ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 18
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • අබ්සලොම් පරාජයට පත් වෙලා මැරෙයි (1-18)

      • අබ්සලොම් මැරුණා කියලා දාවිත්ට දන්වයි (19-33)

2 සාමුවෙල් 18:1

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 20:18

2 සාමුවෙල් 18:2

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 8:16; 10:7
  • +1ලේක 2:15, 16
  • +2සාමු 23:18, 19
  • +2සාමු 15:19, 21

2 සාමුවෙල් 18:3

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 21:17
  • +2සාමු 17:1-3; විලා 4:20

2 සාමුවෙල් 18:5

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 18:12

2 සාමුවෙල් 18:6

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 17:26

2 සාමුවෙල් 18:7

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 16:15
  • +ගීතා 3:7; හිතෝ 24:21, 22

2 සාමුවෙල් 18:10

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 8:16; 18:2

2 සාමුවෙල් 18:12

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 18:5

2 සාමුවෙල් 18:13

පාදසටහන්

  • *

    හෝ, “මං රජට ද්‍රෝහි වෙලා.”

2 සාමුවෙල් 18:14

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “කිනිසි; හෙල්ලවල්.” මූ.අ., “පොලු.”

2 සාමුවෙල් 18:15

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 12:10; හිතෝ 2:22; 20:20; 30:17

2 සාමුවෙල් 18:17

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 7:24, 26; 8:29; 10:23, 27

2 සාමුවෙල් 18:18

පාදසටහන්

  • *

    හෝ, “තැනිතලාවේ.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 14:17
  • +2සාමු 14:27

2 සාමුවෙල් 18:19

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 15:35, 36; 17:17
  • +ගීතා 9:4

2 සාමුවෙල් 18:20

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 18:5

2 සාමුවෙල් 18:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:6

2 සාමුවෙල් 18:24

පාදසටහන්

  • *

    මූ.අ., “දොරටුවේ වහලට.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 18:4
  • +2රාජා 9:17

2 සාමුවෙල් 18:27

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 18:19

2 සාමුවෙල් 18:28

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:47; ගීතා 144:1

2 සාමුවෙල් 18:29

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 18:22

2 සාමුවෙල් 18:31

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 18:21
  • +2සාමු 22:49; ගීතා 55:18; 94:1; 124:2, 3

2 සාමුවෙල් 18:32

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 27:2

2 සාමුවෙල් 18:33

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 12:10; 17:14; 19:1; හිතෝ 19:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    7/8/1994, 28 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 සාමු. 18:1හිතෝ 20:18
2 සාමු. 18:22සාමු 8:16; 10:7
2 සාමු. 18:21ලේක 2:15, 16
2 සාමු. 18:22සාමු 23:18, 19
2 සාමු. 18:22සාමු 15:19, 21
2 සාමු. 18:32සාමු 21:17
2 සාමු. 18:32සාමු 17:1-3; විලා 4:20
2 සාමු. 18:52සාමු 18:12
2 සාමු. 18:62සාමු 17:26
2 සාමු. 18:72සාමු 16:15
2 සාමු. 18:7ගීතා 3:7; හිතෝ 24:21, 22
2 සාමු. 18:102සාමු 8:16; 18:2
2 සාමු. 18:122සාමු 18:5
2 සාමු. 18:152සාමු 12:10; හිතෝ 2:22; 20:20; 30:17
2 සාමු. 18:17යොෂු 7:24, 26; 8:29; 10:23, 27
2 සාමු. 18:18උත් 14:17
2 සාමු. 18:182සාමු 14:27
2 සාමු. 18:192සාමු 15:35, 36; 17:17
2 සාමු. 18:19ගීතා 9:4
2 සාමු. 18:202සාමු 18:5
2 සාමු. 18:21උත් 10:6
2 සාමු. 18:242සාමු 18:4
2 සාමු. 18:242රාජා 9:17
2 සාමු. 18:272සාමු 18:19
2 සාමු. 18:282සාමු 22:47; ගීතා 144:1
2 සාමු. 18:292සාමු 18:22
2 සාමු. 18:312සාමු 18:21
2 සාමු. 18:312සාමු 22:49; ගීතා 55:18; 94:1; 124:2, 3
2 සාමු. 18:32ගීතා 27:2
2 සාමු. 18:332සාමු 12:10; 17:14; 19:1; හිතෝ 19:13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 සාමුවෙල් 18:1-33

දෙවෙනි සාමුවෙල්

18 දාවිත් එයාත් එක්ක හිටපු පුරුෂයන්ව ගණන් කළා. ඊටපස්සේ එයා ඒ අයව සීයේ සහ දාහේ කණ්ඩායම්වලට බෙදලා ඒ එක් එක් කණ්ඩායම් බලාගන්න අධිපතීන්ව පත් කළා.+ 2 දාවිත් ඒ අයගෙන් තුනෙන් එකක් යෝවාබ්+ යටතේ තිබ්බා. ෂෙරුයියාගේ+ පුතා සහ යෝවාබ්ගේ සහෝදරයා වන අබිෂයි+ යටතේ තවත් තුනෙන් එකක් තිබ්බා. අනිත් තුනෙන් එක ගාත්වලින් ආපු ඉත්තයිට+ භාර දුන්නා. ඊටපස්සේ රජ එයාලට කිව්වා “මාත් ඔයාලා එක්ක එනවා” කියලා. 3 ඒත් එයාලා දාවිත්ට මෙහෙම කිව්වා. “ඔයා අපිත් එක්ක එන්න එපා.+ මිනිස්සු 10,000කටත් වඩා ඔයාව වටිනවා.+ අපි පලා ගියත් සතුරන්ට ඒකෙන් වැඩක් නැහැ. අපෙන් භාගයක්ම මැරුණත් එයාලට කිසි ගාණක් නැහැ. ඒ නිසා ඔයා නුවරටම වෙලා ඉන්න. නුවරේ ඉඳන් අපිට උදව් කරන්න.” 4 එතකොට රජ එයාලට මෙහෙම කිව්වා. “ඔයාලා කියන දෙයක් මම කරන්නම්.” රජ නුවර දොරටුව ළඟට වෙලා බලන් ඉද්දී සෙනඟ සීයේ සහ දාහේ කණ්ඩායම් විදිහට එතනින් පිටත් වෙලා ගියා. 5 ඒ වෙලාවේ රජ යෝවාබ්ටයි, අබිෂයිටයි, ඉත්තයිටයි මෙහෙම අණ කළා. “අබ්සලොම්ට දරුණු විදිහට සලකන්න එපා. එයා මගේ පුතා.”+ රජ හමුදාපතීන්ට එහෙම කියද්දී මුළු සෙනඟම ඒක අහගෙනයි හිටියේ.

6 සෙනඟ ඊශ්‍රායෙල්වරු එක්ක සටන් කරන්න පිටත් වුණා. එයාලා සටන් කළේ එෆ්‍රායිම්වල තිබුණ කැලෑවක.+ 7 දාවිත්ගේ සේවකයෝ ඊශ්‍රායෙල්වරුන්ව+ පැරැද්දුවා.+ එදා පුරුෂයන් 20,000ක්ම මැරුම් කෑවා. 8 බලන බලන හැම තැනකම සෙබළු සටන් කරකර හිටියා. එදා කඩුවෙන් මැරුම් කාපු අයට වඩා ලොකු පිරිසක් කැලේ තිබුණ උවදුරුවලට අහු වෙලා මැරුණා.

9 ඔය අතරේ අබ්සලොම් සහ දාවිත්ගේ සේවකයෝ මූණට මූණ හම්බ වුණා. ඒ වෙලාවේ අබ්සලොම් කොටළුවෙක් පිටේ ගමන් කරකරයි හිටියේ. කොටළුවා ලොකු ගහක් යටින් යද්දී අබ්සලොම්ගේ කොණ්ඩේ ඒ ගහේ අතු අතරේ පැටලුණා. කොටළුවා නතර වෙන්නේ නැතුව දිගටම ගියත් අබ්සලොම් ගහේ හිර වෙලා හිටියා. 10 ඒක දැකපු කෙනෙක් යෝවාබ්ට+ කිව්වා “අබ්සලොම් ලොකු ගහක අතු අස්සේ හිර වෙලා ඉන්නවා මං දැක්කා” කියලා. 11 ඒක ඇහුවාම යෝවාබ් එයාට මෙහෙම කිව්වා. “ඇයි ඔයා එයාව මරලා දැම්මේ නැත්තේ? ඔයා එහෙම කළා නම් මං ඔයාට රිදී ෂෙකෙල් දහයකුයි, ඉණපටියකුයි දෙනවානේ.” 12 ඒත් එයා යෝවාබ්ට මෙහෙම කිව්වා. “‘අබ්සලොම්ට කිසිම අනතුරක් කරන්න එපා’+ කියලා රජ ඔබටයි, අබිෂයිටයි, ඉත්තයිටයි කියනවා අපිටත් ඇහුණා. ඒ නිසා මට රිදී ෂෙකෙල් 1,000ක් දුන්නත් රජගේ පුතාට විරුද්ධව මං අතක්වත් උස්සන්නේ නැහැ. 13 අනික මං රජ කියන දේ අහන්නේ නැතුව* අබ්සලොම්ව මරලා දැම්මා නම් ඒක මට රජගෙන් හංගන්න පුළුවන්ද? මම එහෙම වැඩක් කළා නම් ඔබ කවදාවත් රජගෙන් මාව බේරගන්නේ නැහැ කියලත් මම දන්නවා.” 14 එතකොට යෝවාබ් “මට ඔයාත් එක්ක මෙතනට වෙලා කාලේ නාස්ති කරකර ඉන්න බැහැ” කියලා අතු අස්සේ හිර වෙලා හිටිය අබ්සලොම් ළඟට ගියා. ඒ වෙද්දී අබ්සලොම් මැරිලා හිටියේ නැහැ. යෝවාබ් ඊගස්* තුනක් අරගෙන අබ්සලොම්ගේ පපුවට ඇන්නා. 15 යෝවාබ්ගේ ආයුධ අරන් ගිය සේවකයෝ දහදෙනෙකුත් එතනට ඇවිත් අබ්සලොම්ට ආයුධවලින් පහර දීලා එයාව මරලා දැම්මා.+ 16 ඊටපස්සේ යෝවාබ් හොරණෑව පිඹලා සටන නතර කළා. සෙබළුත් ඊශ්‍රායෙල්වරුන්ව පන්නගෙන යන එක නැවැත්තුවා. 17 එයාලා අබ්සලොම්ගේ මළ සිරුර කැලෑවේ තිබුණ ලොකු වළකට දාලා ඒකට උඩින් ලොකු ගල් ගොඩක් ගැහුවා.+ ඊශ්‍රායෙල්වරු හැමෝම තම තමන්ගේ ගෙවල්වලට පලා ගියා.

18 අබ්සලොම් ජීවත් වෙලා ඉද්දී එයා රජගේ නිම්නයේ*+ ස්මාරකයක් හැදුවා. “මගේ නම ගෙනියන්න මට පුතෙක් නැහැ”+ කියලා අබ්සලොම් තමන්ව මතක් වෙන්න ඒ ස්මාරකයට එයාගේ නම තිබ්බා. අද වෙන කල්ම ඒක හඳුන්වන්නේ අබ්සලොම්ගේ ස්මාරකය කියලයි.

19 සාදොක්ගේ පුතා වන අහිමයාෂ්+ “අද යෙහෝවා සතුරන්ගේ අතින් රජව බේරගෙන ඔහුට යුක්තිය ඉටු කරලා දුන්නා!+ මම දුවලා ගිහින් රජට ඒ ගැන කියන්නද” කියලා යෝවාබ්ගෙන් ඇහුවා. 20 ඒත් යෝවාබ් එයාට මෙහෙම කිව්වා. “රජගේ පුතා මැරුණ නිසා+ අද ඔයා ආරංචිය අරන් යන්න එපා. වෙන දවසක ආරංචියක් අරන් යන්න ඔයාට පුළුවන්.” 21 ඊටපස්සේ යෝවාබ් එතන හිටිය කූෂ් ජාතිකයෙක්ට+ මෙහෙම කිව්වා. “දැන් ගිහින් ඔයා දැක්ක දේ රජට කියන්න.” ඒ කෙනා යෝවාබ්ට ආචාර කළාට පස්සේ එතනින් දුවලා ගියා. 22 ඒත් සාදොක්ගේ පුතා වන අහිමයාෂ් යෝවාබ්ට ආයෙත් මෙහෙම කිව්වා. “කූෂ් ජාතිකයා ගියාට කමක් නැහැ. මටත් එයාගේ පස්සෙන් දුවගෙන යන්න අවසර දෙන්න.” ඒත් යෝවාබ් “ඔයා ගිහින් වැඩක් තියෙනවාද මගේ පුතේ? ඔයාට ගිහින් කියන්න දෙයක් නැහැනේ” කියලා එයාට කිව්වා. 23 ඒත් එයා යෝවාබ්ට කිව්වා “ඒකට කමක් නැහැ. මටත් යන්න දෙන්න” කියලා. ඉතින් යෝවාබ් “එහෙනම් යන්න” කියලා කිව්වා. අහිමයාෂ් යොර්දාන් පළාත හරහා දුවගෙන ගිහින් කූෂ් ජාතිකයාව පහු කරගෙන ගියා.

24 දාවිත් නුවර දොරටු දෙක අතරේ ඉඳගෙන හිටියා.+ ඒ අතරේ මුරකරු+ පවුරට නැඟලා දොරටුව උඩටම* ගිහින් බැලුවා. එතකොට එයා දැක්කා නුවර දිහාවට මිනිසෙක් තනියෙන් දුවගෙන එනවා. 25 මුරකරු රජට ඒ ගැන දැන්නුවාම රජ මෙහෙම කිව්වා. “එයා තනියම එනවා නම් එයාට කියන්න ආරංචියක් ඇති.” ඒ මිනිසා ටිකෙන් ටික නුවරට ළං වෙද්දී 26 මුරකරු තවත් කෙනෙක් දුවගෙන එනවා දැක්කා. එතකොට එයා දොරටු පාලකයාට “අර බලන්න, තවත් කෙනෙක් මේ පැත්තට දුවගෙන එනවා! එයා එන්නෙත් තනියෙන්” කියලා කිව්වා. එතකොට රජ “එයා එනවා ඇත්තෙත් ආරංචියක් අරගෙන” කියලා කිව්වා. 27 මුරකරු මෙහෙමත් කිව්වා. “පළවෙනි කෙනා සාදොක්ගේ පුතා වන අහිමයාෂ්+ වෙන්න ඇති. එයා දුවගෙන එන විදිහෙන් ඒක කියන්න පුළුවන්.” රජ “එයා හොඳ කෙනෙක්. එයා අරන් එන්නේ හොඳ ආරංචියක් වෙන්න ඇති” කියලා කිව්වා. 28 අහිමයාෂ්, රජ ළඟට දුවගෙන ඇවිත් “හැම දෙයක්ම හොඳට සිද්ධ වුණා” කියලා කිව්වා. එයා රජ ඉස්සරහා දණින් වැටිලා බිමටම ඔළුව පහත් කරලා මෙහෙමත් කිව්වා. “ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා! මගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට විරුද්ධව කැරලිගහපු මිනිස්සුන්ව දෙවියන් අපිට යටත් කරලා දුන්නා.”+

29 ඒත් රජ “අබ්සලොම් හොඳින් ඉන්නවාද” කියලා එයාගෙන් ඇහුවා. එතකොට අහිමයාෂ් මෙහෙම කිව්වා. “යෝවාබ් ඔබේ සේවකයාවයි, මාවයි පිටත් කරලා එවපු වෙලාවේ ලොකු කලබලයක් තිබුණා. ඒත් ඒ මොකක් ගැනද කියලා නම් මම දන්නේ නැහැ.”+ 30 එතකොට රජ “ඔයා දැන් මෙතනට වෙලා ඉන්න” කියලා එයාට කිව්වා. ඉතින් එයා පැත්තකට වෙලා බලාගෙන හිටියා.

31 ඊටපස්සේ කූෂ් ජාතිකයාත් රජ ළඟට ඇවිත්+ මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, රජ්ජුරුවනි, ඔබට කියන්න ආරංචියක් තියෙනවා. ඔබට විරුද්ධව කැරලිගහපු මිනිස්සුන්ගේ අතින් යෙහෝවා අද ඔබව බේරලා ඔබට යුක්තිය ඉටු කරලා දුන්නා!”+ 32 එතකොට රජ “අබ්සලොම් හොඳින් ඉන්නවාද” කියලා කූෂ් ජාතිකයාගෙන් ඇහුවා. කූෂ් ජාතිකයා දාවිත්ට මෙහෙම කිව්වා. “මගේ ස්වාමීන් වන රජ්ජුරුවනි, ඔබේ සතුරන්ටත් ඔබට විරුද්ධව කැරලිගහන හැම කෙනෙක්ටමත් වෙන්න ඕනෙ ඔහුට සිද්ධ වුණ දේමයි!”+

33 ඒක අහලා රජට දරාගන්න බැරි දුකක් දැනුණා. එයා දොරටුවට උඩින් තිබුණ කුටියට ගිහින් එහෙට මෙහෙට ඇවිද ඇවිද “අනේ අබ්සලොම්, අනේ මගේ පුතේ අබ්සලොම්. ඔයා වෙනුවට මම මැරුණා නම් හොඳයි. අනේ මගේ පුතේ අබ්සලොම්”+ කියකිය හොඳටම ඇඬුවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න