ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 22
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ක්‍රියා පොතේ සාරාංශයක්

      • තමන් නිර්දෝෂයි කියලා පාවුල් සෙනඟ ඉස්සරහා ඔප්පු කරයි (1-21)

      • පාවුල් තමන්ගේ රෝම පුරවැසිභාවය ප්‍රයෝජනයට ගනියි (22-29)

      • මන්ත්‍රණ සභාව රැස් වෙයි (30)

ක්‍රියා 22:1

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 1:7

ක්‍රියා 22:3

හරස් යොමු දැක්වීම්

  • +රෝම 11:1
  • +ක්‍රියා 21:39
  • +ක්‍රියා 5:34
  • +ක්‍රියා 26:4, 5
  • +ගලා 1:14; ෆිලි 3:4-6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1996, 26-29 පි.

ක්‍රියා 22:4

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 8:3; 9:1, 2; 26:9-11; 1තිමෝ 1:12, 13

ක්‍රියා 22:6

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 9:3-8; 26:13-15

ක්‍රියා 22:10

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 26:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2012, 27 පි.

ක්‍රියා 22:13

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 9:17, 18

ක්‍රියා 22:14

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 9:1; 15:8; ගලා 1:15, 16

ක්‍රියා 22:15

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 23:11; 26:16

ක්‍රියා 22:16

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 10:43
  • +1කොරි 6:11; 1යොහ 1:7; එළි 1:5

ක්‍රියා 22:17

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 9:26; ගලා 1:18

ක්‍රියා 22:18

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 9:28, 29

ක්‍රියා 22:19

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 8:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2007, 17 පි.

ක්‍රියා 22:20

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 7:58; 8:1; 1තිමෝ 1:13, 15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2007, 17 පි.

ක්‍රියා 22:21

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 9:15; 13:2; රෝම 1:5; 11:13; ගලා 2:7; 1තිමෝ 2:7

ක්‍රියා 22:23

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 16:13

ක්‍රියා 22:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2001, 21-22 පි.

ක්‍රියා 22:25

පාදසටහන්

  • *

    හෝ, “නඩු විභාගයක් කරන්නේ නැතුව.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 16:37, 38; 23:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2015, 12 පි.

    12/15/2001, 22 පි.

ක්‍රියා 22:28

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 16:37

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 210 පි.

ක්‍රියා 22:29

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 25:16

ක්‍රියා 22:30

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 10:17, 18; ලූක් 21:12

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ක්‍රියා 22:1ෆිලි 1:7
ක්‍රියා 22:3රෝම 11:1
ක්‍රියා 22:3ක්‍රියා 21:39
ක්‍රියා 22:3ක්‍රියා 5:34
ක්‍රියා 22:3ක්‍රියා 26:4, 5
ක්‍රියා 22:3ගලා 1:14; ෆිලි 3:4-6
ක්‍රියා 22:4ක්‍රියා 8:3; 9:1, 2; 26:9-11; 1තිමෝ 1:12, 13
ක්‍රියා 22:6ක්‍රියා 9:3-8; 26:13-15
ක්‍රියා 22:10ක්‍රියා 26:16
ක්‍රියා 22:13ක්‍රියා 9:17, 18
ක්‍රියා 22:141කොරි 9:1; 15:8; ගලා 1:15, 16
ක්‍රියා 22:15ක්‍රියා 23:11; 26:16
ක්‍රියා 22:16ක්‍රියා 10:43
ක්‍රියා 22:161කොරි 6:11; 1යොහ 1:7; එළි 1:5
ක්‍රියා 22:17ක්‍රියා 9:26; ගලා 1:18
ක්‍රියා 22:18ක්‍රියා 9:28, 29
ක්‍රියා 22:19ක්‍රියා 8:3
ක්‍රියා 22:20ක්‍රියා 7:58; 8:1; 1තිමෝ 1:13, 15
ක්‍රියා 22:21ක්‍රියා 9:15; 13:2; රෝම 1:5; 11:13; ගලා 2:7; 1තිමෝ 2:7
ක්‍රියා 22:232සාමු 16:13
ක්‍රියා 22:25ක්‍රියා 16:37, 38; 23:27
ක්‍රියා 22:28ක්‍රියා 16:37
ක්‍රියා 22:29ක්‍රියා 25:16
ක්‍රියා 22:30මතෙ 10:17, 18; ලූක් 21:12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ක්‍රියා 22:1-30

යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා

22 “සහෝදරයෙනි, පියවරුනි, මං කියන දේ අහන්න. සිද්ධ වුණ දේවල් පැහැදිලි කරන්න මට ඉඩ දෙන්න.”+ 2 පාවුල් හෙබ්‍රෙව් භාෂාවෙන් කතා කරනවා ඇහුණාම එයාලා නිශ්ශබ්ද වුණා. එයා මෙහෙම කිව්වා. 3 “මම යුදෙව්වෙක්.+ මම ඉපදුණේ සිලීසියාවේ+ ටාසස් කියන නගරේ. මම ඉගෙනගත්තේ මේ නුවරේ ගමාලියෙල්ගේ පාමුල+ ඉඳගෙන. අපේ මුතුන්මිත්තන්ගෙන් ආපු නීතිය අකුරටම පිළිපදින්න මං ඉගෙනගත්තා.+ ඔයාලා හැමෝටම වගේ මටත් තිබුණේ දෙවියන් ගැන දැවෙන උද්‍යෝගයක්.+ 4 ඉතින් මේ ‘මාර්ගයේ’ යන ස්ත්‍රීන් සහ පුරුෂයන් දෙගොල්ලන්ටම මම පීඩා කළා.+ මං එයාලට කොච්චර පීඩා කළාද කිව්වොත් මං එයාලාගේ අත පය බැඳලා හිරේට දැම්මා. මිනිස්සු දම්මලා එයාලව මරලත් දැම්මා. 5 මං කියන දේ ඇත්තද කියලා ඔයාලට උත්තම පූජකයාගෙනුයි, සෙනඟ අතරේ ඉන්න වැඩිමහල්ලන්ගෙනුයි අහලා දැනගන්න පුළුවන්. දමස්කයේ ඉන්න යුදෙව් නායකයන්ට පෙන්නන්න මං එයාලාගෙන් ලිපි කීපයකුත් ඉල්ලගත්තා. ඒ ලිපිත් අරගෙන මං එහෙට ගියේ දම්වැල් දාලා හිර කරලා තිබුණ මේ මිනිස්සුන්ව යෙරුසලමට අරන් ඇවිත් එයාලට දඬුවම් කරන්න.

6 “ඉර මුදුන් වෙන වෙලාව වෙනකොට මං දමස්කය කිට්ටුවට ඇවිල්ලයි හිටියේ. එකපාරටම අහසෙන් ආපු ලොකු එළියක් මං වටේට විහිදුණා.+ 7 ඒ වෙලාවෙම මම බිම ඇදගෙන වැටුණා. එතකොට ‘සාවුල්, සාවුල්, ඔයා මට පීඩා කරන්නේ ඇයි’ කියන හඬක් මට ඇහුණා. 8 ‘ස්වාමීනි, ඔබ කවුද’ කියලා මම ඇහුවාම ඒ හඬ මට මෙහෙම කිව්වා. ‘මම නාසරෙත්වලින් ආපු යේසුස්. ඔයා පීඩා කරන්නේ මටයි.’ 9 මාත් එක්ක ආපු මිනිස්සු ඒ එළිය දැක්කත් මට කතා කරපු ඒ හඬ එයාලට ඇහුණේ නැහැ. 10 ‘ස්වාමීනි, මං මොනවාද කරන්න ඕනෙ’ කියලා මම ඇහුවා. එතකොට ස්වාමීන් මට මෙහෙම කිව්වා. ‘දැන් නැඟිටලා දමස්කයට යන්න. ඔයා කරන්න ඕනෙ මොනවාද කියලා එහෙදී ඔයාට දැනගන්න ලැබෙයි.’+ 11 ඒ එළිය කොච්චර දීප්තිමත්ද කියනවා නම් මට කිසි දෙයක් පේන්නේ නැතුව ගියා. මාත් එක්ක හිටපු අය මගේ අතින් අල්ලගෙන තමයි මාව දමස්කයට එක්කන් ගියේ.

12 “එහේ නීතිය හොඳින් පිළිපැද්ද, ලොකු භක්තියක් තිබුණ කෙනෙක් හිටියා. එයාගේ නම අනනියස්. එයා එහේ හිටපු යුදෙව්වන් අතරේ හොඳ නමක් දිනාගෙන හිටපු කෙනෙක්. 13 එයා මං ළඟට ඇවිත් ‘සාවුල් මගේ සහෝදරයා, දැන් ඔයාට ආයෙත් පෙනීම ලැබෙයි’ කියලා කිව්වා. ඒ වෙලාවෙම මට පෙනීම ලැබිලා මට එයාව දකින්න පුළුවන් වුණා.+ 14 ඊටපස්සේ එයා මට මෙහෙම කිව්වා. ‘අපේ මුතුන්මිත්තන්ගේ දෙවියන් ඔයාව තෝරගෙන තියෙනවා. ඔහුට ඕනෙ ඔහුගේ කැමැත්ත ගැන ඔයාට දැනුම් දෙන්න. ඒ වගේම ධර්මිෂ්ඨ තැනැත්තාව දකින්න,+ ඔහුගේ කටහඬ අහන්න ඔයාට අවස්ථාව දෙන්න. 15 ඔයා අහපු දැකපු දේවල්+ ගැන මිනිස්සු හැමෝටම දැනුම් දීලා ඔහු වෙනුවෙන් සාක්ෂි දෙන්නයි ඔයාව තෝරගෙන තියෙන්නේ. 16 ඉතින් ඔයා තවත් පරක්කු කරන්නේ ඇයි? නැඟිටලා බව්තීස්ම වෙන්න. යේසුස්ගේ නම කියලා කන්නලව් කරලා+ ඔයාගේ පව්වලට සමාව ලබාගන්න.’+

17 “ඊටපස්සේ මං ආයෙත් යෙරුසලමට ගියා.+ දවසක් මම දේවමාලිගාවේ යාච්ඤා කරකර ඉද්දී දර්ශනයක් දැක්කා. 18 ඒ දර්ශනයේදී ස්වාමීන් මට මෙහෙම කිව්වා. ‘ඉක්මනින්ම යෙරුසලමෙන් පිට වෙන්න. මොකද ඔයා මං ගැන සාක්ෂි දැරුවත් එයාලා ඔයා කියන දේ පිළිගන්නේ නැහැ.’+ 19 එතකොට මම මෙහෙම කිව්වා. ‘ස්වාමීනි, මං හැම සිනගෝගයකටම ගිහින් ඔබ ගැන විශ්වාසයක් තිබුණ අයව අල්ලගෙන හිරේට දාලා එයාලට හොඳටම ගැහුවා+ කියලා මෙහේ ඉන්න අය දන්නවා. 20 ඒ වගේම එයාලා දන්නවා ඔබේ සාක්ෂිකරුවෙක් වුණ ස්තේපන්ව මරද්දී මමත් එතන ඉඳන් ඒකට සහයෝගය දුන්නා කියලා. එයාව මරලා දාපු අයගේ පිට වස්ත්‍ර බලාගත්තෙත් මමයි.’+ 21 ඒත් ස්වාමීන් මට මෙහෙම කිව්වා. ‘දැන් මෙහෙන් යන්න ලෑස්ති වෙන්න. මොකද මම ඔයාව දුර ඈත ඉන්න ජාතීන් ළඟට යවනවා.’”+

22 සෙනඟ ඒ වෙන කල් එයාට ඇහුම්කන් දුන්නත් ඊටපස්සේ එයාලා කෑගහලා “මේ වගේ මිනිහෙක් ජීවත් වෙන්න වටින්නේ නැහැ. එයාව මරලා දාන්න” කියලා කිව්වා. 23 එයාලා කෑගගහා එයාලාගේ පිට වස්ත්‍ර ගලවලා වීසි කළා. එයාලා දූවිලිත් අහසට වීසි කරන්න ගත්තා.+ 24 ඒ නිසා හමුදාපති අණ කළා පාවුල්ව හමුදා කඳවුරට අරන් යන්න කියලා. එයාට කසයෙන් ගහලා එයාගෙන් ප්‍රශ්න කරන්න කියලත් එයා කිව්වා. මොකද එයාට ඕනෙ වුණේ සෙනඟ පාවුල්ට විරුද්ධව ඒ තරම් කෑගහන්නේ ඇයි කියලා දැනගන්න. 25 එයාලා පාවුල්ගේ අත් දෙක උඩට තියලා බැඳලා එයාට කසයෙන් ගහන්න ලෑස්ති වෙද්දී පාවුල් එතන හිටිය හමුදා නිලධාරියාට මෙහෙම කිව්වා. “වරදකරුවෙක් විදිහට ඔප්පු කරලා නැති* රෝම පුරවැසියෙක්ට මෙහෙම කසයෙන් ගහන්න ඔයාට නීතියෙන් අවසර තියෙනවාද?”+ 26 ඒක ඇහුවාම හමුදා නිලධාරියා හමුදාපති ළඟට ගිහින් ඒ ගැන දැනුම් දීලා මෙහෙම කිව්වා. “මේ මිනිහා රෝම පුරවැසියෙක්. ඉතින් අපි දැන් මොකද කරන්නේ?” 27 හමුදාපති පාවුල් ළඟට ඇවිත් “ඔයා ඇත්තටම රෝම පුරවැසියෙක්ද” කියලා ඇහුවා. පාවුල් “ඔව්” කියලා කිව්වා. 28 එතකොට හමුදාපති කිව්වා “මම මගේ පුරවැසිකම ගත්තේ ලොකු ගාණක් ගෙවලයි” කියලා. ඒ වෙලාවේ පාවුල් මෙහෙම කිව්වා. “මම නම් උපතින්ම රෝම පුරවැසියෙක්.”+

29 ඒක ඇහුව ගමන්ම වධ දීලා එයාගෙන් ප්‍රශ්න කරන්න ලෑස්ති වෙලා හිටිය අය එයාගෙන් ඈත් වුණා. තමන් දම්වැල්වලින් බඳින්න අණ කරලා තිබ්බේ රෝම පුරවැසියෙක්ව+ කියලා දැනගත්තාම හමුදාපතිත් බය වුණා.

30 යුදෙව්වරුන් පාවුල්ට විරුද්ධව කරන්නේ මොන වගේ චෝදනාවක්ද කියලා හරියටම දැනගන්න හමුදාපතිට ඕනෙ වුණා. ඒ නිසා එයා ඊළඟ දවසේදී නායක පූජකයන්ටයි, මුළු මන්ත්‍රණ සභාවටයි රැස් වෙන්න කියලා අණ කළා. එයා පාවුල්ගේ දම්වැල් ගලවලා එයාව එයාලා ඉස්සරහට අරන් ගියා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න