ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ෆිලිප්පි 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ෆිලිප්පි පොතේ සාරාංශයක්

      • සුබ පැතුම් (1, 2)

      • දෙවියන්ට ස්තුති කරනවා; පාවුල්ගේ යාච්ඤාව (3-11)

      • ප්‍රශ්න තිබුණත් ශුභාරංචිය තව වැඩියෙන් පැතිරෙයි (12-20)

      • ජීවත් වෙන්නේ ක්‍රිස්තුස් වෙනුවෙන්, මැරුණොත් වාසිය මට (21-26)

      • ශුභාරංචියට ගෞරවයක් ගේන විදිහට ජීවත් වෙන්න (27-30)

ෆිලිප්පි 1:1

පාදසටහන්

  • *

    හෝ, “සභාව රැකබලා ගන්න අය.”

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 3:1, 8
  • +ක්‍රියා 16:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සංවිධානය වූ සෙනඟක්, 53 පි.

ෆිලිප්පි 1:2

පාදසටහන්

  • *

    හෝ, “ලබන්න නොවටිනා කරුණාවත්.” “පැහැදිලි කිරීමක්” බලන්න.

ෆිලිප්පි 1:4

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 1:2

ෆිලිප්පි 1:6

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 1:8
  • +ෆිලි 2:13

ෆිලිප්පි 1:7

හරස් යොමු දැක්වීම්

  • +එෆී 3:1; ෆිලි 1:13; කොලො 4:18; 2තිමෝ 1:8; ෆිලෙ 13
  • +ක්‍රියා 24:10, 14; 25:10-12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    7/2023, 3 පි.

    සාක්ෂියක් දෙමු, 149-150 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 21 පාඩම

    මුරටැඹ,

    2/15/2015, 22-23 පි.

    8/15/1999, 21-22 පි.

    12/1/1998, 18 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල”, 11 පි.

ෆිලිප්පි 1:9

හරස් යොමු දැක්වීම්

  • +යොහ 17:3
  • +හෙබ්‍රෙ 5:14
  • +1තෙස 3:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2022, 3 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2019, 9-10 පි.

    මුරටැඹ,

    3/15/1997, 16-17 පි.

    6/15/1995, 20 පි.

ෆිලිප්පි 1:10

පාදසටහන්

  • *

    මූ.අ., “පය පැටලිලා වැටෙන්න හේතු වෙන දෙයක්.”

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:2
  • +රෝම 14:13, 21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 12 පාඩම

    පිබිදෙව්!,

    අංක 1 2020 12 පි.

    මුරටැඹ (පාඩම්),

    8/2019, 10-12 පි.

    මුරටැඹ,

    11/15/2008, 24 පි.

    3/15/1997, 16-17 පි.

ෆිලිප්පි 1:11

පාදසටහන්

  • *

    මූ.අ., “ධර්මිෂ්ඨ පල.”

හරස් යොමු දැක්වීම්

  • +යොහ 15:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2019, 12 පි.

    මුරටැඹ,

    4/15/2007, 24 පි.

ෆිලිප්පි 1:13

පාදසටහන්

  • *

    හෝ, “ප්‍රීටෝරියානු.”

හරස් යොමු දැක්වීම්

  • +එෆී 3:1
  • +ක්‍රියා 28:30, 31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2013, 14-16 පි.

ෆිලිප්පි 1:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/1992, 30 පි.

ෆිලිප්පි 1:16

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 1:7

ෆිලිප්පි 1:19

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 1:11
  • +යොහ 15:26

ෆිලිප්පි 1:20

පාදසටහන්

  • *

    මූ.අ., “මගේ ශරීරයට.”

හරස් යොමු දැක්වීම්

  • +රෝම 14:8; 1පේතෘ 4:16

ෆිලිප්පි 1:21

හරස් යොමු දැක්වීම්

  • +ගලා 2:20
  • +1තෙස 4:14; 2තිමෝ 4:8; එළි 14:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1995, 30 පි.

ෆිලිප්පි 1:23

හරස් යොමු දැක්වීම්

  • +2තිමෝ 4:6
  • +2කොරි 5:6, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2008, 28 පි.

    3/1/1995, 30-31 පි.

ෆිලිප්පි 1:27

පාදසටහන්

  • *

    හෝ, “ගෞරවයක් ගේන පුරවැසියන් විදිහට දිගටම ජීවත් වෙන්න.”

හරස් යොමු දැක්වීම්

  • +එෆී 4:1, 3; කොලො 1:10
  • +රෝම 15:5, 6; 1කොරි 1:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2012, 11-12 පි.

    9/15/2010, 13-14 පි.

ෆිලිප්පි 1:28

හරස් යොමු දැක්වීම්

  • +2තෙස 1:6
  • +ලූක් 21:19; 2තෙස 1:4, 5

ෆිලිප්පි 1:29

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 5:41

ෆිලිප්පි 1:30

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 16:22, 23; 1තෙස 2:2

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ෆිලි. 1:11තිමෝ 3:1, 8
ෆිලි. 1:1ක්‍රියා 16:12
ෆිලි. 1:41තෙස 1:2
ෆිලි. 1:61කොරි 1:8
ෆිලි. 1:6ෆිලි 2:13
ෆිලි. 1:7එෆී 3:1; ෆිලි 1:13; කොලො 4:18; 2තිමෝ 1:8; ෆිලෙ 13
ෆිලි. 1:7ක්‍රියා 24:10, 14; 25:10-12
ෆිලි. 1:9යොහ 17:3
ෆිලි. 1:9හෙබ්‍රෙ 5:14
ෆිලි. 1:91තෙස 3:12
ෆිලි. 1:10රෝම 12:2
ෆිලි. 1:10රෝම 14:13, 21
ෆිලි. 1:11යොහ 15:5
ෆිලි. 1:13එෆී 3:1
ෆිලි. 1:13ක්‍රියා 28:30, 31
ෆිලි. 1:16ෆිලි 1:7
ෆිලි. 1:192කොරි 1:11
ෆිලි. 1:19යොහ 15:26
ෆිලි. 1:20රෝම 14:8; 1පේතෘ 4:16
ෆිලි. 1:21ගලා 2:20
ෆිලි. 1:211තෙස 4:14; 2තිමෝ 4:8; එළි 14:13
ෆිලි. 1:232තිමෝ 4:6
ෆිලි. 1:232කොරි 5:6, 8
ෆිලි. 1:27එෆී 4:1, 3; කොලො 1:10
ෆිලි. 1:27රෝම 15:5, 6; 1කොරි 1:10
ෆිලි. 1:282තෙස 1:6
ෆිලි. 1:28ලූක් 21:19; 2තෙස 1:4, 5
ෆිලි. 1:29ක්‍රියා 5:41
ෆිලි. 1:30ක්‍රියා 16:22, 23; 1තෙස 2:2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ෆිලිප්පි 1:1-30

ෆිලිප්පිවරුන්ට

1 මේ ලිපිය ලියන්නේ ක්‍රිස්තුස් යේසුස්ගේ දාසයන් වන පාවුල් සහ තිමෝති. ඒක ලියන්නේ වැඩිමහල්ලන්* සහ සහායක සේවකයන්+ ඇතුළුව ක්‍රිස්තුස් යේසුස්ට අයිති, ෆිලිප්පියේ+ ඉන්න ශුද්ධ තැනැත්තන්ටයි.

2 අපේ තාත්තා වන දෙවියන්ගෙන් සහ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙන් මහත් කරුණාවත්* සමාදානයත් ඔයාලට ලැබෙන්න කියලා අපි පතනවා!

3 මං ඔයාලා ගැන හිතන හැම වෙලාවකම මගේ දෙවියන්ට ස්තුති කරනවා. 4 ඔයාලා හැමෝම වෙනුවෙන් කන්නලව් කරන හැම වෙලාවකම මං ඒක කරන්නේ හරිම සතුටින්.+ 5 මට ඒ වගේ සතුටක් දැනෙන්නේ ඔයාලා ශුභාරංචිය අහපු මුල් දවසේ ඉඳන් අද වෙන කල් ඒක අනිත් අයටත් කියන්න ගොඩක් මහන්සි වෙන නිසයි. 6 දෙවියන් ඔයාලා එක්ක පටන්ගත්ත යහපත් වැඩේ යේසුස් ක්‍රිස්තුස්ගේ දවස වෙද්දී+ ඔහු අවසන් කරයි කියලා මට විශ්වාසයි.+ 7 මං එහෙම හිතන එක සාධාරණයි. මොකද මං ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. මං හිරේ+ ඉන්න මේ වෙලාවේ ඔයාලා තමයි මගේ උදව්වට ඉන්නේ. මං ශුභාරංචිය වෙනුවෙන් කතා කරද්දීත් දේශනා කරන්න තියෙන අයිතිය නීත්‍යනුකූලව තහවුරු කරන්න+ වැඩ කරද්දීත් ඔයාලා තමයි මට උදව් කරන්නේ. ඒ විදිහට ඔයාලයි, මමයි අපි දෙගොල්ලන්ම දෙවියන්ගේ මහත් කරුණාවෙන් ප්‍රයෝජන අද්දකිනවා.

8 ඔයාලා හැමෝවම දකින්න මං ඉන්නේ කොච්චර ආසාවෙන්ද කියලා දෙවියන් දන්නවා. මට ඔයාලා ගැන තියෙන්නේ ක්‍රිස්තුස් යේසුස්ට ඔයාලා ගැන තියෙනවා වගේ සෙනෙහසක්. 9 නිවැරදි දැනුමයි,+ හොඳින් වටහාගැනීමේ හැකියාවයි+ වැඩි වෙද්දී ඔයාලාගේ හිතේ තියෙන ආදරේ තව තවත් වැඩි වෙන්න කියලා මං දිගටම යාච්ඤා කරනවා.+ 10 වඩා වැදගත් දේවල් මොනවාද කියලා ඔයාලට තේරුම්ගන්න+ පුළුවන් වෙන්න කියලා මං යාච්ඤා කරනවා. එතකොට ක්‍රිස්තුස්ගේ දවස එන කල් මවාපෑමක් කරන්නේ නැතුව අවංකව වැඩ කරන්නත් අනිත් අයගේ විශ්වාසයට හානියක්* කරන්නේ නැතුව ඉන්නත්+ ඔයාලට පුළුවන් වෙයි. 11 ඒ වගේම යේසුස් ක්‍රිස්තුස්ගේ+ උදව්වෙන් ඔයාලට තව වැඩියෙන් හොඳ පල* දරන්න පුළුවන් වෙන්න කියලත් මං යාච්ඤා කරනවා. ඒකෙන් ප්‍රශංසාවත් ගෞරවයත් ලැබෙන්නේ දෙවියන්ටයි.

12 සහෝදරයෙනි, ශුභාරංචිය තව වැඩියෙන් පැතිරෙන්න මං දැන් ඉන්න තත්වය උදව් වෙලා තියෙනවා කියලා ඔයාලා දැනගන්නවාට මං කැමතියි. 13 මාව හිරේ දාලා තියෙන්නේ+ මං ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් නිසා කියන දේ අධිරාජ්‍යයාගේ* ආරක්ෂක නිලධාරීන් අතරෙත් අනිත් හැමෝම අතරෙත් ප්‍රසිද්ධ වෙලයි තියෙන්නේ.+ 14 මං හිරේ ඉන්නවා දැකලා ස්වාමීන්ට සේවය කරන සහෝදරයන් හුඟදෙනෙක්ගේ ධෛර්යය තවත් වැඩි වෙලා තියෙනවා. දැන් එයාලා කලින්ටත් වඩා නිර්භීතව දෙවියන්ගේ පණිවිඩය ගැන කතා කරනවා.

15 ඇත්ත සමහරු ක්‍රිස්තුස් ගැන දේශනා කරන්නේ අනිත් අය එක්ක තරඟෙට, ඊර්ෂ්‍යාවට. ඒත් අවංක චේතනාවෙන් දේශනා කරන අයත් ඉන්නවා. 16 එයාලා ක්‍රිස්තුස් ගැන පණිවිඩේ කියන්නේ ආදරෙන් පෙලඹිලයි. මාව පත් කරලා තියෙන්නේ ශුභාරංචිය වෙනුවෙන් කතා කරන්න කියලා එයාලා දන්න නිසයි එයාලා එහෙම කරන්නේ.+ 17 හැබැයි මං මුලින් කියපු කට්ටිය දේශනා කරන්නේ හොඳ චේතනාවෙන් නෙමෙයි. එයාලා වාද කරන්නමයි හදන්නේ. එයාලට ඕනෙ හිරේ ඉන්න මට තව තවත් ප්‍රශ්න ඇති කරන්න. 18 මේ හැම දේකින්ම වෙන්නේ මොකක්ද? අවංකව හරි බොරුවෙන් හරි දේශනා කරන එකෙන් වෙන්නේ ක්‍රිස්තුස් ගැන පණිවිඩේ හැමෝටම අහන්න ලැබෙන එකයි. ඉතින් ඒ ගැන මං සතුටු වෙනවා. මං දිගටම සතුටු වෙනවා. 19 මං දන්නවා ඔයාලා මං වෙනුවෙන් කන්නලව් කරන නිසාත්+ යේසුස් ක්‍රිස්තුස් ලබා දෙන දෙවියන්ගේ බලයේ උදව් නිසාත්+ මට ගැලවීම ලැබෙනවා කියලා. 20 මං කිසිම විදිහකින් ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. එහෙම වෙන එකක් නැහැ කියලා මං බලාපොරොත්තු වෙනවා. දිගටම කිසිම බයක් නැතුව කතා කරලා කලින් වගේම දැනුත් ක්‍රිස්තුස්ව ගෞරවයට පත් කරන්න මට* පුළුවන් වෙයි කියලා මට විශ්වාසයි. මං ජීවත් වුණත් මැරුණත් ඔහුව ගෞරවයට පත් කරනවා.+

21 ඉතින් මං ජීවත් වුණොත් මං ක්‍රිස්තුස් වෙනුවෙන් ජීවත් වෙනවා.+ ඒත් මං මැරුණොත් ඒකෙන් වාසියක් වෙන්නේ මටයි.+ 22 මිනිසෙක් විදිහට දිගටම ජීවත් වෙන්න ලැබුණොත් ක්‍රිස්තුස් වෙනුවෙන් හොඳ සේවයක් කරන්න මට පුළුවන් වෙයි. ඒත් මං කැමති ජීවත් වෙන්නද මැරෙන්නද කියලා මං කියන්නේ නැහැ. 23 ඒ දෙකෙන් මොන එකටද මං කැමති කියලා මට හිතාගන්න බැහැ. ඇත්තටම මේ ශරීරයෙන් නිදහස් වෙලා ක්‍රිස්තුස් එක්ක එකට ඉන්න මට තියෙන්නේ ලොකු ආසාවක්.+ ඒක අනිත් හැම දේටම වඩා ගොඩක් හොඳයි කියලා මං දන්නවා.+ 24 ඒත් මනුස්සයෙක් විදිහට මං දිගටම ජීවත් වුණොත් ඒකෙන් ඔයාලට ලොකු ප්‍රයෝජනයක් ලැබෙයි. 25 ඒ ගැන මට කිසිම සැකයක් නැහැ. ඉතින් මං දන්නවා මං ඔයාලා හැමෝම එක්ක දිගටම ඉන්නවා කියලා. එතකොට ඔයාලට දියුණුවක් ලබන්නත් ඔයාලට තියෙන විශ්වාසය නිසා සතුටක් අද්දකින්නත් පුළුවන් වෙයි. 26 ඉතින් මං ආයෙත් ඔයාලා ළඟට ආවාම ක්‍රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයන් විදිහට ඔයාලා අද්දකින සතුට මං නිසා තව වැඩි වෙයි.

27 ක්‍රිස්තුස් ගැන ශුභාරංචියට ගෞරවයක් ගේන විදිහට දිගටම ජීවත් වෙන්න.*+ එතකොට මං ඔයාලව බලන්න ආවත් නැතත් ඔයාලා හැමෝම ස්ථිරව ඉන්නවා කියලත් එක්සත්ව එකා වගේ හිතනවා කියලත් එක අරමුණක් ඇතුව ඉන්නවා+ කියලත් ශුභාරංචිය ගැන තියෙන විශ්වාසය දිගටම රැකගන්න උරෙන් උර ගැටිලා ඔයාලා වැඩ කරනවා කියලත් මට අහන්න පුළුවන් වෙයි. 28 ඔයාලට විරුද්ධ වෙන අයට පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඔයාලා බය වෙන්නේ නැතුව ඉන්න එක එයාලා විනාශ වෙනවා කියන්න සාක්ෂියක්.+ ඒත් ඒක ඔයාලට ගැලවීම ලැබෙනවා කියන්න සාක්ෂියක්.+ ඒ සාක්ෂිය ලැබෙන්නේ දෙවියන්ගෙන්. 29 ක්‍රිස්තුස් ගැන විශ්වාසය තියන්න ලැබිලා තියෙන අවස්ථාව විතරක් නෙමෙයි ඔහු වෙනුවෙන් දුක් විඳින්නත් ඔයාලට විශේෂ අවස්ථාවක් ලැබිලා තියෙනවා.+ 30 මං දුෂ්කරතා අද්දකිනවා ඔයාලා දැක්කා. ඔයාලත් ඒ දේවල්වලට මූණ දෙනවා.+ ඔයාලට අහන්න ලැබෙන විදිහට මං තාමත් ඒ දේවල්වලට මූණ දෙනවා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න