ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 19
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම පොතේ සාරාංශයක්

      • සීනයි කන්දේදී (1-25)

        • ඊශ්‍රායෙල් සෙනඟගෙන් පූජකයන් පාලනය කරන රාජ්‍යයක් බිහි වෙන්න නියමිතයි (5, 6)

        • සෙනඟ දෙවියන් ඉස්සරහට යන්න කලින් තමන්වම පවිත්‍ර කරගනියි (14, 15)

නික්මයාම 19:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 17:1
  • +නික් 3:1, 12

නික්මයාම 19:3

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:38

නික්මයාම 19:4

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:34
  • +ද්වි 32:11, 12; යෙසා 63:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 67-68 පි.

    මුරටැඹ,

    6/15/1996, 10-11 පි.

නික්මයාම 19:5

පාදසටහන්

  • *

    හෝ, “වටිනා වස්තුවක්.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 8:53; ගීතා 135:4
  • +ද්වි 10:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2012, 25 පි.

    1/15/2012, 27-29 පි.

    11/1/2010, 28-29 පි.

    1/15/2010, 4-5 පි.

    9/1/2000, 21 පි.

    3/15/1998, 12 පි.

    2/1/1998, 10-11, 17 පි.

    7/1/1995, 15-17, 18-19 පි.

නික්මයාම 19:6

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 11:44; ද්වි 7:6; 1පේතෘ 2:9; එළි 5:9, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 193, 196-197 පි.

    මාර්ගය යේසුස්, 248 පි.

    මුරටැඹ,

    10/15/2012, 25 පි.

    1/15/2012, 27-29 පි.

    11/1/2010, 28-29 පි.

    9/1/2000, 21 පි.

    2/1/1998, 10-11, 17 පි.

    7/1/1995, 15-17, 18-19 පි.

නික්මයාම 19:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 24:3

නික්මයාම 19:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 24:7; යොෂු 24:24

නික්මයාම 19:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 40 පාඩම

නික්මයාම 19:13

පාදසටහන්

  • *

    සමහරවිට ඊතලයකින් වෙන්නත් පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 12:20
  • +නික් 20:18

නික්මයාම 19:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:10

නික්මයාම 19:16

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:11; 1රාජා 8:12; ගීතා 97:2
  • +හෙබ්‍රෙ 12:18-21

නික්මයාම 19:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 24:17; ද්වි 4:11, 12; 2ලේක 7:1-3
  • +ගීතා 68:8

නික්මයාම 19:20

හරස් යොමු දැක්වීම්

  • +නික් 24:12

නික්මයාම 19:22

පාදසටහන්

  • *

    මූ.අ., “මායිම් බිඳගෙන එයාලා ගාවට එනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 10:1, 2; 1ලේක 13:10

නික්මයාම 19:23

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:12

නික්මයාම 19:24

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 16:19, 35

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නික්. 19:2නික් 17:1
නික්. 19:2නික් 3:1, 12
නික්. 19:3ක්‍රියා 7:38
නික්. 19:4ද්වි 4:34
නික්. 19:4ද්වි 32:11, 12; යෙසා 63:9
නික්. 19:51රාජා 8:53; ගීතා 135:4
නික්. 19:5ද්වි 10:14
නික්. 19:6ලෙවී 11:44; ද්වි 7:6; 1පේතෘ 2:9; එළි 5:9, 10
නික්. 19:7නික් 24:3
නික්. 19:8නික් 24:7; යොෂු 24:24
නික්. 19:13හෙබ්‍රෙ 12:20
නික්. 19:13නික් 20:18
නික්. 19:14නික් 19:10
නික්. 19:16ද්වි 4:11; 1රාජා 8:12; ගීතා 97:2
නික්. 19:16හෙබ්‍රෙ 12:18-21
නික්. 19:18නික් 24:17; ද්වි 4:11, 12; 2ලේක 7:1-3
නික්. 19:18ගීතා 68:8
නික්. 19:20නික් 24:12
නික්. 19:22ලෙවී 10:1, 2; 1ලේක 13:10
නික්. 19:23නික් 19:12
නික්. 19:24ගණන් 16:19, 35
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නික්මයාම 19:1-25

නික්මයාම

19 ඊශ්‍රායෙල් සෙනඟ ඊජිප්තුවෙන් පිටත් වෙලා ගත වුණ තුන්වෙනි මාසයේදී එයාලා සීනයි පාළුකරයට ආවා. 2 එයාලා රෙෆිඩිම්වලින්+ පිටත් වුණ දවසේම සීනයි පාළුකරයට ඇවිත් සීනයි කන්ද ඉස්සරහා කඳවුරු බැඳගත්තා.+

3 මෝසෙස් සැබෑ දෙවියන් එක්ක කතා කරන්න කන්දට නැග්ගා. කන්දේ ඉඳන්+ යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඔයා යාකොබ්ගෙන් පැවතෙන ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කියන්න. 4 ‘මං ඊජිප්තුවරුන්ට විරුද්ධව කරපු හැම දෙයක්ම ඔයාලා දැක්කා.+ රාජාලීන් උන්ගේ පැටවුන්ව පියාපත්වල උසුලගෙන යනවා වගේ මම ඔයාලව මං ළඟට ගෙනාවා.+ 5 ඔයාලා මං කියන හැම දේකටම කීකරු වෙලා මං ඔයාලා එක්ක ඇති කරගන්න ගිවිසුම රකිනවා නම් අනිත් ජාතීන් අතරින් මම ඔයාලව මගේ විශේෂ සෙනඟ* විදිහට තෝරගන්නවා.+ මොකද මමයි මේ පොළොවේ අයිතිකරු.+ 6 ඔයාලා මට ශුද්ධ ජාතියක් වෙනවා. ඒ වගේම පූජකයන් පාලනය කරන රාජ්‍යයක් ඔයාලාගෙන් බිහි වෙනවා.’+ ඔයා ඒ හැම දෙයක්ම ඊශ්‍රායෙල් සෙනඟට කියන්න.”

7 පස්සේ මෝසෙස් ඊශ්‍රායෙල් වැඩිමහල්ලන්ට එයා ළඟට එන්න කියලා යෙහෝවා අණ කරපු හැම දෙයක්ම කිව්වා.+ 8 ඒක අහපු ගමන්ම සෙනඟ හැමෝම මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් කියපු හැම දෙයක්ම කරන්න අපි කැමතියි.”+ මෝසෙස් ඒ වෙලාවෙම සෙනඟ කියපු දේ යෙහෝවාට දැන්නුවා. 9 ඒ වෙලාවේ යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “මම අඳුරු වලාකුළකින් ඔයා ළඟට එනවා. එතකොට මං ඔයා එක්ක කතා කරද්දී සෙනඟට ඒක ඇහෙයි. ඒ වගේම එයාලා හැමදාටම ඔයාව විශ්වාස කරයි.” ඊටපස්සේ මෝසෙස් සෙනඟ කියපු දේවල් යෙහෝවා දෙවියන්ට දැන්නුවා.

10 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඔයා දැන් සෙනඟ ළඟට ගිහින් කියන්න අදයි, හෙටයි පවිත්‍ර වෙන්න කියලා. එයාලා ඇඳුම් හෝදගෙන ශුද්ධ තත්වයක ඉඳලා 11 තුන්වෙනි දවසට ලෑස්ති වෙන්න ඕනේ. මොකද තුන්වෙනි දවසේදී යෙහෝවා වන මම මුළු සෙනඟටම පේන්න සීනයි කන්දට එනවා. 12 ඔයා කන්ද වටේට සීමා මායිම් ලකුණු කරලා සෙනඟට මෙහෙම කියන්න. ‘කන්දට නඟින්නවත් කන්ද පාමුල අල්ලන්නවත් එපා. කවුරු හරි කෙනෙක් කන්දට අඩිය තිබ්බොත් එයාව මරලා දාන්න. 13 කවුරු හරි කෙනෙක් කන්දට අඩිය තිබ්බොත් එයාව අල්ලන්න යන්න එපා. සතෙක් කන්දට අඩිය තිබ්බත් ඌව අල්ලන්න යන්නත් එපා. ඒ මිනිසාව නැත්නම් සතාව ගල් ගහලා හරි ආයුධයකින්* ඇනලා හරි මරන්න.’+ හොරණෑවේ හඬ ඇහුණාම+ සෙනඟට කන්ද පාමුලට එන්න පුළුවන්.”

14 ඊටපස්සේ මෝසෙස් කන්දෙන් බැහැලා සෙනඟ ළඟට ගිහින් එයාලව ශුද්ධ තත්වයකට ගේන්න අවශ්‍ය දේවල් කළා. සෙනඟ එයාලාගේ ඇඳුම් හෝදගත්තා.+ 15 මෝසෙස් සෙනඟට මෙහෙම කිව්වා. “ඔයාලා දැන් තුන්වෙනි දවසට ලෑස්ති වෙන්න. කිසිම කෙනෙක් ලිංගික සම්බන්ධකම් පවත්වන්න එපා.”

16 තුන්වෙනි දවසේ උදේ කන්ද මුදුන අඳුරු වලාකුළකින් වැහිලා තිබුණා.+ ගිගුරුම් හඬ මැද්දේ විදුලි කෙටුවා. හයියෙන් හොරණෑවක් පිඹින සද්දයකුත් ඇහුණා. ඒ වෙලාවේ කඳවුරේ හිටපු හැමෝම බයෙන් වෙවුලන්න පටන්ගත්තා.+ 17 මෝසෙස් කඳවුරේ ඉන්න හැමෝවම සැබෑ දෙවියන් ඉස්සරහට එක්කගෙන ගියා. එයාලා කන්ද පාමුල හිටගත්තා. 18 යෙහෝවා දෙවියන් ගින්නක් මැදින් සීනයි කන්දට ඇවිත් හිටිය නිසා+ පෝරණුවකින් දුම් නඟිනවා වගේ කන්දෙන් දුම් නඟින්න පටන්ගත්තා. මුළු කන්දම දුමෙන් වැහිලා ගියා. කන්ද දෙදරන්නත් පටන්ගත්තා.+ 19 හොරණෑ හඬ ටිකෙන් ටික වැඩි වෙද්දී මෝසෙස් සැබෑ දෙවියන් එක්ක කතා කළා. දෙවියනුත් හැමෝටම ඇහෙන්න මෝසෙස්ට උත්තර දුන්නා.

20 යෙහෝවා දෙවියන් සීනයි කන්ද මුදුනට ආවා. ඊටපස්සේ යෙහෝවා මෝසෙස්ට කිව්වා කන්ද මුදුනට එන්න කියලා. මෝසෙස් කන්ද මුදුනට ගියාම+ 21 යෙහෝවා එයාට මෙහෙම කිව්වා. “දැන් සෙනඟ ගාවට ගිහින් එයාලට කියන්න යෙහෝවා වන මාව බලන්න කන්ද වටේ තියෙන සීමා මායිම් බිඳගෙන එන්න එපා කියලා. එහෙම කළොත් හුඟදෙනෙක්ට මැරෙන්න සිද්ධ වෙයි. 22 යෙහෝවා ඉස්සරහට නිතරම එන පූජකයන්ටත් කියන්න එයාලවම පවිත්‍ර කරගෙන ශුද්ධ තත්වයක ඉන්න කියලා. නැත්නම් යෙහෝවා වන මං එයාලට පහර දෙනවා.”*+ 23 එතකොට මෝසෙස් යෙහෝවාට මෙහෙම කිව්වා. “‘කන්ද වටේට සීමා මායිම් දාලා ඒක ශුද්ධ භූමියක් විදිහට වෙන් කරන්න’ කියලා ඔයා අපිට කියපු නිසා සෙනඟට කන්ද මුදුනට කොහොමටවත් එන්න බැහැ.”+ 24 ඒත් යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “දැන් කන්දෙන් බැහැලා ගිහින් ආරොන් එක්ක ආයෙත් මෙතනට එන්න. හැබැයි සීමා මායිම් බිඳගෙන යෙහෝවා වන මං ඉස්සරහට එන්න පූජකයන්ටවත් සෙනඟටවත් ඉඩ දෙන්න එපා. එහෙම කළොත් මං එයාලට පහර දෙනවා.”+ 25 මෝසෙස් කන්දෙන් බැහැලා ඇවිත් දෙවියන් කියපු හැම දේම සෙනඟට කිව්වා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න