ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා පොතේ සාරාංශයක්

      • යෙරෙමියාගේ පැමිණිල්ල (1-4)

      • යෙහෝවා දුන්න පිළිතුර (5-17)

යෙරෙමියා 12:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:25
  • +යෝබ් 12:6; 21:7; ගීතා 73:3; යෙරෙ 5:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 158 පි.

යෙරෙමියා 12:2

පාදසටහන්

  • *

    මූ.අ., “ඔවුන්ව.”

  • *

    හෝ, “ඇතුළාන්ත හැඟීම්.” මූ.අ., “වකුගඩු.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 29:13

යෙරෙමියා 12:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 139:1, 2
  • +2රාජා 20:3; ගීතා 17:3; යෙරෙ 11:20

යෙරෙමියා 12:4

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 14:6; 23:10

යෙරෙමියා 12:5

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 4:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2012, 29 පි.

    3/15/2011, 32 පි.

යෙරෙමියා 12:6

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 9:4

යෙරෙමියා 12:7

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 13:35
  • +නික් 19:5; යෙසා 47:6
  • +විලා 2:1

යෙරෙමියා 12:9

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 24:2; එස 16:37
  • +යෙසා 56:9; යෙරෙ 7:33

යෙරෙමියා 12:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 80:8; යෙසා 5:1, 7; යෙරෙ 6:3
  • +යෙසා 63:18; යෙරෙ 3:19

යෙරෙමියා 12:11

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඒක වැලපෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 9:11; 10:22
  • +යෙසා 42:24, 25

යෙරෙමියා 12:12

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:33; යෙරෙ 15:2

යෙරෙමියා 12:13

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:16; මීකා 6:15

යෙරෙමියා 12:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 79:4; යෙරෙ 48:26; එස 25:3; සෙක 1:15; 2:8
  • +යෙරෙ 48:2; 49:2

යෙරෙමියා 12:17

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 60:12

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

යෙරෙ. 12:1උත් 18:25
යෙරෙ. 12:1යෝබ් 12:6; 21:7; ගීතා 73:3; යෙරෙ 5:28
යෙරෙ. 12:2යෙසා 29:13
යෙරෙ. 12:3ගීතා 139:1, 2
යෙරෙ. 12:32රාජා 20:3; ගීතා 17:3; යෙරෙ 11:20
යෙරෙ. 12:4යෙරෙ 14:6; 23:10
යෙරෙ. 12:5යෙරෙ 4:13
යෙරෙ. 12:6යෙරෙ 9:4
යෙරෙ. 12:7ලූක් 13:35
යෙරෙ. 12:7නික් 19:5; යෙසා 47:6
යෙරෙ. 12:7විලා 2:1
යෙරෙ. 12:92රාජා 24:2; එස 16:37
යෙරෙ. 12:9යෙසා 56:9; යෙරෙ 7:33
යෙරෙ. 12:10ගීතා 80:8; යෙසා 5:1, 7; යෙරෙ 6:3
යෙරෙ. 12:10යෙසා 63:18; යෙරෙ 3:19
යෙරෙ. 12:11යෙරෙ 9:11; 10:22
යෙරෙ. 12:11යෙසා 42:24, 25
යෙරෙ. 12:12ලෙවී 26:33; යෙරෙ 15:2
යෙරෙ. 12:13ලෙවී 26:16; මීකා 6:15
යෙරෙ. 12:14ගීතා 79:4; යෙරෙ 48:26; එස 25:3; සෙක 1:15; 2:8
යෙරෙ. 12:14යෙරෙ 48:2; 49:2
යෙරෙ. 12:17යෙසා 60:12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
යෙරෙමියා 12:1-17

යෙරෙමියා

12 යෙහෝවා දෙවියනි, මගේ පැමිණිල්ල ඔබට කියද්දී,

යුක්තිය ගැන ඔබ එක්ක කතා කරද්දී ඔබ කොච්චර ධර්මිෂ්ඨයිද+ කියලා මට හොඳින්ම පේනවා.

එහෙමනම් දුෂ්ටයන් කරන හැම දෙයක්ම සාර්ථක වෙන්නේ ඇයි?+

ද්‍රෝහිකම් කරන අය හිතේ සැනසීමෙන් ඉන්නේ කොහොමද?

 2 ඔබ මේ සෙනඟව* පැළ කළා. දැන් ඔවුන් හොඳින් මුල් ඇදලා.

ඔවුන් හොඳට වැඩිලා පල දරනවා.

ඔවුන් මුවින් ඔබ ගැන කතා කරනවා. ඒත් ඔවුන්ගේ හිත්* ඔබෙන් ගොඩක් ඈත් වෙලා.+

 3 ඒත් යෙහෝවා, ඔබ මං ගැන හොඳින්ම දන්නවා.+ ඔබට මාව පේනවා.

ඔබ මගේ හිත සෝදිසි කරලා බැලුවා. මගේ හිතේ ඔබ ගැන මොන තරම් ළැදිකමක් තියෙනවාද කියලා ඔබ දන්නවා.+

මරන්න ගෙනියන බැටළුවන් වගේ ඔවුන්ව වෙන් කරලා තියන්න.

මරන දවස වෙන කල් ඔවුන්ව වෙන් කරලා තියන්න.

 4 තව කොච්චර කාලයක් දේශය මේ විදිහට වේළිලා යයිද?

ගහ කොළ මැලවිලා යයිද?+

දේශයේ ඉන්න මිනිස්සුන්ගේ දුෂ්ටකම් නිසා

සතුනුත් කුරුල්ලොත් දේශයෙන් නැති වෙලා ගිහින්.

“අපිට වෙන්න යන දේ ඔහුට පේන්නේ නැහැ” කියලා ඔවුන් කිව්වා.

 5 මිනිස්සු එක්ක දුවලා ඔයාට මහන්සියි නම්

ඔයා අශ්වයන් එක්ක දුවන්නේ කොහොමද?+

සමාදානය තියෙන දේශයක ඉද්දී සුරක්ෂිතකමක් ඔයාට දැනෙයි.

ඒත් යොර්දාන් ගඟ දිගේ තියෙන ගන කැලෑවේ ඉද්දී ඔයාට මොනවා වෙයිද?

 6 ඔයාගෙම සහෝදරයෝ, ඔයාගේ තාත්තාගේ පවුලේ අය,

ඔයාට ද්‍රෝහිකම් කළා.+

ඔවුන් ඔයාට විරුද්ධව කෑගැහුවා.

ඔයා එක්ක සුහදව කතා කරන්න ආවත්

ඔවුන්ව විශ්වාස කරන්න එපා.

 7 “මම මගේ ගෘහය අතහැරලා දැම්මා.+ මගේ උරුමය පාළු වෙන්න ඉඩ ඇරියා.+

මම ගොඩක් ආදරේ කරන තැනැත්තියව ඇගේ සතුරාගේ අතට භාර දුන්නා.+

 8 මගේ උරුමය දැන් කැලේ ඉන්න සිංහයෙක් වගෙයි.

ඇය මට ගොරවනවා.

ඒ නිසා මං ඇයට වෛර කරනවා.

 9 මගේ උරුමය මස් කන, විවිධ පාට ඇති කුරුල්ලෙක් වගෙයි.

මස් කන අනිත් කුරුල්ලෝ ඇයව වට කරගෙන ඇයට පහර දෙනවා.+

මෘගයෙනි, එකට එකතු වෙලා එන්න.

ඇවිත් කන්න.+

10 එඬේරු හුඟදෙනෙක් ඇවිත් මගේ මිදිවත්ත වනසලා දැම්මා.+

දේශයේ මගේ කොටස ඔවුන් පාගලා දැම්මා.+

දේශයේ මං ආස කරපු කොටස ගහක් කොළක් නැති පාළුකරයක් කළා.

11 ඒක පාළු තැනක් වෙලා.

වේළිලා ගිහිල්ලා.*

මං ඉස්සරහා ඒක හිස් තැනක් වෙලා.+

මුළු දේශයම කිසි කෙනෙක් නැති පාළු තැනක් වෙලා.

ඒත් කිසිම කෙනෙක් ඒක හිතට ගන්නේ නැහැ.+

12 පාළුකරය හරහා තියෙන හැම අඩිපාරකින්ම විනාශ කරන්නන් ඇවිල්ලා.

යෙහෝවාගේ කඩුව දේශයේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවර වෙන කල් ඉන්න හැම කෙනෙක්වම විනාශ කරනවා.+

කිසිම කෙනෙක්ට සාමයක් නැහැ.

13 ඔවුන් තිරිඟු වැපුරුවත් නෙළාගත්තේ කටු.+

ඔවුන් හෙම්බත් වෙන කල් මහන්සි වුණත් කිසිම ප්‍රයෝජනයක් නැහැ.

යෙහෝවාගේ දැවෙන කේන්තිය නිසා

ඔවුන් නෙළාගන්න අස්වැන්න ගැන ඔවුන් ලැජ්ජාවට පත් වෙයි.”

14 යෙහෝවා මෙහෙම කිව්වා. “මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්ට මං උරුමයක් විදිහට දුන්න දේශයට අත තියන,+ මගේ දුෂ්ට අසල්වැසියන්ව මම ඔවුන්ගේ දේශයෙන් උදුරලා දානවා.+ ඔවුන් මැද ඉන්න යූදා සෙනඟවත් මම උදුරලා දානවා. 15 මම යූදා සෙනඟව දේශයෙන් උදුරලා දැම්මත් මම ආයෙත් ඔවුන්ට දයාව පෙන්නනවා. ඔවුන් එක් එක් කෙනාව ඔවුන්ගේ උරුමයට ආපහු එක්කගෙන එනවා. ඔවුන්ගේ දේශයට ආපහු අරගෙන එනවා.”

16 “මගේ සෙනඟට බාල්ගේ නමින් දිවුරන්න උගන්නපු විදිහටම ඔවුනුත් ‘යෙහෝවා ජීවමානයි කියන දේ ස්ථිරයි’ කියලා මගේ නමින් දිවුරන්න ඉගෙනගත්තොත්, ඔවුන් මගේ සෙනඟ වැඩ කරන විදිහ ඉගෙනගත්තොත් ඔවුන්ටත් මගේ සෙනඟ එක්ක ජීවත් වෙන්න ලැබෙනවා. 17 ඒත් ඒ එක ජාතියක් හරි මට කීකරු වෙන්න කැමති නැත්නම් මම ඔවුන්ව දේශයෙන් උදුරලා, විනාශ කරලා දානවා” කියලා යෙහෝවා කියනවා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න