ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 35
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • යාකොබ් බොරු දෙවිවරුන්ගේ පිළිම අයින් කරයි (1-4)

      • යාකොබ් බෙතෙල්වලට ආපහු යයි (5-15)

      • බෙන්ජමින්ගේ උපත සහ රාකෙල්ගේ මරණය (16-20)

      • යාකොබ්ගේ පුතාලා 12දෙනා (21-26)

      • ඊසාක්ගේ මරණය (27-29)

උත්පත්ති 35:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 28:19; 31:13
  • +උත් 27:42-44

උත්පත්ති 35:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 31:19; ද්වි 5:7; යොෂු 23:7; 1කොරි 10:14

උත්පත්ති 35:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 28:13, 15; 31:42

උත්පත්ති 35:4

පාදසටහන්

  • *

    ඒ කාලේ වෙනත් ජාතීන්ට අයිති අය යන්තර, සුර වගේ දේවල් කන්වලට දාගෙන හිටියා.

උත්පත්ති 35:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 28:19

උත්පත්ති 35:7

පාදසටහන්

  • *

    තේරුම, “බෙතෙල්වල දෙවියන් ඉන්නවා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 28:20-22

උත්පත්ති 35:8

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ඕක් ගහක්.

  • *

    තේරුම, “හඬා වැලපුණ ගහ.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:59

උත්පත්ති 35:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:26; 27:36
  • +උත් 32:28

උත්පත්ති 35:11

පාදසටහන්

  • *

    හෝ, “ගෝත්‍ර.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:1; නික් 6:3; එළි 15:3
  • +උත් 48:3, 4
  • +උත් 17:5, 6; යොහ 12:13

උත්පත්ති 35:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:18; ද්වි 34:4

උත්පත්ති 35:14

පාදසටහන්

  • *

    මූ.අ., “පාන පූජාවක්.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 28:18

උත්පත්ති 35:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 28:19

උත්පත්ති 35:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:22-24

උත්පත්ති 35:18

පාදසටහන්

  • *

    තේරුම, “මගේ ශෝකයේ පුතා.”

  • *

    තේරුම, “දකුණතේ පුතා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:21; 49:27; ද්වි 33:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 71 ලිපිය

    මුරටැඹ,

    2/1/2009, 14 පි.

    7/15/2007, 5 පි.

    4/1/1999, 16 පි.

උත්පත්ති 35:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 48:7; මීකා 5:2; මතෙ 2:6

උත්පත්ති 35:22

පාදසටහන්

  • *

    ඒ කියන්නේ උපභාර්යාවක්.

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:3, 4; 1ලේක 5:1

උත්පත්ති 35:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:3

උත්පත්ති 35:27

හරස් යොමු දැක්වීම්

  • +උත් 31:17, 18
  • +උත් 15:13; හෙබ්‍රෙ 11:9

උත්පත්ති 35:28

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:20, 26

උත්පත්ති 35:29

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:30, 31

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 35:1උත් 28:19; 31:13
උත්. 35:1උත් 27:42-44
උත්. 35:2උත් 31:19; ද්වි 5:7; යොෂු 23:7; 1කොරි 10:14
උත්. 35:3උත් 28:13, 15; 31:42
උත්. 35:6උත් 28:19
උත්. 35:7උත් 28:20-22
උත්. 35:8උත් 24:59
උත්. 35:10උත් 25:26; 27:36
උත්. 35:10උත් 32:28
උත්. 35:11උත් 17:1; නික් 6:3; එළි 15:3
උත්. 35:11උත් 48:3, 4
උත්. 35:11උත් 17:5, 6; යොහ 12:13
උත්. 35:12උත් 15:18; ද්වි 34:4
උත්. 35:14උත් 28:18
උත්. 35:15උත් 28:19
උත්. 35:17උත් 30:22-24
උත්. 35:18උත් 46:21; 49:27; ද්වි 33:12
උත්. 35:19උත් 48:7; මීකා 5:2; මතෙ 2:6
උත්. 35:22උත් 49:3, 4; 1ලේක 5:1
උත්. 35:23උත් 49:3
උත්. 35:27උත් 31:17, 18
උත්. 35:27උත් 15:13; හෙබ්‍රෙ 11:9
උත්. 35:28උත් 25:20, 26
උත්. 35:29උත් 49:30, 31
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 35:1-29

උත්පත්ති

35 ඊටපස්සේ දෙවියන් යාකොබ්ට මෙහෙම කිව්වා. “බෙතෙල්වලට+ ගිහිල්ලා එහේ ජීවත් වෙන්න. ඔයාගේ අයියා වන ඒසව්ගෙන් ඔයා පලා යද්දී ඔයාට දර්ශනය වුණ සැබෑ දෙවියන් වන මට එතන පූජාසනයක් හදන්න.”+

2 ඊටපස්සේ යාකොබ් එයාගේ පවුලේ අයටයි, එයා එක්ක හිටපු අනිත් අයටයි මෙහෙම කිව්වා. “ඔයාලා ළඟ තියෙන පිළිම ඔක්කොම අයින් කරන්න.+ පවිත්‍ර වෙලා පිරිසිදු ඇඳුම් ඇඳගන්න. 3 අපි බෙතෙල්වලට යමු. මගේ දුකේදී මම කරපු කන්නලව්වලට සවන් දීපු, මං ගිය හැම තැනකදීම මං ළඟින්ම හිටපු සැබෑ දෙවියන්ට+ මම එහේ පූජාසනයක් හදනවා.” 4 ඉතින් එයාලා තමන් ළඟ තිබුණ පිළිමයි, එයාලා කන්වල දාගෙන හිටපු කරාබුයි* යාකොබ්ට දුන්නා. යාකොබ් ඒවා ඔක්කොම ෂීකෙම් ළඟ තිබුණ ලොකු ගහ යට වළලලා දැම්මා.

5 ඊටපස්සේ එයාලා එහෙන් යන්න පිටත් වුණා. දෙවියන් අවට නගරවල හිටපු මිනිස්සුන්ගේ හිත්වල ලොකු බයක් ඇති කරපු නිසා කවුරුත් යාකොබ්ගේ පුතාලට පහර දෙන්න එයාලා පස්සේ එළවගෙන ආවේ නැහැ. 6 පස්සේ යාකොබ් එයා එක්ක හිටපු හැමෝමත් එක්ක කානාන් දේශයේ තියෙන ලූෂ්වලට+ ඒ කියන්නේ බෙතෙල්වලට ආවා. 7 යාකොබ් එතන පූජාසනයක් හදලා ඒකට එල්බෙතෙල්* කියන නම තිබ්බා. මොකද එයා අයියාගෙන් පලා යද්දී සැබෑ දෙවියන් එතනදී තමයි එයාට දර්ශනය වෙලා තිබුණේ.+ 8 ඊටපස්සේ රෙබෙකාව පොඩි කාලේ ඉඳලා බලාගත්ත සේවිකාව වුණ දෙබොරා+ මැරුණා. බෙතෙල්වලට කිට්ටුවෙන් තිබුණ ලොකු ගහක්* යට එයාව වැළලුවා. යාකොබ් ඒ ගහට අල්ලොන්බාකුත්* කියන නම තිබ්බා.

9 යාකොබ් පදන්ආරම්වල ඉඳන් එද්දී දෙවියන් ආයෙත් සැරයක් එයාට දර්ශනය වෙලා ආශීර්වාද කළා. 10 දෙවියන් එයාට මෙහෙම කිව්වා. “ඉස්සරහට ඔයාට යාකොබ්+ කියලා කතා කරන්නේ නැහැ. ඔයාගේ අලුත් නම ඊශ්‍රායෙල්.” ඒ විදිහට දෙවියන් එයාට ඊශ්‍රායෙල්+ කියන නම දුන්නා. 11 දෙවියන් එයාට මෙහෙමත් කිව්වා. “සියලු බලැති දෙවියන් මමයි.+ ඔයාගෙන් පැවතෙන අයගේ ගාණ තව තවත් වැඩි වෙයි. ඔයාගෙන් ජාතීන්* සහ විශාල සෙනඟක් බිහි වෙයි.+ ඔයාගෙන් පැවතෙන අයගෙන් රජවරුන් බිහි වෙයි.+ 12 මම ආබ්‍රහම්ටයි, ඊසාක්ටයි දුන්න දේශය ඔයාටත් දෙනවා. ඔයාගෙන් පැවතෙන අයටත් මම ඒ දේශය දෙනවා.”+ 13 දෙවියන් එයාත් එක්ක කතා කළාට පස්සේ එතනින් ගියා.

14 දෙවියන් එයාත් එක්ක කතා කරපු ඒ ස්ථානයේ යාකොබ් ගල් කණුවක් හිටෙව්වා. එයා පූජාවක්* විදිහට ඒකට වයින් වක් කළා. ඊටපස්සේ ඒකට තෙලුත් වක් කළා.+ 15 දෙවියන් එයා එක්ක කතා කරපු ඒ තැන යාකොබ් දිගටම බෙතෙල්+ කියන නමින් හැඳින්නුවා.

16 ඊටපස්සේ එයාලා කූඩාරම් අකුළගෙන බෙතෙල්වලින් පිටත් වුණා. එෆ්‍රාත්වලට සෑහෙන දුරක් තියෙද්දී රාකෙල්ට ප්‍රසව වේදනාව ඇති වුණා. ඒකෙන් එයා ගොඩක් වේදනා වින්දා. 17 දරුවා හම්බ වෙන්න යද්දී රාකෙල්ට තවත් අමාරු වුණා. එතකොට වින්නඹුව විදිහට හිටපු කෙනා එයාට මෙහෙම කිව්වා. “බය වෙන්න එපා. ඔයාට තවත් පුතෙක් හම්බ වෙයි.”+ 18 රාකෙල් මැරෙන්න ළං වෙලා පණ ඇදඇද ඉද්දී එයා ඒ පුතාට බෙන්ඕනි* කියන නම තිබ්බා. ඒත් දරුවාගේ තාත්තා එයාට බෙන්ජමින්*+ කියන නම තිබ්බා. 19 ඊටපස්සේ රාකෙල් මැරුණා. එෆ්‍රාත්වලට ඒ කියන්නේ බෙත්ලෙහෙමට+ යන අතරමඟ එයාව වැළලුවා. 20 එයාව වළලපු තැන යාකොබ් කණුවක් හිටෙව්වා. අද වෙන කල් ඒක රාකෙල්ගේ සොහොන් කණුව විදිහට හඳුන්වනවා.

21 ඊටපස්සේ ඊශ්‍රායෙල් කූඩාරම් අකුළගෙන ඒදෙර් කොත පහු කරගෙන ගිහින් කූඩාරම් ගහගත්තා. 22 ඊශ්‍රායෙල් ඒ දේශයේ ජීවත් වුණ කාලේ දවසක් රූබෙන් එයාගේ තාත්තාගේ බිරිඳක්* වුණ බිල්හා එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. ඊශ්‍රායෙල්ට ඒ ගැන ආරංචි වුණා.+

යාකොබ්ට පුතාලා 12දෙනෙක් හිටියා. 23 ලෙයාට හම්බ වුණ පුතාලාගේ නම් තමයි මේ. යාකොබ්ගේ කුලුඳුලා රූබෙන්.+ ඊටපස්සේ සිමියොන්, ලෙවී, යූදා, ඉසකාර් සහ සෙබ්‍යූලන්. 24 රාකෙල්ගේ පුතාලාගේ නම් යෝසෙප් සහ බෙන්ජමින්. 25 රාකෙල්ගේ සේවිකාව වුණ බිල්හාට ඉපදුණ පුතාලාගේ නම් තමයි දාන් සහ නෆ්තලී. 26 ලෙයාගේ සේවිකාව වුණ ෂිල්පාට ඉපදුණ පුතාලාගේ නම් ගාද් සහ ආෂෙර්. එයාලා හැමෝම පදන්ආරම්වලදී යාකොබ්ට හම්බ වුණ පුතාලා.

27 ඔය විදිහට යාකොබ් මම්රේවල+ එයාගේ තාත්තා වුණ ඊසාක් හිටපු තැනට ආවා. ඒක තියෙන්නේ කිර්යත්අර්බා ඒ කියන්නේ හෙබ්‍රොන්වලයි. එහේ තමයි ආබ්‍රහම් සහ ඊසාක් විදේශිකයන් විදිහට ජීවත් වුණේ.+ 28 ඊසාක් අවුරුදු 180ක් ජීවත් වුණා.+ 29 සතුටින්, හොඳ ජීවිතයක් ගත කරලා මහලු වයසේදී ඊසාක් මැරුණා. එයාවත් එයාගේ මුතුන්මිත්තන් වගේ තැන්පත් කළා. එයාව තැන්පත් කළේ+ එයාගේ පුතාලා වුණ ඒසව් සහ යාකොබ්.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න