ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • දාවිත් මෙෆිබොෂෙත්ට නොසැලෙන ආදරයක් පෙන්නයි (1-13)

2 සාමුවෙල් 9:1

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 18:1, 3; 20:15, 42

2 සාමුවෙල් 9:2

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 16:1; 19:17

2 සාමුවෙල් 9:3

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 4:4; 9:13; 19:26

2 සාමුවෙල් 9:4

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 17:27-29

2 සාමුවෙල් 9:7

පාදසටහන්

  • *

    හෝ, “නොසැලෙන ආදරෙන්.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 11:17
  • +2සාමු 19:28; හිතෝ 11:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2002, 19 පි.

2 සාමුවෙල් 9:8

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 24:14

2 සාමුවෙල් 9:9

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 9:1; 16:4; 19:29

2 සාමුවෙල් 9:10

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 19:28
  • +2සාමු 19:17

2 සාමුවෙල් 9:11

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “මාත් එක්ක.”

2 සාමුවෙල් 9:12

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 8:34; 9:40

2 සාමුවෙල් 9:13

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 9:7; 19:28
  • +2සාමු 4:4

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 සාමු. 9:11සාමු 18:1, 3; 20:15, 42
2 සාමු. 9:22සාමු 16:1; 19:17
2 සාමු. 9:32සාමු 4:4; 9:13; 19:26
2 සාමු. 9:42සාමු 17:27-29
2 සාමු. 9:7හිතෝ 11:17
2 සාමු. 9:72සාමු 19:28; හිතෝ 11:25
2 සාමු. 9:81සාමු 24:14
2 සාමු. 9:92සාමු 9:1; 16:4; 19:29
2 සාමු. 9:102සාමු 19:28
2 සාමු. 9:102සාමු 19:17
2 සාමු. 9:121ලේක 8:34; 9:40
2 සාමු. 9:132සාමු 9:7; 19:28
2 සාමු. 9:132සාමු 4:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 සාමුවෙල් 9:1-13

දෙවෙනි සාමුවෙල්

9 දවසක් දාවිත් එයාගේ සේවකයන්ගෙන් මෙහෙම ඇහුවා. “සාවුල්ගේ පවුලේ කවුරු හරි තාමත් ජීවත් වෙනවාද? ඉන්නවා නම් මට කියන්න. යොනාතාන්ට පොරොන්දු වුණ විදිහට මට ඕනෙ ඒ කෙනාට ආදරෙන් සලකන්න.”+ 2 සාවුල්ගේ ගෙදර සේවය කරපු ෂීබා+ කියලා කෙනෙක් හිටියා. දාවිත්ගේ සේවකයන් එයාව දාවිත් ළඟට ගෙන්නගත්තා. දාවිත් රජ එයාගෙන් මෙහෙම ඇහුවා. “ෂීබා කියන්නේ ඔයාටද?” එතකොට ෂීබා “ඔව් ස්වාමීනි, මං ඔබේ සේවකයා වන ෂීබා” කියලා රජට කිව්වා. 3 ඊටපස්සේ රජ එයාගෙන් මෙහෙම ඇහුවා. “සාවුල්ගේ පවුලේ එක් කෙනෙක් හරි තාම ජීවතුන් අතරේ ඉන්නවාද? එහෙම කෙනෙක් ඉන්නවා නම් මට ඕනෙ දෙවියන් පෙන්නනවා වගේ නොසැලෙන ආදරයක් එයාට පෙන්නන්න.” එතකොට ෂීබා කිව්වා “යොනාතාන්ගේ පුතෙක් තාම ජීවතුන් අතරේ ඉන්නවා. එයාගේ කකුල් දෙකම කොරයි”+ කියලා. 4 රජ එයාගෙන් ඇහුවා “එයා කොහෙද ඉන්නේ” කියලා. ෂීබා මෙහෙම කිව්වා. “එයා ඉන්නේ ලොදේබාර්වල තියෙන අමියෙල්ගේ පුතා වන මාකීර්ගේ+ ගෙදර.”

5 දාවිත් ඒ වෙලාවෙම ලොදේබාර්වල තිබුණ අමියෙල්ගේ පුතා වන මාකීර්ගේ ගෙදරට සේවකයන්ව යවලා යොනාතාන්ගේ පුතාව ගෙන්නගත්තා. 6 සාවුල්ගේ මුනුපුරා ඒ කියන්නේ යොනාතාන්ගේ පුතා වන මෙෆිබොෂෙත් දාවිත් ඉස්සරහට ඇවිත් බිම දණගහගෙන බිමටම ඔළුව පහත් කළා. දාවිත් “මෙෆිබොෂෙත්” කියලා එයාට කතා කරද්දී මෙෆිබොෂෙත් “කියන්න මගේ ස්වාමීනි” කියලා දාවිත්ට කිව්වා. 7 දාවිත් එයාට මෙහෙම කිව්වා. “බය වෙන්න එපා. ඔයාගේ තාත්තා යොනාතාන්ට මං පොරොන්දුවක් වුණා. ඒ නිසා මම ඔයාට ආදරෙන්*+ සලකලා ඔයාව හොඳින් බලාගන්නවා. ඔයාගේ සීයා සාවුල්ට අයිති ඉඩම් ඔක්කොම මං ආයෙත් ඔයාට පවරනවා. ඔයාට පුළුවන් හැමදාම මාත් එක්ක එකට වාඩි වෙලා කෑම කන්න.”+

8 ඒක ඇහුවාම මෙෆිබොෂෙත් එයාගේ ඔළුව බිමටම පහත් කරලා දාවිත්ට මෙහෙම කිව්වා. “මං හරියට මැරුණු බල්ලෙක්+ වගේ. මං වගේ කෙනෙක්ට ඇයි ඔබ මෙච්චර ආදරෙන් සලකන්නේ?” 9 ඊටපස්සේ රජ සාවුල්ගේ සේවකයෙක් වුණ ෂීබාට එන්න කියලා මෙහෙම කිව්වා. “සාවුල්ටයි, එයාගේ පවුලේ අයටයි අයිති වෙලා තිබුණ හැම දෙයක්ම මං ඔයාගේ ස්වාමියාගේ මුනුපුරාට භාර දෙනවා.+ 10 ඔයායි, ඔයාගේ පුතාලයි, ඔයාගේ සේවකයනුයි එයා වෙනුවෙන් ගොවිතැන් කරන්න. ඒ අස්වැන්නෙන් ඔයාගේ ස්වාමියාගේ මුනුපුරාගේ පවුලේ අයට කන්න දෙන්න. ඒත් ඔයාගේ ස්වාමියාගේ මුනුපුරා වන මෙෆිබොෂෙත් හැමදාම කෑම කන්නේ මං එක්කයි.”+

ෂීබාට පුතාලා 15දෙනෙකුත් සේවකයෝ 20දෙනෙකුත් හිටියා.+ 11 ෂීබා, රජට මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, ඔබේ සේවකයා වන මම ඔබ අණ කරපු විදිහටම කරන්නම්.” ඉතින් මෙෆිබොෂෙත් රජගේ පුතෙක් වගේ දාවිත් එක්ක* එකට වාඩි වෙලා කෑම කෑවා. 12 මෙෆිබොෂෙත්ට මිකා+ කියලා පොඩි පුතෙක් හිටියා. ෂීබාගේ ගෙදර හිටපු හැමෝම මෙෆිබොෂෙත්ට සේවය කළා. 13 මෙෆිබොෂෙත් ජීවත් වුණේ යෙරුසලමේ. එයා හැම දවසකම රජත් එක්ක එකට වාඩි වෙලා කෑම කෑවා.+ එයාගේ කකුල් දෙකම කොර වෙලයි තිබුණේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න