ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දානියෙල් 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

දානියෙල් පොතේ සාරාංශයක්

      • නෙබුකද්නෙෂර්ගේ රන් රූපය (1-7)

        • රූපයට වඳින්න කියලා බල කරයි (4-6)

      • කීකරු වුණේ නැහැ කියලා හෙබ්‍රෙව්වරුන් තුන්දෙනාට චෝදනා කරයි (8-18)

        • “අපි කවදාවත් ඔබේ දෙවිවරුන්ට නම් නමස්කාර කරන්නේ නැහැ” (18)

      • ගිනි උදුනට දායි (19-23)

      • ගිනි උදුනෙන් ආශ්චර්යවත් විදිහට බේරගනියි (24-27)

      • රජ හෙබ්‍රෙව්වරුන්ගේ දෙවියන්ට ප්‍රශංසා කරයි (28-30)

දානියෙල් 3:1

පාදසටහන්

  • *

    මීටර් 27ක් (අඩි 88ක්) විතර. උප. B14 බලන්න.

  • *

    මීටර් 2.7ක් (අඩි 8.8ක්) විතර. උප. B14 බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 72 පි.

දානියෙල් 3:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 72-74 පි.

දානියෙල් 3:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 193 ලිපිය

    දානියෙල්ගේ අනාවැකි, 72-74 පි.

දානියෙල් 3:6

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 29:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2023, 31 පි.

    බයිබලයෙන් උත්තර, 193 ලිපිය

    දානියෙල්ගේ අනාවැකි, 20-21 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 9 පි.

දානියෙල් 3:7

පාදසටහන්

  • *

    මූ.අ., “හොරණෑ, බටනළා, නළා, වීණා, මහා වීණා, කුඩා වීණා ඇතුළු හැම සංගීත භාණ්ඩයක්ම.”

දානියෙල් 3:8

පාදසටහන්

  • *

    හෝ, “අපහාසයක්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 74 පි.

දානියෙල් 3:11

හරස් යොමු දැක්වීම්

  • +දානි 3:4-6

දානියෙල් 3:12

හරස් යොමු දැක්වීම්

  • +දානි 1:7; 2:49

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 74-75 පි.

දානියෙල් 3:14

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 46:1; යෙරෙ 50:2; දානි 2:47

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 75 පි.

දානියෙල් 3:15

පාදසටහන්

  • *

    මූ.අ., “හොරණෑ, බටනළා, නළා, වීණා, මහා වීණා, කුඩා වීණා ඇතුළු හැම සංගීත භාණ්ඩයක්ම.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 5:2; 2ලේක 32:15; යෙසා 36:4, 20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 75 පි.

දානියෙල් 3:17

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 17:37; ගීතා 27:1; යෙසා 12:2; දානි 6:27

දානියෙල් 3:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:5; ක්‍රියා 5:29

දානියෙල් 3:19

පාදසටහන්

  • *

    හෝ, “එයාලා ගැන රජ හිතපු විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.”

දානියෙල් 3:26

හරස් යොමු දැක්වීම්

  • +දානි 2:47

දානියෙල් 3:27

හරස් යොමු දැක්වීම්

  • +දානි 3:2
  • +හෙබ්‍රෙ 11:33, 34

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 79 පි.

දානියෙල් 3:28

හරස් යොමු දැක්වීම්

  • +දානි 2:47; 4:34
  • +දානි 3:15

දානියෙල් 3:29

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “කුණු ගොඩක්; ගොම කන්දක්.”

හරස් යොමු දැක්වීම්

  • +දානි 4:35; 6:26, 27

දානියෙල් 3:30

පාදසටහන්

  • *

    මූ.අ., “දියුණු වෙන්න උදව් කළා.”

හරස් යොමු දැක්වීම්

  • +දානි 2:49

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

දානි. 3:6යෙරෙ 29:22
දානි. 3:11දානි 3:4-6
දානි. 3:12දානි 1:7; 2:49
දානි. 3:14යෙසා 46:1; යෙරෙ 50:2; දානි 2:47
දානි. 3:15නික් 5:2; 2ලේක 32:15; යෙසා 36:4, 20
දානි. 3:171සාමු 17:37; ගීතා 27:1; යෙසා 12:2; දානි 6:27
දානි. 3:18නික් 20:5; ක්‍රියා 5:29
දානි. 3:26දානි 2:47
දානි. 3:27දානි 3:2
දානි. 3:27හෙබ්‍රෙ 11:33, 34
දානි. 3:28දානි 2:47; 4:34
දානි. 3:28දානි 3:15
දානි. 3:29දානි 4:35; 6:26, 27
දානි. 3:30දානි 2:49
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
දානියෙල් 3:1-30

දානියෙල්

3 නෙබුකද්නෙෂර් රජ රන් රූපයක් හදලා බැබිලෝනිය පළාතේ තිබුණ දූරා කියන තැනිතලාවේ ඒක තිබ්බා. ඒකේ උස රියන් 60යි.* පළල රියන් 6යි.* 2 නෙබුකද්නෙෂර් රජ ඒ රූපය විවෘත කරන්න උත්සවයක් ලෑස්ති කළා. රාජධානියේ ඉන්න දිසාපතීන්, ප්‍රධාන නිලධාරීන්, ආණ්ඩුකාරයන්, උපදේශකයන්, භාණ්ඩාගාරිකයන්, විනිශ්චයකරුවන්, නීතිය ක්‍රියාත්මක කරන්න පත් කරපු නිලධාරීන් සහ පළාත්වල පරිපාලන වැඩ කරපු හැමෝටම ඒ උත්සවයට එන්න කියලා රජ නියෝග කළා.

3 ඉතින් දිසාපතීන්, ප්‍රධාන නිලධාරීන්, ආණ්ඩුකාරයන්, උපදේශකයන්, භාණ්ඩාගාරිකයන්, විනිශ්චයකරුවන්, නීතිය ක්‍රියාත්මක කරපු නිලධාරීන් සහ පළාත්වල පරිපාලන වැඩ කරපු හැමෝම නෙබුකද්නෙෂර් රජ හදපු ඒ රූපය විවෘත කරන උත්සවයට ආවා. එයාලා හැමෝම ඒ රූපය ඉස්සරහා රැස් වෙලා හිටියා. 4 රජගේ පණිවිඩකරු හයියෙන් කෑගහලා මෙහෙම කිව්වා. “විවිධ ජාතීන්ට අයිති, විවිධ භාෂා කතා කරන ජනයෙනි, රජ්ජුරුවන්ගේ මේ අණට සවන් දෙන්න. 5 හොරණෑ, බටනළා, නළා, වීණා, මහා වීණා, කුඩා වීණා ඇතුළුව හැම සංගීත භාණ්ඩයක්ම වාදනය කරනවා ඇහෙද්දී ඔයාලා හැමෝම නෙබුකද්නෙෂර් රජ හදපු මේ රන් රූපය ඉස්සරහා වැඳ වැටෙන්න ඕනේ. 6 කවුරු හරි කෙනෙක් ඒක ඉස්සරහා වැඳ වැටුණේ නැත්නම් එයාව ඒ වෙලාවෙම ඇවිළෙන ගිනි උදුනට දානවා.”+ 7 සංගීත භාණ්ඩ ඔක්කොම* වාදනය කරනවා ඇහුණ ගමන්ම විවිධ ජාතීන්ට අයිති, විවිධ භාෂා කතා කරන හැමෝම නෙබුකද්නෙෂර් රජ හදපු ඒ රන් රූපය ඉස්සරහා වැඳ වැටුණා.

8 එතකොටම කල්දිවරුන් කීපදෙනෙක් රජ ළඟට ගිහිල්ලා යුදෙව්වරුන්ට චෝදනාවක්* එල්ල කළා. 9 එයාලා නෙබුකද්නෙෂර් රජට මෙහෙම කිව්වා. “රජතුමනි, ඔබ සදහටම ජීවත් වේවා! 10 රජතුමනි, හොරණෑ, බටනළා, නළා, වීණා, මහා වීණා, කුඩා වීණා ඇතුළුව හැම සංගීත භාණ්ඩයක්ම වාදනය කරනවා ඇහෙද්දී හැමෝම රන් රූපය ඉස්සරහා වැඳ වැටෙන්න ඕනෙ කියලා ඔබ අණ කළා. 11 කවුරු හරි කෙනෙක් ඒක ඉස්සරහා වැඳ වැටෙන්නේ නැත්නම් එයාව ඇවිළෙන ගිනි උදුනට දානවා+ කියලත් ඔබ නියෝග කළා. 12 ඒත් රජතුමනි, ඔබ දීපු නියෝගය ගාණකටවත් ගත්තේ නැති යුදෙව්වරු කීපදෙනෙක් ඉන්නවා. ඒ ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝ.+ එයාලා බැබිලෝනිය පළාතේ පරිපාලන වැඩ බලාගන්න ඔබම පත් කරපු අය. එයාලා ඔබේ දෙවිවරුන්ට නමස්කාර කරන්නේ නැහැ. ඔබ හදපු රන් රූපය ඉස්සරහා වැඳ වැටෙන එක එයාලා ප්‍රතික්ෂේප කරනවා.”

13 ඒක ඇහුවාම නෙබුකද්නෙෂර් රජට ගොඩක් කේන්ති ගියා. ෂද්‍රක්වයි, මේෂක්වයි, අබෙද්නෙගෝවයි එතනට ගේන්න කියලා රජ අණ කළා. ඒ නිසා එයාලව රජ ඉස්සරහට ගෙනාවා. 14 නෙබුකද්නෙෂර් රජ එයාලාගෙන් මෙහෙම ඇහුවා. “ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ, මේ කියන දේ ඇත්තද? උඹලා මගේ දෙවිවරුන්ට නමස්කාර කරන්නේ නැද්ද?+ මම හදපු රන් රූපය ඉස්සරහා වැඳ වැටෙන එක උඹලා ප්‍රතික්ෂේප කළාද? 15 මම දැන් ඔක්කොම සංගීත භාණ්ඩ* වාදනය කරන්න කියලා අණ කරනවා. සංගීතය ඇහෙද්දී උඹලා මං හදපු රූපය ඉස්සරහා වැඳ වැටුණොත් උඹලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒත් එහෙම කළේ නැත්නම් උඹලව ඒ වෙලාවෙම ඇවිළෙන ගිනි උදුනට වීසි කරනවා. මගේ අතින් උඹලව බේරගන්න පුළුවන් දෙවි කෙනෙක් ඉන්නවාද කියලා අපි බලමු.”+

16 එතකොට ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝ රජට මෙහෙම කිව්වා. “නෙබුකද්නෙෂර් රජතුමනි, මේ ගැන අපිට තවත් කියන්න දෙයක් නැහැ. 17 අපි නමස්කාර කරන දෙවියන්ට පුළුවන් අපිව ගිනි උදුනෙන් බේරගන්න. රජතුමනි, දෙවියන්ට පුළුවන් ඔබේ අතින් අපිව බේරගන්න.+ 18 ඒත් රජතුමනි, අපි මේ දේ ඔබට කියන්න කැමතියි. දෙවියන් අපිව බේරගත්තේ නැතත් අපි කවදාවත් ඔබේ දෙවිවරුන්ට නම් නමස්කාර කරන්නේ නැහැ. අපි කොහොමටවත් ඔබ හදපු රන් රූපය ඉස්සරහා වැඳ වැටෙන්නෙත් නැහැ.”+

19 නෙබුකද්නෙෂර් රජ ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝ එක්ක කේන්තියෙන් පුපුරන්න පටන්ගත්තා. එයාගේ මූණත් වෙනස් වුණා.* ගිනි උදුන සාමාන්‍යයට වඩා හත් ගුණයක් රත් කරන්න කියලා රජ නියෝග කළා. 20 ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝගේ අත පය බැඳලා එයාලව ඇවිළෙන ගිනි උදුනට දාන්න කියලා හමුදාවේ හිටපු ශක්තිමත් මිනිස්සු කීපදෙනෙක්ට රජ අණ කළා.

21 ඉතින් එයාලාගේ ඇඳුම්වත් හිස්වැසුම්වත් ගලවන්නේ නැතුව ඒවා පිටින්ම එයාලාගේ අත පය බැඳලා එයාලව ඇවිළෙන ගිනි උදුනට දැම්මා. 22 රජ දුන්න දරුණු නියෝගය නිසා දරාගන්න බැරි තරමට උදුනේ උෂ්ණත්වය වැඩි කරලයි තිබුණේ. ඒ නිසා ෂද්‍රක්වයි, මේෂක්වයි, අබෙද්නෙගෝවයි උදුනට දාන්න අරගෙන ගිය ශක්තිමත් මිනිස්සු ගින්නට පිච්චිලා මැරුණා. 23 හැබැයි අත පය බැඳලා හිටපු ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝ ඇවිළෙන ගිනි උදුන මැද්දට වැටුණා.

24 නෙබුකද්නෙෂර් රජ හොඳටම බය වෙලා ඉඳගෙන හිටපු තැනින් ඉක්මනින්ම නැඟිට්ටා. එතන හිටපු උසස් නිලධාරීන්ගෙන් රජ මෙහෙම ඇහුවා. “අපි අත පය බැඳලා උදුනට දැම්මේ මිනිස්සු තුන්දෙනෙක්ව නේද?” එයාලා “ඔව් රජතුමනි” කියලා කිව්වා. 25 එතකොට රජ මෙහෙම කිව්වා. “අර බලන්න! උදුන ඇතුළේ දැන් මිනිස්සු හතරදෙනෙක් ඇවිද ඇවිද ඉන්නවා. එයාලට මුකුත් වෙලා නැහැ. එයාලා එක්ක ඉන්න හතරවෙනි කෙනා දෙවි කෙනෙක් වගෙයි.”

26 නෙබුකද්නෙෂර් රජ ඇවිළෙන ගිනි උදුනේ දොර ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා. “උසස්ම දෙවියන්ට+ සේවය කරන ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ එළියට එන්න.” එතකොට ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝ ඇවිළෙන ගිනි උදුනෙන් එළියට ආවා. 27 එතනට ඇවිත් හිටපු දිසාපතීන්, ප්‍රධාන නිලධාරීන්, ආණ්ඩුකාරයන් සහ රජගේ උසස් නිලධාරීන්+ ඒ තුන්දෙනාට ගින්නෙන් කිසිම හානියක් වෙලා නැහැ+ කියලා දැක්කා. එයාලාගේ ඇඳුම්වලට මුකුත් වෙලා තිබුණෙවත් එයාලා ළඟින් දුම් ගඳක් ආවේවත් නැහැ. අඩුම ගාණේ එයාලාගේ එක කෙස්ගහක්වත් පිච්චිලා තිබුණේ නැහැ.

28 ඉතින් නෙබුකද්නෙෂර් රජ මෙහෙම කිව්වා. “ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ+ නමස්කාර කරන දෙවියන්ට ප්‍රශංසා වේවා! ඔහු තම දූතයාව එවලා ඔහුගේ සේවකයන්ව බේරගත්තා. ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝට එයාලාගේ දෙවියන් ගැන තියෙන්නේ මොන තරම් විශ්වාසයක්ද! එයාලා තමන්ගේ දෙවියන්ව අත්හැරලා වෙන දෙවි කෙනෙකුට නමස්කාර කළේ නැහැ. රජගේ නියෝගය කඩ කරලා මැරෙන්න වුණත් එයාලා ලෑස්ති වෙලයි හිටියේ.+ 29 තමන්ගේ සේවකයන්ව මේ විදිහට ගලවගන්න පුළුවන් වෙන කිසිම දෙවි කෙනෙක් නැහැ.+ කවුරු හරි කෙනෙක් ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ නමස්කාර කරන දෙවියන්ට විරුද්ධව මොනවා හරි කිව්වොත් එයාව කෑලිවලට කපලා දාන්නත් එයාගේ ගේ පොදු වැසිකිළියක්* කරන්නත් මම නියෝග කරනවා. මොන භාෂාවක් කතා කළත් මොන ජාතියකට අයිති වුණත් එයාට ඒ දඬුවම ලැබෙනවා.”

30 රජ ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝට බැබිලෝනිය පළාතේ උසස් තනතුරු ලබා දුන්නා.*+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න