ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 19
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ලෙවී කතාව පොතේ සාරාංශයක්

      • ශුද්ධව ඉන්න උදව් වෙන නීති (1-37)

        • අස්වැන්න නෙළන්න ඕනෙ විදිහ (9, 10)

        • බිහිරි සහ අන්ධ අය ගැන සැලකිල්ල දක්වන්න (14)

        • අනිත් අයගේ හොඳ නම නැති කරන්න එපා (16)

        • අමනාපයෙන් ඉන්න එපා (18)

        • මන්තර ගුරුකම් තහනම් (26, 31)

        • පච්ච කොටන එක තහනම් (28)

        • මහලු අයට ගෞරව කරන්න (32)

        • විදේශිකයන්ට සලකන්න ඕනෙ විදිහ (33, 34)

ලෙවී කතාව 19:2

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 11:44; යෙසා 6:3; 1පේතෘ 1:15, 16; එළි 4:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2021, 4 පි.

    මුරටැඹ,

    7/1/2009, 9 පි.

    8/1/1996, 10-11 පි.

ලෙවී කතාව 19:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:12; එෆී 6:2; හෙබ්‍රෙ 12:9
  • +නික් 20:8, 11; 31:13; ලූක් 6:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2021, 4-5, 8 පි.

ලෙවී කතාව 19:4

පාදසටහන්

  • *

    හෝ, “ලෝහවලින් රූප.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:1; ගීතා 96:5; හබ 2:18; 1කොරි 10:14
  • +නික් 20:4, 23; ද්වි 27:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2021, 5-6 පි.

ලෙවී කතාව 19:5

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:1
  • +ලෙවී 7:11, 12

ලෙවී කතාව 19:6

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 7:17, 18

ලෙවී කතාව 19:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 11/2020, 1-2 පි.

ලෙවී කතාව 19:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 11/2020, 1-2 පි.

ලෙවී කතාව 19:9

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 23:22; ද්වි 24:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2006, 22-23 පි.

    12/1/2003, 17 පි.

ලෙවී කතාව 19:10

පාදසටහන්

  • *

    හෝ, “පීඩාවට පත් වෙලා ඉන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 15:7

ලෙවී කතාව 19:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:15; එෆී 4:28
  • +ලෙවී 6:2; හිතෝ 12:22; එෆී 4:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2021, 10 පි.

    මුරටැඹ (පාඩම්),

    12/2016, 11-12 පි.

ලෙවී කතාව 19:12

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:7; මතෙ 5:33, 37; යාකො 5:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2021, 10 පි.

ලෙවී කතාව 19:13

පාදසටහන්

  • *

    කෙනෙක්ට ලැබෙන්න ඕනෙ දෙයක් නොදී ඉන්න එකත් මේකට ඇතුළත් වෙනවා.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 22:16; මාක් 10:19
  • +හිතෝ 22:22
  • +ද්වි 24:15; යෙරෙ 22:13; යාකො 5:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2021, 10 පි.

ලෙවී කතාව 19:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 27:18
  • +ලෙවී 25:17; නෙහෙ 5:15; හිතෝ 1:7; 8:13; 1පේතෘ 2:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2021, 8-9 පි.

ලෙවී කතාව 19:15

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:3; ද්වි 1:16, 17; 16:19; 2ලේක 19:6; රෝම 2:11; යාකො 2:9

ලෙවී කතාව 19:16

පාදසටහන්

  • *

    මූ.අ., “ලේ.”

  • *

    හෝ සමහරවිට, “තව කෙනෙක්ගේ ජීවිතේ අනතුරේ තියෙද්දී නිකං බලන් ඉන්න එපා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 15:1, 3
  • +නික් 20:16; 1රාජා 21:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2021, 14 පි.

    වැඩපොත සඳහා තොරතුරු, 7/2021, 4 පි.

    මුරටැඹ,

    7/15/1992, 20 පි.

ලෙවී කතාව 19:17

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:18; 1යොහ 2:9; 3:15
  • +ගීතා 141:5; හිතෝ 9:8; මතෙ 18:15

ලෙවී කතාව 19:18

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 20:22; රෝම 12:19
  • +මතෙ 5:43, 44; 22:39; රෝම 13:9; ගලා 5:14; යාකො 2:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 134, 195 ලිපි

    මුරටැඹ (පාඩම්),

    12/2021, 10-12 පි.

    මුරටැඹ,

    4/15/2011, 22 පි.

    12/1/2006, 26-27 පි.

ලෙවී කතාව 19:19

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 22:9
  • +ද්වි 22:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2021, 6 පි.

ලෙවී කතාව 19:21

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 6:6, 7

ලෙවී කතාව 19:23

පාදසටහන්

  • *

    මූ.අ., “අචර්මච්ඡේදිත කෙනෙක් අපවිත්‍රයි කියලා සලකනවා වගේ.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2021, 6-7 පි.

ලෙවී කතාව 19:24

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 26:1, 2; හිතෝ 3:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2021, 6-7 පි.

ලෙවී කතාව 19:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2021, 6-7 පි.

ලෙවී කතාව 19:26

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:17; 17:13; ද්වි 12:23; ක්‍රියා 15:20, 29
  • +නික් 8:7; ද්වි 18:10-12; ගලා 5:19, 20; එළි 21:8

ලෙවී කතාව 19:27

පාදසටහන්

  • *

    මේක වෙනත් නමස්කාරවල යෙදුණ අයගේ චාරිත්‍රයක්.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 21:1, 5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2004, 24 පි.

    පිබිදෙව්!,

    2/8/2000, 22-24 පි.

ලෙවී කතාව 19:28

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් මෙතන තියෙන්නේ නෙෆෙෂ් කියන වචනය. මෙතන ඒකෙන් අදහස් කරන්නේ මැරුණ කෙනෙක්.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 14:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 50 ලිපිය

    වැඩපොත සඳහා තොරතුරු, 1/2021, 1 පි.

    මුරටැඹ,

    7/15/2003, 27-28 පි.

    පිබිදෙව්!,

    8/8/2000, 16-17 පි.

ලෙවී කතාව 19:29

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 23:17
  • +හෙබ්‍රෙ 13:4; 1පේතෘ 4:3

ලෙවී කතාව 19:30

පාදසටහන්

  • *

    මූ.අ., “ගරුබියක්.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:10; 31:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 1/2021, 3 පි.

ලෙවී කතාව 19:31

පාදසටහන්

  • *

    ඒ කියන්නේ දේවාලවල කපුවන්ගෙන්වත්.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 20:6; ද්වි 18:10-12; 1ලේක 10:13; යෙසා 8:19
  • +ලෙවී 20:27; ක්‍රියා 16:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 24 පාඩම

ලෙවී කතාව 19:32

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 16:31; 20:29
  • +යෝබ් 32:6; හිතෝ 23:22; 1තිමෝ 5:1
  • +යෝබ් 28:28; හිතෝ 1:7; 8:13; 1පේතෘ 2:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2008, 21 පි.

    6/15/2000, 21 පි.

    8/1/1999, 20 පි.

    8/1/1994, 27 පි.

    3/15/1993, 27 පි.

    පිබිදෙව්!,

    10/8/2004, 18-19 පි.

    පවුලේ සන්තෝෂය, 149 පි.

ලෙවී කතාව 19:33

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:9

ලෙවී කතාව 19:34

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:49
  • +නික් 22:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2021, 12 පි.

ලෙවී කතාව 19:35

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 25:13, 15; හිතෝ 20:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2021, 10 පි.

ලෙවී කතාව 19:36

පාදසටහන්

  • *

    මූ.අ., “නිවැරදි ඒපා මිනුමක්.” උප. B14 බලන්න.

  • *

    මූ.අ., “නිවැරදි හින මිනුමක්.” උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2021, 10 පි.

ලෙවී කතාව 19:37

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 18:5; ද්වි 4:6

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ලෙවී. 19:2ලෙවී 11:44; යෙසා 6:3; 1පේතෘ 1:15, 16; එළි 4:8
ලෙවී. 19:3නික් 20:12; එෆී 6:2; හෙබ්‍රෙ 12:9
ලෙවී. 19:3නික් 20:8, 11; 31:13; ලූක් 6:5
ලෙවී. 19:4ලෙවී 26:1; ගීතා 96:5; හබ 2:18; 1කොරි 10:14
ලෙවී. 19:4නික් 20:4, 23; ද්වි 27:15
ලෙවී. 19:5ලෙවී 3:1
ලෙවී. 19:5ලෙවී 7:11, 12
ලෙවී. 19:6ලෙවී 7:17, 18
ලෙවී. 19:9ලෙවී 23:22; ද්වි 24:19
ලෙවී. 19:10ද්වි 15:7
ලෙවී. 19:11නික් 20:15; එෆී 4:28
ලෙවී. 19:11ලෙවී 6:2; හිතෝ 12:22; එෆී 4:25
ලෙවී. 19:12නික් 20:7; මතෙ 5:33, 37; යාකො 5:12
ලෙවී. 19:13හිතෝ 22:16; මාක් 10:19
ලෙවී. 19:13හිතෝ 22:22
ලෙවී. 19:13ද්වි 24:15; යෙරෙ 22:13; යාකො 5:4
ලෙවී. 19:14ද්වි 27:18
ලෙවී. 19:14ලෙවී 25:17; නෙහෙ 5:15; හිතෝ 1:7; 8:13; 1පේතෘ 2:17
ලෙවී. 19:15නික් 23:3; ද්වි 1:16, 17; 16:19; 2ලේක 19:6; රෝම 2:11; යාකො 2:9
ලෙවී. 19:16ගීතා 15:1, 3
ලෙවී. 19:16නික් 20:16; 1රාජා 21:13
ලෙවී. 19:17හිතෝ 10:18; 1යොහ 2:9; 3:15
ලෙවී. 19:17ගීතා 141:5; හිතෝ 9:8; මතෙ 18:15
ලෙවී. 19:18හිතෝ 20:22; රෝම 12:19
ලෙවී. 19:18මතෙ 5:43, 44; 22:39; රෝම 13:9; ගලා 5:14; යාකො 2:8
ලෙවී. 19:19ද්වි 22:9
ලෙවී. 19:19ද්වි 22:11
ලෙවී. 19:21ලෙවී 6:6, 7
ලෙවී. 19:24ද්වි 26:1, 2; හිතෝ 3:9
ලෙවී. 19:26ලෙවී 3:17; 17:13; ද්වි 12:23; ක්‍රියා 15:20, 29
ලෙවී. 19:26නික් 8:7; ද්වි 18:10-12; ගලා 5:19, 20; එළි 21:8
ලෙවී. 19:27ලෙවී 21:1, 5
ලෙවී. 19:28ද්වි 14:1
ලෙවී. 19:29ද්වි 23:17
ලෙවී. 19:29හෙබ්‍රෙ 13:4; 1පේතෘ 4:3
ලෙවී. 19:30නික් 20:10; 31:13
ලෙවී. 19:31ලෙවී 20:6; ද්වි 18:10-12; 1ලේක 10:13; යෙසා 8:19
ලෙවී. 19:31ලෙවී 20:27; ක්‍රියා 16:16
ලෙවී. 19:32හිතෝ 16:31; 20:29
ලෙවී. 19:32යෝබ් 32:6; හිතෝ 23:22; 1තිමෝ 5:1
ලෙවී. 19:32යෝබ් 28:28; හිතෝ 1:7; 8:13; 1පේතෘ 2:17
ලෙවී. 19:33නික් 23:9
ලෙවී. 19:34නික් 12:49
ලෙවී. 19:34නික් 22:21
ලෙවී. 19:35ද්වි 25:13, 15; හිතෝ 20:10
ලෙවී. 19:36හිතෝ 11:1
ලෙවී. 19:37ලෙවී 18:5; ද්වි 4:6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ලෙවී කතාව 19:1-37

ලෙවී කතාව

19 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 2 “මුළු ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘මම ඔබේ දෙවි වන යෙහෝවා. මම ශුද්ධව සිටින නිසා ඔබත් ශුද්ධව සිටිය යුතුයි.+

3 “‘ඔබ සියලුදෙනාම ඔබේ පියාටත් මවටත් ගෞරවයෙන් සැලකිය යුතුයි.+ මම නියම කරපු සබත් දවස් පවත්වන්න.+ මම ඔබේ දෙවි වන යෙහෝවා. 4 කිසි වැඩකට නැති දෙවිවරුන්ට නමස්කාර කරන්නවත්+ දෙවිවරුන්ගේ රූප* හදාගන්නවත් එපා.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.

5 “‘ඔබ යෙහෝවාට හවුල් පූජාවක් ඔප්පු කරනවා නම්+ ඔහුගේ අනුමැතිය ලබාගන්න පුළුවන් වෙන විදිහට ඒක ඔප්පු කරන්න.+ 6 පූජාව ඔප්පු කරන දවසේ සහ ඊට පහුවෙනිදා ඒකෙන් කන්න ඕනේ. ඒත් තුන්වෙනි දවස වෙන කල් පූජාවෙන් යමක් ඉතුරු වුණොත් ඒක ගින්නෙන් පුච්චලා දාන්න ඕනේ.+ 7 ඒ පූජාවෙන් ඉතුරු වෙන දේ තුන්වෙනි දවසේදී කෑවොත් ඒ පූජාව කොහොමටවත් පිළිගන්නේ නැහැ. ඒ මස් සලකන්නේ පිළිකුල් දෙයක් විදිහටයි. 8 ඒක කන කෙනා යෙහෝවා ශුද්ධයි කියලා සලකන දේකට කිසිම ගෞරවයක් පෙන්නුවේ නැති නිසා ඔහු ඒ වරදට වග කිව යුතුයි. ඔහුව මරලා දාන්න ඕනේ.

9 “‘ඔබ දේශයේ අස්වැන්න නෙළද්දී කෙතේ මායිම වෙන කල්ම අස්වැන්න නෙළන්න එපා. අස්වැන්න නෙළද්දී කෙතේ අතහැරුණු කරල් එකතු කරගන්නත් එපා.+ 10 ඒ වගේම ඔබේ මිදිවත්තේ පලදාව නෙළද්දී අතහැරුණු මිදි ආපහු නෙළාගන්න එපා. තැනින් තැන වැටුණු මිදිත් එකතු කරගන්න එපා. දුප්පත්* අයටයි,+ ඔබ අතරේ ඉන්න විදේශිකයන්ටයි ඒවා ඉතුරු කළ යුතුයි. මම ඔබේ දෙවි වන යෙහෝවා.

11 “‘හොරකම් කරන්න එපා.+ අනිත් අයව රවට්ටන්නවත්+ එකිනෙකාට වංචා කරන්නවත් එපා. 12 මගේ නමින් දිවුරලා බොරු කියන්න එපා.+ එහෙම කළොත් ඔබේ දෙවියන්ගේ නමට ඔබ කරන්නේ ලොකු අගෞරවයක්. මම ඔබේ දෙවි වන යෙහෝවා. 13 ඔබ තව කෙනෙක්ට වංචාවක් කරන්නවත්+ ඔහුට අයිති දේ පැහැරගන්නවත්* එපා.+ කුලීකරුවෙකුගේ දවසේ පඩිය පහුවෙනිදා උදේ වෙන කල් ඔබ ළඟ තියාගන්න එපා.+

14 “‘බිහිරි කෙනෙක්ට ශාප කරන්න එපා. අන්ධ කෙනෙක් ඉස්සරහා බාධකයක් තියන්න එපා.+ ඔබ ඔබේ දෙවියන්ට ගරුබිය දැක්විය යුතුයි.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.

15 “‘අසාධාරණ විදිහට විනිශ්චය කරන්න එපා. දුප්පත් කෙනෙක්ට අනවශ්‍ය විදිහට අනුකම්පාවක් පෙන්නන්නවත් පොහොසත් කෙනෙක්ට වැඩි සැලකිලි දක්වන්නවත් එපා.+ ඔබ විනිශ්චය කරද්දී හැමෝටම යුක්තිය ඉටු කළ යුතුයි.

16 “‘ඔබ තැනින් තැන ගිහිල්ලා තවත් කෙනෙක් ගැන බොරු කියලා ඔහුගේ හොඳ නම නැති කරන්න එපා.+ තව කෙනෙක්ගේ ජීවිතේ* අනතුරේ දාන කිසිම දෙයක් ඔබ නොකළ යුතුයි.*+ මම ඔබේ දෙවි වන යෙහෝවා.

17 “‘ඔබේ හිතින් ඔබේ සහෝදරයාට වෛර නොකළ යුතුයි.+ කෙනෙක්ට අවවාදයක් දෙන්න වෙද්දී ඒක කරන්න අදිමදි කරන්න එපා.+ එහෙම කළේ නැත්නම් ඔහුගේ වරදට ඔබත් වග කිව යුතුයි.

18 “‘පළිගන්න එපා.+ ඔබේ සෙනඟ අතරේ ඉන්න කා එක්කවත් අමනාපයෙන් ඉන්න එපා. ඔබට වගේ ඔබේ අසල්වැසියාට ආදරේ කරන්න.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.

19 “‘ඔබ මගේ මේ පනත්වලට කීකරු විය යුතුයි. ඔබ ඇති කරන වර්ග දෙකකට අයිති සතුන් දෙන්නෙක්ට සංසර්ගයේ යෙදෙන්න ඉඩ දෙන්න එපා. ඔබේ කෙත්වල බීජ වර්ග දෙකක් එකට වපුරන්න එපා.+ නූල් වර්ග දෙකකින් වියලා තියෙන රෙද්දකින් මහපු ඇඳුමක් අඳින්න එපා.+

20 “‘වෙනත් පුරුෂයෙක්ට විවාහ කරලා දෙන්න පොරොන්දු වුණ දාසියක් වෙනුවෙන් ගෙවන්න ඕනෙ සම්පූර්ණ මුදල ගෙවන්න කලින් නැත්නම් ඇයව නිදහස් කරන්න කලින් ඇගේ අයිතිකරු ඇය එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවොත් ඒ වරදට ඔවුන්ට දඬුවම් කළ යුතුයි. ඒත් ඔවුන්ව මරන්න එපා. මොකද ඒ අවස්ථාවේ ඇය නිදහස් වෙලා හිටියේ නැහැ. 21 ඔහු යෙහෝවාට වන්දි පූජාවක් ඔප්පු කළ යුතුයි. ඔහු ඒ වන්දි පූජාවට+ බැටළුවෙක්ව හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ගෙනා යුතුයි. 22 ඔහු කරපු වරදට යෙහෝවාගෙන් සමාව ලබාගන්න වන්දි පූජාවට ගෙනාපු බැටළුවාව පූජකයා ඔප්පු කළ යුතුයි. එතකොට ඔහු කරපු වරදට ඔහුට සමාව ලැබෙයි.

23 “‘ඔබට ලබා දෙන දේශයට ගියාට පස්සේ කෑමට ගන්න පුළුවන් පල හැදෙන ගහක් ඔබ හිටෙව්වොත් මුල් අවුරුදු තුනේදී ඒකේ ගෙඩි කන්න ඔබට අවසර නැහැ. ඔබ ඒ පලදාව අපවිත්‍රයි කියලා* සැලකිය යුතුයි. ඒ නිසා ඒවා කෑමට නොගත යුතුයි. 24 ඒත් හතරවෙනි අවුරුද්දේදී ඒකේ මුළු පලදාවම ශුද්ධයි කියලා සැලකිය යුතුයි. ඔබ ඒ පලදාව ලොකු සතුටකින් යෙහෝවාට ඔප්පු කළ යුතුයි.+ 25 පස්වෙනි අවුරුද්දේදී ඔබට ඒකේ පල කන්න පුළුවන්. ඒ පලදාව නිසා ඔබේ අස්වැන්න තව වැඩි වෙයි. මම ඔබේ දෙවි වන යෙහෝවා.

26 “‘ලේ අඩංගු කිසිම දෙයක් ඔබ කෑමට නොගත යුතුයි.+

“‘ඔබ නිමිති බලන එකෙන් සහ මන්තර ගුරුකම් කරන එකෙන් වැළකී සිටිය යුතුයි.+

27 “‘ඔබ කම්මුල් දෙපස තියෙන රැවුල නොකැපිය යුතුයි. ඔබේ රැවුලේ අගිස්ස විකෘති විදිහට කපන්න එපා.*+

28 “‘මැරුණු කෙනෙක්* වෙනුවෙන් ඔබේ ශරීරය කපාගන්න එපා.+ ඔබේ ශරීරයේ පච්ච කොටාගන්න එපා. මම ඔබේ දෙවි වන යෙහෝවා.

29 “‘ඔබේ දුවව ගණිකාවක් විදිහට+ දීලා ඇයව නින්දාවට පත් කරන්න එපා. එහෙම කළොත් දේශය ගණිකාවන්ගෙන් පිරිලා දූෂිත තත්වයකට පත් වෙයි.+

30 “‘මම නියම කරපු සබත් දවස් ඔබ පැවැත්විය යුතුයි.+ මගේ ශුද්ධස්ථානයට ඔබ ලොකු ගෞරවයක්* පෙන්විය යුතුයි. මම ඔබේ දෙවි වන යෙහෝවා.

31 “‘මැරුණු අය එක්ක කතා කරන්න හදන අයගෙන්වත්*+ ශාස්ත්‍ර කියන අයගෙන්වත්+ උපකාර පතන්න එපා. එහෙම කළොත් ඔබ අපවිත්‍ර වෙනවා. මම ඔබේ දෙවි වන යෙහෝවා.

32 “‘පැසුණු හිසකෙස් තියෙන කෙනෙක් ඉස්සරහා නැඟිටින්න.+ මහලු කෙනෙක්ට ඔබ ගෞරවයෙන් සැලකිය යුතුයි.+ ඔබ ඔබේ දෙවියන්ට ගරුබිය දැක්විය යුතුයි.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.

33 “‘විදේශිකයෙක් ඔබ අතරේ ජීවත් වෙනවා නම් ඔහුට හිංසා පීඩා කරන්න එපා.+ 34 ඔබ එක්ක ජීවත් වෙන විදේශිකයාට ඔබේම ජාතියේ කෙනෙක්ට වගේ සැලකිය යුතුයි.+ ඔබ ඔබට වගේ ඔහුටත් ආදරේ කළ යුතුයි. මොකද ඔබත් ඊජිප්තු දේශයේ විදේශිකයන් විදිහට ජීවත් වුණා.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.

35 “‘ඔබ දිග, පළල මනිද්දී බර කිරද්දී නැත්නම් දියර මනිද්දී හොර කරන්න එපා.+ 36 ඔබ හොර තරාදි, හොර පඩි පාවිච්චි කරන්න එපා. වියළි ද්‍රව්‍ය* සහ දියර* මනින්න නිවැරදි මිමි පාවිච්චි කරන්න.+ මම ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාපු ඔබේ දෙවි වන යෙහෝවා. 37 ඔබ මගේ සියලු පනත්වලට සහ තීන්දුවලට කීකරු වෙලා ඒවා අනුව ජීවත් විය යුතුයි.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.’”

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න