යෙසායා
15 මෝවබ් දේශයට විරුද්ධව දුන්න තීන්දුව මේකයි.+
මෝවබ් දේශයේ ආර්+ නගරය එක රැයකින් විනාශ කළ නිසා
ඒක දැන් නිහඬ වෙලා.
මෝවබ් දේශයේ කිර්+ නගරය එක රැයකින් විනාශ කළ නිසා
ඒක දැන් නිහඬ වෙලා.
3 ඔවුන් ගෝණි රෙදි ඇඳගෙන වීථිවල ඒ මේ අත යනවා.
පැතලි වහල උඩත් ප්රධාන හන්දිවලත් ඉඳගෙන අඬා වැලපෙනවා.
ඔවුන් අඬඅඬ උස් තැන්වලින් බැහැලා එනවා.+
මෝවබ්වල සෙබළු කෑගහන්නේ ඒ නිසයි.
මුළු සෙනඟම බයෙන් වෙවුලනවා.
5 මෝවබ් ගැන මගේ හිතටත් දුකක් දැනෙනවා.
අසරණ වුණ සෙනඟ ෂොවර්+ සහ එග්ලත්ෂෙලීෂියා+ දක්වාම පලා යනවා.
ඔවුන් අඬඅඬ ලූහිත්වලට නැඟගෙන යනවා.
ඔවුන්ට වුණ විපත ගැන අඬඅඬ හෝරනායිම්වලට යන මඟ දිගේ යනවා.+
6 නිම්රිම්වල දිය පහරවල් වේළිලා ගිහින්. ඒක පාළු තැනක් වෙලා.
නිල් තණකොළ වේළිලා ගිහින්.
පේන තෙක් මානෙක තණකොළ ගහක් හොයාගන්නවත් නැහැ.
7 ඒ නිසා ඔවුන් ගබඩාවල ඉතුරු වෙලා තියෙන දේවලුයි, වටිනා දේවලුයි අරගෙන
විලෝ ගස් වැවෙන නිම්නය හරහා පලා යනවා.
8 අඬා වැලපෙන හඬ මුළු මෝවබ් දේශය පුරාම දෝංකාර දෙනවා.+
ඒ හඬ එග්ලයිම්වලටත්
බෙයර්එලීම්වලටත් ඇහෙනවා.
මෝවබ්වලින් බේරිලා යන අයවයි,
දේශයේ ඉතුරු වෙන අයවයි+ කාලා දාන්න සිංහයන්ව එවනවා.