ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ක්‍රියා පොතේ සාරාංශයක්

      • යාකොබ්ව මරයි; පේතෘස්ව හිරේට දායි (1-5)

      • පේතෘස්ව ආශ්චර්යවත් විදිහට නිදහස් කරයි (6-19)

      • දේවදූතයෙක් හෙරොද්ට පහර දෙයි (20-25)

ක්‍රියා 12:1

හරස් යොමු දැක්වීම්

  • +යොහ 15:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 88 පි.

    මුරටැඹ,

    4/15/2007, 22 පි.

ක්‍රියා 12:2

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 4:21
  • +මතෙ 20:20-23; ලූක් 11:49

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 88 පි.

    මුරටැඹ,

    1/15/2012, 11 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 12 පි.

ක්‍රියා 12:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:15; 23:15; ලෙවී 23:6

ක්‍රියා 12:4

පාදසටහන්

  • *

    හෝ, “සෙනඟ ඉස්සරහා නඩු විභාගයකට යොමු කරන්නයි.”

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 21:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 87, 88-89 පි.

    මුරටැඹ,

    1/15/2012, 11 පි.

ක්‍රියා 12:5

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 1:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 89-90 පි.

    මුරටැඹ,

    1/15/2012, 11-12 පි.

ක්‍රියා 12:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 87, 90 පි.

ක්‍රියා 12:7

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:7; හෙබ්‍රෙ 1:7, 14
  • +ක්‍රියා 5:18, 19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2012, 12 පි.

ක්‍රියා 12:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 93 පි.

ක්‍රියා 12:11

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +2පේතෘ 2:9

ක්‍රියා 12:12

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 13:5; 15:37, 38; කොලො 4:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 19, 91, 137 පි.

    මුරටැඹ,

    3/15/2010, 6-7 පි.

    2/1/2008, 24 පි.

    3/1/2000, 16 පි.

ක්‍රියා 12:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 91 පි.

    මුරටැඹ,

    3/15/2010, 7 පි.

ක්‍රියා 12:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 91 පි.

ක්‍රියා 12:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 117 ලිපිය

    සාක්ෂියක් දෙමු, 91 පි.

    මුරටැඹ,

    6/1/2005, 31 පි.

ක්‍රියා 12:17

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 13:55; ක්‍රියා 15:13; 21:18; 1කොරි 15:7; ගලා 1:19; 2:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 91-92, 126 පි.

    මුරටැඹ,

    5/15/1997, 16 පි.

ක්‍රියා 12:19

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 16:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 92 පි.

ක්‍රියා 12:20

පාදසටහන්

  • *

    හෝ, “එක්ක යුද්ධ කරන්න බලාගෙනයි හිටියේ.”

  • *

    මූ.අ., “රජගේ නිදන කාමරය.”

ක්‍රියා 12:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 92 පි.

    පිබිදෙව්!,

    4/2011, 12 පි.

ක්‍රියා 12:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/1998, 30 පි.

ක්‍රියා 12:23

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 92-94 පි.

    පිබිදෙව්!,

    4/2011, 12 පි.

ක්‍රියා 12:24

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 6:7; 19:20; කොලො 1:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 94 පි.

    මුරටැඹ,

    4/1/2001, 10, 11-12 පි.

ක්‍රියා 12:25

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 4:36, 37
  • +ක්‍රියා 11:29, 30
  • +ක්‍රියා 13:5; 15:37, 38

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 137 පි.

    මුරටැඹ,

    3/15/2010, 7 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 24 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ක්‍රියා 12:1යොහ 15:20
ක්‍රියා 12:2මතෙ 4:21
ක්‍රියා 12:2මතෙ 20:20-23; ලූක් 11:49
ක්‍රියා 12:3නික් 12:15; 23:15; ලෙවී 23:6
ක්‍රියා 12:4ලූක් 21:12
ක්‍රියා 12:52කොරි 1:11
ක්‍රියා 12:7ගීතා 34:7; හෙබ්‍රෙ 1:7, 14
ක්‍රියා 12:7ක්‍රියා 5:18, 19
ක්‍රියා 12:112පේතෘ 2:9
ක්‍රියා 12:12ක්‍රියා 13:5; 15:37, 38; කොලො 4:10
ක්‍රියා 12:17මතෙ 13:55; ක්‍රියා 15:13; 21:18; 1කොරි 15:7; ගලා 1:19; 2:9
ක්‍රියා 12:19ක්‍රියා 16:27
ක්‍රියා 12:24ක්‍රියා 6:7; 19:20; කොලො 1:6
ක්‍රියා 12:25ක්‍රියා 4:36, 37
ක්‍රියා 12:25ක්‍රියා 11:29, 30
ක්‍රියා 12:25ක්‍රියා 13:5; 15:37, 38
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ක්‍රියා 12:1-25

යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා

12 ඒ කාලේදීම වගේ හෙරොද් රජ, සභාවේ හිටපු සමහර අයට හිංසා පීඩා කරන්න පටන්ගත්තා.+ 2 එයා යොහන්ගේ සහෝදරයා වුණ යාකොබ්ව+ කඩුවෙන් මරලා දැම්මා.+ 3 ඒ ගැන යුදෙව්වන් ගොඩක් සතුටු වුණා කියලා දැක්කාම හෙරොද් පේතෘස්වත් අත්අඩංගුවට ගත්තා. (ඒක වුණේ මුහුන් නොදැමූ රොටි උත්සවය පවත්වපු කාලේදී.)+ 4 එයා පේතෘස්ව අල්ලලා හිරේට දැම්මා.+ එයාට ඕනෙ වුණේ පේතෘස්ව පාස්කු උත්සවයෙන් පස්සේ සෙනඟ ඉස්සරහට ගේන්නයි.* එයාව මුර කරන්න, හේවායන් හතරදෙනා ගාණේ ඉන්න මුර කණ්ඩායම් හතරකට භාර දුන්නා. එයාලා මාරුවෙන් මාරුවට එයාව මුර කළා. 5 පේතෘස් හිරේ ඉද්දී සභාවේ අය අත්හරින්නේ නැතුව දිගටම එයා වෙනුවෙන් යාච්ඤා කළා.+

6 හෙරොද් පේතෘස්ව සෙනඟ ඉස්සරහට අරන් යන්න හිතාගෙන හිටපු දවසට කලින් දවසේ රෑ පේතෘස් හිරකුටියේ නිදාගෙන හිටියා. හේවායන් දෙන්නෙක් මැද හිටපු පේතෘස්ව දම්වැල් දෙකකින් බැඳලයි තිබුණේ. හිරගෙදර මුර කරන්න ඒකේ දොර ළඟ මුරකරුවොත් හිටියා. 7 එකපාරටම යෙහෝවාගේ* දූතයෙක් පේතෘස් ළඟ හිටගත්තා.+ හිරකුටිය පුරාම දීප්තිමත් එළියක් විහිදිලා ගියා. දේවදූතයා පේතෘස්ගේ ඉණට තට්ටුවක් දාලා “ඉක්මනින් නැඟිටින්න” කියලා එයාව ඇහැරෙව්වා. එතකොටම එයාගේ අත්වල තිබුණ දම්වැල් ගැලවිලා ගියා.+ 8 “ඇඳුම් ඇඳගෙන පාවහන් දාගන්න” කියලා දේවදූතයා කිව්වාම එයා එහෙම කළා. ඊටපස්සේ දේවදූතයා කිව්වා “ඔයාගේ පිට වස්ත්‍රය දාගෙන මගේ පස්සේ එන්න” කියලා. 9 එයා එළියට ගිහින් දේවදූතයා පස්සේ ගියා. ඒත් ඒක ඇත්තටම වෙන දෙයක් කියලා එයාට තේරුණේ නැහැ. එයා දේවදූතයාව දකින්නේ දර්ශනයකින් කියලයි එයා හිතුවේ. 10 එයාලා පළවෙනි මුරපොළයි, දෙවෙනි මුරපොළයි පහු කරගෙන ගිහින් නුවරට යන යකඩ දොරටුව ළඟට ආවාම ඒක ඉබේම ඇරුණා. එතනින් පිට වෙලා එයාලා පාරකට ගියාම දේවදූතයා එකපාරටම පේන්නේ නැතුව ගියා. 11 මේක ඇත්තටම වෙන දෙයක් කියලා පේතෘස්ට තේරුණේ එතකොටයි. එයා මෙහෙම හිතුවා. “දැන් මට තේරෙනවා යෙහෝවා* මං වෙනුවෙන් ඔහුගේ දූතයෙක්ව එවලා හෙරොද්ගේ අතින් මාව බේරගත්තා කියලා. මට වෙයි කියලා යුදෙව්වන් හිතාගෙන හිටපු හැම දේකින්ම ඔහු මාව බේරගත්තා.”+

12 පේතෘස්ට ඒක තේරුණාම එයා මරියාගේ ගෙදරට ගියා. මරියා කියන්නේ මාක්+ කියලත් හඳුන්වපු යොහන්ගේ අම්මා. ඒ වෙලාවේ මරියාගේ ගෙදරට හුඟදෙනෙක් ඇවිත් යාච්ඤා කරකරයි හිටියේ. 13 පේතෘස් ඒ ගෙදරට ඇතුල් වෙන තැන තියෙන දොරට තට්ටු කළාම ඒ කවුද කියලා බලන්න රෝදා කියන සේවිකාව එළියට ආවා. 14 පේතෘස්ගේ කටහඬ අඳුරගත්තාම එයාට දැනුණේ කියාගන්න බැරි තරම් සතුටක්. ඒ සතුට කොච්චරද කියනවා නම් එයා දොර අරින්නෙත් නැතුව ඇතුළට දුවගෙන ගිහින් පේතෘස් දොර ළඟ ඉන්නවා කියලා එතන හිටපු අයට කිව්වා. 15 ඒත් එයාලා කිව්වා “ඒක නම් වෙන්න බැහැ. ඔයාට පිස්සු” කියලා. හැබැයි එයා දිගටම කිව්වා ඒ ඇවිත් ඉන්නේ පේතෘස්මයි කියලා. “එහෙනම් ඒ පේතෘස් වෙනුවෙන් පෙනී ඉන්න දේවදූතයෙක් වෙන්න ඇති” කියලා එයාලා කිව්වා. 16 පේතෘස් දොර ළඟ ඉඳන් දිගටම තට්ටු කළා. දොර ඇරලා බලද්දී ඒ පේතෘස් කියලා දැක්කාම එයාලා පුදුම වුණා. 17 ඒත් එයා අතින් සංඥා කරලා පෙන්නුවා සද්ද කරන්න එපා කියලා. යෙහෝවා එයාව හිරෙන් නිදහස් කරපු විදිහ ගැන හැම විස්තරයක්ම කිව්වාට පස්සේ පේතෘස් එයාලට මෙහෙම කිව්වා. “මේ හැම දෙයක්ම යාකොබ්ටයි,+ අනිත් සහෝදරයන්ටයි කියන්න.” එහෙම කියලා එයා එතනින් වෙන තැනකට ගියා.

18 ඊළඟ දවසේ උදේ පේතෘස් නැහැ කියලා දැක්කාම හේවායන් හොඳටම කලබල වුණා. 19 පේතෘස්ව හොයාගන්න හෙරොද් ගොඩක් මහන්සි වුණත් වැඩක් වුණේ නැහැ. ඉතින් හෙරොද් මුරකරුවන්ට එන්න කියලා එයාලාගෙන් එක දිගට ප්‍රශ්න කරලා එයාලට දඬුවම් කරන්න කියලා නියෝග කළා.+ ඊටපස්සේ එයා යුදයේ ඉඳන් සිසේරියට ගිහින් ටික කාලයක් එහේ නැවතිලා හිටියා.

20 ඒ කාලේදී හෙරොද්, තීර් සහ සීදොන්වල වැසියන් එක්ක හිටියේ හරිම කේන්තියෙන්.* ඉතින් ඒ නගරවල අය එකා වගේ ඇවිත් රජගේ මාලිගාවේ වැඩ* භාරව හිටපු බ්ලස්ටස්ව හම්බ වෙලා එයාලට උදව් කරන්න එයාව කැමති කරවගත්තා. බ්ලස්ටස් මාර්ගයෙන් එයාලා රජගෙන් ඉල්ලීමක් කළා එයාලා එක්ක සමාදාන වෙන්න කියලා. මොකද එයාලාගේ නගරවලට ආහාර ලැබුණේ හෙරොද් රජගේ දේශයෙන්. 21 විශේෂ දවසකදී හෙරොද්, රාජකීය ඇඳුම්වලින් සැරසිලා විනිශ්චයාසනයේ ඉඳගෙන සෙනඟ ඉස්සරහා දේශනයක් දුන්නා. 22 එතකොට එතන හිටපු සෙනඟ “මේ නම් මිනිසෙක්ගේ කටහඬක් වෙන්න බැහැ. මේක දෙවි කෙනෙක්ගෙම කටහඬක් වෙන්න ඕනෙ” කියලා කිව්වා. 23 ඒ වෙලාවෙම යෙහෝවාගේ* දූතයා හෙරොද්ට පහර දුන්නා. ඒ නිසා එයාගේ ඇඟ පුරාම පණුවෝ ගහලා අන්තිමේදී එයා මැරුණා. එහෙම වුණේ එයා දෙවියන්ට ගෞරවය දුන්නේ නැති නිසයි.

24 ඒත් යෙහෝවා* දෙවියන්ගේ පණිවිඩය හැමෝම අතරේ දිගටම පැතිරිලා අනුගාමිකයන්ගේ ගාණ තව තවත් වැඩි වුණා.+

25 බානබස්+ සහ සාවුල් යෙරුසලමේ හිටිය අයට සහනාධාර බෙදලා දුන්නාට පස්සේ+ ආයෙත් අන්තියෝකියට ගියා. එයාලා යද්දී මාක් කියලත් හඳුන්වපු යොහන්වත්+ එක්කගෙන ගියා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න