ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 25
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ක්‍රියා පොතේ සාරාංශයක්

      • ෆෙස්ටස් පාවුල්ගේ නඩුව අහයි (1-12)

        • “මට සීසර්ගෙන් තීන්දුවක් ඕනේ!” (11)

      • ෆෙස්ටස්, අග්‍රිපා රජගෙන් උපදෙස් ගනියි (13-22)

      • පාවුල් අග්‍රිපා රජ ඉස්සරහට යයි (23-27)

ක්‍රියා 25:1

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 24:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 224 පි.

ක්‍රියා 25:2

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 24:1

ක්‍රියා 25:3

පාදසටහන්

  • *

    මූ.අ., “එයාලා වෙනුවෙන් පාවුල්ට විරුද්ධව දෙයක් කරලා.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 23:20, 21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 224 පි.

ක්‍රියා 25:5

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 25:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 224 පි.

ක්‍රියා 25:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 225-226 පි.

ක්‍රියා 25:7

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:11; ලූක් 23:1, 2; ක්‍රියා 24:5

ක්‍රියා 25:8

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 24:11, 12

ක්‍රියා 25:9

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 24:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 225-226 පි.

    මුරටැඹ,

    12/15/2001, 23-24 පි.

ක්‍රියා 25:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 226 පි.

    මුරටැඹ,

    12/15/2001, 23-24 පි.

ක්‍රියා 25:11

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 23:26, 29
  • +ක්‍රියා 28:17-19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 226 පි.

    මුරටැඹ (පාඩම්),

    9/2016, 15-16 පි.

    මුරටැඹ,

    7/1/2011, 29 පි.

    5/15/2008, 32 පි.

    12/15/2001, 23-24 පි.

    6/15/1997, 30-31 පි.

    3/1/1991, 10 පි.

ක්‍රියා 25:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 226 පි.

    මුරටැඹ,

    3/1/2015, 12 පි.

ක්‍රියා 25:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 226, 229 පි.

ක්‍රියා 25:15

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 25:2, 3

ක්‍රියා 25:16

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 25:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2001, 23 පි.

ක්‍රියා 25:18

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 25:7

ක්‍රියා 25:19

පාදසටහන්

  • *

    හෝ, “එයාලාගෙම ආගම.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 18:14, 15; 23:26, 29
  • +ක්‍රියා 22:6-8

ක්‍රියා 25:20

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 25:9

ක්‍රියා 25:21

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 25:11, 12

ක්‍රියා 25:22

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 9:15

ක්‍රියා 25:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/1998, 30 පි.

ක්‍රියා 25:24

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 22:22

ක්‍රියා 25:25

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 23:26, 29

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ක්‍රියා 25:1ක්‍රියා 24:27
ක්‍රියා 25:2ක්‍රියා 24:1
ක්‍රියා 25:3ක්‍රියා 23:20, 21
ක්‍රියා 25:5ක්‍රියා 25:16
ක්‍රියා 25:7මතෙ 5:11; ලූක් 23:1, 2; ක්‍රියා 24:5
ක්‍රියා 25:8ක්‍රියා 24:11, 12
ක්‍රියා 25:9ක්‍රියා 24:27
ක්‍රියා 25:11ක්‍රියා 23:26, 29
ක්‍රියා 25:11ක්‍රියා 28:17-19
ක්‍රියා 25:15ක්‍රියා 25:2, 3
ක්‍රියා 25:16ක්‍රියා 25:5
ක්‍රියා 25:18ක්‍රියා 25:7
ක්‍රියා 25:19ක්‍රියා 18:14, 15; 23:26, 29
ක්‍රියා 25:19ක්‍රියා 22:6-8
ක්‍රියා 25:20ක්‍රියා 25:9
ක්‍රියා 25:21ක්‍රියා 25:11, 12
ක්‍රියා 25:22ක්‍රියා 9:15
ක්‍රියා 25:24ක්‍රියා 22:22
ක්‍රියා 25:25ක්‍රියා 23:26, 29
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ක්‍රියා 25:1-27

යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා

25 ෆෙස්ටස්+ එයාට අයිති පළාතට ඇවිත් ආණ්ඩුකාරයා විදිහට වැඩ භාරගත්තා. ඊට දවස් තුනකට පස්සේ එයා සිසේරියේ ඉඳන් යෙරුසලමට ගියා. 2 එතකොට නායක පූජකයෝ සහ යුදෙව්වරුන්ගේ ප්‍රධානියෝ පාවුල්ට විරුද්ධව එක එක දේවල් ෆෙස්ටස්ට කිව්වා.+ එයාලා දිගින් දිගටම කිව්වේ, 3 එයාලාගේ ඉල්ලීමට විශේෂ සැලකිල්ලක් දක්වලා* පාවුල්ව යෙරුසලමට ගෙන්නගන්න කියලයි. මොකද එයාලට ඕනෙ වුණේ පාවුල් එද්දී මඟ රැකගෙන ඉඳලා එයාව මරලා දාන්න.+ 4 ඒත් ෆෙස්ටස් එයාලට කිව්වා පාවුල්ව දිගටම සිසේරියේ තියාගන්නවා කියලා. ඒ වගේම ටික දවසකින් එයා එහෙට යනවා කියලත් එයා කිව්වා. 5 එයා මෙහෙමත් කිව්වා. “ඒ මනුස්සයා ඇත්තටම වරදක් කරලා තියෙනවා නම්, ඔයාලාගේ නායකයන්ට පුළුවන් මාත් එක්ක ඇවිත් එහෙදී එයාට විරුද්ධව චෝදනාවක් ඉදිරිපත් කරන්න.”+

6 ඉතින් ෆෙස්ටස් යෙරුසලමේ දවස් අටක් දහයක් විතර ඉඳලා සිසේරියට ගියා. ඊළඟ දවසේ එයා විනිශ්චයාසනයේ ඉඳගෙන පාවුල්ව එතනට අරන් එන්න කියලා කිව්වා. 7 පාවුල් ආවාම යෙරුසලමේ ඉඳන් ඇවිත් හිටිය යුදෙව්වන් එයාව වට කරගෙන එයාට විරුද්ධව බරපතළ චෝදනා හුඟක් එල්ල කළා. ඒත් ඒ එක චෝදනාවක්වත් ඔප්පු කරන්න එයාලට සාක්ෂි තිබුණේ නැහැ.+

8 ඒත් පාවුල් මෙහෙම කිව්වා. “මම යුදෙව්වරුන්ගේ නීතියට විරුද්ධවත් දේවමාලිගාවට විරුද්ධවත් සීසර්ට විරුද්ධවත් කිසිම වරදක් කරලා නැහැ.”+ 9 ෆෙස්ටස් යුදෙව්වරුන්ගේ හිත් දිනාගන්න ඕනෙ නිසා+ පාවුල්ගෙන් ඇහුවා “යෙරුසලමට ගිහින් එහෙදී මං ඔයාව විනිශ්චය කරනවාට ඔයා කැමතිද” කියලා. 10 එතකොට පාවුල් මෙහෙම කිව්වා. “මං දැන් ඉන්නේ සීසර්ගේ විනිශ්චයාසනය ඉස්සරහා. ඒ නිසා මාව විනිශ්චය කරන්න ඕනෙ මෙතනයි. මම යුදෙව්වරුන්ට විරුද්ධව කිසිම වරදක් කරලා නැහැ. ඒක ඔබතුමාත් හොඳටම දන්නවා. 11 මං ඇත්තටම මරණ දඬුවම ලබන්න වටින වරදක් කරලා තියෙනවා නම්+ ඒ දඬුවමින් බේරෙන්න මං උත්සාහ කරන්නේ නැහැ. ඒත් මේ මිනිස්සු මට විරුද්ධව කරන චෝදනාවලට කිසිම පදනමක් නැත්නම් එයාලව සතුටු කරන අදහසින් මාව එයාලට භාර දෙන්න කිසිම කෙනෙක්ට අයිතියක් නැහැ. ඒ නිසා මට සීසර්ගෙන් තීන්දුවක් ඕනේ!”+ 12 ඊටපස්සේ ෆෙස්ටස් එයාගේ උපදේශකයන් එක්ක කතා කරලා පාවුල්ට මෙහෙම කිව්වා. “ඔයා සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලපු නිසා ඔයාව සීසර් ළඟට යවනවා.”

13 ටික දවසකට පස්සේ ෆෙස්ටස්ට සුබ පතන්න අග්‍රිපා රජ සහ බර්නීස් සිසේරියට ආවා. 14 එයාලා දවස් කීපයක්ම එහේ හිටපු නිසා ෆෙස්ටස් පාවුල්ගේ නඩුව ගැන රජට මෙහෙම කිව්වා.

“ෆීලික්ස් නිදහස් කළේ නැති හිරකරුවෙක් මෙහේ ඉන්නවා. 15 මම යෙරුසලමට ගියාම නායක පූජකයන් සහ යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලන් එයාට විරුද්ධව චෝදනා කරලා,+ එයාට දඬුවමක් නියම කරන්න කියලා මගෙන් ඉල්ලුවා. 16 ඒත් මං එයාලට කිව්වා රෝම නීතියට අනුව කෙනෙක්ට විරුද්ධව චෝදනාවක් කරනවා නම් මුලින්ම එයාට චෝදනා කරන අය ඉස්සරහට ගිහින් ඒ චෝදනාවලට උත්තර දෙන්න එයාට අවස්ථාවක් දෙන්න ඕනෙ කියලා. එහෙම නොකර චෝදනා කරන අයව සතුටු කරන්න ඕනෙ නිසා එයාව ඒ අයට භාර දෙන එක නීති විරෝධියි කියලත් මම කිව්වා.+ 17 ඒ නිසා එයාලා මෙහේ ආවාම මම පරක්කු කරන්නේ නැතුව ඊළඟ දවසේම විනිශ්චයාසනයේ ඉඳගෙන ඒ මනුස්සයාව එයාලා ඉස්සරහට ගේන්න කියලා අණ කළා. 18 එයාලා ඒ මනුස්සයාට විරුද්ධව එක එක චෝදනා කළත් ඒ එකක්වත් මම හිතපු විදිහේ දුෂ්ට දේවල් නෙමෙයි.+ 19 එයාලා එයා එක්ක වාද කළේ එයාලාගේ දෙවියන්ට කරන නමස්කාරය* ගැනයි,+ යේසුස් කියන මනුස්සයා ගැනයි. ඒ මනුස්සයා මැරුණත් පාවුල් තරයේම කියනවා එයා ජීවත් වෙනවා කියලා.+ 20 ඒ මතභේදය විසඳන්නේ කොහොමද කියලා මම හරියට දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මම පාවුල්ගෙන් ඇහුවා යෙරුසලමට ගිහින් එහෙදී මේ කාරණය ගැන විනිශ්චයක් ලබා දෙනවාට කැමතිද කියලා.+ 21 ඒත් එයාට ශ්‍රීමත් අධිරාජ්‍යයාගෙන් තීන්දුවක්+ ඕනෙ නිසා ඒක ලැබෙන කල් එයාව දිගටම හිරභාරයේ තියාගන්න කියලා එයා ඉල්ලීමක් කළා. ඒ නිසා මම අණ කළා එයාව සීසර් ළඟට යවන කල් හිරේ තියන්න කියලා.”

22 එතකොට අග්‍රිපා “මමත් ඒ මනුස්සයා කියන දේ අහන්න කැමතියි”+ කියලා ෆෙස්ටස්ට කිව්වා. “හෙට ඔබට ඒකට අවස්ථාව ලැබෙයි” කියලා එයා උත්තර දුන්නා. 23 ඊළඟ දවසේ අග්‍රිපා සහ බර්නීස් මහත් හරසරින් ඇවිල්ලා නඩු අහන ශාලාවට ඇතුල් වුණා. එයාලා එක්ක හමුදාපතීන් සහ නුවරේ වංශවත් අයත් ආවා. එතකොට පාවුල්ව එයාලා ඉස්සරහට ගේන්න කියලා ෆෙස්ටස් අණ කළා. 24 ෆෙස්ටස් මෙහෙම කිව්වා. “අග්‍රිපා රජ්ජුරුවන්ගෙනුත් මෙතන ඉන්න හැම කෙනෙක්ගෙන්මත් අවසරයි! යුදෙව්වරු හැමෝම මෙහෙදියි, යෙරුසලමෙදියි මං ඉස්සරහට ඇවිත් චෝදනා කළේ මේ මනුස්සයාට විරුද්ධවයි. එයාලා කෑගගහා කිව්වා එයාට මරණ දඬුවම දෙන්න කියලා.+ 25 ඒත් මට තේරුණා එයා මරණ දඬුවම ලබන්න තරම් වරදක් කරලා නැහැ කියලා.+ ඒ නිසා මේ මනුස්සයා ශ්‍රීමත් අධිරාජ්‍යයාගෙන් තීන්දුවක් ඕනෙ කියලා කිව්වාම මම එයාව එතුමාණන් ළඟට යවන්න තීරණය කළා. 26 ඒත් එතුමාණන්ට මම ලියලා යවන්න ඕනෙ මොනවාද කියලා මට තේරෙන්නේ නැහැ. අග්‍රිපා රජ්ජුරුවනි, මේ හැමෝම ඉස්සරහට විශේෂයෙන්ම ඔබතුමන් ඉස්සරහට එයාව ගේන්න මං තීරණය කළේ ඒ නිසයි. එතකොට නඩු විභාගයෙන් පස්සේ මං ලියන්න ඕනෙ මොනවාද කියලා මට අදහසක් ගන්න පුළුවන් වෙයි. 27 ඇත්තටම හිරකරුවෙක්ට විරුද්ධව තියෙන චෝදනා දන්වන්නේ නැතුව එයාව රෝමයට යවන එක සුදුසු දෙයක් නෙමෙයි.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න