හොෂෙයා
ඒත් බාල් දෙවියාට නමස්කාර කරන්න පටන්ගත්ත නිසා+ ඔහු මිය ගියා.
2 එෆ්රායිම් වැසියෝ රිදීවලින්
වෙනත් දෙවිවරුන්ගේ රූප* හදාගෙන තව තවත් පව් කරනවා.+
දක්ෂ රන්කරුවන් ලවා හදාගත්ත ඒ රූප ගැන ඔවුන් මෙහෙම කියනවා.
‘ඇවිත් මේ වස්සන්ව සිපගන්න කියලා පූජා ඔප්පු කරන්න එන අයට කියන්න.’+
3 ඒ නිසා මොහොතකින් නොපෙනී යන අලුයම මීදුම වගෙත්
සැණෙකින් නැති වෙලා යන පිනි වගෙත් ඔවුන් නැති වෙලා යනවා.
කමතෙන් ගහගෙන යන දහයියා වගෙත්
පෝරණුවේ සිදුරෙන් නඟින දුම වගෙත් ඔවුන් පහ වෙනවා.
4 ඔබ ඊජිප්තු දේශයේ හිටපු කාලයේ ඉඳන් මේ වෙන කල්ම මං ඔබේ දෙවි වන යෙහෝවායි.+
මම හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ කියලා ඔබ හොඳින්ම දැනන් හිටියා.
මම හැර වෙන ගැලවුම්කරුවෙක් නැහැ.+
5 කාෂ්ටක පාළුකරයේදී ඔබව රැකබලා ගත්තේ මමයි.+
6 ඒත් සරු තණබිම්වලින් කාලා තෘප්තියට පත් වුණාට පස්සේ+ ඔබේ සිත උඩඟු වුණා.
ඔබ මාව අමතක කළා.+
8 පැටවුන් නැති වුණ වැලහින්නක් වගේ
මම ඔබේ ඇඟට කඩා පැනලා ඔබේ පපුව ඉරලා දානවා.
සිංහයෙක් වගේ ඔබව කාලා දානවා.
වනසතෙක් ඇවිත් ඔබව කෑලි කෑලිවලට ඉරලා දානවා.
9 ඊශ්රායෙල් සෙනඟෙනි, ඔබ පව් කළේ ඔබේ උදව්වට ආපු මට විරුද්ධවයි.
ඒ නිසා මම ඔබව විනාශ කරනවා.
10 ‘අපිට රජෙක් දෙන්න. අපිට පාලකයන් දෙන්න’ කියලා ඔබ මගෙන් ඉල්ලුවා.+
ඒත් දැන් කෝ ඔබේ රජ්ජුරුවන්? කෝ ඔබේ පාලකයන්?*
ඔවුන්ට කියන්න නුවරවල්වල ඉන්න ඔබව ඇවිත් බේරගන්න කියලා.+
12 එෆ්රායිම් කරපු වැරදි මම අමතක කරන්නේ නැහැ.
ඔහු කරපු හැම පාපයක්ම ගණන් කරලා ඒවා වාර්තා කරලා තියෙනවා.*
13 ප්රසව වේදනාව අද්දකින ස්ත්රියක් වගේ ඔහුට මහත් වේදනාවක් විඳින්න වෙනවා.
ඒත් ඔහු මෝඩ බිලිඳෙක්.
බිහි වෙන කාලය ආවත් ඔහු මව්කුසෙන් පිටතට එන්නේ නැහැ.
14 මිනී වළෙන් සහ මරණයෙන් ගලවගන්න තැනැත්තා මමයි.+
මරණය, වේදනාව ඇති කරන ඔබේ විෂ තුඩ කොතනද?+
මිනී වළ, විනාශය ඇති කරන ඔබ කොහෙද?+
ඒත් එෆ්රායිම්ට නම් මම අනුකම්පා කරන්නේ නැහැ.
15 ඔහු බට ගස් අතරේ සරුවට වැඩුණත්
යෙහෝවා නැඟෙනහිරෙන් ඔහුට විරුද්ධව සුළඟක් එවයි.
කාන්තාරයෙන් එන ඒ සුළඟ නිසා ඔහුගේ ළිං සහ දිය උල්පත් හිඳිලා යයි.
ඔහුගේ වටිනා වස්තු සම්භාරයම ගහගෙන යයි.*+
16 සමාරියේ වැසියන් කැරලිගැසුවේ ඔවුන්ගෙම දෙවියන්ට විරුද්ධවයි.+