ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 46
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • විවිධ අවස්ථාවලදී ඔප්පු කරන පූජා (1-15)

      • අධිපතියාගේ ඉඩමෙන් ලැබෙන උරුමය (16-18)

      • පූජාවල මස් තම්බන තැන් (19-24)

එසකියෙල් 46:1

හරස් යොමු දැක්වීම්

  • +එස 40:32
  • +නික් 20:9
  • +එස 44:1, 2

එසකියෙල් 46:2

හරස් යොමු දැක්වීම්

  • +එස 44:3

එසකියෙල් 46:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 81:3; යෙසා 66:23

එසකියෙල් 46:4

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 28:9, 10; එස 45:17

එසකියෙල් 46:5

පාදසටහන්

  • *

    උප. B14 බලන්න.

  • *

    උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +එස 46:11

එසකියෙල් 46:6

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 28:11-15

එසකියෙල් 46:8

හරස් යොමු දැක්වීම්

  • +එස 46:2

එසකියෙල් 46:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:14; ද්වි 16:16
  • +එස 40:20
  • +එස 40:24

එසකියෙල් 46:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1999, 16 පි.

එසකියෙල් 46:11

හරස් යොමු දැක්වීම්

  • +එස 45:21, 24; 46:6, 7

එසකියෙල් 46:12

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:3
  • +එස 45:17
  • +එස 46:1, 2

එසකියෙල් 46:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:38; ගණන් 28:3, 5

එසකියෙල් 46:17

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 25:10

එසකියෙල් 46:19

හරස් යොමු දැක්වීම්

  • +එස 42:1
  • +එස 42:9

එසකියෙල් 46:20

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 2:4, 5
  • +එස 44:19

එසකියෙල් 46:22

පාදසටහන්

  • *

    සාමාන්‍ය රියනකට වඩා දිගින් වැඩි රියනක්. උප. B14 බලන්න.

එසකියෙල් 46:24

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 35:13

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 46:1එස 40:32
එස. 46:1නික් 20:9
එස. 46:1එස 44:1, 2
එස. 46:2එස 44:3
එස. 46:3ගීතා 81:3; යෙසා 66:23
එස. 46:4ගණන් 28:9, 10; එස 45:17
එස. 46:5එස 46:11
එස. 46:6ගණන් 28:11-15
එස. 46:8එස 46:2
එස. 46:9නික් 23:14; ද්වි 16:16
එස. 46:9එස 40:20
එස. 46:9එස 40:24
එස. 46:11එස 45:21, 24; 46:6, 7
එස. 46:12ලෙවී 1:3
එස. 46:12එස 45:17
එස. 46:12එස 46:1, 2
එස. 46:13නික් 29:38; ගණන් 28:3, 5
එස. 46:17ලෙවී 25:10
එස. 46:19එස 42:1
එස. 46:19එස 42:9
එස. 46:20ලෙවී 2:4, 5
එස. 46:20එස 44:19
එස. 46:242ලේක 35:13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 46:1-24

එසකියෙල්

46 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘නැඟෙනහිර පැත්තට මුහුණ ලා තියෙන ඇතුල් මළුවේ දොරටුව+ වැඩ කරන දවස් හය පුරාම+ වහලා තියන්න ඕනේ.+ ඒත් සබත් දවසේදී සහ නව සඳ පායන දවසේදී ඒක අරින්න ඕනේ. 2 අධිපතියා පිටත මළුවේ ඉඳන් දොරටුවට ඇතුල් වෙන්නේ දොරටුවේ ශාලාව පැත්තෙන්.+ ඔහු දොරටුවේ උළුවහුව ළඟ හිටගෙන ඉඳියි. පූජකයන් ඔහු ගේන දවන පූජාව සහ හවුල් පූජා ඔප්පු කරයි. දොරටුවට ඇතුල් වෙද්දීම තියෙන කොටසේදී ඔහු බිමට පහත් වෙලා නමස්කාර කරලා එතනින් පිටත් වෙලා යන්න ඕනේ. ඒත් හවස් වෙන කල් දොරටුව වහන්න එපා. 3 ඒ දොරටුවට ඇතුල් වෙන තැනදී දේශයේ ඉන්න සෙනඟත් යෙහෝවා දෙවියන් ඉස්සරහා බිමට පහත් වෙලා ඔහුට නමස්කාර කරන්න ඕනේ. ඔවුන් සබත් දවසේදී සහ නව සඳ පායන දවස්වලදී එහෙම කරන්න ඕනේ.+

4 “‘සබත් දවසේදී යෙහෝවාට දවන පූජාවක් විදිහට ඔප්පු කරන්න අධිපතියා කැළලක් නැති බැටළු පැටව් හයදෙනෙක්වයි, කැළලක් නැති බැටළුවෙක්වයි ගෙනත් දෙන්න ඕනේ.+ 5 බැටළුවා එක්ක ඔප්පු කරන ධාන්‍ය පූජාව වෙනුවෙන් ධාන්‍ය ඒපාවක්* ගේන්න ඕනේ. බැටළු පැටව් එක්ක ඔප්පු කරන්න ඔහුට පුළුවන් විදිහට ධාන්‍ය ගේන්න ඕනේ. හැම ධාන්‍ය ඒපාවක් එක්කම තෙල් හින මිනුමකුත්* දෙන්න ඕනේ.+ 6 නව සඳ පායන දවසේදී කැළලක් නැති වස්සෙක්වයි, බැටළු පැටව් හයදෙනෙක්වයි, බැටළුවෙක්වයි පූජාවක් විදිහට ගේන්න ඕනේ. උන් කැළලක් නැති සතුන් වෙන්න ඕනේ.+ 7 ඔහු වස්සා එක්ක ඔප්පු කරන ධාන්‍ය පූජාව වෙනුවෙන් ධාන්‍ය ඒපාවක් ගේන්න ඕනේ. බැටළුවා එක්ක ඔප්පු කරන්නත් ධාන්‍ය ඒපාවක් ගේන්න ඕනේ. බැටළු පැටව් එක්ක ඔප්පු කරන්න ඔහුට පුළුවන් විදිහට ධාන්‍ය ගේන්න ඕනේ. හැම ධාන්‍ය ඒපාවක් එක්කම තෙල් හින මිනුමකුත් දෙන්න ඕනේ.

8 “‘අධිපතියා ඇතුල් වෙන්න ඕනෙ දොරටුවේ ශාලාව තියෙන පැත්තෙන්. ඔහු පිට වෙන්න ඕනෙත් ඒ පැත්තෙන්මයි.+ 9 උත්සව කාලේදී දේශයේ ඉන්න සෙනඟ යෙහෝවා ඉස්සරහට එයි.+ ඔහුට නමස්කාර කරන්න උතුරු පැත්තේ තියෙන දොරටුවෙන්+ ඇතුල් වෙලා එන අය පිට වෙන්න ඕනෙ දකුණු පැත්තේ තියෙන දොරටුවෙන්.+ දකුණු පැත්තේ තියෙන දොරටුවෙන් ඇතුල් වෙලා එන අය පිට වෙන්න ඕනෙ උතුරු පැත්තේ තියෙන දොරටුවෙන්. කිසිම කෙනෙක්ට තමන් ඇතුල් වෙන දොරටුවෙන්ම පිට වෙලා යන්න අවසර නැහැ. ඔවුන් පිට වෙන්න ඕනෙ ඔවුන් ඇතුල් වුණ දොරටුවට මුහුණ ලා තියෙන දොරටුවෙන්. 10 සෙනඟ අතරේ ඉන්න අධිපතියා සෙනඟ ඇතුල් වෙද්දී ඔවුන් එක්ක එන්න ඕනේ. සෙනඟ පිට වෙද්දී ඔවුන් එක්ක පිට වෙන්න ඕනේ. 11 සමරන්න නියම කරලා තියෙන උත්සව දවස්වලදී සහ වෙනත් උත්සව දවස්වලදී වස්සා එක්ක ඔප්පු කරන ධාන්‍ය පූජාව වෙනුවෙන් ධාන්‍ය ඒපාවක් ගේන්න ඕනේ. බැටළුවා එක්ක ඔප්පු කරන්නත් ධාන්‍ය ඒපාවක් ගේන්න ඕනේ. බැටළු පැටව් එක්ක ඔප්පු කරන්න ඔහුට පුළුවන් විදිහට ධාන්‍ය ගේන්න ඕනේ. හැම ධාන්‍ය ඒපාවක් එක්කම තෙල් හින මිනුමකුත් දෙන්න ඕනේ.+

12 “‘අධිපතියා කැමැත්තෙන්ම යෙහෝවාට දවන පූජාවක්+ හරි හවුල් පූජාවක් හරි ඔප්පු කරන්න තීරණය කළොත් ඔහුට ඇතුල් වෙන්න නැඟෙනහිරට මුහුණ ලා තියෙන දොරටුව අරින්න ඕනේ. ඔහු සබත් දවසේදී+ කරන විදිහටම මේ දවන පූජාවයි, හවුල් පූජාවනුයි ගෙනෙයි. ඔහු පිට වෙලා ගියාට පස්සේ දොරටුව වහන්න.+

13 “‘ඔබ හැම දවසකම අවුරුද්දක් වයස, කැළලක් නැති බැටළුවෙක්ව දවන පූජාවක් විදිහට යෙහෝවාට ඔප්පු කරන්න ගේන්න ඕනේ.+ හැම උදේකම එහෙම කරන්න ඕනේ. 14 ඒ පූජාවත් එක්ක ධාන්‍ය පූජාවකුත් හැම උදේකම ගේන්න ඕනේ. ඒකට පිටි ඒපාවකින් හයෙන් කොටසක් ගේන්න. සිහින්ව කොටාගත්ත ඒ පිටි උඩින් ඉහින්න තෙල් හින මිනුමකින් තුනෙන් එකකුත් ගේන්න ඕනේ. ඒක යෙහෝවාට දිනපතා ඔප්පු කරන ධාන්‍ය පූජාවක්. ඒක දිගටම පිළිපදින්න ඕනෙ පනතක්. 15 ඒ විදිහට හැම උදේකම බැටළුවෙක්වයි, ධාන්‍ය පූජාවකුයි, තෙලුයි ගේන්න ඕනේ. ඒක දිනපතා ඔප්පු කරන දවන පූජාවක්.’

16 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘අධිපතියා ඔහුගේ හැම පුතෙක්ටම තෑග්ගක් විදිහට ඉඩමක් දුන්නොත් ඒ ඉඩම ඔහුගේ පුතාලට උරුම වෙනවා. උරුමයෙන් ලැබෙන ඒ දේ ඔවුන්ට අයිති වෙනවා. 17 අධිපතියා ඔහුගේ උරුමයෙන් කොටසක් තෑග්ගක් විදිහට සේවකයෙක්ට දුන්නොත් නිදහස ලැබෙන අවුරුද්ද වෙන කල් ඒක ඒ සේවකයාට අයිතියි.+ ඊටපස්සේ ඒක ආපහු අධිපතියාට ලැබෙනවා. ඒත් ඔහුගේ උරුමයෙන් පුතාලට දුන්න දේ ආපහු ඔහුට ලැබෙන්නේ නැහැ. ඒක ඔවුන්ට හැමදාටම අයිතියි. 18 සෙනඟට අයිති ඉඩම්වලින් ඔවුන්ව පන්නලා දාලා ඒවා අයිති කරගන්න අධිපතියාට අවසර නැහැ. ඔහු තමන්ගේ පුතාලට උරුමයක් දෙන්න ඕනෙ තමන්ට අයිති ඉඩකඩම්වලින්. එතකොට මගේ සෙනඟ අතරේ ඉන්න කිසිම කෙනෙක්ව තමන්ට අයිති ඉඩමෙන් පන්නලා දාන්න බැහැ.’”

19 ඊටපස්සේ ඔහු මාව උතුරු පැත්තට මුහුණ ලා තියෙන+ පූජකයන්ගේ කෑම කාමර දිහාවට ගෙනාවා. ඒ ශුද්ධ ගොඩනැඟිලි සංකීර්ණයට ඇතුල් වෙන්න තිබුණ තැනින් ඔහු මාව ඇතුළට ගෙනිච්චා.+ ඒ ඇතුල් වෙන තැන තිබුණේ දොරටුවට එහා පැත්තෙන්. කෑම කාමරවලට පිටිපස්සේ බස්නාහිර පැත්තට වෙන්න තවත් තැනක් තියෙනවා මම දැක්කා. 20 ඔහු මට මෙහෙම කිව්වා. “මෙතන තමයි පූජකයන් වන්දි පූජාවලටයි, පාප පූජාවලටයි ගේන සතුන්ගේ මස් තම්බන්නේ. ධාන්‍ය පූජාවේ දේවල් පුලුස්සන්නෙත් මෙතනයි.+ ඒ දේවල් මෙතන කරන්නේ ඒවා පිටත මළුවට අරන් යන එක වළක්වන්නයි. නැත්නම් ඒවා නිසා සෙනඟ ශුද්ධ තත්වයකට පත් වෙයි.”+

21 ඊටපස්සේ ඔහු මාව පිටත මළුවට ගෙනාවා. ඒකේ කොන් හතර බලන්න ඔහු මාව එක්කන් ගියා. ඒ හැම කොනකම තවත් මළුවක් තියෙනවා මං දැක්කා. 22 පිටත මළුවේ කොන්වල තිබුණ කුඩා මළුවල දිග රියන්* 40යි, පළල රියන් 30යි. ඒ කුඩා මළු හතරේම ප්‍රමාණයන් සමානයි. 23 ඒ කුඩා මළු හතරේම ඇතුල් පැත්තෙන් පොඩි බැම්මක් බැඳලා තිබුණා. ඒ බැම්මට පහළින් පූජාවල මස් තම්බන්න තැන් හදලා තිබුණා. 24 එතකොට ඔහු මට මෙහෙම කිව්වා. “මේ තැන්වල තමයි දේවමාලිගාවේ සේවය කරන අය සෙනඟ ගේන පූජාවල මස් තම්බන්නේ.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න