ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 කොරින්ති 12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 කොරින්ති පොතේ සාරාංශයක්

      • පාවුල් දැක්ක දර්ශනය (1-7අ)

      • පාවුල්ගේ ‘ශරීරයට ඇනිලා තිබුණ කටුව’ (7ආ-10)

      • සුපිරි නියෝජිතයන්ට වඩා පහත් නැහැ (11-13)

      • කොරින්තියේ අය ගැන පාවුල්ට දැනුණ විදිහ (14-21)

2 කොරින්ති 12:1

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 2:17
  • +ක්‍රියා 22:17, 18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2018, 8 පි.

2 කොරින්ති 12:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 13 පි.

    මුරටැඹ (පාඩම්),

    12/2018, 8 පි.

    මුරටැඹ,

    12/15/2004, 30 පි.

    10/15/2004, 8-10 පි.

    7/15/2000, 27 පි.

2 කොරින්ති 12:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2018, 8 පි.

    මුරටැඹ,

    7/15/2015, 8 පි.

    7/15/2008, 28 පි.

    10/15/2004, 8-10 පි.

    6/15/1997, 5 පි.

2 කොරින්ති 12:7

හරස් යොමු දැක්වීම්

  • +ගලා 4:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 49 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    11/2019, 9 පි.

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    5/2019, 4 පි.

    මුරටැඹ,

    4/1/2014, 5 පි.

    6/15/2008, 3-4 පි.

    12/15/2006, 24 පි.

    8/15/2006, 21 පි.

    8/1/2005, 21-22 පි.

    2/15/2002, 13-14 පි.

    3/1/2000, 4 පි.

    6/1/1997, 25 පි.

    3/1/1991, 8 පි.

    රාජ්‍ය සේවාව,

    5/1998, 1 පි.

    පිබිදෙව්!,

    6/8/1997, 15-16 පි.

2 කොරින්ති 12:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2019, 9 පි.

    මුරටැඹ,

    4/1/2014, 5 පි.

    1/1/2009, 30 පි.

    12/15/2006, 24 පි.

2 කොරින්ති 12:9

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 40:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 49 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    7/2020, 14-19 පි.

    මුරටැඹ (පාඩම්),

    11/2019, 9 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2018, 9 පි.

    මුරටැඹ,

    6/15/2008, 6 පි.

    12/15/2006, 24 පි.

    8/1/2005, 21-22 පි.

    2/15/2002, 18-19 පි.

    3/1/2000, 4 පි.

    6/1/1997, 25 පි.

    පිබිදෙව්!,

    6/8/1997, 15-16 පි.

2 කොරින්ති 12:10

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 4:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2020, 14-19 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2018, 9 පි.

    මුරටැඹ,

    3/15/2010, 18 පි.

    6/15/2008, 3-4, 6 පි.

    9/15/2004, 13-14 පි.

2 කොරින්ති 12:11

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 11:23

2 කොරින්ති 12:12

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 6:4
  • +ක්‍රියා 14:3; 15:12; රෝම 15:18, 19

2 කොරින්ති 12:13

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 9:11, 12; 2කොරි 11:9

2 කොරින්ති 12:14

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 20:33
  • +1කොරි 4:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/1997, 20 පි.

    10/1/1996, 29 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 22 පි.

2 කොරින්ති 12:15

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 1:6; කොලො 1:24; 1තෙස 2:8; හෙබ්‍රෙ 13:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    රාජ්‍ය සේවාව,

    6/2007, 1 පි.

    මුරටැඹ,

    11/15/2000, 21 පි.

    9/15/2000, 22-23 පි.

2 කොරින්ති 12:16

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 11:9

2 කොරින්ති 12:18

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 8:6

2 කොරින්ති 12:20

පාදසටහන්

  • *

    හෝ, “රහස් කියන එක.”

2 කොරින්ති 12:21

පාදසටහන්

  • *

    ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.

  • *

    හෝ, “නින්දිත ක්‍රියාවල නිරත වෙන.” ග්‍රීක භාෂාවෙන් අසෙල්ජෙයියා. “පැහැදිලි කිරීමක්” බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2012, 31 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 කොරි. 12:1ක්‍රියා 2:17
2 කොරි. 12:1ක්‍රියා 22:17, 18
2 කොරි. 12:7ගලා 4:13
2 කොරි. 12:9යෙසා 40:29
2 කොරි. 12:10ෆිලි 4:13
2 කොරි. 12:112කොරි 11:23
2 කොරි. 12:122කොරි 6:4
2 කොරි. 12:12ක්‍රියා 14:3; 15:12; රෝම 15:18, 19
2 කොරි. 12:131කොරි 9:11, 12; 2කොරි 11:9
2 කොරි. 12:14ක්‍රියා 20:33
2 කොරි. 12:141කොරි 4:14
2 කොරි. 12:152කොරි 1:6; කොලො 1:24; 1තෙස 2:8; හෙබ්‍රෙ 13:17
2 කොරි. 12:162කොරි 11:9
2 කොරි. 12:182කොරි 8:6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 කොරින්ති 12:1-21

දෙවෙනි කොරින්ති

12 මට ආඩම්බරයෙන් කතා කරන්න වෙනවා. මං කතා කරන්න යන මේ දේ කිව්වා කියලා මට ප්‍රයෝජනයක් නැහැ. ඒත් ස්වාමීන් ආශ්චර්යවත් විදිහට මට පෙන්නපු දර්ශන+ ගැනයි, ඔහු මට එළිදරව් කරපු පණිවිඩ+ ගැනයි දැන් මං කියන්නම්. 2 ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න පුරුෂයෙක් ගැන මං දන්නවා. අවුරුදු 14කට කලින් එයාව තුන්වෙනි ස්වර්ගයට අරන් ගියා. එයා ශරීරය පිටින්මද එහෙට ගියේ එහෙම නෙමෙයිද කියලා මං දන්නේ නැහැ. දෙවියන් තමයි ඒක දන්නේ. 3 මං මේ ඇත්ත කියන්නේ. එහෙම ගිය කෙනෙක් ගැන මං දන්නවා. එයා ශරීරය පිටින්ම එහෙට ගියාද නැද්ද කියලා මං දන්නේ නැහැ. දෙවියන් තමයි ඒක දන්නේ. 4 එයාව අරන් ගියේ පාරාදීසයකට. කටක් ඇරලා කියන්න අවසර නැති, කාත් එක්කවත් කියන්න බැරි දේවල් එයාට ඇහුණා. 5 ඒ කෙනා ගැන මං ආඩම්බරයෙන් කතා කරනවා. ඒත් මම මං ගැන ආඩම්බරයෙන් කතා කරන්නේ නැහැ. මං දුර්වලයි කියලා පෙන්නන දේවල් ගැන විතරයි මම කතා කරන්නේ. 6 මං ආඩම්බරයෙන් කතා කළත් මං විකාර දේවල් කියන්නේ නැහැ. මොකද මං කතා කරන්නේ ඇත්ත. ඒත් මං ආඩම්බරයෙන් කතා කරන්නේ නැහැ. මොකද මං කැමති නැහැ ඔයාලට මං ගැන දකින්න, අහන්න තියෙන දේට වඩා වැඩි ගෞරවයක් ඔයාලා මට දෙනවාට. 7 පුදුමාකාර පණිවිඩ මට එළිදරව් කරපු නිසාම අනිත් අය මං ගැන ඉහළින් හිතන්න ඕනෙ නැහැ.

මට මං ගැනම මහ ඉහළින් හිතන්න බැරි වෙන්න මට කටුවක් දීලා තියෙනවා.+ ඒක මගේ ශරීරයට ඇනිලයි තියෙන්නේ. ඒ කටුව මට දිගටම පහර දෙනවා. හරියට සාතන්ගේ දූතයෙක් මගේ කම්මුලට ගහනවා වගේ. ඒ කටුව මට දීලා තියෙන්නේ මං ගැන ඕනෑවට වඩා හිතලා ආඩම්බර වෙන්නේ නැතුව ඉන්නයි. 8 ඒක මගෙන් අයින් කරන්න කියලා මං තුන් සැරයක්ම ස්වාමීන්ට කන්නලව් කළා. 9 ඒත් ඔහු මට මෙහෙම කිව්වා. “මං ඔයාට පෙන්නන මහත් කරුණාව ඔයාට ඇති. මොකද ඔයා දුර්වල වෙලා ඉන්න වෙලාවලදී තමයි මගේ බලය සම්පූර්ණයෙන්ම දකින්න පුළුවන් වෙන්නේ.”+ ඉතින් මගේ දුර්වලකම් ගැන මං ආඩම්බරයෙන් කතා කරනවා. එතකොට ක්‍රිස්තුස්ගෙන් ලැබෙන බලය කූඩාරමක් වගේ මට රැකවරණයක් වෙයි. 10 ඉතින් ක්‍රිස්තුස් වෙනුවෙන් මං හරිම සතුටින් මගේ දුර්වලකම් දරාගන්නවා. නින්දා අපහාස, අගහිඟකම්, පීඩා, ප්‍රශ්න දරාගන්නවා. මොකද මං දුර්වල වෙලා ඉන්න වෙලාවලදී තමයි මාව බලවත් කරන්නේ.+

11 මං විකාර දේවල් කියන කෙනෙක් වගේ කතා කරන්න පෙලඹුණේ ඔයාලා නිසයි. ඔයාලා මං ගැන හොඳ දේවල් කියලා තිබුණා නම් මං ඒ විදිහට කතා කරන්නේ නැහැ. ඔයාලා දකින විදිහට මගේ කිසිම වටිනාකමක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාලාගේ සුපිරි නියෝජිතයන්ට වඩා මං පහත් කියලා කියන්න කිසිම හේතුවක් නැහැ.+ 12 මං නියෝජිතයෙක් කියන දේට සාක්ෂි මං ඔයාලට පෙන්නලයි තියෙන්නේ. මං ගොඩක් දේවල් විඳදරාගෙන,+ ඔයාලා අතරේ පුදුම හිතෙන දේවල් සහ ආශ්චර්යයන් කරලා, ලකුණු පෙන්නලා ඒ දේ ඔප්පු කළා.+ 13 මං ඔයාලට කිසිම විදිහකින් බරක් වුණේ නැහැ.+ ඒක විතරයි අනිත් සභාවන් එක්ක බලද්දී මගෙන් ඔයාලට වුණ එකම අඩුව. මං බරක් නොවී හිටපු එක වරදක්ද? එහෙමනම් ඒ වරදට මට සමාව දෙන්න.

14 මේ තමයි මං ඔයාලව බලන්න එන්න ලෑස්ති වෙන තුන්වෙනි වතාව. ඒත් මං ඔයාලට බරක් වෙන්නේ නැහැ. මොකද මට ඕනෙ ඔයාලව දැකගන්න මිසක් ඔයාලට තියෙන දේවල් ගන්න නෙමෙයි.+ දෙමාපියන් වෙනුවෙන් දේවල් රැස් කරයි කියලා සාමාන්‍යයෙන් දරුවන්ගෙන්+ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වෙනුවට දෙමාපියන් තමයි දරුවන් වෙනුවෙන් දේවල් රැස් කරලා තියන්නේ. 15 ඔයාලා වෙනුවෙන් මට තියෙන හැම දෙයක්ම, මගේ ජීවිතේ වුණත් මම සතුටින් දෙනවා.+ මට ඔයාලා ගැන ඒ තරම් ආදරයක් තියෙනවා නම් ඔයාලත් මට ඒ වගේ ආදරයක් පෙන්නයි කියලා මං බලාපොරොත්තු වෙන එක වැරදිද? 16 මං ඔයාලට බරක් වුණේ නැතත්+ ඔයාලා කියන්නේ මං හරිම “කපටියි,” මං ඔයාලව “රවට්ටලා” ඔයාලව අල්ලගත්තා කියලයි. 17 මං ඔයාලව බලන්න එවපු අය ලවා ඔයාලාගෙන් වාසි ප්‍රයෝජන ලබාගත්තාද? 18 ඔයාලව හම්බ වෙන්න යන්න කියලා මං තීතස්ට උනන්දු කළා. එයාත් එක්ක තව සහෝදරයෙක්වත් එව්වා. තීතස් ඔයාලාගෙන් වාසි ප්‍රයෝජන ලබාගත්තාද? එයා එහෙම කළේ නැහැ කියලා මං දන්නවා.+ අපිට තියෙන ආකල්ප එක සමානයි. එහෙම නෙමෙයිද? අපි වැඩ කළේ එක වගේ. එහෙම නෙමෙයිද?

19 අපි මේ නිදහසට කරුණු කියනවා කියලා ඔයාලා හිතනවා ඇති. ඒත් ඒක එහෙම නෙමෙයි. ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න අය විදිහට අපි දෙවියන් ඉස්සරහා කියන්නේ ඇත්ත. ආදරණීය සහෝදරයෙනි, අපි මේ හැම දෙයක්ම කරන්නේ ඔයාලව ගොඩනංවන්න. 20 ඒත් මට බයයි මං ආවාම මං බලාපොරොත්තු වෙනවාට වඩා වෙනස් විදිහකට ඔයාලා වැඩ කරයි කියලා. ඒ වගේම ඔයාලා කැමති විදිහට මං වැඩ කරන එකක් නැහැ කියලත් මට බයයි. මොකද රණ්ඩු, ඊර්ෂ්‍යාව, ඉක්මනින් කේන්ති ගන්න එක, ආරවුල්, අපහාස කරගන්න එක, ඕපාදූප කියන එක,* අහංකාරකමින් ඉදිමිලා වැඩ කරන එක ඔයාලා අතරේ ඇති. ඒ වගේම නොසන්සුන් වටපිටාවකුත් ඔයාලා අතරේ ඇති කියලා මට හිතෙනවා. 21 සමහරවිට මං ආයේ එද්දී ඔයාලා ඉස්සරහා මගේ දෙවියන් මාව ලැජ්ජාවට පත් කරයි. හුඟදෙනෙක් එයාලා කලින් කරපු වැරදි ගැන පසුතැවෙන්නේ නැති නිසා මට දුක් වෙන්න වෙයි. අපවිත්‍ර දේවල්, ලිංගික දුරාචාරය* සහ කිසිම ලැජ්ජාවක් බයක් නැතුව හැසිරෙන* එක ගැන එයාලා හිතන විදිහ වෙනස් කරගෙන නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න