ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 27
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • තීර් කියන ගිලෙන නැව ගැන ගයන ශෝක ගීය (1-36)

එසකියෙල් 27:2

හරස් යොමු දැක්වීම්

  • +එස 26:17

එසකියෙල් 27:3

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 23:9; එස 28:2, 12

එසකියෙල් 27:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:8, 9; 1ලේක 5:23

එසකියෙල් 27:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:2, 4

එසකියෙල් 27:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:2, 4

එසකියෙල් 27:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:15, 18
  • +1රාජා 9:27

එසකියෙල් 27:9

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 13:2, 5
  • +එස 27:27

එසකියෙල් 27:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:6; යෙරෙ 46:9

එසකියෙල් 27:12

පාදසටහන්

  • *

    හෝ, “ටින්.”

  • *

    හෝ, “ලෙඩ්.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:2, 4; යෝනා 1:3
  • +2ලේක 9:21
  • +යෙරෙ 10:9

එසකියෙල් 27:13

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 66:19
  • +උත් 10:2
  • +යෝවෙ 3:6

එසකියෙල් 27:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:2, 3; එස 38:6

එසකියෙල් 27:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:7
  • +1රාජා 10:22

එසකියෙල් 27:17

හරස් යොමු දැක්වීම්

  • +විනි 11:12, 33
  • +උත් 43:11
  • +යෙරෙ 8:22
  • +1රාජා 5:9; එස්රා 3:7; ක්‍රියා 12:20

එසකියෙල් 27:18

පාදසටහන්

  • *

    හෝ, “රතට හුරු අළු පාට ලොම්.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 7:8

එසකියෙල් 27:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:3

එසකියෙල් 27:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:13
  • +2ලේක 17:11; යෙසා 60:7

එසකියෙල් 27:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:7
  • +1රාජා 10:1, 2; යෙසා 60:6

එසකියෙල් 27:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:31
  • +2රාජා 19:12; ආමො 1:5
  • +උත් 25:3; යෝබ් 6:19
  • +උත් 10:22

එසකියෙල් 27:25

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඔබ ධන සම්පත්වලින් වැජඹුණා.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 10:22; යෙසා 23:14

එසකියෙල් 27:27

හරස් යොමු දැක්වීම්

  • +එස 27:8, 9
  • +එස 27:10, 11
  • +එස 26:14

එසකියෙල් 27:30

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 23:1; එස 26:17

එසකියෙල් 27:32

හරස් යොමු දැක්වීම්

  • +එස 26:5

එසකියෙල් 27:33

හරස් යොමු දැක්වීම්

  • +එස 27:14, 16
  • +සෙක 9:3

එසකියෙල් 27:34

හරස් යොමු දැක්වීම්

  • +එස 26:19
  • +එස 27:27

එසකියෙල් 27:35

හරස් යොමු දැක්වීම්

  • +එස 26:15
  • +එස 28:17

එසකියෙල් 27:36

පාදසටහන්

  • *

    හෝ, “නින්දාවක් විදිහට විසිල් ගහයි.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:10

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 27:2එස 26:17
එස. 27:3යෙසා 23:9; එස 28:2, 12
එස. 27:5ද්වි 3:8, 9; 1ලේක 5:23
එස. 27:6උත් 10:2, 4
එස. 27:7උත් 10:2, 4
එස. 27:8උත් 10:15, 18
එස. 27:81රාජා 9:27
එස. 27:9යොෂු 13:2, 5
එස. 27:9එස 27:27
එස. 27:10උත් 10:6; යෙරෙ 46:9
එස. 27:12උත් 10:2, 4; යෝනා 1:3
එස. 27:122ලේක 9:21
එස. 27:12යෙරෙ 10:9
එස. 27:13යෙසා 66:19
එස. 27:13උත් 10:2
එස. 27:13යෝවෙ 3:6
එස. 27:14උත් 10:2, 3; එස 38:6
එස. 27:15උත් 10:7
එස. 27:151රාජා 10:22
එස. 27:17විනි 11:12, 33
එස. 27:17උත් 43:11
එස. 27:17යෙරෙ 8:22
එස. 27:171රාජා 5:9; එස්රා 3:7; ක්‍රියා 12:20
එස. 27:18යෙසා 7:8
එස. 27:20උත් 25:3
එස. 27:21උත් 25:13
එස. 27:212ලේක 17:11; යෙසා 60:7
එස. 27:22උත් 10:7
එස. 27:221රාජා 10:1, 2; යෙසා 60:6
එස. 27:23උත් 11:31
එස. 27:232රාජා 19:12; ආමො 1:5
එස. 27:23උත් 25:3; යෝබ් 6:19
එස. 27:23උත් 10:22
එස. 27:251රාජා 10:22; යෙසා 23:14
එස. 27:27එස 27:8, 9
එස. 27:27එස 27:10, 11
එස. 27:27එස 26:14
එස. 27:30යෙසා 23:1; එස 26:17
එස. 27:32එස 26:5
එස. 27:33එස 27:14, 16
එස. 27:33සෙක 9:3
එස. 27:34එස 26:19
එස. 27:34එස 27:27
එස. 27:35එස 26:15
එස. 27:35එස 28:17
එස. 27:36ගීතා 37:10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 27:1-36

එසකියෙල්

27 යෙහෝවා දෙවියන් ආයෙත් සැරයක් මට කතා කරලා මෙහෙම කිව්වා. 2 “මනුෂ්‍ය පුත්‍රය, තීර් ගැන ශෝක ගීයක් ගායනා කරන්න.+ 3 ඔයා තීර්වලට මෙහෙම කියන්න.

‘සමුද්‍රයේ දොරටු ළඟ වාසය කරන,

බොහෝ දූපත් එක්ක වෙළඳාම් කරන තැනැත්තිය,

ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා ඔබට මෙහෙම කියනවා.

“තීර්, ඔබ කිව්වේ ‘මං තරම් ලස්සන කෙනෙක් තවත් නැහැ’ කියලා.+

 4 ඔබේ දේශ සීමා මහ මුහුද මැදටම විහිදුණා.

ඔබව ගොඩනඟපු අය ඔබේ රුව ඉස්තරම්ම විදිහට අලංකාර කළා.

 5 ඔබව හැදුවේ සෙනීර්වලින්+ ගෙන්නගත්ත ජුනිපර් ලෑලිවලින්.

ඔබේ කුඹගහ හදන්න ඔවුන් ලෙබනොන්වලින් දේවදාර ගහක් ගෙන්නගත්තා.

 6 ඔබේ හබල් හැදුවේ බාෂාන්වලින් ගෙන්නගත්ත ඕක් ලීවලින්.

කිත්තිම්+ දූපත්වලින් ගෙන්නගත්ත සයිප්‍රස් ලීවලින් ඉදිරිපස හදලා ඒකට ඇත්දළවලින් වැඩ දැම්මා.

 7 ඔබේ රුවල් හැදුවේ ඊජිප්තුවෙන් ගෙන්නගත්ත වර්ණවත් ලිනන්වලින්.

ඔබේ වියන් හැදුවේ එලිෂාහ්+ දූපත්වලින් ගෙන්නගත්ත නිල් පාට නූල් සහ දම් පාට ලොම්වලින්.

 8 තීර්, ඔබේ හබල්කරුවෝ සීදොන් සහ අර්වද්වල+ මිනිස්සු.

ඔබේ නාවිකයන් ඔබ අතරේ හිටපු දක්ෂ අය.+

 9 දිය කාන්දු වෙන තැන් වහලා ඔබව සකස් කළේ ගෙබල්වලින් ආපු+ දක්ෂ පුරුෂයෝ.+

ඔබත් එක්ක වෙළඳාම් කරන්න නැවියෝ සත් සමුදුර තරණය කරලා ඔබව හොයාගෙන ආවා.

10 ඔබේ යුද හමුදාවේ හිටියේ පර්සියාවේ, ලුද් සහ පූට් ඉඳන් ආපු+ දක්ෂ යුද සෙබළුන්.

ඔවුන් තමන්ගේ පලිස් සහ හිස්වැසුම් ඔබ වටේට එල්ලුවා. ඒකෙන් ඔබට ලොකු ගෞරවයක් ලැබුණා.

11 ඔබේ පවුරු වටේට ඔබේ හමුදාවේ ඉන්න අර්වද්වල වැසියන් හිටියා.

ඔබේ මුරකොටුවල ආරක්ෂාවට එඩිතර පුරුෂයන් හිටියා.

ඔවුන් ඔබේ පවුරු වටේට ඔවුන්ගේ පලිස් එල්ලලා

ඔබේ රුව ඉස්තරම්ම විදිහට අලංකාර කළා.

12 “‘“ඔබ හරිම ධනවත් නිසා තර්ෂිෂ්+ ඔබත් එක්ක වෙළඳාම් කළා.+ ඔවුන් ඔබෙන් බඩු අරන් ඔබට රිදී, යකඩ, බෙලෙක්* සහ ඊයම්* දුන්නා.+ 13 යාවාන්, තූබල්+ සහ මෙෂෙක්වල+ අයත් ඔබ එක්ක වෙළඳාම් කළා. ඔවුන් දාස දාසීන්ව සහ තඹ දීලා ඔබෙන් බඩු භාණ්ඩ අරගත්තා.+ 14 තොගර්මාගෙන් පැවතෙන අය+ ඔබෙන් බඩු අරන් අශ්වයන්වයි, කොටළුවන්වයි ඔබට දුන්නා. 15 දෙදාන්වල+ මිනිස්සුත් ඔබ එක්ක වෙළඳාම් කළා. ගොඩක් දූපත්වල හිටපු සෙනඟ වෙළඳාම් කළේ ඔබ යටතෙයි. ඔවුන් ඇත්දළ+ සහ කළුවර ලී ඔබට තෑගි කළා. 16 ඔබ ගොඩක් දේවල් නිෂ්පාදනය කරපු නිසා ඒදොම්වල අය ඔබ එක්ක වෙළඳාම් කරන්න ආවා. ඔවුන් ඔබෙන් බඩු ගත්තේ පච්ච ගල්, දම් පාට ලොම්, පාට පාටින් වැඩ දාපු ඇඳුම්, වටින රෙදි, කොරල් සහ රතු කැට ඔබට දීලයි.

17 “‘“යූදා සහ ඊශ්‍රායෙල් දේශයේ අයත් ඔබ එක්ක වෙළඳාම් කළා. ඔවුන් මින්නිත්වල+ තිරිඟු, හොඳම කෑම ජාති, මීපැණි,+ තෙල් සහ බෝල්සම් තෙල්+ දීලා ඔබෙන් බඩු ගත්තා.+

18 “‘“ඔබ ගොඩක් දේවල් නිෂ්පාදනය කරපු නිසාත් ඔබ හුඟක් ධනවත් නිසාත් දමස්කයේ+ අය ඔබ එක්ක වෙළඳාම් කළා. ඔවුන් ඔබෙන් බඩු ගත්තේ හෙල්බොන්වල වයින් සහ සහර්වල ලොම්* දීලයි. 19 ඌසාල් ප්‍රදේශයේ තියෙන වෙදාන් සහ යාවාන්වල සෙනඟ යකඩ බඩු, දවුල් කුරුඳු සහ සුවඳ පැළෑටි දීලා ඔබ එක්ක වෙළඳාම් කළා. 20 දෙදාන්වල+ අය ඔබත් එක්ක වෙළඳාම් කළේ සතුන්ගේ පිටේ දාන සෑදල රෙදි දීලයි. 21 අරාබිවරුන් සහ කේදාර්වල+ අධිපතීන් හැමෝම ඔබට සේවය කළා. ඔවුන් බැටළු පැටවුන්ව, බැටළුවන්ව සහ එළුවන්ව ඔබ වෙනුවෙන් මිල දීලා ගත්තා.+ 22 ෂෙබා සහ රයමාවල වෙළෙන්දොත්+ ඔබ එක්ක ගනු දෙනු කළා. ඔවුන් වටිනාම සුවඳ විලවුන්, මැණික් සහ රත්තරන් දීලා ඔබෙන් බඩු ගත්තා.+ 23 හාරාන්,+ කන්නේහ් සහ ඒදන්+ වගේම ෂෙබා,+ අෂූර්+ සහ කිල්මද්වල වෙළෙන්දොත් ඔබ එක්ක ගනු දෙනු කළා. 24 ඔවුන් ලස්සන ඇඳුම්, නිල් පාට රෙදිවලින් මහපු සළු, පාට පාටින් වැඩ දාපු ඇඳුම්, වර්ණවත් බුමුතුරුණු හොඳට ලණුවලින් ගැටගහලා තොග පිටින් ඔබේ වෙළඳපොළට ගෙනත් වෙළඳාම් කළා.

25 තර්ෂිෂ් නැව්වලින්+ වෙළඳාම් කළ ඔබ,

මහා සාගරය මැද ධන සම්පත්වලින් පිරිලා ඉතිරිලා ගියා.*

26 ඔබව, ඔබේ හබල්කරුවෝ ගැඹුරු මුහුදට අරන් ගියා.

නැඟෙනහිරෙන් ආපු හුළඟින් ඔබ කැඩිලා ගිහින් මහ මුහුද මැදදී මුහුදුබත් වුණා.

27 ඔබේ ධන සම්පත්, ඔබේ වෙළඳ භාණ්ඩ මහ මුහුද මැද ගිලිලා යයි.

ඔබ විනාශ වෙන දවසේදී ඔබට අයිති හැම කෙනෙක්ම

ඔබේ නැවියෝ, දිය කාන්දු වෙන තැන් සකස් කරන අය, ඔබ වෙනුවෙන් වෙළඳාම් කරන අය,+ ඔබේ සෙබළු හැමෝම+

මහ මුහුද මැදදී ගිලිලා අතුරුදහන් වෙලා යයි.+

28 ඔබේ නැවියන් මහ හයියෙන් අඬද්දී මුළු වෙරළබඩ තීරයම බයෙන් ගැහෙයි.

29 හබල්කරුවෝ, නැවියෝ, නැව්වල වැඩ කරන සේවකයෝ

තමන්ගේ නැව් අතහැරලා ගොඩබිමට යයි.

30 ඔවුන් මහ හයියෙන් කෑගහලා ඔබට වුණ දේ ගැන අඬා වැලපෙයි.+

ඔවුන් දූවිලි ඔළුවට වීසි කරගෙන අළු ගොඩේ පෙරළෙයි.

31 ඔවුන් ඔළුව බූ ගාගෙන ගෝණි රෙදි ඇඳගනියි.

ඔබට වුණ දේ ගැන ඔවුන් හරිම දුකෙන් කෑගගහා අඬයි.

32 ඔවුන් අඬඅඬ ශෝක ගීයක් ගායනා කරයි. ඔවුන් ඔබ ගැන මෙහෙම කියයි.

‘මහ මුහුද මැද නිහඬ වුණ තීර්ට සමාන කරන්න පුළුවන් කාවද?+

33 ඔබේ බඩු භාණ්ඩ මහ මුහුද හරහා අරන් ගිහින් ඔබ හුඟදෙනෙක්ව සතුටට පත් කළා.+

ඔබේ ධන සම්පත් නිසාත් ඔබේ වෙළඳාම් නිසාත් පොළොවේ රජවරු තව තවත් පොහොසත් වුණා.+

34 ඒත් ඔබ මහ මුහුදේ විනාශ වෙලා ගියා. ගැඹුරටම කිඳා බැස්සා.+

ඔබේ වෙළඳ බඩුත් ඔබේ සෙනඟත් ඔබ එක්කම මහ මුහුද මැද ගිලුණා.+

35 දූපත්වල ජීවත් වෙන හැමෝම පුදුමයෙන් ඔබ දිහා බලාගෙන ඉඳියි.+

ඔවුන්ගේ රජවරු බයෙන් වෙවුලයි.+ ඔවුන්ගේ බය ඔවුන්ගේ මූණෙන්ම දකින්න පුළුවන් වෙයි.

36 ජාතීන් අතරේ ඉන්න වෙළෙන්දෝ ඔබට වුණ දේ දැකලා පුදුමයෙන් හූල්ලයි.*

ඔබ විනාශ වෙන්නේ නොහිතන මොහොතක. ඒක භයානක විනාශයක්.

සදහටම ඔබ නැති වෙලා යනවා.’”’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න