ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හෙබ්‍රෙව් 12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හෙබ්‍රෙව් පොතේ සාරාංශයක්

      • යේසුස් අපේ විශ්වාසය කිසිම අඩුවක් නැති තත්වෙකට ගේන තැනැත්තායි (1-3)

        • සාක්ෂිකරුවන් විශාල වලාකුළක් (1)

      • යෙහෝවා දෙන හික්මවීම් සැහැල්ලුවට ගන්න එපා (4-11)

      • දිගටම හරි පාරේ යන්න (12-17)

      • ළං වෙලා ඉන්නේ ස්වර්ගයේ තියෙන යෙරුසලමටයි (18-29)

හෙබ්‍රෙව් 12:1

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 3:12
  • +1කොරි 9:24, 26; ෆිලි 3:13, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2023, 26, 29-31 පි.

    මුරටැඹ (පාඩම්),

    6/2022, 25 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 19 පාඩම

    මුරටැඹ,

    9/15/2011, 17-18, 20-23 පි.

    8/15/2004, 23-24 පි.

    1/15/2003, 5-6 පි.

    1/1/2001, 29-30 පි.

    10/1/1999, 17-18, 19-21 පි.

    1/15/1998, 13 පි.

    1/1/1998, 6-11 පි.

    1/15/1997, 30 පි.

    8/1/1992, 13-18 පි.

    1/1/1992, 22 පි.

    පිබිදෙව්!,

    6/8/2004, 25 පි.

හෙබ්‍රෙව් 12:2

පාදසටහන්

  • *

    හෝ, “ප්‍රධාන වෙන.”

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යොහ 14:6; ක්‍රියා 5:31; හෙබ්‍රෙ 2:10
  • +ගීතා 110:1; හෙබ්‍රෙ 10:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 86 පි.

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 232-233 පි.

    මුරටැඹ (පාඩම්),

    12/2016, 27 පි.

    4/2016, 15 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 232-234 පි.

    මුරටැඹ,

    8/15/2010, 5 පි.

    7/15/2009, 6-7 පි.

    10/15/2008, 32 පි.

    10/1/2006, 26 පි.

    9/15/2005, 21 පි.

    1/1/2005, 15 පි.

    1/1/2001, 31 පි.

    9/1/2000, 12 පි.

    10/1/1999, 21 පි.

    5/15/1998, 10 පි.

    2/15/1996, 28-29 පි.

    10/15/1994, 13-14 පි.

    3/1/1994, 30 පි.

    9/15/1993, 13-14 පි.

    8/1/1992, 13-14 පි.

හෙබ්‍රෙව් 12:3

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 27:39
  • +ගලා 6:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2016, 15 පි.

    මුරටැඹ,

    10/15/2008, 32 පි.

    1/15/2008, 26-27 පි.

    1/1/2005, 15 පි.

    12/1/1995, 13-14 පි.

හෙබ්‍රෙව් 12:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2008, 32 පි.

    4/15/2002, 30 පි.

    2/15/2002, 29 පි.

හෙබ්‍රෙව් 12:5

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2012, 29 පි.

හෙබ්‍රෙව් 12:6

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

  • *

    හෝ, “කසයෙන් ගහනවා.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 3:11, 12

හෙබ්‍රෙව් 12:7

පාදසටහන්

  • *

    හෝ, “පුහුණු කරන.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:14; හෙබ්‍රෙ 2:10
  • +හිතෝ 13:24

හෙබ්‍රෙව් 12:9

හරස් යොමු දැක්වීම්

  • +යාකො 4:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2019, 14-15 පි.

හෙබ්‍රෙව් 12:10

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 1:15, 16

හෙබ්‍රෙව් 12:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2007, 19 පි.

හෙබ්‍රෙව් 12:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 35:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙසායාගේ අනාවැකිය I, 379 පි.

    මුරටැඹ,

    2/15/1996, 14 පි.

හෙබ්‍රෙව් 12:13

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 4:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2008, 32 පි.

හෙබ්‍රෙව් 12:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:14; රෝම 12:18; 14:19
  • +රෝම 6:19; 1තෙස 4:3, 4; හෙබ්‍රෙ 10:10

හෙබ්‍රෙව් 12:15

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 29:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2008, 32 පි.

    11/1/2006, 26 පි.

හෙබ්‍රෙව් 12:16

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:32, 34

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2017, 14-15 පි.

    මුරටැඹ,

    5/15/2013, 28-29 පි.

    5/1/2002, 10-11 පි.

හෙබ්‍රෙව් 12:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 27:34

හෙබ්‍රෙව් 12:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:12
  • +නික් 19:18
  • +නික් 19:16

හෙබ්‍රෙව් 12:19

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:19
  • +ද්වි 4:11, 12
  • +නික් 20:18, 19

හෙබ්‍රෙව් 12:20

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:12, 13

හෙබ්‍රෙව් 12:21

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 9:19

හෙබ්‍රෙව් 12:22

හරස් යොමු දැක්වීම්

  • +එළි 14:1
  • +එළි 21:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 199 පි.

    මුරටැඹ,

    6/1/1991, 16 පි.

හෙබ්‍රෙව් 12:23

හරස් යොමු දැක්වීම්

  • +දානි 7:10
  • +උත් 18:25; ගීතා 94:2; යෙසා 33:22
  • +හෙබ්‍රෙ 12:9
  • +හෙබ්‍රෙ 10:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/1995, 11 පි.

හෙබ්‍රෙව් 12:24

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 26:27, 28
  • +1තිමෝ 2:5; හෙබ්‍රෙ 9:15
  • +උත් 4:8, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2008, 13-14 පි.

හෙබ්‍රෙව් 12:25

පාදසටහන්

  • *

    හෝ, “නිදහසට කරුණු කියන්න එපා.”

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 1:2; 2:2-4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2010, 25-26 පි.

හෙබ්‍රෙව් 12:26

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:18
  • +හග් 2:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2021, 19 පි.

    මුරටැඹ,

    5/15/2006, 31 පි.

    4/15/2006, 20 පි.

හෙබ්‍රෙව් 12:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2021, 19 පි.

    මුරටැඹ,

    10/15/2008, 32 පි.

    5/15/2006, 31 පි.

    4/15/2006, 20 පි.

හෙබ්‍රෙව් 12:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2021, 19 පි.

    මුරටැඹ,

    11/15/2006, 24 පි.

    4/15/2006, 20 පි.

    එළිදරව්, 199 පි.

හෙබ්‍රෙව් 12:29

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:24

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හෙබ්‍රෙ. 12:1හෙබ්‍රෙ 3:12
හෙබ්‍රෙ. 12:11කොරි 9:24, 26; ෆිලි 3:13, 14
හෙබ්‍රෙ. 12:2යොහ 14:6; ක්‍රියා 5:31; හෙබ්‍රෙ 2:10
හෙබ්‍රෙ. 12:2ගීතා 110:1; හෙබ්‍රෙ 10:12
හෙබ්‍රෙ. 12:3මතෙ 27:39
හෙබ්‍රෙ. 12:3ගලා 6:9
හෙබ්‍රෙ. 12:6හිතෝ 3:11, 12
හෙබ්‍රෙ. 12:72සාමු 7:14; හෙබ්‍රෙ 2:10
හෙබ්‍රෙ. 12:7හිතෝ 13:24
හෙබ්‍රෙ. 12:9යාකො 4:10
හෙබ්‍රෙ. 12:101පේතෘ 1:15, 16
හෙබ්‍රෙ. 12:12යෙසා 35:3
හෙබ්‍රෙ. 12:13හිතෝ 4:26
හෙබ්‍රෙ. 12:14ගීතා 34:14; රෝම 12:18; 14:19
හෙබ්‍රෙ. 12:14රෝම 6:19; 1තෙස 4:3, 4; හෙබ්‍රෙ 10:10
හෙබ්‍රෙ. 12:15ද්වි 29:18
හෙබ්‍රෙ. 12:16උත් 25:32, 34
හෙබ්‍රෙ. 12:17උත් 27:34
හෙබ්‍රෙ. 12:18නික් 19:12
හෙබ්‍රෙ. 12:18නික් 19:18
හෙබ්‍රෙ. 12:18නික් 19:16
හෙබ්‍රෙ. 12:19නික් 19:19
හෙබ්‍රෙ. 12:19ද්වි 4:11, 12
හෙබ්‍රෙ. 12:19නික් 20:18, 19
හෙබ්‍රෙ. 12:20නික් 19:12, 13
හෙබ්‍රෙ. 12:21ද්වි 9:19
හෙබ්‍රෙ. 12:22එළි 14:1
හෙබ්‍රෙ. 12:22එළි 21:2
හෙබ්‍රෙ. 12:23දානි 7:10
හෙබ්‍රෙ. 12:23උත් 18:25; ගීතා 94:2; යෙසා 33:22
හෙබ්‍රෙ. 12:23හෙබ්‍රෙ 12:9
හෙබ්‍රෙ. 12:23හෙබ්‍රෙ 10:14
හෙබ්‍රෙ. 12:24මතෙ 26:27, 28
හෙබ්‍රෙ. 12:241තිමෝ 2:5; හෙබ්‍රෙ 9:15
හෙබ්‍රෙ. 12:24උත් 4:8, 10
හෙබ්‍රෙ. 12:25හෙබ්‍රෙ 1:2; 2:2-4
හෙබ්‍රෙ. 12:26නික් 19:18
හෙබ්‍රෙ. 12:26හග් 2:6
හෙබ්‍රෙ. 12:29ද්වි 4:24
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හෙබ්‍රෙව් 12:1-29

හෙබ්‍රෙව්වරුන්ට

12 ඉතින් අපි වටේට විශාල වලාකුළක් වගේ සාක්ෂිකරුවන් ලොකු පිරිසක් ඉන්න නිසා අපිත් අපිට බරක් වෙන හැම දෙයක්ම සහ අපිව ලේසියෙන්ම අහු කරගන්න පාපය+ අහක දාලා දැන් අපි ඉස්සරහා තියෙන ධාවන තරඟය විඳදරාගෙන දුවමු.+ 2 අපේ විශ්වාසය හරි පැත්තට ගෙනියන්න මුල් වෙන,* ඒ විශ්වාසය කිසිම අඩුවක් නැති තත්වෙකට ගේන තැනැත්තා වන යේසුස්+ දිහාම බලාගෙන අපි දුවමු. ඔහු ඉස්සරහා තිබුණ ප්‍රීතිමත් බලාපොරොත්තුව නිසා ඔහුට විඳින්න වෙන ලැජ්ජාව ගැන හිතන්නේ නැතුව වධකණුවක* මැරෙන්න ඔහු කැමති වුණා. ඊටපස්සේ ඔහු දෙවියන්ගේ සිංහාසනයේ දකුණු පැත්තේ ඉඳගත්තා.+ 3 පව්කාරයන්ගේ නපුරු කතා දරාගත්ත ඒ තැනැත්තාගේ ආදර්ශය ගැන හොඳින් හිතන්න.+ ඇත්තටම ඒ මිනිස්සු කියපු දේවල්වලින් එයාලා හානියක් කරගත්තේ එයාලටමයි. ඒ තැනැත්තා ගැන කල්පනා කරන එක වෙහෙසට පත් වෙන්නේ නැතුව ඉන්නත් අත්හරින්නේ නැතුව ඉන්නත් ඔයාලට උදව් වෙයි.+

4 පාපයට විරුද්ධව කරන සටනේදී ඔයාලට තාම ඔයාලාගේ ලේ හැලෙන තරමට සටන් කරන්න වෙලා නැහැ. 5 ඔයාලව පුතාලා විදිහට සලකලා දීපු මේ අවවාදය ඔයාලට සම්පූර්ණයෙන්ම අමතක වෙලා ගිහින්. “මගේ පුතේ, යෙහෝවා* දෙන හික්මවීම් සැහැල්ලුවට ගන්න එපා. ඔහු ඔයාව නිවැරදි කරද්දී කලකිරෙන්න එපා. 6 මොකද යෙහෝවා* හික්මවීම් දෙන්නේ ඔහු ආදරේ කරන අයටයි. තමන්ගේ පුතෙක් විදිහට පිළිගන්න හැම කෙනෙක්ටම ඔහු දඬුවම් කරනවා.”*+

7 ඔයාලා අමාරු දේවල් විඳදරාගද්දී ඒක දෙවියන් ඔයාලව හික්මවන* එක විදිහක් කියලා හිතන්න. දෙවියන් ඔයාලව සලකන්නේ ඔහුගේ පුතාලා විදිහටයි.+ තමන්ගේ තාත්තාගෙන් හික්මවීම් ලබන්නේ නැති පුතෙක් ඉන්නවාද?+ 8 අනිත් හැමෝටම ලැබෙන මේ හික්මවීම් ඔයාලට ලැබිලා නැත්නම් ඔයාලා ඔහුගෙම පුතාලා නෙමෙයි, අවජාතක දරුවෝ. 9 පොළොවේ ඉන්න අපේ තාත්තලා අපිට හික්මවීම් දෙද්දී අපි එයාලට ගරු කළා. එහෙමනම් තමන්ගේ බලයෙන් අපේ ජීවිතේට මඟ පෙන්නන ස්වර්ගයේ ඉන්න අපේ තාත්තාට අපි ඊට වඩා කොච්චර වැඩියෙන් කීකරු වෙන්න ඕනෙද? අපිට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ එහෙම කළොත් නෙමෙයිද?+ 10 අපේ තාත්තලාගෙන් අපිට හික්මවීම් ලැබුණේ ටික කාලෙකට විතරයි. ඒ හික්මවීම් දුන්නේ එයාලා හරියි කියලා හිතපු දේට අනුවයි. ඒත් ස්වර්ගයේ ඉන්න අපේ තාත්තා අපිව හික්මවන්නේ අපේම ප්‍රයෝජනයට. ඔහු එහෙම කරන්නේ ඔහු වගේ ශුද්ධ අය වෙන්න අපිටත් පුළුවන් වෙන්නයි.+ 11 ඇත්ත, හික්මවීම් ලැබෙද්දී කාටවත් සතුටක් දැනෙන්නේ නැහැ. ඒක වේදනාකාරී අද්දැකීමක්. ඒත් ඒකෙන් පුහුණුවක් ලබාගන්න අයට පස්සේ ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා. එයාලට පුළුවන් වෙනවා ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරද්දී ලැබෙන සමාදානය අද්දකින්න.

12 ඉතින් පහතට වැටිලා තියෙන දෑත් සවිමත් කරගන්න. දුර්වල වෙලා තියෙන දණහිස් ශක්තිමත් කරගන්න.+ 13 කොහෙටවත් හැරෙන්නේ නැතුව දිගටම හරි පාරේ යන්න.+ එතකොට කොර වෙලා තියෙන පාද සන්ධිවලින් පනින එකක් නැහැ. ඒවා සුව වෙයි. 14 හැමෝම එක්ක සාමයෙන් ඉන්න ලොකු උත්සාහයක් ගන්න.+ ශුද්ධකම රැකගන්න උත්සාහ කරන්න.+ මොකද කෙනෙක් ශුද්ධව හිටියේ නැත්නම් එයාට ස්වාමීන්ව දකින්න බැහැ. 15 සෝදිසියෙන් ඉන්න. ඔයාලා අතරේ ඉන්න කාටවත් දෙවියන්ගේ මහත් කරුණාව ලබන එක අහිමි වෙන්න ඉඩ දෙන්න එපා. ඒ ගැන සෝදිසියෙන් හිටියේ නැත්නම් කෙනෙක් විෂ පැළෑටියක මුලක් වගේ වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ කෙනා ගොඩක් ප්‍රශ්න ඇති කරලා හුඟදෙනෙක්ව අපවිත්‍ර තත්වෙකට පත් කරයි.+ 16 ලිංගික දුරාචාරයේ* යෙදෙන කිසිම කෙනෙක්වත් ඒසව් වගේ පරිශුද්ධ දේවල් අගය කරන්නේ නැති කිසිම කෙනෙක්වත් ඔයාලා අතරේ නැහැ කියලා ස්ථිර කරගන්න. ඒසව් එක කෑම වේලක් වෙනුවෙන් කුලුඳුලා විදිහට එයාට තිබුණ අයිතිය වෙන කෙනෙක්ට දුන්නා.+ 17 ඒත් ඔයාලා දන්නවා පස්සේ එයාට ඒ ආශීර්වාදය ලබාගන්න ඕනෙ වුණත් එයාට ඒක ලැබුණේ නැහැ කියලා. එයා අඬඅඬ තාත්තා ගත්ත තීරණේ වෙනස් කරන්න උත්සාහ කළත් ඒකෙන් වැඩක් වුණේ නැහැ.+

18 ඔයාලා ළං වෙලා ඉන්නේ අතින් අල්ලන්න පුළුවන් දේකට නෙමෙයි.+ ඒකෙන් ගිනිදලු නඟින්නේ නැහැ.+ අඳුරු වලාකුළක්වත් ඝන අන්ධකාරයක්වත් කුණාටුවක්වත් ඒක වටේට නැහැ.+ 19 හොරණෑවක ශබ්දයවත්+ කෙනෙක් කතා කරන හඬවත්+ එතනින් ඇහෙන්නේ නැහැ. ඒ හඬ ඇහුණාම තවත් කතා කරන්න එපා කියලා සෙනඟ ඉල්ලුවා.+ 20 මොකද “කන්දට සතෙක් හරි අඩිය තිබ්බොත් ඌට ගල් ගහලා මරන්න” කියලා දීපු ආඥාව අහලා එයාලා බය වුණා.+ 21 දැකපු දේවල් කොච්චර බයක් ඇති කළාද කියනවා නම් මෝසෙස් පවා කිව්වා “මට ලොකු බයක් දැනෙනවා. මාව වෙවුලනවා”+ කියලා. 22 ඒත් ඔයාලා ළං වෙලා ඉන්නේ සියොන් කන්දට.+ ජීවමාන දෙවියන්ගේ නුවරට, ඒ කියන්නේ ස්වර්ගයේ තියෙන යෙරුසලමට.+ දේවදූතයන් දසදහස් ගාණක් 23 එකට රැස් වෙලා ඉන්න තැනට.+ ස්වර්ගයේ නම් ලියලා තියෙන, කුලුඳුලන්ගේ සභාවට. ඒ වගේම හැමෝගෙම විනිශ්චයකරු වන දෙවියන්+ ළඟට. දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීමට එකඟව ජීවත් වෙන,+ පරිපූර්ණ තත්වෙකට ගෙනත් තියෙන ධර්මිෂ්ඨ අය ළඟට.+ 24 අලුත් ගිවිසුමක+ මැදිහත්කරු වන යේසුස්+ ළඟට. ඔහු ඉහපු රුධිරය ළඟට. ඒ ලේ ආබෙල්ගේ ලේ+ කතා කරනවාට වඩා උතුම් දේවල් ගැන කතා කරනවා.

25 කතා කරන තැනැත්තාට ඇහුම්කන් නොදී ඉන්න එපා.* දෙවියන්ගේ අනතුරු ඇඟවීම් පොළොවේදී දුන්න කෙනාට ඇහුම්කන් දුන්නේ නැති අයට දඬුවමෙන් බේරෙන්න බැරි වුණා. එහෙමනම් ස්වර්ගයේ ඉඳන් කතා කරන කෙනාට අපි ඇහුම්කන් දුන්නේ නැත්නම් අපිට බේරෙන්න පුළුවන් වෙයිද?+ 26 ඒ වෙලාවේ ඔහුගේ හඬට පොළොව දෙදරුම් කෑවා.+ ඒත් දැන් ඔහු පොරොන්දු වෙලා තියෙන්නේ “මම ආයෙත් පොළොව විතරක් නෙමෙයි අහසත් සොලවනවා”+ කියලයි. 27 “ආයෙත්” කියලා කියපු එකෙන් පැහැදිලි වෙනවා හොල්ලපු දේවල් ඒ කියන්නේ දෙවියන් හදපු නැති දේවල් අයින් කරනවා කියලා. එහෙම කරන්නේ හෙල්ලුවේ නැති දේවල් හැමදාටම තියෙන්නයි. 28 අපිට ලැබෙන්න යන්නේ හොල්ලන්න බැරි රාජ්‍යයක් කියලා දන්න නිසා දෙවියන්ගේ මහත් කරුණාවෙන් දිගටම ප්‍රයෝජන ගමු. ඒක අපිට උදව් වෙයි දෙවියන් පිළිගන්න විදිහේ පරිශුද්ධ සේවයක් ඔහුට කරන්න. ඒ සේවය ලොකු ගෞරවයකින්, බයකින් කරන්න අපිට පුළුවන් වෙයි. 29 ඇත්තටම අපේ දෙවියන් හැම දෙයක්ම පුච්චලා දාන ගින්නක් වගේ.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න