ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 41
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • ශුද්ධස්ථානය (1-4)

      • බිත්තිය සහ වටේට තිබුණ කාමර (5-11)

      • බස්නාහිර පැත්තේ ගොඩනැඟිල්ල (12)

      • ගොඩනැඟිලි මනියි (13-15අ)

      • දේවමාලිගාවේ ඇතුළ (15ආ-26)

එසකියෙල් 41:1

පාදසටහන්

  • *

    මූ.අ., “දේවමාලිගාවට.” 41 සහ 42 පරිච්ඡේදවල මේ යෙදුමෙන් ශුද්ධස්ථානය වගේම මුළු දේවමාලිගාවම (ශුද්ධස්ථානය සහ අතිශුද්ධස්ථානය) අදහස් වෙන්න පුළුවන්.

  • *

    සාමාන්‍ය රියනකට වඩා දිගින් වැඩි රියනක්. උප. B14 බලන්න.

එසකියෙල් 41:3

පාදසටහන්

  • *

    ඒ කියන්නේ අතිශුද්ධස්ථානය.

එසකියෙල් 41:4

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:20; 2ලේක 3:8
  • +නික් 26:33

එසකියෙල් 41:5

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:5

එසකියෙල් 41:6

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:6, 10

එසකියෙල් 41:7

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:8

එසකියෙල් 41:8

පාදසටහන්

  • *

    පේන විදිහට මෙතන කතා කරන්නේ මේ පදයේ මුල් කොටසේ කියන වේදිකාව ගැනයි.

එසකියෙල් 41:9

පාදසටහන්

  • *

    පේන විදිහට මේක හදලා තිබුණේ දේවමාලිගාව වටේට ඇවිදගෙන යන්න පුළුවන් වෙන්නයි.

එසකියෙල් 41:10

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 28:12

එසකියෙල් 41:13

පාදසටහන්

  • *

    ඒ කියන්නේ දේවමාලිගාවට බටහිරෙන් තියෙන ගොඩනැඟිල්ල.

එසකියෙල් 41:15

පාදසටහන්

  • *

    හෝ, “කොරිඩෝත්.”

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 3:8; එස 41:4

එසකියෙල් 41:16

පාදසටහන්

  • *

    හෝ, “කොරිඩෝත්.”

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:4
  • +1රාජා 6:15; 2ලේක 3:5

එසකියෙල් 41:18

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:29; 7:36; 2ලේක 3:7
  • +එස 40:16

එසකියෙල් 41:19

හරස් යොමු දැක්වීම්

  • +එස 1:5, 10; එළි 4:7

එසකියෙල් 41:21

පාදසටහන්

  • *

    පේන විදිහට මෙතන කතා කරන්නේ අතිශුද්ධස්ථානය ගැනයි.

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:33

එසකියෙල් 41:22

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:1; 1රාජා 7:48; එළි 8:3
  • +එස 44:16; මලා 1:7

එසකියෙල් 41:23

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:31-35

එසකියෙල් 41:25

හරස් යොමු දැක්වීම්

  • +එස 41:17, 18

එසකියෙල් 41:26

හරස් යොමු දැක්වීම්

  • +එස 40:16

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 41:41රාජා 6:20; 2ලේක 3:8
එස. 41:4නික් 26:33
එස. 41:51රාජා 6:5
එස. 41:61රාජා 6:6, 10
එස. 41:71රාජා 6:8
එස. 41:101ලේක 28:12
එස. 41:152ලේක 3:8; එස 41:4
එස. 41:161රාජා 6:4
එස. 41:161රාජා 6:15; 2ලේක 3:5
එස. 41:181රාජා 6:29; 7:36; 2ලේක 3:7
එස. 41:18එස 40:16
එස. 41:19එස 1:5, 10; එළි 4:7
එස. 41:211රාජා 6:33
එස. 41:22නික් 30:1; 1රාජා 7:48; එළි 8:3
එස. 41:22එස 44:16; මලා 1:7
එස. 41:231රාජා 6:31-35
එස. 41:25එස 41:17, 18
එස. 41:26එස 40:16
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 41:1-26

එසකියෙල්

41 ඔහු ඊළඟට මාව ශුද්ධස්ථානයට* අරන් ගියා. ඔහු එතන දෙපැත්තේ තියෙන කුලුනු මැන්නා. එක කුලුනක ගනකම රියන්* හයයි. අනිත් පැත්තේ කුලුනේ ගනකමත් රියන් හයයි. 2 ශුද්ධස්ථානයට ඇතුල් වෙන තැන දිග රියන් දහයයි. ඇතුල් වෙන තැන දෙපැත්තේ බිත්ති දෙකක් තිබුණා. ඒ එකක් රියන් පහයි. ඊටපස්සේ ඔහු ශුද්ධස්ථානයේ දිගයි, පළලයි මැන්නා. ඒකේ දිග රියන් 40යි, පළල රියන් 20යි.

3 ඔහු ඇතුළේ තියෙන කාමරය* ළඟට ගිහින් ඒකට ඇතුල් වෙන තැන මැන්නා. ඒකේ පළල රියන් හයයි. ඊටපස්සේ එතන දෙපැත්තේ තියෙන කුලුනු මැන්නා. ඒ එක කුලුනක ගනකම රියන් දෙකයි. ඇතුල් වෙන තැන දෙපැත්තේ බිත්ති දෙකක් තිබුණා. ඒ එකක් රියන් හතයි. 4 ඊටපස්සේ ඔහු ශුද්ධස්ථානයට මුහුණ ලා තියෙන කාමරය මැන්නා. ඒකේ දිග රියන් 20යි, පළල රියන් 20යි.+ “මේක තමයි අතිශුද්ධස්ථානය”+ කියලා ඔහු මට කිව්වා.

5 ඔහු ඊළඟට දේවමාලිගාවේ බිත්තිය මැන්නා. ඒකේ ගනකම රියන් හයයි. දේවමාලිගාව වටේට කාමර තිබුණා. ඒ එක කාමරයක පළල රියන් හතරයි.+ 6 ඒ වගේ කාමර තිබුණ තට්ටු තුනක් තිබුණා. ඒ එක තට්ටුවක කාමර 30ක් තිබුණා. කාමර තිබුණ ඒ තට්ටු රඳවන්න දේවමාලිගාවේ බිත්තිය වටේට පොඩි පඩි තිබුණා. ඒ නිසා කාමරවල බාල්ක බිත්තියට හයි කරන්න අවශ්‍ය වුණේ නැහැ.+ 7 දේවමාලිගාවේ දෙපැත්තේම රවුමට හදපු පඩි පේළි දෙකක් තිබුණා. ඒ පඩි පේළි පහළ තට්ටුවේ ඉඳන් ඉහළ තට්ටුවට යද්දී ක්‍රමක්‍රමයෙන් පළල් වෙන විදිහටයි හදලා තිබුණේ.+ කෙනෙක් පහළ තට්ටුවේ ඉඳන් දෙවෙනි තට්ටුවට යද්දී ඒ තට්ටුවේ තියෙන කාමර පහළ තට්ටුවට වඩා පළලින් වැඩියි. දෙවෙනි තට්ටුවෙන් තුන්වෙනි තට්ටුවට යද්දී ඒ තට්ටුවේ කාමර දෙවෙනි තට්ටුවේ ඒවාට වඩා පළලින් වැඩියි.

8 මම දැක්කා දේවමාලිගාව වටේට උස වේදිකාවක් තියෙනවා. දේවමාලිගාව වටේට තිබුණ කාමරවල අත්තිවාරමේ* උස රියන් හයයි. ඒ කියන්නේ මනින්න පාවිච්චි කරපු රිටේ දිගට ඒක සමානයි. 9 ඒ කාමරවල එළිය පැත්තේ බිත්තියේ ගනකම රියන් පහයි. දේවමාලිගාව වටේට තිබුණ කාමරවල ඒ බිත්තියයි, වේදිකාවේ කෙළවරයි අතරේ හිස් තීරයක්* තිබුණා.

10 දේවමාලිගාවයි, කෑම කාමරයි+ අතරේ රියන් 20ක් පළල එළිමහන් කොටසක් තිබුණා. ඒ වගේ කොටස් දෙකක් දෙපැත්තේම තිබුණා. 11 දේවමාලිගාව වටේ තිබුණ කාමරවලට හිස් තීරය හරහා ඇතුල් වෙන්න තැන් දෙකක් තිබුණා. ඇතුල් වෙන්න පුළුවන් එක තැනක් තිබුණේ උතුරු පැත්තේ. අනිත් එක තිබුණේ දකුණු පැත්තේ. වටේ තිබුණ හිස් තීරයේ පළල රියන් පහයි.

12 බස්නාහිර පැත්තේ ගොඩනැඟිල්ලක් තිබුණා. ඒක මුහුණ ලා තිබුණේ එළිමහන් කොටසට. ඒ ගොඩනැඟිල්ලේ පළල රියන් 70යි, දිග රියන් 90යි. ගොඩනැඟිල්ලේ බිත්තිවල ගනකම රියන් පහයි.

13 ඔහු ඊළඟට දේවමාලිගාව මැන්නා. ඒකේ දිග රියන් 100යි. එළිමහන් කොටසයි, බිත්තිත් අල්ලලා ගොඩනැඟිල්ලයි* මැන්නාම ඒ මුළු දිග රියන් 100යි. 14 නැඟෙනහිරට මුහුණ ලා තියෙන දේවමාලිගාවේ ඉස්සරහා පැත්තෙයි, එළිමහන් කොටසෙයි මුළු පළල රියන් 100යි.

15 පිටුපසින් තියෙන එළිමහන් කොටසට මුහුණ ලා තිබුණ ගොඩනැඟිල්ල ඒක දෙපැත්තේ තිබුණ තීරුත්* එක්ක ඔහු මැන්නා. ඒකේ පළල රියන් 100යි.

ඔහු ශුද්ධස්ථානයයි, අතිශුද්ධස්ථානයයි,+ මළුවට මුහුණ ලා තියෙන ශාලායි මැන්නා. 16 ඒ වගේම ඒ තැන් තුනටම ඇතුල් වෙන්න තිබුණ තැන්, එළිය පැත්තට පටු වේගන යන විදිහට තියෙන කවුළු+ සහ තීරුත්* මැන්නා. ඒවාවලට ඇතුල් වෙන්න තිබුණ තැන්වල බිම ඉඳන් කවුළු වෙන කල් බිත්තිවලට ලෑලි අල්ලලා තිබුණා.+ ඒ කවුළු ලෑලිවලින් ආවරණය කරලයි තිබුණේ. 17 ඇතුල් වෙන තැනට ඉහළින් තියෙන කොටසයි, දේවමාලිගාවේ ඇතුළෙම තියෙන කොටසයි, අනිත් කොටසයි, ඒවා වටේට තිබුණ බිත්තියි මැන්නා. 18 ඒකේ කෙරුබ්වරුන්ගේ+ සහ තාල වර්ගයේ ගස්වල රූප+ කැටයම් කරලා තිබුණා. ඒවා කැටයම් කරලා තිබුණේ කෙරුබ්වරුන් දෙන්නෙක් අතරේ තාල ගහක් තියෙන විදිහටයි. හැම කෙරුබ්වරයෙක්ටම මූණු දෙකක් තිබුණා. 19 මිනිසෙක්ට සමාන මූණ එක තාල ගහක් පැත්තටත් සිංහයෙක්ට සමාන මූණ අනිත් තාල ගහ පැත්තටත් හැරිලා තිබුණා.+ දේවමාලිගාව පුරාම ඒ විදිහට කැටයම් කරලා තිබුණා. 20 ශුද්ධස්ථානයේ බිත්තිවල බිම ඉඳලා ඇතුල් වෙන තැනට ඉහළින් තියෙන කොටස වෙන කල් කෙරුබ්වරුන්වයි, තාල ගසුයි කැටයම් කරලා තිබුණා.

21 ශුද්ධස්ථානයට ඇතුල් වෙන තැන තියෙන උළුවහුව හරි හතරැස්.+ ශුද්ධස්ථානයේ ඇතුල් කාමරය* ඉස්සරහම 22 ලීවලින් හදපු පූජාසනයක්+ වගේ දෙයක් තිබුණා. ඒකේ උස රියන් තුනයි, දිග රියන් දෙකයි. ඒකේ කොන් හතර කණු වගේ උඩට ඉස්සිලා තිබුණා. ඒකේ යට පැත්තයි, වටෙයි හදලා තිබුණේ ලීවලින්. ඔහු මට මෙහෙම කිව්වා. “මේක තමයි යෙහෝවා ඉස්සරහා තියෙන මේසේ.”+

23 ශුද්ධස්ථානයට ඇතුල් වෙන තැන වගේම අතිශුද්ධස්ථානයට ඇතුල් වෙන තැනත් දොරවල් දෙක ගාණේ තිබුණා.+ 24 ඒ දොරවල්වලට අකුළන්න පුළුවන් පියන් තිබුණා. හැම දොරකටම පියන් දෙක ගාණේ තිබුණා. 25 බිත්තිවල වගේ ඒ දොරවල්වලත් කෙරුබ්වරුන්ගේ සහ තාල ගස්වල රූප කැටයම් කරලා තිබුණා.+ ඇතුල් වෙන තැන තියෙන ශාලාවේ එළිය පැත්තෙන් පොඩි වහලයක් ලීවලින් හදලා තිබුණා. 26 ශාලාව දෙපැත්තේ එළිය පැත්තට පටු වේගන යන විදිහට තියෙන කවුළුයි,+ කැටයම් කරපු තාල ගසුයි තිබුණා. දේවමාලිගාව වටේට තිබුණ කාමරවල බිත්තිවල වගේම එළිය පැත්තෙන් තිබුණ පොඩි වහලෙට යටිනුත් ඒ කවුළු සහ රූප තිබුණා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න