ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 26
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • තීර්ට විරුද්ධව අනාවැකි කියයි (1-21)

        • “මාදැල් වේළෙන්න දාන ගොඩබිමක්” (5, 14)

        • ගලුත් ඉතුරු වුණ සුන්බුන් ටිකත් මුහුදට වීසි කරයි (12)

එසකියෙල් 26:1

පාදසටහන්

  • *

    මොන මාසෙද කියලා හරියටම කියන්න බැහැ.

එසකියෙල් 26:2

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 3:4-6; ආමො 1:9
  • +විලා 1:1

එසකියෙල් 26:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 7 පි.

එසකියෙල් 26:4

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 23:11; ආමො 1:10; සෙක 9:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 7 පි.

එසකියෙල් 26:5

හරස් යොමු දැක්වීම්

  • +එස 27:32

එසකියෙල් 26:6

පාදසටහන්

  • *

    මූ.අ., “ඇගේ දූවරුන්වත්.”

එසකියෙල් 26:7

පාදසටහන්

  • *

    මූ.අ., “නෙබුකද්රෙෂර්ව.” ඒ නම ලියන වෙන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 25:9; එස 29:18
  • +දානි 2:37
  • +හබ 1:8
  • +යෙරෙ 4:13

එසකියෙල් 26:9

පාදසටහන්

  • *

    හෝ, “කඩුවලින්.”

එසකියෙල් 26:11

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 5:28; හබ 1:8

එසකියෙල් 26:12

හරස් යොමු දැක්වීම්

  • +එස 27:32, 33; 28:5, 18; සෙක 9:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2008, 23 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 7 පි.

එසකියෙල් 26:13

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 23:16

එසකියෙල් 26:14

හරස් යොමු දැක්වීම්

  • +එස 26:4, 5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 7 පි.

එසකියෙල් 26:15

හරස් යොමු දැක්වීම්

  • +එස 27:28

එසකියෙල් 26:16

පාදසටහන්

  • *

    හෝ, “අත් නැති ඇඳුමත්.”

හරස් යොමු දැක්වීම්

  • +එස 27:35; 32:10

එසකියෙල් 26:17

හරස් යොමු දැක්වීම්

  • +එස 27:32
  • +ආමො 1:9, 10
  • +එස 28:2

එසකියෙල් 26:18

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 23:5

එසකියෙල් 26:19

හරස් යොමු දැක්වීම්

  • +එස 27:34

එසකියෙල් 26:20

හරස් යොමු දැක්වීම්

  • +එස 28:8

එසකියෙල් 26:21

හරස් යොමු දැක්වීම්

  • +එස 27:36

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 26:2යෝවෙ 3:4-6; ආමො 1:9
එස. 26:2විලා 1:1
එස. 26:4යෙසා 23:11; ආමො 1:10; සෙක 9:4
එස. 26:5එස 27:32
එස. 26:7යෙරෙ 25:9; එස 29:18
එස. 26:7දානි 2:37
එස. 26:7හබ 1:8
එස. 26:7යෙරෙ 4:13
එස. 26:11යෙසා 5:28; හබ 1:8
එස. 26:12එස 27:32, 33; 28:5, 18; සෙක 9:3
එස. 26:13යෙසා 23:16
එස. 26:14එස 26:4, 5
එස. 26:15එස 27:28
එස. 26:16එස 27:35; 32:10
එස. 26:17එස 27:32
එස. 26:17ආමො 1:9, 10
එස. 26:17එස 28:2
එස. 26:18යෙසා 23:5
එස. 26:19එස 27:34
එස. 26:20එස 28:8
එස. 26:21එස 27:36
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 26:1-21

එසකියෙල්

26 11වෙනි අවුරුද්දේ මාසයේ* පළවෙනිදා යෙහෝවා දෙවියන් මට කතා කරලා මෙහෙම කිව්වා. 2 “මනුෂ්‍ය පුත්‍රය, යෙරුසලමට විරුද්ධව තීර් මෙහෙම කිව්වා.+ ‘හොඳ වැඩේ! ජාතීන්ව තමන් වෙතට ඇදගත්ත ඇය දැන් වැටිලා ගිහින්.+ හැම දෙයක්ම දැන් මට අයිති වෙයි. ඇය විනාශ වෙලා ගිය නිසා මට පොහොසත් වෙන්න පුළුවන්.’ 3 ඒ නිසා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘තීර්, මම ඔබට විරුද්ධව පියවර ගන්නවා. මුහුදේ රැලි ඉහළට නැඟලා එනවා වගේ මම ගොඩක් ජාතීන්ව ඔබට විරුද්ධව එවනවා. 4 ඔවුන් ඇවිත් තීර්වල පවුරු විනාශ කරලා ඇගේ මුරකොටු කඩලා දායි.+ මම ඇගේ සුන්බුන් අයින් කරලා දාලා ඇයව කිසිම දෙයක් නැති, හිස් පර්වතයක් කරනවා. 5 ඇය මුහුද මැද මාදැල් වේළෙන්න දාන ගොඩබිමක් වගේ වෙයි.’+

“ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ඒ දේ කිව්වේ මමයි. ඒ නිසා හැම ජාතියක්ම ඇවිත් ඇයව අනිවාර්යයෙන්ම කොල්ල කනවා. 6 ඇයට අයිති ගම්මානවල ජීවත් වෙන අයවත්* කඩුවෙන් මරලා දානවා. මම යෙහෝවා කියලා පිළිගන්න සෙනඟට සිද්ධ වෙනවා.’

7 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘මම උතුරේ ඉන්න බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ව* තීර්වලට විරුද්ධව එවනවා.+ ඔහු රජවරුන්ගෙත් රජෙක්.+ ඔහු අශ්වයන්,+ යුධ රථ,+ අසරුවන් සහ සෙබළු ගොඩක් ඉන්න හමුදාවක් එක්ක එනවා. 8 ඔහු ඔබේ ගම්මානවල ඉන්න අයව කඩුවෙන් මරලා දානවා. ඔහු ඔබව වටලන්න බැම්මක් බඳියි. පවුරකුත් ගොඩනඟයි. ඔහුගේ හමුදාව විශාල පලිස් අරගෙන ඔබට විරුද්ධව සටන් කරයි. 9 ඔහු අරන් එන යුධෝපකරණයෙන් ඔබේ පවුරු කුඩු කරලා දායි. ඔහුගේ හමුදාව පොරෝ තලවලින්* ඔබේ මුරකොටු බිඳලා දායි. 10 ඔහුගේ අශ්ව සේනාව මොන තරම් විශාලද කියනවා නම් උන් එද්දී ඔබ දූවිල්ලෙන් නැහැවිලා යයි. ඔහු ඔබේ දොරටුවලින් ඇතුල් වෙද්දී ඔහුගේ අසරුවන්ගෙත් යුධ රථවලත් සද්දෙට පවුරු දෙදරුම් කයි. පවුරු කැඩිලා ගිය නගරයකට සෙනඟක් ඇතුල් වෙන විදිහට ඔවුන් ඇතුල් වෙයි. 11 ඔහුගේ අශ්වයන් දුවන සද්දේ හැම පාරකින්ම ඇහෙයි.+ ඔහු ඔබේ සෙනඟව කඩුවෙන් මරලා දායි. ඔබේ ශක්තිමත් කුලුනු බිමට කඩන් වැටෙයි. 12 ඔවුන් ඔබේ සම්පත් කොල්ල කයි. වෙළඳාම් කරන බඩු භාණ්ඩ පැහැරගනියි.+ ඔබේ පවුරු කඩලා ලස්සන ගෙවල් බිමටම සමතලා කරයි. ඊටපස්සේ ඒ ගලුත් ලීත් ඉතුරු වෙච්ච සුන්බුන් ටිකත් මුහුදට වීසි කරයි.’

13 “‘ඔබෙන් ඇහෙන ගී හඬ මම නතර කරලා දානවා. වීණාවල හඬත් ආයේ කවදාවත් ඔබෙන් ඇහෙන්නේ නැහැ.+ 14 මම ඔබව කිසිම දෙයක් නැති, හිස් පර්වතයක් කරනවා. ඔබ නිකම්ම මාදැල් වේළෙන්න දාන ස්ථානයක් වෙනවා.+ ඔබව ආයේ කවදාවත් ගොඩනඟන්නේ නැහැ. මොකද ඒ දේවල් කිව්වේ යෙහෝවා වන මමයි’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.

15 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා තීර්වලට මෙහෙම කියනවා. ‘ඔබ වැටෙන සද්දෙට හැම දූපතක්ම බයෙන් වෙවුලන්නේ නැද්ද? ඔබේ සෙනඟ මැරුම් කද්දී, පණ අදින අයගේ කෙඳිරිලි හඬ ඇහෙද්දී දූපත් බයෙන් ගැහෙන්නේ නැද්ද?+ 16 සමුද්‍රයේ වැජඹෙන අධිපතීන් ඔවුන්ගේ සිංහාසනවලින් බැහැලා ඇවිත් තමන්ගේ නිලඇඳුමත්* මෝස්තර දාලා මහපු ඇඳුමුත් ගලවලා දායි. ඔවුන් බයෙන් වෙවුලයි. ඔවුන් බිම ඉඳගෙන බයෙන් ගැහිගැහී ඔබ දිහා පුදුමයෙන් බලාගෙන ඉඳියි.+ 17 ඔවුන් ඔබ ගැන ශෝක ගීයක් කියයි.+ ඔවුන් මෙහෙම ගායනා කරයි.

“සත් සමුදුරෙන් එන සෙනඟගෙන් ජනාකීර්ණ වුණ, හැමෝගෙම ප්‍රශංසා ලබපු ඔබ විනාශ වෙලා ගිය හැටි බලන්න.+

ඔබයි, ඔබේ සෙනඟයි හිටියේ මුහුදේ වැජඹිලා.+

පොළොවේ හැමෝම හිටියේ ඔබට බයෙන්.

18 ඔබේ වැටීම සිද්ධ වෙන දවසේදී දූපත් බයෙන් වෙවුලයි.

ඔබ විනාශ වෙලා ගිය විදිහ දකිද්දී දූපත් කැලඹෙයි.”’+

19 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘නටබුන් වුණ නගර වගේ මම ඔබව පාළු කරලා දානවා. මහා ජල කඳකින් ඔබව යට කරලා දානවා. මුහුද ඔබව ගිලගනියි.+ 20 මම ඔබවයි, ඔබත් එක්ක මැරුම් කන අයවයි මිනී වළට ගෙනියනවා. ඈත අතීතයේ මිය ගිය අය ඉන්න තැනට මම ඔබව යවනවා. ඔබව යවන්න පුළුවන් පහත්ම තැනට මම ඔබව යවනවා. අතීතයේ විනාශ වෙලා ගිය නගර තියෙන්නේ එතනයි. අතීතයේ මිය ගිය අය ඉන්නෙත් එතනයි.+ ඔබ ආයේ කවදාවත් ජනාවාස වෙන්නේ නැහැ. ඔබ නැති වෙලා ගියාට පස්සේ මම ජීවතුන්ගේ දේශය ලස්සන තැනක් කරනවා.

21 “‘ඔබ නොහිතන මොහොතක භයානක විනාශයක් මම ඔබ පිටට ගේනවා. ඔබ නැත්තටම නැති වෙලා යනවා.+ ඔවුන් ඔබව හොයයි. ඒත් ආයේ කවදාවත් ඔබව හොයාගන්න ලැබෙන්නේ නැහැ’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න