ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දානියෙල් 6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

දානියෙල් පොතේ සාරාංශයක්

      • පර්සියාවේ නිලධාරීන් දානියෙල්ට විරුද්ධව උගුලක් අටවයි (1-9)

      • දානියෙල් යාච්ඤා කරන එක අත්හරින්නේ නැහැ (10-15)

      • දානියෙල්ව සිංහ ගුහාවට දායි (16-24)

      • දාරියුස් රජ දානියෙල්ගේ දෙවියන්ට ගෞරව කරයි (25-28)

දානියෙල් 6:1

හරස් යොමු දැක්වීම්

  • +එස්ත 1:1; දානි 9:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 115 පි.

දානියෙල් 6:2

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 8:36; එස්ත 8:9; දානි 3:2
  • +දානි 2:48; 5:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 115-116 පි.

දානියෙල් 6:3

හරස් යොමු දැක්වීම්

  • +දානි 1:17, 20; 5:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 116 පි.

දානියෙල් 6:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 116-117, 124-125 පි.

දානියෙල් 6:5

හරස් යොමු දැක්වීම්

  • +එස්ත 3:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 125 පි.

දානියෙල් 6:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 117 පි.

දානියෙල් 6:7

පාදසටහන්

  • *

    හෝ, “මනුස්සයෙක්ගෙන් හරි දෙවි කෙනෙක්ගෙන් හරි ඉල්ලීමක් කරන.”

හරස් යොමු දැක්වීම්

  • +දානි 3:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 20-21, 117-118, 123 පි.

    මුරටැඹ,

    11/15/1996, 8 පි.

දානියෙල් 6:8

හරස් යොමු දැක්වීම්

  • +එස්ත 3:12; 8:10
  • +එස්ත 1:19; 8:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 118 පි.

දානියෙල් 6:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 119 පි.

දානියෙල් 6:10

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 8:44, 45

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2018, 10-11 පි.

    මුරටැඹ,

    9/1/2007, 19 පි.

    දානියෙල්ගේ අනාවැකි, 119, 125-126 පි.

දානියෙල් 6:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 119 පි.

දානියෙල් 6:12

හරස් යොමු දැක්වීම්

  • +එස්ත 8:8; දානි 6:7, 8

දානියෙල් 6:13

හරස් යොමු දැක්වීම්

  • +දානි 1:3, 6; 2:25; 5:13
  • +එස්ත 3:8; දානි 6:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 119-120 පි.

දානියෙල් 6:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 120 පි.

දානියෙල් 6:15

හරස් යොමු දැක්වීම්

  • +එස්ත 8:8; දානි 6:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 120 පි.

දානියෙල් 6:16

හරස් යොමු දැක්වීම්

  • +දානි 6:7; හෙබ්‍රෙ 11:32, 33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 120-122, 126-127 පි.

    මුරටැඹ,

    11/15/1996, 9 පි.

දානියෙල් 6:18

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “සංගීත වාදකයන්ව සහ ගායකයන්ව ගෙන්නුවේ නැහැ.”

දානියෙල් 6:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 126-127 පි.

    මුරටැඹ,

    11/15/1996, 9 පි.

දානියෙල් 6:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 122-123 පි.

දානියෙල් 6:22

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 17:37; හෙබ්‍රෙ 11:32, 33
  • +ගීතා 34:7; 118:5; දානි 3:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 122-123 පි.

දානියෙල් 6:23

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:40; හිතෝ 18:10; දානි 3:26, 27

දානියෙල් 6:24

පාදසටහන්

  • *

    හෝ, “අපහාස.”

හරස් යොමු දැක්වීම්

  • +එස්ත 7:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 123-124 පි.

දානියෙල් 6:25

හරස් යොමු දැක්වීම්

  • +එස්ත 8:9; දානි 4:1

දානියෙල් 6:26

පාදසටහන්

  • *

    හෝ, “පාලන අයිතිය.”

හරස් යොමු දැක්වීම්

  • +දානි 3:29
  • +දානි 4:34

දානියෙල් 6:27

පාදසටහන්

  • *

    මූ.අ., “සිංහයන්ගේ අතින්.”

හරස් යොමු දැක්වීම්

  • +දානි 3:28
  • +යෙරෙ 32:20; දානි 4:3

දානියෙල් 6:28

හරස් යොමු දැක්වීම්

  • +දානි 5:31; 6:1, 2
  • +2ලේක 36:22, 23; එස්රා 1:1, 2; යෙසා 44:28

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

දානි. 6:1එස්ත 1:1; දානි 9:1
දානි. 6:2එස්රා 8:36; එස්ත 8:9; දානි 3:2
දානි. 6:2දානි 2:48; 5:29
දානි. 6:3දානි 1:17, 20; 5:12
දානි. 6:5එස්ත 3:8
දානි. 6:7දානි 3:6
දානි. 6:8එස්ත 3:12; 8:10
දානි. 6:8එස්ත 1:19; 8:8
දානි. 6:101රාජා 8:44, 45
දානි. 6:12එස්ත 8:8; දානි 6:7, 8
දානි. 6:13දානි 1:3, 6; 2:25; 5:13
දානි. 6:13එස්ත 3:8; දානි 6:10
දානි. 6:15එස්ත 8:8; දානි 6:8
දානි. 6:16දානි 6:7; හෙබ්‍රෙ 11:32, 33
දානි. 6:221සාමු 17:37; හෙබ්‍රෙ 11:32, 33
දානි. 6:22ගීතා 34:7; 118:5; දානි 3:28
දානි. 6:23ගීතා 37:40; හිතෝ 18:10; දානි 3:26, 27
දානි. 6:24එස්ත 7:10
දානි. 6:25එස්ත 8:9; දානි 4:1
දානි. 6:26දානි 3:29
දානි. 6:26දානි 4:34
දානි. 6:27දානි 3:28
දානි. 6:27යෙරෙ 32:20; දානි 4:3
දානි. 6:28දානි 5:31; 6:1, 2
දානි. 6:282ලේක 36:22, 23; එස්රා 1:1, 2; යෙසා 44:28
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
දානියෙල් 6:1-28

දානියෙල්

6 දාරියුස් රජ එයාගේ මුළු රාජධානියම බලාගන්න දිසාපතීන් 120දෙනෙක්ව පත් කරන්න තීරණය කළා.+ 2 ඒ දිසාපතීන්ගේ වැඩ බලන්න රජ උසස් නිලධාරීන් තුන්දෙනෙක්ව පත් කළා. දිසාපතීන්+ එයාලා කරන හැම දෙයක්ම ඒ නිලධාරීන්ට වාර්තා කළා. එහෙම වාර්තා කරන්න කිව්වේ රජට පාඩුවක් වෙන එක වළක්වන්නයි. දානියෙල් ඒ තුන්දෙනාගෙන් එක් කෙනෙක්.+ 3 දානියෙල් අනිත් උසස් නිලධාරීන්ට සහ දිසාපතීන්ට වඩා ගොඩක් දක්ෂ, බුද්ධිමත් කෙනෙක්+ කියලා පැහැදිලි වුණා. ඒ නිසා මුළු රාජධානියම බලාගන්න දානියෙල්ව පත් කරන්න රජ හිතාගෙන හිටියා.

4 උසස් නිලධාරීන්ට සහ දිසාපතීන්ට ඕනෙ වුණා දානියෙල් රාජකාරිය කරන විදිහේ වරදක් හොයාගන්න. එයාලා දානියෙල්ගේ වරදක් හෙව්වේ එයාට චෝදනා කරන අදහසින්. ඒත් දානියෙල් එයාගේ වගකීම් හොඳින් ඉටු කරපු, විශ්වාසවන්ත කෙනෙක්. එයා කොයිම වෙලාවකවත් වංක විදිහට වැඩ කළේ නැහැ. ඒ නිසා එයාට විරුද්ධව චෝදනා කරන්න කිසිම දෙයක් හොයාගන්න එයාලට බැරි වුණා. 5 ඉතින් එයාලා මෙහෙම කතා වුණා. “දානියෙල් රාජකාරිය කරන විදිහේ නම් කිසිම වරදක් අල්ලගන්න අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ හින්දා එයා නමස්කාර කරන දෙවියන්ගේ නීතිය පාවිච්චි කරලා+ එයාව අල්ලගන්න උගුලක් අටවමු.”

6 ඊටපස්සේ උසස් නිලධාරීන් සහ දිසාපතීන් හැමෝම ඉක්මනින්ම රජ ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා. “දාරියුස් රජතුමනි, ඔබ සදහටම ජීවත් වේවා! 7 රාජධානියේ ඉන්න උසස් නිලධාරීන් හැමෝම, ප්‍රධාන නිලධාරීන්, දිසාපතීන්, රජගේ උපදේශකයන් සහ ආණ්ඩුකාරයන් කතා වුණා මෙන්න මේ වගේ නියෝගයක් දැම්මොත් හොඳයි කියලා. දවස් 30ක් යන කල් ඔබට ඇරෙන්න මනුස්සයෙක්ට හරි දෙවි කෙනෙක්ට හරි යාච්ඤා කරන* එක තහනම් කරන්න. කවුරු හරි ඒක කැඩුවොත් එයාව සිංහ ගුහාවට දාන්න නියම කරන්න+ කියලා අපි රජට යෝජනා කරනවා. 8 රජතුමනි, දැන් නියෝගය ක්‍රියාත්මක කරන්න මේකට අත්සන් කරන්න.+ එතකොට මේදියවරුන්ගේ සහ පර්සියානුවන්ගේ නීතියට අනුව මේක කවදාවත් වෙනස් කරන්නවත් අහෝසි කරන්නවත් බැරි වෙයි.”+

9 දාරියුස් රජ ඒ නියෝගයට අත්සන් කළා.

10 රජ ඒ නියෝගයට අත්සන් කළා කියලා දැනගත්ත ගමන්ම දානියෙල් එයාගේ ගෙදරට ගිහින් උඩුමහල් කාමරයට ඇතුල් වුණා. ඒකේ ජනෙල් යෙරුසලම දිහාවට ඇරලා තිබුණා.+ දානියෙල් පුරුදු වෙලා හිටපු විදිහටම දණගහලා දෙවියන්ට ප්‍රශංසා කරලා යාච්ඤා කළා. එයා දවසට තුන් පාරක් එහෙම කරන්න පුරුදු වෙලා හිටියා. 11 දෙවියන්ගෙන් උදව් ඉල්ලලා දානියෙල් එයාගේ දෙවියන්ට කන්නලව් කරකර ඉද්දීම ඒ නිලධාරීන් දානියෙල්ගේ ගෙදරට කඩා පැන්නා.

12 ඊටපස්සේ එයාලා රජ ළඟට ගිහිල්ලා රජ දාපු නියෝගය ගැන රජට මතක් කළා. එයාලා මෙහෙම කිව්වා. “රජතුමනි, දවස් 30ක් යන කල් ඔබට ඇරෙන්න මනුස්සයෙක්ට හරි දෙවි කෙනෙක්ට හරි යාච්ඤා කරන එක ඔබ තහනම් කළා නේද? එහෙම කරන කෙනෙක්ව සිංහ ගුහාවට දාන්න කියන නියෝගයට ඔබ අත්සන් කළා නේද?” එතකොට රජ එයාලට මෙහෙම කිව්වා. “ඔව්, ඒක මේදියවරුන්ගේ සහ පර්සියානුවන්ගේ නීතියට අනුව මම ස්ථිර කළා. ඒක අහෝසි කරන්න කාටවත් බැහැ.”+ 13 ඒත් එක්කම එයාලා රජට මෙහෙම කිව්වා. “රජතුමනි, යූදා දේශයෙන් ගෙනාව දානියෙල්+ ඔබවයි, ඔබ දාපු නියෝගයයි ගාණකටවත් ගත්තේ නැහැ. එයා දවසට තුන් පාරක්ම එයාගේ දෙවියන්ට යාච්ඤා කරනවා.”+ 14 ඒක ඇහුවාම රජට ගොඩක් දුක හිතුණා. දානියෙල්ව බේරගන්න විදිහක් තියෙනවාද කියලා රජ කල්පනා කළා. රජ හවස් වෙන කල්ම දානියෙල්ව බේරගන්න ක්‍රමයක් හෙව්වා. 15 දානියෙල් එක්ක තරහෙන් හිටපු ඒ නිලධාරීන් හැමෝම එකට එකතු වෙලා රජ ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා. “රජතුමනි, ඔබ දන්නවා මේදියවරුන්ගේ සහ පර්සියානුවන්ගේ නීතියට අනුව රජ නියෝගයක් හරි තහනමක් හරි දැම්මොත් ඒක වෙනස් කරන්න බැහැ කියලා.”+

16 ඉතින් දානියෙල්ව ගෙනල්ලා සිංහ ගුහාවට දාන්න කියලා රජ අණ කළා.+ එයාලා දානියෙල්ව සිංහ ගුහාවට දාන්න කලින් රජ එයාට මෙහෙම කිව්වා. “දානියෙල්, අත්හරින්නේ නැතුව දිගටම ඔයා නමස්කාර කරන ඔයාගේ දෙවියන් ඔයාව බේරගනියි කියලා මට විශ්වාසයි.” 17 ඊටපස්සේ එයාලා ඒ ගුහාවේ කට ලොකු ගලකින් වැහුවා. රජගේ මුද්දෙන් සහ වංශවත් අයගේ මුදුවලින් ඒ ගලට මුද්‍රාවක් තිබ්බා. එහෙම කළේ දානියෙල්ට දීපු ඒ තීන්දුව වෙනස් කරන්න බැරි වෙන්නයි.

18 රජ එයාගේ මාලිගාවට ගියා. රජ කිසිම දෙයක් කෑවේ බිව්වේ නැහැ. විනෝදයට කරන කිසි දෙයක් කරනවාටත් කැමති වුණේ නැහැ.* එදා මුළු රෑම රජට නින්ද ගියෙත් නැහැ. 19 එළිය වැටීගෙන එද්දී රජ නැඟිටලා ඉක්මනින්ම සිංහ ගුහාව තියෙන දිහාවට ගියා. 20 ගුහාවට ළං වෙද්දී රජ හරිම දුකෙන් දානියෙල්ට කතා කරලා මෙහෙම ඇහුවා. “අනේ, ජීවමාන දෙවියන්ට සේවය කරන දානියෙල්, ඔයා අත් නෑර දිගටම නමස්කාර කරන ඔයාගේ දෙවියන් ඔයාව බේරගත්තාද?” 21 එතකොටම දානියෙල් රජට මෙහෙම කිව්වා. “රජතුමනි, ඔබ සදහටම ජීවත් වේවා! 22 මගේ දෙවියන් ඔහුගේ දූතයෙක්ව එවලා සිංහයන්ගේ කටවල් වැහුවා.+ සිංහයන් මට මුකුත් කළේ නැහැ.+ මං නිදොස් කියලා දෙවියන් දන්නවා. රජතුමනි, මම ඔබට විරුද්ධවත් කිසි වරදක් කළේ නැහැ.”

23 දානියෙල් ගැන රජ ගොඩක් සතුටු වුණා. එයාව ගුහාවෙන් එළියට ගන්න කියලා රජ අණ කළා. දානියෙල්ව ගුහාවෙන් එළියට ගත්තාම එයාට කිසිම අනතුරක් වෙලා නැහැ කියලා පෙනුණා. එයාට කිසිම අනතුරක් වුණේ නැත්තේ එයා එයාගේ දෙවියන්ව විශ්වාස කරපු නිසයි.+

24 ඊටපස්සේ දානියෙල්ට චෝදනා* කරපු මිනිස්සුන්වයි, එයාලාගේ භාර්යාවන්වයි, දරුවන්වයි එතනට ගෙනල්ලා සිංහ ගුහාවට දාන්න කියලා රජ අණ කළා. එයාලා ගුහාවේ අඩියට වැටෙන්නත් කලින් සිංහයෝ එයාලව අල්ලගෙන කෑලි කෑලිවලට ඉරලා දැම්මා. උන් එයාලාගේ ඇටකටුත් පොඩි කරලා දැම්මා.+

25 ලෝකේ පුරාම ඉන්න විවිධ ජාතීන්ට අයිති, විවිධ භාෂා කතා කරන ජනයාට දාරියුස් රජ මේ පණිවිඩය ලියලා යැව්වා.+ “ඔයාලා හැමෝටම සමාදානය වැඩි වැඩියෙන් ලැබේවා! 26 මගේ රාජධානියේ හැම ප්‍රදේශයකම ඉන්න ජනයා දානියෙල්ගේ දෙවියන් ගැන බයක්, ගෞරවයක් ඇතුව ඉන්න ඕනෙ කියලා මම නියෝග කරනවා.+ මොකද ජීවමාන දෙවියන් ඔහුයි. ඔහු සදහටම ඉන්නවා. ඔහුගේ රාජ්‍යය කවදාවත් විනාශ වෙන්නේ නැහැ. ඔහුගේ පාලනය* හැමදාටම තියෙනවා.+ 27 ඔහු තමන්ගේ සේවකයන්ව ආරක්ෂා කරනවා,+ බේරගන්නවා. ඔහු අහසෙත් පොළොවෙත් පුදුම දේවල් කරනවා.+ ඔහු දානියෙල්ව සිංහයන්ගේ කටින්* බේරගත්තා.”

28 දාරියුස්+ සහ පර්සියානු ජාතික සයිරස්+ පාලනය කරපු කාලයේදී දානියෙල් කරදරයක් නැතුව හොඳින් හිටියා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න