ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • සාවුල්ගේ මරණය ගැන දාවිත්ට ආරංචි වෙයි (1-16)

      • සාවුල් සහ යොනාතාන් වෙනුවෙන් දාවිත් ගැයූ ශෝක ගීය (17-27)

2 සාමුවෙල් 1:1

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 27:5, 6

2 සාමුවෙල් 1:4

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 31:1, 6; 1ලේක 10:4, 6

2 සාමුවෙල් 1:6

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 28:4; 1ලේක 10:1
  • +1සාමු 31:3; 1ලේක 10:3

2 සාමුවෙල් 1:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 17:16; ද්වි 25:19; 1සාමු 15:20; 30:1

2 සාමුවෙල් 1:10

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 31:4

2 සාමුවෙල් 1:12

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 31:11, 13
  • +1සාමු 31:1

2 සාමුවෙල් 1:14

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 12:8; 1සාමු 24:6; 26:9; 31:4

2 සාමුවෙල් 1:15

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 4:10

2 සාමුවෙල් 1:16

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 1:6, 10

2 සාමුවෙල් 1:17

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 31:6

2 සාමුවෙල් 1:18

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 10:13

2 සාමුවෙල් 1:19

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 31:8

2 සාමුවෙල් 1:20

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 31:9

2 සාමුවෙල් 1:21

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 31:1; 1ලේක 10:1
  • +ලෙවී 27:16

2 සාමුවෙල් 1:22

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 18:4; 20:20
  • +1සාමු 14:47

2 සාමුවෙල් 1:23

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 18:1
  • +1සාමු 31:6; 1ලේක 10:6
  • +යෝබ් 9:26
  • +හිතෝ 30:30

2 සාමුවෙල් 1:25

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 31:8

2 සාමුවෙල් 1:26

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 18:1, 3
  • +1සාමු 19:2; 20:17, 41; 23:16-18; හිතෝ 17:17; 18:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 3 ලිපිය

    වැඩපොත සඳහා තොරතුරු, 5/2022, 1-2 පි.

    මුරටැඹ,

    11/1/1991, 22 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 සාමු. 1:11සාමු 27:5, 6
2 සාමු. 1:41සාමු 31:1, 6; 1ලේක 10:4, 6
2 සාමු. 1:61සාමු 28:4; 1ලේක 10:1
2 සාමු. 1:61සාමු 31:3; 1ලේක 10:3
2 සාමු. 1:8නික් 17:16; ද්වි 25:19; 1සාමු 15:20; 30:1
2 සාමු. 1:101සාමු 31:4
2 සාමු. 1:121සාමු 31:11, 13
2 සාමු. 1:121සාමු 31:1
2 සාමු. 1:14ගණන් 12:8; 1සාමු 24:6; 26:9; 31:4
2 සාමු. 1:152සාමු 4:10
2 සාමු. 1:162සාමු 1:6, 10
2 සාමු. 1:171සාමු 31:6
2 සාමු. 1:18යොෂු 10:13
2 සාමු. 1:191සාමු 31:8
2 සාමු. 1:201සාමු 31:9
2 සාමු. 1:211සාමු 31:1; 1ලේක 10:1
2 සාමු. 1:21ලෙවී 27:16
2 සාමු. 1:221සාමු 18:4; 20:20
2 සාමු. 1:221සාමු 14:47
2 සාමු. 1:231සාමු 18:1
2 සාමු. 1:231සාමු 31:6; 1ලේක 10:6
2 සාමු. 1:23යෝබ් 9:26
2 සාමු. 1:23හිතෝ 30:30
2 සාමු. 1:251සාමු 31:8
2 සාමු. 1:261සාමු 18:1, 3
2 සාමු. 1:261සාමු 19:2; 20:17, 41; 23:16-18; හිතෝ 17:17; 18:24
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 සාමුවෙල් 1:1-27

දෙවෙනි සාමුවෙල්

1 දාවිත් අමලෙක්වරුන්ව පරද්දලා ආපහු ෂික්ලග්වලට ආවා. ඒ වෙද්දී සාවුල් ජීවතුන් අතර හිටියේ නැහැ. දාවිත් දවස් දෙකක් ෂික්ලග්වල+ නැවතිලා හිටියා. 2 තුන්වෙනි දවසේදී සාවුල්ගේ කඳවුරේ ඉඳන් මිනිසෙක් ඇඳුම් ඉරාගෙන, ඔළුවට දූවිලි දාගෙන දාවිත් ළඟට දුවගෙන ආවා. එයා දාවිත් ඉස්සරහා දණින් වැටිලා ඔළුව බිමටම පහත් කළා.

3 දාවිත් ඒ මිනිසාගෙන් ඇහුවා “ඔයා කොහේ ඉඳන්ද ආවේ” කියලා. “මං ඊශ්‍රායෙල්වරුන්ගේ කඳවුරෙන් බේරිලයි මෙතනට ආවේ” කියලා ඒ කෙනා කිව්වා. 4 එතකොට දාවිත් ඇහුවා “ඇයි, එහේ මොනවාද වුණේ” කියලා. ඒ මිනිසා මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල් හමුදාව යුද පිටියෙන් පලා ගියා. හුඟදෙනෙක් මැරුණා. සාවුල් රජත් ඔහුගේ පුතා යොනාතානුත් මැරුණා.”+ 5 දාවිත් ඒ තරුණයාගෙන් මෙහෙම ඇහුවා. “සාවුල් රජයි, යොනාතානුයි මැරුණා කියලා ඔයා කොහොමද දන්නේ?” 6 තරුණයා මෙහෙම කිව්වා. “මං අහම්බෙන් වගේ ගිල්බෝවා කන්දට+ ආවා. එතකොට මං දැක්කා සාවුල් රජ හෙල්ලයත් අල්ලගෙන අමාරුවෙන් ඉන්නවා. ඔහුව අල්ලගන්න ආපු අශ්ව රථයි, අසරුවනුයි ඒ කිට්ටුවටම ඇවිත් හිටියා.+ 7 සාවුල් රජ පිටිපස්ස හැරිලා බලද්දී මාව දැකලා මට අඬගැහුවා. මං ‘ඇයි මගේ ස්වාමීනි’ කියලා කිව්වාම 8 ඔහු මගෙන් ඇහුවා ‘ඔයා කවුද’ කියලා. මම ඔහුට කිව්වා ‘මං අමලෙක් ජාතිකයෙක්’+ කියලා. 9 ඒ වෙලාවේ ඔහු මට මෙහෙම කිව්වා. ‘මගේ ළඟට ඇවිත් මාව මරලා දාන්න. මට තාම පණ තිබුණත් මට කිසිම දෙයක් කරගන්න බැහැ. මං ඉන්නේ ලොකු වේදනාවකින්.’ 10 ඔහු දරුණු විදිහට තුවාල වෙලයි හිටියේ. ඉතින් මට තේරුණා ඔහු ජීවත් වෙන එකක් නැහැ කියලා. ඒ නිසා මං ගිහින් ඔහුව මරලා දැම්මා.+ ඊටපස්සේ රජගේ ඔටුන්නයි, අතේ තිබුණ වළල්ලයි ගලවගෙන ඔබට දෙන්න ඒවා අරන් ආවා.”

11 ඒක ඇහුවාම දාවිත් සහ එයාත් එක්ක හිටපු හැමෝම එයාලාගේ ඇඳුම් ඉරාගත්තා. 12 එයාලට ලොකු දුකක් දැනුණා. ඒ නිසා හවස් වෙන කල්ම එයාලා කන්නේ බොන්නේ නැතුව හොඳටම ඇඬුවා.+ මොකද එදා සාවුල් සහ එයාගේ පුතා යොනාතාන් වගේම යෙහෝවාගේ සෙනඟ අතරෙනුත් ඊශ්‍රායෙල්වරු අතරෙනුත්+ හුඟදෙනෙක් කඩුවෙන් මැරුම් කාලා තිබුණා.

13 ඒ ආරංචිය ගෙනාපු තරුණයාගෙන් දාවිත් මෙහෙම ඇහුවා. “ඔයා කාගේ කවුද?” තරුණයා කිව්වා “මගේ තාත්තා විදේශිකයෙක්. එයා අමලෙක් ජාතිකයෙක්” කියලා. 14 ඒ වෙලාවේ දාවිත් “යෙහෝවා දෙවියන්ගේ අභිෂේක ලත් රජව ඔයා මරලා දැම්මේ ඇයි? කිසිම බයක් නැතුව ඒ වගේ දෙයක් කරන්න ඔයාට හයියක් ආවේ කොහෙන්ද”+ කියලා එයාගෙන් ඇහුවා. 15 ඊටපස්සේ දාවිත් ඒ ළඟ හිටපු තරුණයෙක්ට කිව්වා “මේ මිනිහාව මරලා දාන්න” කියලා. ඒ තරුණයා ඒ කෙනාව මරලා දැම්මා.+ 16 දාවිත් ඒ වෙලාවේ මෙහෙම කිව්වා. “ඔයාගේ මරණයට වග කියන්න ඕනෙ ඔයාමයි. මොකද ‘යෙහෝවාගේ අභිෂේක ලත් රජව මැරුවේ මමයි’+ කියලා ඔයා ඔයාටම විරුද්ධව සාක්ෂි දුන්නා.”

17 පස්සේ, සාවුල් සහ එයාගේ පුතා යොනාතාන් වෙනුවෙන්+ දාවිත් ශෝක ගීයක් ගායනා කළා. 18 “දුන්න” විදිහට හඳුන්වපු ඒ ගීය යූදා සෙනඟට උගන්වන්න කියලා දාවිත් නියම කළා. ඒ ගීය යාෂාර් කියන ලියවිල්ලේ+ සටහන් කරලා තියෙනවා.

19 “අනේ ඊශ්‍රායෙල්, ඔබේ තේජස කඳු මුදුනේදී පහ වෙලා ගියා.+

ඔබේ බලවතුන් වැටී ගිය හැටි බලන්න!

20 ඒ පුවත ගාත්වල ප්‍රසිද්ධ කරන්න එපා.+

අෂ්කෙලොන්වල මාවත් දිගේ ඒ ගැන දැනුම් දෙන්නත් එපා.

එහෙම කළොත් පිලිස්තිවරුන්ගේ දූවරු සතුටු වෙයි.

අචර්මච්ඡේදිතයන්ගේ දූවරු ප්‍රීති ඝෝෂා නඟයි.

21 ගිල්බෝවා+ කඳුකරයට පිනිවත් වර්ෂාවවත් නොවැටේවා!

දෙවියන්ට ඔප්පු කරන්න ඒ කඳුකරයෙන් කිසි පලදාවක් නොලැබේවා!+

බලවතුන්ගේ පලිස් පාගලා දැම්මේ එහෙදියි.

තෙලින් ආලේප කරපු සාවුල්ගේ පලිහ විනාශ කළෙත් එහෙදියි.

22 යොනාතාන්ගේ ඊතල කවදාවත් සතුරන්ගේ ලේ වගුරුවන්නේ නැතුව,

බලවතුන්ව පසාරු කරන්නේ නැතුව ආපහු හැරිලා ආවේ නැහැ.+

කිසිම දවසක සාවුල්ගේ කඩුව ජය ගන්නේ නැතුව හැරිලා ආවේ නැහැ.+

23 හැමෝගෙම හිත් දිනාගත්ත, හැමෝම ආදරේ කරපු සාවුල් සහ යොනාතාන්+

මරණයේදීවත් වෙන් වුණේ නැහැ.+

රාජාලීන්ටත් වඩා වේගයෙන්+ ගමන් කරපු ඒ දෙන්නා සිංහයන්ටත් වඩා බලවත් වුණා.+

24 ඊශ්‍රායෙල් දියණියෙනි, ඔබට අලංකාර රතු වස්ත්‍ර අන්දවලා

ඔබව රන් ආභරණවලින් සරසවපු

සාවුල් රජ වෙනුවෙන් හඬා වැලපෙන්න.

25 අනේ, බලවන්තයන් යුද පිටියේ වැටිලා ගිය හැටි බලන්න!

යොනාතාන් කඳු මුදුනේ මැරුම් කෑවා.+

26 අනේ මගේ සහෝදර යොනාතාන්, මම ඔබ ගැන මොන තරම් දුක් වෙනවාද!

ඔබේ මිතුදමෙන් මං කොයි තරම් සතුටක් ලැබුවාද!+

ඔබ මට පෙන්නපු ආදරේ මොන තරම්ද! ඒක ස්ත්‍රීන්ගෙන් ලැබුණ ආදරේටත් වඩා හුඟක් වටිනවා!+

27 අනේ, බලවතුන් වැටී ගිය හැටි බලන්න!

යුධ අවි සුනුවිසුනු වුණ හැටි බලන්න!”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න