සෙකරියා
9 මේ, දෙවියන්ගෙන් ලැබුණ පණිවිඩයක්.
“හද්‍රාක් දේශයට සහ විශේෂයෙන්ම දමස්කයට විරුද්ධව+
යෙහෝවා දෙවියන්ගෙන් ලැබුණ විනිශ්චයක්.
යෙහෝවා පොළොවේ වැසියන් දිහාත්+
හැම ඊශ්‍රායෙල් ගෝත්‍රයක් දිහාමත් බලාගෙන ඉන්නවා.
2 ඇගේ* දේශ සීමාවේ තියෙන හමාත්+ දේශයට විරුද්ධවත්
තමන් හුඟක් බුද්ධිමත්+ කියලා හිතන් ඉන්න තීර්+ සහ සීදොන්වරුන්ට+ විරුද්ධවත්
ඒ විනිශ්චය ප්‍රකාශ කරලා තියෙනවා.
3 තීර් ඇගේ නුවර වටේට ආරක්ෂාවට බැම්මක්* හදාගත්තා.
ඇය පස් ගොඩගහනවා වගේ රිදී ගොඩගැහුවා.
මඩ ගොඩගහනවා වගේ රන් ගොඩගැහුවා.+
4 බලන්න! යෙහෝවා ඇගේ වස්තුව උදුරගනියි.
ඇගේ හමුදාවට පහර දීලා ඔවුන්ව මුහුදට ඇදලා දායි.*+
ඇයව ගින්නෙන් පුච්චලා දායි.+
5 අෂ්කෙලොන් නගරයේ අය ඒක දැකලා බය වෙයි.
ගාසා නගරයේ අයට ලොකු වේදනාවක් දැනෙයි.
එක්‍රොන් නගරයේ අයට දැනෙන්නෙත් ඒ විදිහටමයි.
මොකද ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වෙලා යයි.
ගාසා පාලනය කරන්න රජෙක් ඉතුරු වෙන්නේ නැහැ.
අෂ්කෙලොන් සම්පූර්ණයෙන්ම පාළු වෙලා යයි.+
7 මම ඔහුගේ කටින්* ලේ තැවරුණු දේවල් ඉවත් කරනවා.
ඔහුගේ දත් අතරේ තියෙන පිළිකුල්සහගත දේවල් අයින් කරලා දානවා.
ඔහු අතරෙන් ඉතුරු වෙන අය අපේ දෙවියන්ට අයිති වෙයි.
ඔහු යූදාවල අධිපතියෙක්* වගේ වෙයි.+
එක්‍රොන්වල වැසියෝ යෙබූසිවරුන් වගේ වෙයි.+
8 මම මගේ දේශය* ළඟින්ම කඳවුරු* බැඳගෙන ඒක ආරක්ෂා කරනවා.+
එතකොට කිසිම කෙනෙක්ට දේශයට ඇතුල් වෙන්නවත් දේශයෙන් පිට වෙන්නවත් බැරි වෙයි.
ඔවුන්ගෙන් බලෙන් වැඩ ගන්න* කිසිම කෙනෙක් ආයෙත් දේශයට ඇතුල් වෙන්නේ නැහැ.+
මොකද ඔවුන් අද්දකින දේ* මම මගේ ඇස් දෙකෙන්ම දකිනවා.
9 සියොන් දියණිය, ප්‍රීතියෙන් ඉපිල යන්න.
යෙරුසලම් දියණිය, සතුටින් කෑගහන්න.
බලන්න! ඔබේ රජ ඔබ වෙතට එනවා.+
ගැලවීම ලබා දෙන* ඔහු ධර්මිෂ්ඨ කෙනෙක්.
නිහතමානී+ කෙනෙක් වන ඔහු, බූරුවෙක් පිටේ නැඟලා එනවා.
බූරු නාම්බෙක්, ඒ කියන්නේ බූරුදෙනකගේ පැටියෙක් පිටේ+ ඔහු නැඟලා එනවා.
10 මම එෆ්‍රායිම් දේශයේ තියෙන යුධ රථ නැති කරලා දානවා.
යෙරුසලමේ ඉන්න අශ්වයන්ව පන්නලා දානවා.
හේවායන්ගේ දුනු සුනුවිසුනු කරනවා.
ඔබේ රජ ජාතීන්ට සාමය ප්‍රකාශ කරයි.+
ඔහුගේ පාලනය මුහුදෙන් මුහුදටත්
11 සියොන්* දියණිය, වතුර නැති ගැඹුරු වළක හිර කරලා තියෙන ඔබේ සෙනඟව මම බේරගන්නවා.+
එහෙම කරන්නේ මං ඔබ එක්ක ලේවලින් ස්ථිර කරගත්ත ගිවිසුම පදනම් කරගෙනයි.
12 නිදහස ලැබෙන කල් බලාගෙන ඉන්න සිරකරුවෙනි,+ බලකොටුවට ආයෙත් යන්න.
අද මම ඔබට මේ දේ කියනවා.
‘සියොන් දියණිය, ඔබ වින්ද වේදනා වෙනුවට මම ඔබට දෙගුණයක් ආශීර්වාද කරනවා.+
13 මම යූදා කියන මගේ දුන්න නමලා*
එෆ්‍රායිම් කියන ඊතලය ඒකේ රඳවනවා.
සියොන් දියණිය, මම ඔබේ පුතුන්ව අවදි කරලා
ග්‍රීසියේ පුතුන්ට විරුද්ධව නැඟී ඉන්න සලස්වනවා.
මම ඔබව යුධ දක්ෂයෙක්ගේ කඩුවක් වගේ බලවත් කරනවා.’
14 යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟ එක්ක ඉන්නවා කියලා හැමෝම දකියි.
ඔහුගේ ඊතලය විදුලි වේගයෙන් ගමන් කරයි.
ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා හොරණෑව පිඹලා,+
දකුණු දිශාවෙන් එන කුණාටුවත් එක්කම ඉදිරියට ගමන් කරයි.
15 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ඔහුගේ සෙනඟ වෙනුවෙන් සටන් කරයි.
සතුරන් ඔවුන්ට ගල්පටිවලින් ප්‍රහාර එල්ල කළත් ඔවුන් ඒවා සුනුවිසුනු කරලා දායි.+
ඔවුන් වයින් බීලා තෘප්තියට පත් වුණ අය වගේ සතුටින් කෑගහයි.
ඔවුන් වයින් පිරුණු භාජනයක් වගෙත්
16 එඬේරෙක් තමන්ගේ බැටළු රැළ බේරගන්නවා වගේ,
ඔවුන්ගේ දෙවි වන යෙහෝවා ඔවුන්ව බේරගනියි.+
ඔටුන්නක තියෙන මැණික් වගේ ඔවුන් ඔහුගේ දේශයේ බැබළෙයි.+
ඒ කාලයේදී ධාන්‍යවලින් තරුණයෝ ශක්තිමත් වෙයි.
අලුත් වයින්වලින් තරුණියෝ ප්‍රාණවත් වෙයි.”+