ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 23
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ක්‍රියා පොතේ සාරාංශයක්

      • පාවුල් මන්ත්‍රණ සභාව ඉස්සරහා කතා කරයි (1-10)

      • ස්වාමීන් පාවුල්ව ශක්තිමත් කරයි (11)

      • පාවුල්ව මරන්න කුමන්ත්‍රණයක් (12-22)

      • පාවුල්ව සිසේරියට යවයි (23-35)

ක්‍රියා 23:1

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 24:15, 16; 2කොරි 1:12; හෙබ්‍රෙ 13:18; 1පේතෘ 3:16

ක්‍රියා 23:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 213 පි.

ක්‍රියා 23:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 213-214 පි.

    මුරටැඹ,

    11/1/2002, 5 පි.

ක්‍රියා 23:6

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 26:4, 5; ෆිලි 3:4, 5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 213-215 පි.

    මුරටැඹ,

    4/15/2005, 31 පි.

ක්‍රියා 23:8

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 4:1, 2

ක්‍රියා 23:9

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 22:6, 7, 17, 18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 215 පි.

ක්‍රියා 23:11

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 18:9
  • +ක්‍රියා 27:23, 24; 28:23, 30, 31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 217 පි.

    මුරටැඹ (පාඩම්),

    11/2020, 13 පි.

ක්‍රියා 23:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 217 පි.

ක්‍රියා 23:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    1/2019, 3 පි.

ක්‍රියා 23:20

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 23:15

ක්‍රියා 23:21

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 23:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 217-218 පි.

ක්‍රියා 23:23

පාදසටහන්

  • *

    ඒ කියන්නේ රෑ 9ට විතර.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 217-219 පි.

ක්‍රියා 23:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2001, 22 පි.

ක්‍රියා 23:27

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 16:37; 22:25
  • +ක්‍රියා 21:31-33

ක්‍රියා 23:28

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 22:30

ක්‍රියා 23:29

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 25:19

ක්‍රියා 23:30

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 23:16

ක්‍රියා 23:31

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 23:23, 24

ක්‍රියා 23:34

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 21:39; 22:3

ක්‍රියා 23:35

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 24:1

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ක්‍රියා 23:1ක්‍රියා 24:15, 16; 2කොරි 1:12; හෙබ්‍රෙ 13:18; 1පේතෘ 3:16
ක්‍රියා 23:5නික් 22:28
ක්‍රියා 23:6ක්‍රියා 26:4, 5; ෆිලි 3:4, 5
ක්‍රියා 23:8ක්‍රියා 4:1, 2
ක්‍රියා 23:9ක්‍රියා 22:6, 7, 17, 18
ක්‍රියා 23:11ක්‍රියා 18:9
ක්‍රියා 23:11ක්‍රියා 27:23, 24; 28:23, 30, 31
ක්‍රියා 23:20ක්‍රියා 23:15
ක්‍රියා 23:21ක්‍රියා 23:12
ක්‍රියා 23:27ක්‍රියා 16:37; 22:25
ක්‍රියා 23:27ක්‍රියා 21:31-33
ක්‍රියා 23:28ක්‍රියා 22:30
ක්‍රියා 23:29ක්‍රියා 25:19
ක්‍රියා 23:30ක්‍රියා 23:16
ක්‍රියා 23:31ක්‍රියා 23:23, 24
ක්‍රියා 23:34ක්‍රියා 21:39; 22:3
ක්‍රියා 23:35ක්‍රියා 24:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ක්‍රියා 23:1-35

යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා

23 පාවුල් මන්ත්‍රණ සභාවේ ඉන්න හැමෝම දිහා බලලා මෙහෙම කිව්වා. “සහෝදරයෙනි, අද වෙන කල් මං වැඩ කරලා තියෙන විදිහ ගැන හිතද්දී දෙවියන් ඉස්සරහා මගේ හෘද සාක්ෂිය නිදොස්+ කියලා මට කියන්න පුළුවන්.” 2 ඒක ඇහුණාම උත්තම පූජක අනනියස් පාවුල් ළඟ හිටපු අයට කිව්වා එයාගේ කටට පහරක් ගහන්න කියලා. 3 එතකොට පාවුල් එයාට මෙහෙම කිව්වා. “දෙවියන් ඔයාටත් පහර දෙයි. ඔයා හරියට සුදු හුණු ගාපු බිත්තියක් වගේ. ඔයා නීතියට අනුව මාව විනිශ්චය කරන්න ඉඳගෙන ඉන්නවා. ඒත් ඔයාම ඒ නීතිය කඩලා මට පහර දෙන්න කියලා කියනවා.” 4 පාවුල් ළඟ හිටගෙන හිටපු අය එයාගෙන් ඇහුවා “දෙවියන්ගේ උත්තම පූජකයාට අපහාස කරන්න ඔයාට බය නැද්ද” කියලා. 5 එතකොට පාවුල් මෙහෙම කිව්වා. “සහෝදරයෙනි, ඔහු උත්තම පූජකයා කියලා මම ඇත්තටම දැනන් හිටියේ නැහැ. මොකද ‘ඔබ අතරේ ඉන්න පාලකයෙක් ගැන ඔබ අවමන්සහගත විදිහට කතා නොකළ යුතුයි’+ කියලා ලියලා තියෙනවා.”

6 මන්ත්‍රණ සභාවේ කොටසක් සද්දුසිවරුන්ගේ නිකායට අයිති අය කියලත් අනිත් කොටස පරිසිවරුන්ගේ නිකායට අයිති අය කියලත් පාවුල් දැනන් හිටියා. ඒ නිසා එයා ශබ්ද නඟලා මෙහෙම කිව්වා. “සහෝදරයෙනි, මමත් පරිසිවරයෙක්.+ මගේ තාත්තාත් පරිසිවරයෙක්. අද මාව විනිශ්චය කරන්නේ මං නැවත නැඟිටීම ගැන විශ්වාස කරන නිසයි.” 7 එයා කියපු දේ නිසා පරිසිවරුන් සහ සද්දුසිවරුන් අතරේ ආරවුලක් ඇති වෙලා එතන හිටපු අය දෙපැත්තකට බෙදුණා. 8 මොකද සද්දුසිවරුන් නැවත නැඟිටීම ගැනවත් දේවදූතයන් ගැනවත් වෙනත් නොපෙනෙන ජීවීන් ගැනවත් විශ්වාස කළේ නැහැ. ඒත් පරිසිවරු ඒ හැම දෙයක් ගැනම විශ්වාස කළා.+ 9 ඉතින් එයාලා හැමෝම තව හයියෙන් කෑගහන්න ගත්තා. පරිසිවරුන්ගේ නිකායට අයිති වෙලා හිටිය නීතිය පිටපත් කරන කීපදෙනෙක් නැඟිටලා ගොඩක් සැරෙන් තර්ක කරලා මෙහෙම කිව්වා. “මේ මිනිහාගේ කිසිම වරදක් අපිට පේන්නේ නැහැ. නොපෙනෙන ජීවියෙක් නැත්නම් දේවදූතයෙක් එයාට කතා කළාද+ කියලා කවුද දන්නේ.” 10 ආරවුල තව තවත් දරුණු අතට හැරුණා. එතකොට එයාලා පාවුල්ව මරලා දායි කියලා හමුදාපති බය වුණා. ඉතින් එයා හේවායන්ට අණ කළා සෙනඟ අතරට ගිහින් පාවුල්ව බේරගෙන හමුදා කඳවුරට එක්කන් යන්න කියලා.

11 ඒත් එදා රෑ ස්වාමීන් පාවුල්ට දර්ශනය වෙලා “හිතට ධෛර්යය ගන්න!+ මොකද ඔයා යෙරුසලමේදී මං ගැන හොඳ සාක්ෂියක් දුන්නා වගේ රෝමයේදීත් මං ගැන හොඳ සාක්ෂියක් දෙනවා”+ කියලා කිව්වා.

12 පහුවෙනිදා උදේ යුදෙව්වරු කට්ටියක් එකතු වෙලා පාවුල්ට විරුද්ධව කුමන්ත්‍රණය කළා. එයාලා දිවුරලා කිව්වා පාවුල්ව මරලා දාන කල් එයාලා නොකා නොබී ඉන්නවා කියලා. එයාලා එහෙම කළේ නැත්නම් එයාලට ශාප වෙන්න ඕනෙ කියලත් කිව්වා. 13 ඒ කුමන්ත්‍රණයට හවුල් වෙලා දිවුරපු පුරුෂයන්ගේ ගාණ 40කටත් වඩා වැඩියි. 14 එයාලා නායක පූජකයන් සහ වැඩිමහල්ලන් ළඟට ගිහින් මෙහෙම කිව්වා. “පාවුල්ව මරලා දාන්න කලින් අපි කෑම කෑවොත් අපිට ශාප වෙන්න ඕනෙ කියලා අපි දිවුරලයි තියෙන්නේ. 15 ඒ නිසා ඔයාලයි, මන්ත්‍රණ සභාවේ හැමෝමයි හමුදාපතිට කියන්න ඔයාලට පාවුල්ගෙන් තවත් තොරතුරු දැනගන්න ඕනෙ හින්දා එයාව ඔයාලා ළඟට එක්කන් එන්න කියලා. ඒත් එයා එතනට යන්න කලින් අපි එයාව අල්ලලා මරලා දාන්නම්.”

16 ඒත් ඒ අය කරන්න හදන දේ ගැන පාවුල්ගේ සහෝදරියගේ පුතාට ආරංචි වුණා. ඉතින් එයා හමුදා කඳවුරට ගිහින් පාවුල්ව හම්බ වෙලා එයාට ඒ ගැන කිව්වා. 17 එතකොට පාවුල් හමුදා නිලධාරියෙක්ට එන්න කියලා මෙහෙම කිව්වා. “මේ තරුණයාව හමුදාපති ළඟට එක්කන් යන්න. එයාට කියන්න වැදගත් පණිවිඩයක් තියෙනවා.” 18 ඉතින් ඒ නිලධාරියා එයාව හමුදාපති ළඟට අරන් ගිහින් මෙහෙම කිව්වා. “පාවුල් කියන හිරකරුවා මට එයා ළඟට එන්න කියලා මේ තරුණයාව ඔබ ළඟට එක්කන් යන්න කියලා කිව්වා. ඔබට කියන්න එයාට පණිවිඩයක් තියෙනවා.” 19 හමුදාපති එයාව අතින් අල්ලගෙන පැත්තකට අරන් ගිහින් “ඔයාට මොනවාද කියන්න තියෙන්නේ” කියලා ඇහුවා. 20 තරුණයා මෙහෙම කිව්වා. “යුදෙව්වන් කට්ටියක් කතා වෙලා තියෙනවා ඔබව හම්බ වෙන්න ඇවිත් හෙට මන්ත්‍රණ සභාව ඉස්සරහට පාවුල්ව ගේන්න කියලා ඔබෙන් ඉල්ලන්න. පාවුල් ගැන තවත් තොරතුරු දැනගන්න ඕනෙ කියලා එයාලා ඔබට කියයි.+ 21 ඒත් එයාලා කියන දේ කරන්න එපා. මොකද දැනටමත් 40කට වැඩි පිරිසක් පාවුල්ව මරන්න මඟ රැකගෙන ඉන්නවා. පාවුල්ව මරලා දාන කල් කන්නෙවත් බොන්නෙවත් නැහැ කියලා එයාලා දිවුරලත් තියෙනවා.+ දැන් එයාලා බලන් ඉන්නේ ඔබ එයාලාගේ ඉල්ලීමට කැමති වෙන කල්.” 22 හමුදාපති “ඔයා මේ දේවල් මට කිව්වා කියලා කාටවත් කියන්න එපා” කියලා කිව්වාට පස්සේ ඒ තරුණයාට යන්න දුන්නා.

23 ඊටපස්සේ හමුදාපති නිලධාරීන් දෙන්නෙක්ට එන්න කියලා මෙහෙම කිව්වා. “සිසේරියට යන්න හේවායන් 200කුයි, අසරුවන් 70කුයි, හෙල්ල තියාගෙන ඉන්න 200දෙනෙකුයි දැන්මම ලෑස්ති කරන්න. අද රෑ තුන්වෙනි පැයේදී* එයාලා පිටත් වෙන්න ඕනේ. 24 පාවුල්ට යන්න අශ්වයන් කීපදෙනෙක්වත් දෙන්න. එතකොට එයාට කිසිම කරදරයක් නැතුව ආණ්ඩුකාර ෆීලික්ස් ළඟට යන්න පුළුවන්.” 25 එයා ෆීලික්ස්ට මෙහෙම දන්වලා ලිපියකුත් යැව්වා.

26 “ක්ලෝදියස් ලිසියස් වෙතින් අතිගරු ආණ්ඩුකාර ෆීලික්ස් වෙත. ඔබතුමන්ට සුබ පැතුම්! 27 මං ඔබතුමා ළඟට එවන මේ මිනිසාව යුදෙව්වන් අල්ලගෙන මරලා දාන්න හැදුවා. ඒත් එයා රෝම පුරවැසියෙක් කියලා දැනගත්ත නිසා+ මං ඉක්මනටම හේවායන් පිරිසක් එක්ක ගිහින් එයාව බේරගත්තා.+ 28 එයාලා එයාට විරුද්ධව චෝදනා කරන්නේ මොකක් ගැනද කියලා දැනගන්න මම එයාව එයාලාගේ මන්ත්‍රණ සභාව ඉස්සරහට අරන් ගියා.+ 29 එතකොට මට තේරුණා එයාලා එයාට චෝදනා කරන්නේ එයාලාගේ නීතියට සම්බන්ධ එක එක ප්‍රශ්න නිසයි+ කියලා. ඒත් මරණ දඬුවම හරි සිරදඬුවම හරි ලබන්න තරම් කිසි වරදක් එයා කරලා නැහැ. 30 කට්ටියක් මේ මිනිසාට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා කියලා මට ආරංචි වුණ නිසා+ මං හිතුවා වහාම එයාව ඔබතුමන් ළඟට එවන එක හොඳයි කියලා. ඔබතුමන් ඉස්සරහට ඇවිත් එයාට විරුද්ධව තියෙන චෝදනා ඉදිරිපත් කරන්න කියලා මම පැමිණිලිකරුවන්ට නියෝග කරනවා.”

31 ඉතින් ඒ හේවායෝ තමන්ට අණ කරපු විදිහට පාවුල්වත් අරගෙන+ එදා රෑම අන්තිපත්‍රිසයට ගියා. 32 පහුවෙනිදා අසරුවන් පාවුල්වත් අරගෙන දිගටම ගියා. ඒත් ඒ හේවායෝ ආපහු හමුදා කඳවුරට ආවා. 33 අසරුවන් සිසේරියට ඇතුල් වෙලා ආණ්ඩුකාරයාට ලිපිය දීලා පාවුල්වත් එයාට භාර දුන්නා. 34 එතකොට ආණ්ඩුකාරයා ලිපිය කියවලා පාවුල් ආවේ මොන පළාතෙන්ද කියලා ඇහුවා. එතකොට එයා දැනගත්තා පාවුල් ආවේ සිලීසියාවෙන් කියලා.+ 35 “ඔයාට විරුද්ධව චෝදනා කරන අය ආවාම මම ඔයාගේ නඩුවට අදාළ හැම දෙයක්ම හොයලා බලලා විභාග කරනවා”+ කියලා එයා පාවුල්ට කිව්වා. ඊටපස්සේ එයා පාවුල්ව හෙරොද්ගේ මාලිගාවේ ආරක්ෂාව යටතේ රඳවලා තියන්න කියලා අණ කළා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න