ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 16
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා පොතේ සාරාංශයක්

      • යෙරෙමියාට විවාහ වෙන්නවත් වැලපෙන්නවත් උත්සවවලට යන්නවත් අවසර නැහැ (1-9)

      • දඬුවම, ඊටපස්සේ ආපහු ගොඩනඟනවා (10-21)

යෙරෙමියා 16:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 123-124 පි.

යෙරෙමියා 16:4

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 15:2
  • +ගීතා 79:2, 3; යෙසා 5:25; යෙරෙ 7:33; 9:22; 36:30
  • +එස 5:12

යෙරෙමියා 16:5

හරස් යොමු දැක්වීම්

  • +එස 24:16, 17
  • +ද්වි 31:17; යෙසා 27:11; 63:10

යෙරෙමියා 16:6

පාදසටහන්

  • *

    පේන විදිහට දෙවියන්ව අතහැරපු ඊශ්‍රායෙල්වරු මැරුණ අය වෙනුවෙන් වැලපෙද්දී කරපු බොරු චාරිත්‍ර.

යෙරෙමියා 16:9

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 24:7, 8; යෙරෙ 7:34; එළි 18:23

යෙරෙමියා 16:10

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 5:19

යෙරෙමියා 16:11

හරස් යොමු දැක්වීම්

  • +විනි 2:12
  • +යෙරෙ 8:1, 2
  • +දානි 9:11; ආමො 2:4

යෙරෙමියා 16:12

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 7:26
  • +නෙහෙ 9:29; යෙරෙ 6:28

යෙරෙමියා 16:13

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 7:20; යෙරෙ 15:14; 17:4
  • +ද්වි 4:27, 28; 28:36

යෙරෙමියා 16:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:2; යෙරෙ 23:7, 8

යෙරෙමියා 16:15

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 30:1-3; යෙරෙ 3:18; 24:6; 30:3; 32:37; ආමො 9:14

යෙරෙමියා 16:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2020, 5-6 පි.

    මුරටැඹ,

    3/15/2007, 9 පි.

යෙරෙමියා 16:18

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 40:2
  • +ලෙවී 26:30; ගීතා 106:38

යෙරෙමියා 16:19

පාදසටහන්

  • *

    මූ.අ., “උරුම කරගත්තේ තනිකරම බොරු දේවලුයි.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 17:17
  • +යෙරෙ 10:5, 14

යෙරෙමියා 16:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 115:4; යෙරෙ 2:11; 1කොරි 8:4

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

යෙරෙ. 16:4යෙරෙ 15:2
යෙරෙ. 16:4ගීතා 79:2, 3; යෙසා 5:25; යෙරෙ 7:33; 9:22; 36:30
යෙරෙ. 16:4එස 5:12
යෙරෙ. 16:5එස 24:16, 17
යෙරෙ. 16:5ද්වි 31:17; යෙසා 27:11; 63:10
යෙරෙ. 16:9යෙසා 24:7, 8; යෙරෙ 7:34; එළි 18:23
යෙරෙ. 16:10යෙරෙ 5:19
යෙරෙ. 16:11විනි 2:12
යෙරෙ. 16:11යෙරෙ 8:1, 2
යෙරෙ. 16:11දානි 9:11; ආමො 2:4
යෙරෙ. 16:12යෙරෙ 7:26
යෙරෙ. 16:12නෙහෙ 9:29; යෙරෙ 6:28
යෙරෙ. 16:132ලේක 7:20; යෙරෙ 15:14; 17:4
යෙරෙ. 16:13ද්වි 4:27, 28; 28:36
යෙරෙ. 16:14නික් 20:2; යෙරෙ 23:7, 8
යෙරෙ. 16:15ද්වි 30:1-3; යෙරෙ 3:18; 24:6; 30:3; 32:37; ආමො 9:14
යෙරෙ. 16:18යෙසා 40:2
යෙරෙ. 16:18ලෙවී 26:30; ගීතා 106:38
යෙරෙ. 16:19යෙරෙ 17:17
යෙරෙ. 16:19යෙරෙ 10:5, 14
යෙරෙ. 16:20ගීතා 115:4; යෙරෙ 2:11; 1කොරි 8:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
යෙරෙමියා 16:1-21

යෙරෙමියා

16 යෙහෝවා දෙවියන් මට ආයෙත් මෙහෙම කිව්වා. 2 “මේ දේශයේදී ඔයා විවාහ වෙන්න එපා. දරුදැරියන් හදා වඩා ගන්නත් එපා. 3 මේ දේශයේදී ඉපදෙන දරුදැරියන් ගැනත් එයාලව බිහි කරන අම්මලා ගැනත් ඒ දරුදැරියන්ගේ තාත්තලා ගැනත් යෙහෝවා මෙහෙම කියනවා. 4 ‘ඔවුන් මාරාන්තික රෝගවලින් මැරෙනවා.+ කිසිම කෙනෙක් ඔවුන් ගැන වැලපෙන්නෙවත් ඔවුන්ව වළලන්නෙවත් නැහැ. ඔවුන්ගේ මළ කඳන් පසට පොහොර වෙන ගොම වගේ වෙයි.+ ඔවුන් කඩුවෙන් සහ සාගතයෙන් පහර කාලා මැරෙනවා.+ ඔවුන්ගේ මළ මිනී කුරුල්ලනුයි, වනසතුනුයි ආහාරයට ගනියි.’

 5 යෙහෝවා මෙහෙම කියනවා.

‘වැලපෙන අය වෙනුවෙන් කෑම බීම සංග්‍රහ කරන ගෙවල්වලට යන්න එපා.

අඬා වැලපෙන්නවත් ශෝකය ප්‍රකාශ කරන්නවත් එපා.’+

‘මොකද මේ සෙනඟට මම දුන්න සමාදානය මම ඔවුන්ගෙන් අයින් කළා’ කියලා යෙහෝවා කියනවා.

‘මම පෙන්නපු නොසැලෙන ආදරයත්, දයාවත් මම තවත් ඔවුන්ට පෙන්නන්නේ නැහැ.+

 6 උස් පහත් දෙගොල්ලොම මේ දේශයේදී මැරිලා යනවා.

කවුරුත් ඔවුන්ව වළලන්නේ නැහැ.

ඔවුන් වෙනුවෙන් කිසිම කෙනෙක් වැලපෙන්නෙත් නැහැ.

ඔවුන් වෙනුවෙන් ඇඟ කපාගන්නෙවත් හිස බූ ගාගන්නෙවත් නැහැ.*

 7 තමන් ආදරේ කරන අයගේ මරණය ගැන වැලපෙන අයව සනසන්න,

කිසිම කෙනෙක් ඔවුන්ට කෑම දෙන්නේ නැහැ.

තමන්ගේ තාත්තාගේ හරි අම්මාගේ හරි මරණය ගැන වැලපෙන අයව සනසන්න,

කිසිම කෙනෙක් ඔවුන්ට වයින් කෝප්පයක්වත් දෙන්නේ නැහැ.

 8 උත්සව පවත්වන ගෙවල්වලට ඇතුල් වෙන්න එපා.

එතන ඉන්න අය එක්ක එකට ඉඳගෙන කෑම බීම ගන්න එපා.’

9 “මොකද ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘සතුටින් කෑගහන හඬත් ප්‍රීති ඝෝෂා නඟන හඬත් මනාලයාගේ සහ මනාලියගේ හඬත් ආයේ මේ දේශයෙන් ඇහෙන්න මම ඉඩ තියන්නේ නැහැ.+ ඒක මම ඔයා ජීවත් වෙලා ඉන්න කාලේදීම ඔයාගේ ඇස් ඉස්සරහම කරනවා.’

10 “මේ හැම දෙයක්ම ඔයා සෙනඟට කිව්වාම එයාලා ඔයාගෙන් මෙහෙම අහයි. ‘මේ හැම දරුණු විපතක්ම යෙහෝවා අපිට විරුද්ධව ගේනවා කියලා කියන්නේ ඇයි? අපි කරපු වරද මොකක්ද? අපේ දෙවි යෙහෝවාට විරුද්ධව අපි කරපු පාපය මොකක්ද?’+ 11 එතකොට ඔයා එයාලට මෙහෙම උත්තර දෙන්න. ‘යෙහෝවා මෙහෙම කියනවා. “මම ඒ දේ කරන්නේ ඔබේ මුතුන්මිත්තන් මාව අතහැරිය නිසයි.+ ඔවුන් දිගින් දිගටම වෙනත් දෙවිවරු පස්සේ ගිහින් ඒ දෙවිවරු ඉස්සරහා වැඳ වැටිලා ඒ දෙවිවරුන්ට නමස්කාර කළා.+ ඔවුන් මාව අතහැරලා දැම්මා. මගේ නීති පිළිපැද්දේ නැහැ.+ 12 ඔබ ඔබේ මුතුන්මිත්තන්ටත් වඩා අන්ත විදිහට වැඩ කළා.+ මට කීකරු වෙනවා වෙනුවට හැම කෙනෙක්ම ඔවුන්ගේ හිතුවක්කාර, නපුරු හිත කියන විදිහට වැඩ කළා.+ 13 ඒ නිසා ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් දන්නේ නැති දේශයකට මම ඔබව වීසි කරලා දානවා.+ එහෙදී රෑ දවල් දෙකේ ඔබට වෙනත් දෙවිවරුන්ට සේවය කරන්න වෙයි.+ මොකද මම ඔබට අනුකම්පා කරන්නේ නැහැ.”’

14 “යෙහෝවා මෙහෙම කියනවා. ‘“ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට ගෙනාපු යෙහෝවා ජීවමානයි කියන දේ ස්ථිරයි” කියලා ඔවුන් තවත් දිවුරන්නේ නැති කාලයක් එනවා.+ 15 ඒ වෙනුවට ඔවුන් මෙහෙම දිවුරයි. “ඊශ්‍රායෙල්වරුන්ව උතුරු දේශයෙනුත් ඔවුන්ව විසුරුවාහැරිය අනිත් දේශවලිනුත් ආපහු ගෙනාව යෙහෝවා ජීවමානයි කියන දේ ස්ථිරයි.” මොකද මම ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන්න දේශයට අනිවාර්යයෙන්ම ඔවුන්ව ආපහු අරගෙන එනවා.’+

16 ‘මම ධීවරයන් හුඟදෙනෙක්ට අඬගහනවා’ කියලා යෙහෝවා කියනවා.

‘ඔවුන් මාළු අල්ලනවා වගේ මගේ සෙනඟව අල්ලගනියි.

ඊටපස්සේ දඩයක්කරුවන් හුඟදෙනෙක්ටත් මම අඬගහනවා.

ඒ දඩයක්කරුවන් කඳු හෙල් හැම එකකටම ගිහින් ඔවුන්ව හොයයි.

පර්වත කුහරවලට ගිහින් ඔවුන්ව අල්ලගනියි.

17 ඔවුන් කරන හැම දෙයක්ම මට පේනවා.

ඔවුන් කරන දේවල් මගෙන් හංගන්න ඔවුන්ට බැහැ.

මට පේන්නේ නැති විදිහට ඔවුන්ගේ වැරදි හංගන්න ඔවුන්ට බැහැ.

18 මුලින්ම මම ඔවුන්ට දඬුවම් කරනවා. ඔවුන්ගේ වැරදිවලට සහ පව්වලට ලැබෙන්න ඕන සම්පූර්ණ දඬුවම මම ඔවුන්ට දෙනවා.+

මොකද ඔවුන් පණ නැති, ජරා රූපවලින් මගේ දේශය පුරවලා ඒක අපවිත්‍ර කළා.

ඔවුන්ගේ පිළිකුල් දේවල්වලින් මගේ උරුමය පිරෙව්වා.’”+

19 යෙහෝවා දෙවියනි, මගේ ශක්තියත් මගේ බලකොටුවත් ඔබයි.

දුක් කරදර එන කාලේදී මට පලා ගිහින් හැංගෙන්න පුළුවන් ඔබ ළඟයි.+

පොළොවේ හතර කොනේ ඉඳන් ජාතීන් එන්නේ ඔබ ළඟටයි.

ඔවුන් ඇවිත් මෙහෙම කියයි. “අපේ මුතුන්මිත්තන් උරුම කරගෙන හිටියේ බොරු දෙවිවරුන්ට කරපු නමස්කාරයයි.*

කිසිම ප්‍රයෝජනයක් නැති, වැඩකට නැති දේවලුයි.”+

20 තමන් වෙනුවෙන් දෙවිවරුන්ව හදාගන්න මනුස්සයෙක්ට පුළුවන්ද?

ඔහු හදාගන්න දේවල් ඇත්තටම දෙවිවරු නෙමෙයි.+

21 “ඉතින් මම මගේ බලය සහ ශක්තිය ගැන ඔවුන්ට කියලා දෙනවා.

එදාට මම ඒ ගැන ඔවුන්ට කියලා දෙනවා.

මගේ නම යෙහෝවා කියලා ඔවුන් අනිවාර්යයෙන්ම දැනගනියි.”

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න