යෙරෙමියා
14 නියං කාලය ගැන යෙහෝවා දෙවියන්ගෙන් යෙරෙමියාට ලැබුණ පණිවිඩය තමයි මේ.+
2 යූදා වැලපෙනවා.+ එහේ දොරටු දිරාපත් වෙලා.
ඒවා දුකෙන් පොළොවටම පහත් වෙලා.
යෙරුසලමෙන් වැලපෙන හඬක් ඇහෙනවා.
3 ඔවුන්ගේ ස්වාමිවරු වතුර ගේන්න තමන්ගේ සේවකයන්ව* යවනවා.
ඔවුන් පොකුණු* ළඟට ගියත් වතුර හොයාගන්න බැහැ.
හිස් භාජන අරගෙන ඔවුන් ආපහු එනවා.
බලාපොරොත්තු බිඳුණු ඔවුන් ලැජ්ජාවෙන්
තමන්ගේ ඔළුව වහගන්නවා.
4 දේශයට වැස්ස ලැබෙන්නේ නැති නිසා
පොළොව ඉරි තැළිලා ගිහින්.+
අධෛර්යය වෙලා ඉන්න ගොවීන් ඔවුන්ගේ ඔළුව වහගන්නවා.
5 තණකොළ නැති නිසා
මුවදෙන පවා ඇගේ අලුත උපන් පැටියාව දාලා යනවා.
6 කැලෑවල ඉන්න බූරුවෝ පාළුවට ගිය හෙල්වල බලාගෙන ඉන්නවා.
උන් හිවලුන් වගේ හති දානවා.
ගහ කොළ හොයලා උන්ගේ ඇස් විඩාවට පත් වෙලා.+
අපි ඔබට අවිශ්වාසවන්ත වෙලා ගොඩක් වැරදි කළා.+
අපි වැරදි කළේ ඔබට විරුද්ධවයි.
8 ඊශ්‍රායෙල්ගේ බලාපොරොත්තුවත් දුක් කරදර එන කාලේදී ඔහුගේ ගැලවුම්කරුත් ඔබයි.+
එහෙමනම් ඔබ දේශයට අමුත්තෙක් වගේ ඉන්නේ ඇයි?
රෑට නවාතැන් ගන්න මඟියෙක් වගේ ඉන්නේ ඇයි?
9 කිසිම කෙනෙක්ව බේරගන්න බැරි බලවත් මිනිසෙක් වගේ
ඔබ ගල්ගැහිලා බලාගෙන ඉන්නේ ඇයි?
අනේ, අපිව අතහරින්න එපා.
10 මේ සෙනඟ ගැන යෙහෝවා මෙහෙම කියනවා. “ඒ මේ අත යන්න ඔවුන් හරිම ආසයි.+ එහේ මෙහේ යන්නේ නැතුව එක තැනකට වෙලා ඉන්න ඔවුන්ට බැරි වුණා.+ ඔවුන් කරන දේවල් ගැන යෙහෝවා කොහොමටවත් සතුටු වෙන්නේ නැහැ.+ ඉතින් දැන් ඔහු ඔවුන්ගේ වැරදි සිහි කරලා ඒවාට දඬුවම් කරනවා.”+
11 ඊටපස්සේ යෙහෝවා මට මෙහෙම කිව්වා. “මේ සෙනඟට හොඳ දෙයක් වෙන්න කියලා යාච්ඤා කරන්න එපා.+ 12 එයාලා නිරාහාරව ඉඳලා කරන කන්නලව්වලට මම ඇහුම්කන් දෙන්නේ නැහැ.+ එයාලා ඔප්පු කරන දවන පූජා සහ ධාන්‍ය පූජා ගැන මම පොඩ්ඩක්වත් සතුටු වෙන්නේ නැහැ.+ මම එයාලට කඩුවෙන්, සාගතයෙන් සහ වසංගතවලින්* පහර දීලා එයාලව විනාශ කරලා දානවා.”+
13 එතකොට මම මෙහෙම කිව්වා. “ශ්‍රේෂ්ඨතම පාලකයාණෙනි, අනේ යෙහෝවා, ඒත් අනාගතවක්තෘවරු සෙනඟට කියන්නේ ‘ඔබ කඩුව දකින්නේ නැහැ. ඔබට සාගතයක් එන්නේ නැහැ. මේ දේශයට දෙවියන් සැබෑ සමාදානයක් ගේනවා’ කියලයි.”+
14 එතකොට යෙහෝවා මට මෙහෙම කිව්වා. “අනාගතවක්තෘවරු මගේ නමින් කියන්නේ බොරු.+ මම එයාලව එව්වෙවත් ඒ වගේ දේවල් කියන්න කියලා අණ කළේවත් එයාලා එක්ක කතා කළේවත් නැහැ.+ එයාලා අනාවැකි විදිහට කියන්නේ එයාලා දැක්ක බොරු දර්ශන ගැන, පේන බලලා දැනගත්ත කිසි වැඩකට නැති දේවල් ගැන, එයාලාගේ හිත්වල තියෙන රැවටිලිකාර අදහස් ගැන.+ 15 මම එව්වේ නැති වුණත් මගේ නමින් අනාවැකි කියන අනාගතවක්තෘවරු ගැන, මේ දේශයට කඩු පහරවත් සාගතයක්වත් එන්නේ නැහැ කියලා කියන අනාගතවක්තෘවරු ගැන යෙහෝවා මෙහෙම කියනවා. ‘ඒ අනාගතවක්තෘවරු කඩුවෙන් සහ සාගතයෙන් විනාශ වෙලා යනවා.+ 16 ඔවුන් කියපු අනාවැකිවලට ඇහුම්කන් දුන්න සෙනඟත් කඩුවෙන් සහ සාගතයෙන් පහර කාලා යෙරුසලමේ පාරවල්වල වැටිලා ඉඳියි. ඔවුන්වත් ඔවුන්ගේ භාර්යාවන්වත් ඔවුන්ගේ දූපුතුන්වත් වළලන්න කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ.+ මොකද ඔවුන්ට ලැබෙන්න ඕනෙ දඬුවම මම ඔවුන්ට දෙනවා.’+
17 “ඔයා ඒ අයට මේ දේ කියන්න.
‘රෑ දවල් දෙකේ මගේ ඇස්වලින් කඳුළු ගංගාවක් ගලාගෙන එනු ලැබේවා! ඒවා නතර නොවේවා!+
මොකද කන්‍යා දියණියක් වන මගේ සෙනඟව සම්පූර්ණයෙන්ම පොඩි කරලා දාලා. ඇයව පාගලා දාලා.+
ඇයව දරුණු විදිහට තුවාල කරලා.
නගරයට ගිහින් බැලුවොත්
මට පේන්නේ සාගතයෙන් පීඩා විඳින අයවයි.+
අනාගතවක්තෘවරු සහ පූජකයෝ ඔවුන් නොදන්න දේශයක ඒ මේ අත යනවා.’”+
19 ඔබ යූදා දේශය සම්පූර්ණයෙන්ම අතහැරියාද? සියොන් ඔබට පිළිකුලක් වෙලාද?+
ඔබ අපිට පහර දුන්නේ ඇයි? දැන් අපිට සුවයක් ලැබෙන්නේ නැහැ.+
අපි සාමය උදා වෙයි කියලා බලාගෙන හිටියත් ඒකෙන් වැඩක් වුණේ නැහැ.
සහනයක් ලැබෙන කාලයක් එයි කියලා බලාගෙන හිටියත් ආවේ භයානක කාලයක්.+
20 අනේ යෙහෝවා, අපි දුෂ්ට විදිහට වැඩ කළා කියලා අපි පිළිගන්නවා.
අපේ මුතුන්මිත්තන් කරපු වැරදිත් අපි පිළිගන්නවා.
අපි ඔබට විරුද්ධව පව් කළා.+
අපි එක්ක ඇති කරගත්ත ගිවිසුම සිහි කරන්න. අනේ, ඒක කඩන්න එපා.+
22 ජාතීන් නමස්කාර කරන, කිසි වැඩකට නැති එක දෙවියෙක්ටවත්* වැසි ලබා දෙන්න පුළුවන්ද?
වැසි ඇද හැලෙන්න සලස්වන්න අහසටවත් පුළුවන්ද?
අපේ දෙවි වන යෙහෝවා, ඒක කරන්න පුළුවන් එකම තැනැත්තා ඔබයි.+
මේ හැම දෙයක්ම කරන්නේ ඔබ විතරයි.
ඒ නිසා අපි බලාපොරොත්තු තියන්නේ ඔබ ගැනයි.