ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 33
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • යාකොබ්ට ඒසව් මුණගැහෙයි (1-16)

      • යාකොබ් ෂීකෙම්වලට යයි (17-20)

උත්පත්ති 33:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 32:6
  • +උත් 32:22

උත්පත්ති 33:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:7, 12
  • +උත් 30:19
  • +උත් 30:22-24

උත්පත්ති 33:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 32:22; ගීතා 127:3

උත්පත්ති 33:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 33:2

උත්පත්ති 33:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 32:16
  • +උත් 32:4, 5

උත්පත්ති 33:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 36:6, 7

උත්පත්ති 33:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 32:11, 20

උත්පත්ති 33:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 32:13-15
  • +උත් 30:43

උත්පත්ති 33:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 31:17

උත්පත්ති 33:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 32:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2005, 18 පි.

උත්පත්ති 33:17

පාදසටහන්

  • *

    තේරුම, “මඩු; පැල්.”

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 13:24, 27; 1රාජා 7:46

උත්පත්ති 33:18

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:19; 12:6
  • +යොෂු 24:1
  • +උත් 25:20; 28:6

උත්පත්ති 33:19

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 24:32; ක්‍රියා 7:15, 16

උත්පත්ති 33:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 35:1, 7

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 33:1උත් 32:6
උත්. 33:1උත් 32:22
උත්. 33:2උත් 30:7, 12
උත්. 33:2උත් 30:19
උත්. 33:2උත් 30:22-24
උත්. 33:5උත් 32:22; ගීතා 127:3
උත්. 33:7උත් 33:2
උත්. 33:8උත් 32:16
උත්. 33:8උත් 32:4, 5
උත්. 33:9උත් 36:6, 7
උත්. 33:10උත් 32:11, 20
උත්. 33:11උත් 32:13-15
උත්. 33:11උත් 30:43
උත්. 33:13උත් 31:17
උත්. 33:14උත් 32:3
උත්. 33:17යොෂු 13:24, 27; 1රාජා 7:46
උත්. 33:18උත් 10:19; 12:6
උත්. 33:18යොෂු 24:1
උත්. 33:18උත් 25:20; 28:6
උත්. 33:19යොෂු 24:32; ක්‍රියා 7:15, 16
උත්. 33:20උත් 35:1, 7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 33:1-20

උත්පත්ති

33 ඒසව් මිනිස්සු 400දෙනෙක් එක්ක එනවා යාකොබ් දැක්කා.+ ඉතින් එයා එයාගේ දරුවන්ව ලෙයාටයි, රාකෙල්ටයි, එයාගේ සේවිකාවන් දෙන්නාටයි භාර දුන්නා.+ 2 එයා සේවිකාවන්වයි, එයාලාගේ දරුවන්වයි ඉස්සරහින්ම තිබ්බා.+ එයාලට පිටිපස්සෙන් ලෙයාවයි, එයාගේ දරුවන්වයි තිබ්බා.+ පිටිපස්සෙන්ම තිබ්බේ රාකෙල්වයි,+ යෝසෙප්වයි. 3 යාකොබ් එයාලා හැමෝටම ඉස්සරහින් ගියා. අයියාට කරන ගෞරවයක් හැටියට එයා දණින් වැටිලා බිමටම නැමුණා. එයා අයියා ළඟට යන කල්ම ඒ විදිහට හත් පාරක් කළා.

4 ඒත් ඒසව් යාකොබ් ළඟට දුවගෙන ගිහිල්ලා එයාව බදාගෙන ඉම්බා. ඊටපස්සේ එයාලා දෙන්නාම අඬන්න පටන්ගත්තා. 5 ඒසව් කාන්තාවන්වයි, දරුවන්වයි දැකලා යාකොබ්ගෙන් මෙහෙම ඇහුවා. “ඔයාත් එක්ක ඉන්න මේ කට්ටිය කවුද?” යාකොබ් මෙහෙම උත්තර දුන්නා. “මේ ඉන්නේ මගේ දරුවෝ. දෙවියන්ගේ ආශීර්වාදයෙන් ඔයාගේ සේවකයා වන මට ලැබුණ දරුවෝ.”+ 6 එතකොට සේවිකාවනුයි, එයාලාගේ දරුවනුයි ඉස්සරහට ඇවිල්ලා දණින් වැටිලා බිමට නැමිලා ඒසව්ට ආචාර කළා. 7 ලෙයාත් එයාගේ දරුවෝ එක්ක ඉස්සරහට ඇවිල්ලා දණින් වැටිලා බිමට නැමිලා එයාට ආචාර කළා. ඊටපස්සේ යෝසෙප් රාකෙල් එක්ක ඉස්සරහට ඇවිල්ලා ඒ විදිහටම එයාට ආචාර කළා.+

8 ඒසව් යාකොබ්ගෙන් මෙහෙම ඇහුවා. “මාව හම්බ වෙන්න ආපු අර සේවකයන් එක්ක එච්චර සත්තු ගොඩක් ඔයා එව්වේ ඇයි?”+ එතකොට යාකොබ් කිව්වා “මගේ ස්වාමීනි, මම එහෙම කළේ ඔයාව සතුටු කරන්නයි” කියලා.+ 9 එතකොට ඒසව් මෙහෙම කිව්වා. “මල්ලි, මටත් ගොඩක් දේවල් තියෙනවා.+ ඉතින් ඔයාට අයිති දේවල් ඔයා තියාගන්න.” 10 ඒත් යාකොබ් මෙහෙම කිව්වා. “අනේ, එහෙම කියන්න එපා. ඔයා මාව සතුටින් පිළිගන්නවා නම් මේ තෑග්ග ගන්න. මං මේ තෑග්ග ඔයාට ගෙනාවේ ඔයාව දකින්න ලොකු ආසාවකින් හිටපු නිසයි. ඔයා මාව ආදරෙන් පිළිගත්තා. ඇත්තටම ඔයාව දැක්කාම මට දැනුණේ මං හරියට දෙවියන්ගේ මූණ දැක්කා වගේ.+ 11 අනේ, මං ආදරෙන් ඔයාට ගෙනාපු තෑග්ග ගන්න.+ දෙවියන්ගේ ආශීර්වාද මට තියෙන නිසා මට දැන් කිසිම දේකින් අඩුවක් නැහැ.”+ ඒසව්ට ඒ තෑග්ග ගන්න කියලා යාකොබ් දිගින් දිගටම කියපු නිසා එයා ඒක භාරගත්තා.

12 පස්සේ ඒසව් මෙහෙම කිව්වා. “දැන් අපි මෙහෙන් යමු. මං ඔයාට ඉස්සරහින් යන්නම්.” 13 ඒත් යාකොබ් එයාට මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඔයා දන්නවානේ මගේ දරුවෝ තවම පොඩියි.+ මං ළඟ කිරි දෙන බැටළුදෙනුන් සහ එළදෙනුන් ඉන්නවා. එක දවසකදී එච්චර දුරක් උන්ව දක්කගෙන ගියොත් මුළු රැළම මැරෙයි. 14 මගේ ස්වාමීනි, ඔයා ඉස්සර වෙලා යන්න. ඔයාව හම්බ වෙන්න මං සේයිර්වලට+ හෙමිහිට එන්නම්. මේ සත්තුන්ටයි, මගේ දරුවන්ටයි එන්න පුළුවන් වේගයෙන් මං එන්නම්.” 15 එතකොට ඒසව් මෙහෙම කිව්වා. “මගේ සේවකයන් කීපදෙනෙක්ව ඔයාත් එක්ක මෙහේ නතර කරලා යන්න මට ඉඩ දෙන්න.” ඒකට යාකොබ් මෙහෙම උත්තර දුන්නා. “අනේ කරදර වෙන්න එපා. මගේ ස්වාමීන් මාව ආදරෙන් පිළිගත්ත එකම මට ඇති.” 16 ඉතින් ඒසව් එදාම සේයිර්වලට යන්න පිටත් වුණා.

17 යාකොබ් සුක්කොත්වලට+ ගියා. එයා එහේ එයාටම කියලා ගේකුත් එයාගේ සත්තුන්ට ඉන්න මඩු කීපයකුත් හැදුවා. එයා එතනට සුක්කොත්* කියන නම තිබ්බේ ඒ නිසයි.

18 පස්සේ යාකොබ් කානාන්+ දේශයේ තියෙන ෂීකෙම්+ නගරෙට ඇවිල්ලා ඒ නගරෙට කිට්ටුව කූඩාරම් ගහගත්තා. ඒ විදිහට යාකොබ් අනතුරක් නැතුව පදන්ආරම්+ ඉඳන් කානාන් දේශයට ආවා. 19 යාකොබ් හාමෝර්ගේ පුතාලට රිදී මිල 100ක් ගෙවලා+ එයා කූඩාරම් ගහගෙන හිටපු පැත්තේ තිබුණ ඉඩමක් ගත්තා. හාමෝර්ගේ එක පුතෙක් තමයි ෂීකෙම්. 20 යාකොබ් එතන පූජාසනයක් ගොඩනඟලා සැබෑ දෙවියන් තමයි ඊශ්‍රායෙල්ගේ දෙවියන්+ කියන නම ඒකට තිබ්බා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න