනියා, යෙරෙමියාගේ කරේ තිබුණ වියගහ අරගෙන ඒක කඩලා දැම්මා.+ 11 ඊටපස්සේ හනනියා සෙනඟ ඉස්සරහා මෙහෙම කිව්වා. “යෙහෝවා මෙහෙම කියනවා. ‘මං මේ විදිහටම බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර් හැම ජාතියක් පිටම පටවලා තියෙන වියගහ අවුරුදු දෙකක් ඇතුළත කඩලා දානවා.’”+ ඊටපස්සේ අනාගතවක්තෘ යෙරෙමියා එතනින් යන්න ගියා.

12 අනාගතවක්තෘ හනනියා, යෙරෙමියාගේ කරේ තිබුණ වියගහ කඩලා දැම්මාට පස්සේ යෙහෝවා දෙවියන්ගෙන් යෙරෙමියාට මේ පණිවිඩය ලැබුණා. 13 “ගිහින් හනනියාට මෙහෙම කියන්න. ‘යෙහෝවා කියන්නේ මෙහෙමයි. “ලීවලින් හදපු වියගහ ඔබ කඩලා දැම්මා.+ ඒත් ඒක වෙනුවට යකඩින් හදපු වියගහක් කරේ තියාගන්න ඔබට සිද්ධ වෙනවා.” 14 මොකද ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. “මේ හැම ජාතියකටම සිද්ධ වෙනවා බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ට සේවය කරන්න. මොකද මම ඔවුන් පිට යකඩින් හදපු වියගහක් තියනවා. ඔවුන් අනිවාර්යයෙන්ම ඔහුට සේවය කරයි.+ වනසතුන්ව පවා මම ඔහුට යටත් කරලා දෙනවා.”’”+

15 ඊටපස්සේ අනාගතවක්තෘ යෙරෙමියා හනනියාට+ මෙහෙම කිව්වා. “හනනියා, කරුණාකරලා මේක හොඳට අහගන්න. යෙහෝවා ඔබව එව්වේ නැහැ. ඒත් ඔබ බොරුවක් විශ්වාස කරන්න මේ සෙනඟව පෙලඹුවා.+ 16 ඒ නිසා යෙහෝවා මෙහෙම කියනවා. ‘මම ඔබව පොළොවෙන් නැති කරලා දානවා. යෙහෝවාට විරුද්ධව කැරලිගහන්න සෙනඟව පොලඹවපු නිසා ඔබ මේ අවුරුද්දේ මැරෙනවා.’”+

17 ඒ අවුරුද්දේ හත්වෙනි මාසේදී අනාගතවක්තෘ හනනියා මැරුණා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න