ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 32
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • පාරාවෝ සහ ඊජිප්තුව ගැන ශෝක ගීයක් (1-16)

      • ඊජිප්තුව අචර්මච්ඡේදිත අය එක්ක වළලයි (17-32)

එසකියෙල් 32:2

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 51:9, 10; එස 29:3

එසකියෙල් 32:4

හරස් යොමු දැක්වීම්

  • +එස 29:5

එසකියෙල් 32:5

හරස් යොමු දැක්වීම්

  • +එස 31:12

එසකියෙල් 32:7

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 13:1, 10

එසකියෙල් 32:9

හරස් යොමු දැක්වීම්

  • +එස 29:12; 30:26

එසකියෙල් 32:11

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 43:10, 11; 46:25, 26; එස 30:24

එසකියෙල් 32:12

හරස් යොමු දැක්වීම්

  • +එස 30:10, 11; හබ 1:6
  • +එස 29:19

එසකියෙල් 32:13

හරස් යොමු දැක්වීම්

  • +එස 30:12
  • +එස 29:8, 11

එසකියෙල් 32:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 107:33, 34; එස 29:12
  • +එස 30:26

එසකියෙල් 32:20

හරස් යොමු දැක්වීම්

  • +එස 29:8

එසකියෙල් 32:22

පාදසටහන්

  • *

    මෙතන කතා කරන්නේ ඇසිරියාවේ රජ ගැන වෙන්න පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 37:36; සෙක 10:11

එසකියෙල් 32:24

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:22; යෙරෙ 49:34, 35

එසකියෙල් 32:25

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ඒලාම් ජාතිය.

  • *

    මූ.අ., “ඔහුවත්.”

එසකියෙල් 32:26

පාදසටහන්

  • *

    මූ.අ., “ඇගේ.”

  • *

    මූ.අ., “ඇගේ.”

  • *

    මෙතන කතා කරන්නේ මෙෂෙක් සහ තූබල්වල රජ ගැන වෙන්න පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:2; එස 38:2

එසකියෙල් 32:27

පාදසටහන්

  • *

    සමහරවිට මේ කතා කරන්නේ හමුදා ගෞරව ආචාර මැද කඩුත් එක්කම භූමදානය කරපු යුධ දක්ෂයන් ගැනයි.

එසකියෙල් 32:28

පාදසටහන්

  • *

    සමහරවිට මේ කතා කරන්නේ පාරාවෝ ගැන නැත්නම් ඊජිප්තුව ගැන වෙන්න පුළුවන්.

එසකියෙල් 32:29

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:30; යෙසා 34:5; එස 25:12, 13; ආමො 1:11; ඔබ 1; මලා 1:4
  • +යෙරෙ 9:25, 26

එසකියෙල් 32:30

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:15; එස 28:21

එසකියෙල් 32:31

හරස් යොමු දැක්වීම්

  • +එස 31:16

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 32:2යෙසා 51:9, 10; එස 29:3
එස. 32:4එස 29:5
එස. 32:5එස 31:12
එස. 32:7යෙසා 13:1, 10
එස. 32:9එස 29:12; 30:26
එස. 32:11යෙරෙ 43:10, 11; 46:25, 26; එස 30:24
එස. 32:12එස 30:10, 11; හබ 1:6
එස. 32:12එස 29:19
එස. 32:13එස 30:12
එස. 32:13එස 29:8, 11
එස. 32:15ගීතා 107:33, 34; එස 29:12
එස. 32:15එස 30:26
එස. 32:20එස 29:8
එස. 32:22යෙසා 37:36; සෙක 10:11
එස. 32:24උත් 10:22; යෙරෙ 49:34, 35
එස. 32:26උත් 10:2; එස 38:2
එස. 32:29උත් 25:30; යෙසා 34:5; එස 25:12, 13; ආමො 1:11; ඔබ 1; මලා 1:4
එස. 32:29යෙරෙ 9:25, 26
එස. 32:30උත් 10:15; එස 28:21
එස. 32:31එස 31:16
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 32:1-32

එසකියෙල්

32 12වෙනි අවුරුද්දේ 12වෙනි මාසයේ පළවෙනිදා යෙහෝවා දෙවියන් ආයෙත් සැරයක් මට කතා කරලා මෙහෙම කිව්වා. 2 “මනුෂ්‍ය පුත්‍රය, ඊජිප්තුවේ රජ වන පාරාවෝ ගැන ශෝක ගීයක් ගයන්න. පාරාවෝට මෙහෙම කියන්න.

‘ජාතීන් අතරේ ඔබ හිටියේ තරුණ, කේශර සිංහයෙක් වගෙයි.

ඒත් දැන් ඔබව නිහඬ කරලා.

මුහුදේ සැරිසරපු දැවැන්තයෙක් වගේ හිටපු ඔබ,+ ඔබේ ගංගා කැලැත්තුවා.

ඔබේ පාදවලින් මඩ අවුස්සලා ගංගාවල වතුර බොර කළා.’

 3 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා.

‘දඩයම් කරන්න එළන මගේ දැල මම ජාතීන් සමූහයක් ලවා ඔබට විරුද්ධව දානවා.

ඔවුන් මගේ මාදැලෙන් ඔබව අල්ලගෙන ගොඩට ඇදලා ගනියි.

 4 මම ඔබව ගොඩබිමේ දාලා යනවා.

එළිමහනේ ඔහේ අතහැරලා යනවා.

හැම වර්ගයකම කුරුල්ලන්ට ඔබේ ඇඟේ වහන්න මම සලස්වනවා.

පොළොවේ ඉන්න හැම වනසතෙක්ටම ඔබව කන්න දීලා මම උන්ව තෘප්තිමත් කරනවා.+

 5 මම ඔබේ මස්, කඳු උඩ සීසීකඩ වීසි කරනවා.

ඔබේ මළ කුණේ ඉතුරු වුණ දේවල්වලින් නිම්න පුරවනවා.+

 6 කඳුකරය වෙන කල් තියෙන මුළු දේශයම මම ඔබේ ලේවලින් නාවනවා.

දිය පහරවල් ඔබේ ලේවලින් පිරිලා යයි.’

 7 ‘ඔබව විනාශ කළාම මම අහස වහලා තරුවල එළිය අඳුරු කරනවා.

වලාකුළුවලින් හිරු වහලා දානවා.

හඳෙන් කිසිම එළියක් ලැබෙන්නේ නැහැ.+

 8 ඔබ කරපු දේවල් නිසා අහසේ තියෙන හැම ආලෝක වස්තුවක්ම මම අඳුරු කරනවා.

මම ඔබේ දේශය අන්ධකාරයෙන් වහනවා’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.

 9 ‘මම ඔබ දන්නේ නැති දේශවලට ඔබෙන් සමහරුන්ව වහල්කමට අරන් යනවා.

ඒක දකින හුඟදෙනෙක් කම්පා වෙයි.+

10 මම ඔබට කරන දේ දැකලා හුඟදෙනෙක් පුදුම වෙයි.

ඔවුන් ඉස්සරහා මම මගේ කඩුව දික් කරද්දී ඔවුන්ගේ රජවරු බයෙන් වෙවුලයි.

ඔබ විනාශ වෙන දවසේදී,

ඔවුන් මර බයෙන් ගැහිගැහී ඉඳියි.’

11 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා.

‘බැබිලෝනියේ රජගේ කඩුව ඔබට විරුද්ධව එයි.+

12 මම ඔබේ සෙනඟට යුධ දක්ෂයන්ගේ කඩු පහරින් මැරුම් කන්න සලස්වනවා.

ඒ යුධ දක්ෂයෝ ජාතීන් අතරේ ඉන්න දරුණුම අය.+

ඔවුන් ඊජිප්තුවේ අහංකාරකම නැති කරලා ඇගේ සෙනඟව සහමුලින්ම විනාශ කරයි.+

13 ඇගේ දිය පහරවල් අවට ඉන්න හැම සතෙක්වම මම විනාශ කරනවා.+

ආයේ කවදාවත් මනුස්සයෙක්ගේ කකුල්වලින්වත් සතෙක්ගේ කුරවලින්වත් ඒ දිය පහරවල් මඩ වෙන්නේ නැහැ.’+

14 ‘ඒ කාලේදී මම දිය පහරවල්වල බොර වුණ වතුර පිරිසිදු කරනවා.

මම තෙල් ගලාගෙන යනවා වගේ ඔවුන්ගේ ගංගා ගලාගෙන යන්න සලස්වනවා’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.

15 ‘මම ඊජිප්තුව පාළු තැනක් කරනවා. හැම දේකින්ම පිරිලා තිබුණ දේශය මම හිස් කරනවා.+

දේශයේ ඉන්න හැම කෙනෙක්වමත් නැති කරලා දානවා.

එතකොට මම යෙහෝවා කියලා පිළිගන්න ඔවුන්ට සිද්ධ වෙනවා.+

16 මේක ශෝක ගීයක්. සෙනඟ මේක ගායනා කරයි.

ජාතීන්ගේ දූවරු මේක ගායනා කරයි.

ඊජිප්තුව ගැනත් එහේ සෙනඟ ගැනත් ඔවුන් ඒ ගීය ගායනා කරයි’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.”

17 12වෙනි අවුරුද්දේ මාසයේ 15වෙනිදා යෙහෝවා මේ පණිවිඩය මට කිව්වා. 18 “මනුෂ්‍ය පුත්‍රය, ඊජිප්තුවේ සෙනඟ ගැන වැලපෙන්න. එයාලත් බලවත් ජාතීන්ට අයිති සෙනඟ එක්ක පස් යටට යනවා කියලා කියන්න. මිය ගිය අය ඉන්න තැනට එයාලත් යනවා කියලා කියන්න.

19 “‘ඔබ හිතන්නේ ඔබට වඩා ලස්සන කෙනෙක් නැහැ කියලද? දැන් මිනී වළට යන්න. ගිහින් අචර්මච්ඡේදිත අය එක්ක සැතපෙන්න.’

20 “‘කඩුවෙන් මැරුම් කන අය එක්ක ඊජිප්තුවරුනුත් මැරුම් කයි.+ ඇයව කඩුවට භාර දුන්නා. ඇයත් එක්ක ඇගේ සෙනඟවත් ඇදගෙන යන්න.

21 “‘යුධ දක්ෂයෝ මිනී වළේ ගැඹුරුම තැන්වල ඉඳන් ඊජිප්තුවේ රජටත් ඔහුට සහය දුන්න අයටත් අඬගහනවා. ඔවුන් අනිවාර්යයෙන්ම එතනට යනවා. කඩුවෙන් මැරුම් කාපු අචර්මච්ඡේදිත අය වගේ ඔවුනුත් මිනී වළේ සැතපෙනවා. 22 ඇසිරියාවත් ඇගේ සෙනඟ එක්ක ඉන්නේ එතනයි. ඔවුන්ගේ සොහොන් ඔහු* වටේට තියෙනවා. ඔවුන් හැමෝම මැරුම් කෑවේ කඩුවෙන්.+ 23 ඇගේ සොහොන් තියෙන්නේ මිනී වළේ ගැඹුරුම තැන්වල. ඇගේ සෙනඟ ඇගේ සොහොන වටේට වැටිලා ඉන්නවා. ඔවුන් හැමෝම මැරුම් කෑවේ කඩුවෙන්. මොකද ඔවුන් ජීවත් වෙලා ඉද්දී භීතිය හැම තැනම පැතිරෙව්වා.

24 “‘ඒලාම්+ එතන ඉන්නවා. ඇගේ සෙනඟත් ඇගේ සොහොන වටේට ඉන්නවා. ඔවුන් හැමෝම මැරුම් කෑවේ කඩුවෙන්. ජීවත් වෙලා ඉද්දී භීතිය හැම තැනම පතුරුවපු ඔවුන්, පොළොව යටට ගියේ අචර්මච්ඡේදිත අය විදිහටයි. මිනී වළට යන අනිත් අය වගේ දැන් ඔවුනුත් ලැජ්ජාව අද්දකියි. 25 මැරුම් කාපු අය අතරේ ඇය* වෙනුවෙන් සොහොනක් සූදානම් කරලා තියෙනවා. ඇගේ සොහොන් වටේට ඇගේ සෙනඟ වැටිලා ඉන්නවා. ඔවුන් හැමෝම කඩුවෙන් මැරුම් කාපු අචර්මච්ඡේදිත අය. මොකද ඔවුන් ජීවත් වෙලා ඉද්දී භීතිය හැම තැනම පැතිරෙව්වා. මිනී වළට යන අනිත් අය වගේ ඔවුනුත් ලැජ්ජාවක් අද්දකිනවා. මැරුම් කාපු අය අතරට ඒලාම්වත්* දැම්මා.

26 “‘මෙෂෙක් සහ තූබල් ඉන්නෙත් එතනයි.+ ඔවුන්ගේ* සෙනඟත් එතන ඉන්නවා. ඔවුන්ගේ* සොහොන් ඔහු* වටේට තියෙනවා. ඔවුන් හැමෝම අචර්මච්ඡේදිත අය. ඔවුන් ජීවත් වෙලා ඉද්දී භීතිය හැම තැනම පතුරුවපු නිසා ඔවුන් කඩුවෙන් මැරුම් කෑවා. 27 තමන්ගේ අවිආයුධත් එක්කම මිනී වළට ගිය අචර්මච්ඡේදිත, යුධ දක්ෂයන්ට වුණ දේම නෙමෙයිද ඔවුන්ටත් වෙන්නේ? ඔවුන් දෙගොල්ලන්ම එකට වැටිලා ඉන්නේ නැද්ද? ඔවුන්ගේ කඩු ඔවුන්ගේ ඔළුව යටින් තියයි.* ඔවුන් කරපු වැරදිවලට ඔවුන්ගේ ඇටකටුවලට පවා දඬුවම් විඳින්න වෙනවා. මොකද මේ යුධ දක්ෂයන් ජීවත් වෙලා ඉන්න කාලේදී භීතිය හැම තැනම පැතිරෙව්වා. 28 ඒත් ඔබව* අචර්මච්ඡේදිත අය අතරේම පොඩි කරලා දානවා. කඩුවෙන් මැරුම් කාපු අය එක්ක ඔබත් වැටිලා ඉඳියි.

29 “‘ඒදොම්+ ඇගේ රජවරු සහ අධිපතීන් හැමෝම එක්ක එතන ඉන්නවා. ඔවුන් බලවන්තයන්. ඒත් කඩුවෙන් මැරුම් කාපු අය අතරේ ඔවුනුත් ඉන්නවා. මිනී වළට යන අචර්මච්ඡේදිත අය එක්කයි ඔවුනුත් ඉන්න යන්නේ.+

30 “‘උතුරේ ඉන්න ප්‍රධානීන් හැමෝම සීදොන්වරු+ එක්ක එතන ඉන්නවා. ඔවුන් තමන්ගේ බලය පාවිච්චි කරලා අනිත් අයගේ හිත්වල ලොකු බයක් ඇති කළත් මැරුම් කාපු අය අතරට ඔවුන් ගියේ නින්දාවට පත් වෙලයි. ඔවුන් වැටිලා ඉන්නේ අචර්මච්ඡේදිත අය විදිහටයි. මිනී වළට යන අනිත් අය වගේම කඩුවෙන් මැරුම් කාපු අය එක්ක වැටිලා ඉන්න ඔවුනුත් ලැජ්ජාවක් අද්දකිනවා.

31 “‘පාරාවෝ ඒ හැමෝවම දකිනවා. එතකොට තමන්ගේ සෙනඟට වුණ දේ ගැන හිත හදාගන්න ඔහුට පුළුවන් වෙයි.+ පාරාවෝ සහ ඔහුගේ මුළු හමුදාවම කඩුවෙන් මැරුම් කනවා’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.

32 “‘ඔහුට එහෙම වෙන්නේ ඔහු ජීවත් වෙලා ඉන්න කාලේදී භීතිය හැම තැනම පතුරුවපු නිසයි. පාරාවෝවත් ඔහුගේ සෙනඟවත් කඩුවෙන් මැරුම් කාපු, අචර්මච්ඡේදිත අය එක්ක වළලලා දානවා’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න