ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 26
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ක්‍රියා පොතේ සාරාංශයක්

      • පාවුල් අග්‍රිපා රජ ඉස්සරහා තමන්ගේ නිර්දෝෂකම ඔප්පු කරයි (1-11)

      • පාවුල් තමන් ක්‍රිස්තියානියෙක් වුණ විදිහ කියයි (12-23)

      • ෆෙස්ටස්ගෙයි, අග්‍රිපා රජගෙයි ප්‍රතිචාරය (24-32)

ක්‍රියා 26:1

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 25:13

ක්‍රියා 26:2

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 24:5, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2003, 15-16 පි.

ක්‍රියා 26:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2003, 15-16 පි.

ක්‍රියා 26:4

පාදසටහන්

  • *

    හෝ, “මං ඉපදුණ දේශයෙත්.”

හරස් යොමු දැක්වීම්

  • +ගලා 1:13, 14

ක්‍රියා 26:5

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 22:3
  • +ක්‍රියා 23:6; ෆිලි 3:4, 5

ක්‍රියා 26:6

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 24:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 227-228 පි.

ක්‍රියා 26:7

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 24:20, 21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 228 පි.

ක්‍රියා 26:9

පාදසටහන්

  • *

    මූ.අ., “යේසුස්ගේ නමට.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/1999, 29-31 පි.

ක්‍රියා 26:10

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 9:1, 2, 14
  • +යොහ 16:2; ක්‍රියා 8:3; 1කොරි 15:9; ගලා 1:13; 1තිමෝ 1:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/1999, 30 පි.

ක්‍රියා 26:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/1999, 30-31 පි.

ක්‍රියා 26:13

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 9:3-5; 22:6-8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 229 පි.

ක්‍රියා 26:14

පාදසටහන්

  • *

    කෙවිටක් කියන්නේ උලක් තියෙන පොල්ලකටයි. ඒකෙන් පොඩි තට්ටුවක් දාලා සත්තුන්ව හරි පාරට ගන්නවා.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 228-230 පි.

    මුරටැඹ,

    8/1/2011, 23 පි.

    10/1/2003, 32 පි.

    9/1/1998, 30 පි.

ක්‍රියා 26:16

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 22:14, 15; ගලා 1:11, 12; 1තිමෝ 1:12

ක්‍රියා 26:17

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 22:21; රෝම 11:13

ක්‍රියා 26:18

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 61:1
  • +කොලො 1:13
  • +යොහ 8:12; 2කොරි 4:6
  • +එෆී 2:1, 2
  • +1යොහ 3:5

ක්‍රියා 26:20

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 9:22
  • +ක්‍රියා 9:28
  • +මතෙ 3:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 230 පි.

ක්‍රියා 26:21

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 21:30, 31

ක්‍රියා 26:22

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 24:27, 44; රෝම 3:21

ක්‍රියා 26:23

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:7; 35:19; යෙසා 50:6; 53:5
  • +ගීතා 16:10
  • +ගීතා 18:49; යෙසා 11:10; ලූක් 2:30-32

ක්‍රියා 26:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 230-231 පි.

    මුරටැඹ,

    12/15/2001, 24 පි.

ක්‍රියා 26:26

හරස් යොමු දැක්වීම්

  • +යොහ 18:20

ක්‍රියා 26:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2003, 16-17 පි.

ක්‍රියා 26:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 231 පි.

    මුරටැඹ,

    11/15/2003, 16-17 පි.

ක්‍රියා 26:30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 231 පි.

ක්‍රියා 26:31

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 23:26, 29; 25:24, 25

ක්‍රියා 26:32

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 25:11, 12

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ක්‍රියා 26:1ක්‍රියා 25:13
ක්‍රියා 26:2ක්‍රියා 24:5, 9
ක්‍රියා 26:4ගලා 1:13, 14
ක්‍රියා 26:5ක්‍රියා 22:3
ක්‍රියා 26:5ක්‍රියා 23:6; ෆිලි 3:4, 5
ක්‍රියා 26:6ක්‍රියා 24:15
ක්‍රියා 26:7ක්‍රියා 24:20, 21
ක්‍රියා 26:10ක්‍රියා 9:1, 2, 14
ක්‍රියා 26:10යොහ 16:2; ක්‍රියා 8:3; 1කොරි 15:9; ගලා 1:13; 1තිමෝ 1:13
ක්‍රියා 26:13ක්‍රියා 9:3-5; 22:6-8
ක්‍රියා 26:16ක්‍රියා 22:14, 15; ගලා 1:11, 12; 1තිමෝ 1:12
ක්‍රියා 26:17ක්‍රියා 22:21; රෝම 11:13
ක්‍රියා 26:18යෙසා 61:1
ක්‍රියා 26:18කොලො 1:13
ක්‍රියා 26:18යොහ 8:12; 2කොරි 4:6
ක්‍රියා 26:18එෆී 2:1, 2
ක්‍රියා 26:181යොහ 3:5
ක්‍රියා 26:20ක්‍රියා 9:22
ක්‍රියා 26:20ක්‍රියා 9:28
ක්‍රියා 26:20මතෙ 3:8
ක්‍රියා 26:21ක්‍රියා 21:30, 31
ක්‍රියා 26:22ලූක් 24:27, 44; රෝම 3:21
ක්‍රියා 26:23ගීතා 22:7; 35:19; යෙසා 50:6; 53:5
ක්‍රියා 26:23ගීතා 16:10
ක්‍රියා 26:23ගීතා 18:49; යෙසා 11:10; ලූක් 2:30-32
ක්‍රියා 26:26යොහ 18:20
ක්‍රියා 26:31ක්‍රියා 23:26, 29; 25:24, 25
ක්‍රියා 26:32ක්‍රියා 25:11, 12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ක්‍රියා 26:1-32

යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා

26 අග්‍රිපා රජ+ පාවුල්ට මෙහෙම කිව්වා. “ඔයාගේ නිර්දෝෂකම ඔප්පු කරන්න ඔයාට දැන් අවස්ථාව තියෙනවා.” එතකොට පාවුල් එයාගේ අත දික් කරලා මෙහෙම කිව්වා.

2 “අග්‍රිපා රජ්ජුරුවෙනි, යුදෙව්වරු මට විරුද්ධව කරලා තියෙන කිසිම චෝදනාවකට පදනමක් නැහැ.+ ඒක ඔප්පු කරලා පෙන්නන්න ඔබතුමන් ඉස්සරහා මට අවස්ථාවක් ලැබුණ එක ගැන මම සතුටු වෙනවා. 3 මොකද මම දන්නවා ඔබතුමන්ට යුදෙව්වරුන්ගේ චාරිත්‍ර ගැනත් එයාලා අතරේ තියෙන මතභේද ගැනත් හොඳ අවබෝධයක් තියෙනවා කියලා. ඉතින් මම ඔබතුමන්ගෙන් බැගෑපත්ව ඉල්ලන්නේ මට ඉවසීමෙන් ඇහුම්කන් දෙන්න කියලා.

4 “ඇත්තටම මගේ තරුණ කාලේ ඉඳන්ම මගේ සෙනඟ අතරෙත්* යෙරුසලමෙත් මං ජීවත් වුණ විදිහ ගැන යුදෙව්වරුන් හැමෝම දන්නවා.+ 5 මම ඒ කාලේ පරිසිවරුන්ගේ නිකායේ සාමාජිකයෙක් වෙලා හිටියා. අනිත් යුදෙව්වන්ට වඩා පරිසිවරු තමයි යුදෙව් ආගම අකුරටම පිළිපදින්නේ.+ ඒ කාලේ ඉඳන් මාව අඳුරන යුදෙව්වන්ට පුළුවන් මම පරිසිවරයෙක් වෙලා හිටියා+ කියලා කැමති නම් සාක්ෂි දෙන්න. 6 ඒත් එයාලා දැන් මට චෝදනා කරන්නේ දෙවියන් අපේ මුතුන්මිත්තන්ට දුන්න පොරොන්දුව ඉටු වෙන කල්+ මං බලාගෙන ඉන්න නිසයි. 7 අපේ ගෝත්‍ර 12ට අයිති හැම කෙනෙක්මත් ඒ පොරොන්දුව ඉටු වෙන කල් බලාපොරොත්තුවෙන් ඉන්නවා. එයාලා ලොකු උද්‍යෝගයකින් රෑ දවල් දෙකේම දෙවියන්ට පරිශුද්ධ සේවයක් කරන්නේ ඒ නිසයි. රජ්ජුරුවෙනි, මට තියෙන ඒ බලාපොරොත්තුව නිසයි යුදෙව්වරු මට විරුද්ධව චෝදනා කරන්නේ.+

8 “මැරුණ අයව දෙවියන් නැඟිට්ටවනවා කියන දේ විශ්වාස කරන්න බැහැ කියලා ඔයාලා හිතන්නේ ඇයි? 9 මමත් කාලයක් හිතාගෙන හිටියේ පුළුවන් තරම් නාසරෙත්වලින් ආපු යේසුස්ට* විරුද්ධව වැඩ කරන්න ඕනෙ කියලා. 10 මම යෙරුසලමේ ඉද්දී ඒ විදිහටම කළා. නායක පූජකයන් මට බලතල දීලා තිබුණ නිසා+ මං ශුද්ධ තැනැත්තන් හුඟදෙනෙක්ව හිරේ දැම්මා.+ එයාලව මරලා දාන එකට මාත් මගේ කැමැත්ත දුන්නා. 11 මම හැම සිනගෝගයකටම ගිහින් එයාලට හිරිහැර කළා. මම එයාලට බල කළා එයාලාගේ විශ්වාසයන් අත්හැරලා දාන්න කියලා. මම එයාලත් එක්ක කොච්චර කේන්තියෙන් හිටියාද කියනවා නම් මං වෙන නගරවලටත් ගිහිල්ලා එයාලට පීඩා කළා.

12 “ඔය අතරේ නායක පූජකයන් මට සම්පූර්ණ බලතල දුන්නා දමස්කයටත් ගිහින් ඒ දේම කරන්න. ඉතින් මම දමස්කයට යන්න පිටත් වුණා. 13 රජ්ජුරුවෙනි, ඉර මුදුන් වෙන වෙලාවේදී වගේ අපි පාරේ යද්දී අහසින් ලොකු එළියක් විහිදුණා. හිරු එළියටත් වඩා දීප්තියෙන් බැබළුණ ඒ එළිය මං වටෙයි, මාත් එක්ක ගිය අය වටෙයි විහිදෙන්න ගත්තා.+ 14 අපි හැම කෙනෙක්ම බිම ඇදගෙන වැටුණා. ඊටපස්සේ හෙබ්‍රෙව් භාෂාවෙන් මෙහෙම කියන හඬක් මට ඇහුණා. ‘සාවුල්, සාවුල්, ඔයා මට පීඩා කරන්නේ ඇයි? ඔයා කරන්නේ කෙවිටට* පයින් ගහන එකයි. දිගින් දිගටම එහෙම කරද්දී ඒකෙන් හානියක් වෙන්නේ ඔයාටමයි.’ 15 ඒ වෙලාවේ මම ‘ස්වාමීනි, ඔබ කවුද’ කියලා ඇහුවා. එතකොට ස්වාමීන් මෙහෙම කිව්වා. ‘මම යේසුස්. ඔයා පීඩා කරන්නේ මටයි. 16 දැන් නැඟිටින්න. මම ඔයාට දර්ශනය වුණේ විශේෂ හේතුවකටයි. මම ඔයාව මගේ සේවකයෙක් විදිහට තෝරගෙන තියෙනවා. මං ගැන ඔයා දැකපු දේවල් වගේම ඉස්සරහට මං ඔයාට දකින්න සලස්වන දේවල් ගැන අනිත් අයට කියන සාක්ෂිකරුවෙක් විදිහටත් මං ඔයාව තෝරගෙන තියෙනවා.+ 17 මම ඔයාව මේ සෙනඟ අතරටත් වෙනත් ජාතීන් අතරටත් යවනවා.+ ඔයාට හානියක් කරන්න දෙන්නේ නැතුව මම ඔයාව ඒ අයගෙන් බේරගන්නවා. 18 මම ඔයාව ඒ අය අතරට යවන්නේ එයාලාගේ ඇස් පහදලා+ එයාලව අන්ධකාරයෙන්+ ආලෝකයට ගේන්න.+ ඒ වගේම සාතන්ගේ බලපෑමෙන් මිදිලා+ දෙවියන් ළඟට එන්න එයාලට උදව් කරන්න. එතකොට එයාලාගේ පව්වලට සමාව ලබාගන්න එයාලට පුළුවන්.+ ඒ විතරක් නෙමෙයි මං ගැන විශ්වාසය තියපු නිසා ශුද්ධ තත්වයකට පත් වුණ අය එක්ක එකම උරුමය ලබාගන්නත් එයාලට අවස්ථාව ලැබෙනවා.’

19 “අග්‍රිපා රජ්ජුරුවෙනි, යේසුස් ස්වර්ගයෙන් දර්ශනය වෙලා මට කියපු දේට මං අකීකරු වුණේ නැහැ. 20 මම මුලින්ම දමස්කයටත්+ ඊළඟට යෙරුසලමටත්+ ඊටපස්සේ මුළු යුදය පුරාමත් වෙනත් ජාතීන් ළඟටත් ගියා. මම එයාලට කිව්වේ පසුතැවිලි වෙලා ආයෙත් දෙවියන් වෙතට හැරෙන්න කියලා. පසුතැවිලි වුණා කියලා එයාලා වැඩ කරන විදිහෙන් පෙන්නන්න කියලත්+ මං කිව්වා. 21 යුදෙව්වන් මාව දේවමාලිගාවේදී අල්ලලා මරන්න හැදුවේ මං එහෙම කියපු නිසයි.+ 22 ඒත් දෙවියන් මට උදව් කරපු නිසා අද වෙන කල් හැම තරාතිරමකම ඉන්න අයට සාක්ෂි දරන්න මට පුළුවන් වෙලා තියෙනවා. ඒත් අනාගතවක්තෘවරුන් සහ මෝසෙස් කියපු දේවල් ඇරෙන්න වෙන කිසිම දෙයක් මං එයාලට කිව්වේ නැහැ. අනාගතවක්තෘවරුන් කිව්වේ,+ 23 ක්‍රිස්තුස් වධ විඳින්න ඕනෙ කියලා.+ ඒ වගේම මරණයෙන් නැඟිට්ටවන පළවෙනි කෙනා+ ඔහු කියලත් මේ සෙනඟටයි, වෙනත් ජාතීන්ටයි ඔහු ආලෝකය ලබා දෙනවා කියලත් එයාලා කිව්වා.”+

24 පාවුල් එයාගේ නිර්දෝෂකම ඔප්පු කරන්න ඒ දේවල් කියද්දී ෆෙස්ටස් කෑගහලා මෙහෙම කිව්වා. “පාවුල්, ඔයාට පිස්සු හැදීගෙන එනවාද! ඕනෑවට වඩා ඉගෙනගන්න ගිහින් ඔයාගේ සිහිය විකල් වෙලා!” 25 ඒත් පාවුල් “අතිගරු ෆෙස්ටස්තුමනි, මගේ සිහිය විකල් වෙලා නැහැ. මම කියන දේවල් ඇත්ත. මම හොඳට හිතලා බලලා පදනමක් ඇතුවයි ඒවා කියන්නේ. 26 රජතුමාටත් මේ දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මම කිසිම බයක් නැතුව ඔහුට ඒ දේවල් කිව්වේ ඒ නිසයි. මට හොඳටම විශ්වාසයි ඒ හැම දෙයක් ගැනම එතුමාත් දන්නවා කියලා. මොකද මං ඒ එක දෙයක්වත් හොර රහසේ කළේ නැහැ.+ 27 අග්‍රිපා රජ්ජුරුවෙනි, ඔබතුමන් අනාගතවක්තෘවරුන් කියපු දේවල් විශ්වාස කරනවාද? ඔබතුමන්ට ඒ දේවල් ගැන විශ්වාසයක් තියෙනවා කියලා මම දන්නවා.” 28 එතකොට අග්‍රිපා පාවුල්ට මෙහෙම කිව්වා. “වැඩි වෙලාවක් යන්න කලින් ඔයා මාවත් ක්‍රිස්තියානියෙක් කරයි.” 29 පාවුල් එයාට මෙහෙම කිව්වා. “වැඩි වෙලාවක් යන්න කලින් හරි තව කාලයක් ගිහින් හරි ඔබතුමන්ට විතරක් නෙමෙයි මෙතන ඉන්න හැමෝටමත් මං වගේම විශ්වාසයක් ඇති කරගන්න ලැබෙන්න කියලා මං දෙවියන්ගෙන් ඉල්ලනවා. ඒත් කාගෙවත් අත පයට විලංගු වැටෙන්න කියලා නම් මම පතන්නේ නැහැ.”

30 ඊටපස්සේ රජයි, ආණ්ඩුකාරයායි, බර්නීසුයි, එයාලා එක්ක ඉඳගෙන හිටපු අයයි එතනින් යන්න නැඟිට්ටා. 31 එතනින් යද්දී එයාලා මෙහෙම කතා වුණා. “මරණ දඬුවම දෙන්නවත් හිරේ දාන්නවත් තරම් කිසිම වරදක් මේ මනුස්සයා කරලා නැහැ.”+ 32 ඒ අතරේ අග්‍රිපා ෆෙස්ටස්ට මෙහෙම කිව්වා. “මේ මනුස්සයා සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලලා තිබ්බේ නැත්නම් එයාව නිදහස් කරන්නත් තිබුණා.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න