ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සෙකරියා 10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සෙකරියා පොතේ සාරාංශයක්

      • වැස්ස දෙන්න කියලා වෙනත් දෙවිවරුන්ගෙන් නෙමෙයි යෙහෝවාගෙන් ඉල්ලන්න (1, 2)

      • යෙහෝවා ඔහුගේ සෙනඟව එක්සත් කරයි (3-12)

        • යූදා සෙනඟ අතරින් එන ප්‍රධාන තැනැත්තා (3, 4)

සෙකරියා 10:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 11:14; යෙරෙ 14:22; 51:16; එස 34:26; යෝවෙ 2:23

සෙකරියා 10:2

පාදසටහන්

  • *

    මූ.අ., “ටෙරෆිම් රූප.” හෝ, “පවුලේ අය වැන්ද දෙවිවරුන්ගේ පිළිම.”

  • *

    මෙතන කතා කරන්නේ මන්තර ගුරුකම්වලින් නොමඟ යවන එක ගැන වෙන්න පුළුවන්.

සෙකරියා 10:3

පාදසටහන්

  • *

    මූ.අ., “එළුවන්ට.”

හරස් යොමු දැක්වීම්

  • +එස 34:16, 17

සෙකරියා 10:4

පාදසටහන්

  • *

    මූ.අ., “පවුරු කොනේ තියෙන ටැඹ.” ඒකෙන් සංකේතවත් වෙන්නේ වැදගත් කෙනෙක්වයි.

  • *

    මූ.අ., “ඇණය.” ඒකෙන් සංකේතවත් වෙන්නේ උදව්වට ඉන්න පාලකයෙක්වයි.

  • *

    හෝ, “වැඩ පවරන.”

සෙකරියා 10:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 20:1
  • +හග් 2:22

සෙකරියා 10:6

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 3:18; එස 37:16, 19; හොෂෙ 1:10, 11
  • +යෙරෙ 31:9, 20
  • +යෙරෙ 30:18

සෙකරියා 10:7

හරස් යොමු දැක්වීම්

  • +සෙක 9:15
  • +යෙසා 66:14; ශෙප 3:14

සෙකරියා 10:8

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 44:22; 51:11

සෙකරියා 10:10

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 11:11
  • +යෙරෙ 50:19; මීකා 7:14
  • +යෙසා 49:19, 20; 54:1, 2

සෙකරියා 10:11

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 11:15
  • +යෙසා 19:1; එස 30:13

සෙකරියා 10:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 41:10; 45:24
  • +මීකා 4:5

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

සෙක. 10:1ද්වි 11:14; යෙරෙ 14:22; 51:16; එස 34:26; යෝවෙ 2:23
සෙක. 10:3එස 34:16, 17
සෙක. 10:5ද්වි 20:1
සෙක. 10:5හග් 2:22
සෙක. 10:6යෙරෙ 3:18; එස 37:16, 19; හොෂෙ 1:10, 11
සෙක. 10:6යෙරෙ 31:9, 20
සෙක. 10:6යෙරෙ 30:18
සෙක. 10:7සෙක 9:15
සෙක. 10:7යෙසා 66:14; ශෙප 3:14
සෙක. 10:8යෙසා 44:22; 51:11
සෙක. 10:10යෙසා 11:11
සෙක. 10:10යෙරෙ 50:19; මීකා 7:14
සෙක. 10:10යෙසා 49:19, 20; 54:1, 2
සෙක. 10:11යෙසා 11:15
සෙක. 10:11යෙසා 19:1; එස 30:13
සෙක. 10:12යෙසා 41:10; 45:24
සෙක. 10:12මීකා 4:5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
සෙකරියා 10:1-12

සෙකරියා

10 “වැහි වලාකුළු හදන්නේ යෙහෝවා දෙවියන්.

ඔහු වැසි වස්සලා+ හැමෝටම අවශ්‍ය පලදාව ලබා දෙනවා.

ඒ නිසා වසන්ත කාලයේදී අවශ්‍ය වැසි ලබා දෙන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලන්න.

 2 පවුලේ අයගේ දෙවිවරුන්* ඔවුන්ගෙන් පිහිට පතන අයව නොමඟ යවලා.*

පේන කියන අය දර්ශන දැක්කත් ඒවා කවදාවත් ඉටු වෙන්නේ නැහැ.

ඔවුන් කිසි තේරුමක් නැති හීන ගැන කතා කරයි.

අනිත් අයව සනසන්න හැදුවත් ඒකෙන් කිසිම වැඩක් නැහැ.

ඒ නිසා අතරමං වුණ බැටළුවන් වගේ ඔවුන්ට ඒ මේ අත ඇවිදින්න වෙයි.

එඬේරෙක් නැති නිසා ඔවුන්ට හිරිහැර විඳින්න වෙයි.

 3 ‘එඬේරුන්ට විරුද්ධව මගේ කේන්තිය ඇවිළෙනවා.

කුරිරු පාලකයන්ට* තමන් කරන දේවල් ගැන වග කියන්න සිද්ධ වෙනවා.’

මොකද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා තමන්ගේ බැටළු රැළට වෙන දේ දිහා බලාගෙන ඉන්නවා.+

යූදා සෙනඟ වන ඔවුන්ව ඔහුගේ තේජවත් යුධ අශ්වයා වගේ වෙන්න සලස්වනවා.

 4 ප්‍රධාන තැනැත්තා* එන්නේ යූදා සෙනඟ අතරින්.

පාලකයා* එන්නෙත් යුද්ධයට පාවිච්චි කරන දුන්න එන්නෙත් ඔවුන් අතරින්.

ඔවුන් අතරේ ඉන්න වැඩ අධීක්ෂණය කරන* හැමෝම එකා වගේ

පිටත් වෙලා යනවා.

 5 යූදා සෙනඟ දක්ෂ සටන්කරුවන් වගේ යුද බිමේ තියෙන මඩ පාගමින් ඉදිරියට යයි.

යෙහෝවා ඔවුන්ගේ උදව්වට ඉන්න නිසා ඔවුන් සටනට යයි.+

අශ්වයන් පිට එන සතුරෝ ඔවුන් ඉස්සරහා ලැජ්ජාවට පත් වෙයි.+

 6 ‘මම යූදා සෙනඟව උසස් කරනවා.

යෝසෙප්ගෙන් පැවතෙන අයව බේරගන්නවා.+

මම ඔවුන්ට දයාව පෙන්වලා ආයෙත් ඔවුන්ගේ දේශයට ඔවුන්ව අරන් යනවා.+

එතකොට මගේ ආශීර්වාදය අහිමි වෙලා තිබුණ කාලය ඔවුන්ගේ මතකයටවත් එන්නේ නැහැ.+

මොකද යෙහෝවා වන මම ඔවුන්ගේ දෙවියන්.

ඔවුන් මට අඬගහද්දී මම ඔවුන්ට උත්තර දෙනවා.’

 7 එෆ්‍රායිම් බලවත් සටන්කරුවෙක් වගේ වෙනවා.

වයින් බීලා සතුටින් ඉන්න අය වගේ ඔවුනුත් සතුටින් ඉඳියි.+

ඔවුන්ගේ දරුවොත් ඒක දැකලා සතුටු වෙයි.

යෙහෝවා නිසා ඔවුන්ගේ හිත් සතුටින් පිරිලා යයි.+

 8 ‘මම ඔවුන්ව මුදවගන්නවා.+

ඔවුන්ට අඬගහලා ඔවුන්ව මං ළඟට එකතු කරගන්නවා.

ඔවුන් ගණනින් වැඩි වෙලා හැමදාටම විශාල සෙනඟක් විදිහට ඉඳියි.

 9 කෙතක බීජ වපුරනවා වගේ මම ඔවුන්ව ජාතීන් අතරට විසුරුවාහරිනවා.

ඒත් දුර ඈත තියෙන ඒ දේශවල ඉද්දී ඔවුන්ට මාව සිහි වෙයි.

ඔවුනුත් ඔවුන්ගේ දරුවනුත් ආයෙත් ශක්තිමත් වෙලා මං ළඟට එයි.

10 මම ඔවුන්ව ඊජිප්තු දේශයෙන් ආයෙත් ගෙන්නගන්නවා.

ඇසිරියාවෙන් ආයෙත් එක් රැස් කරගන්නවා.+

මම ඔවුන්ව ගිලියද්+ දේශයටත් ලෙබනොන් දේශයටත් අරන් එනවා.

ඒ දේශවලත් ඔවුන්ට ඉන්න ඉඩ මදි වෙයි.+

11 මුහුද ඔවුන්ගේ ගමනට බාධා කරද්දී මම ඒ මැදින් ගිහින්

මුහුදු රළට පහර දීලා ඒක නිහඬ කරනවා.+

නයිල් ගඟ ඔවුන්ට බාධා කරද්දී මම ඒකේ වතුර පතුලටම හින්දවනවා.

උඩඟු විදිහට හැසිරෙන ඇසිරියාව ලැජ්ජාවට පත් කරලා

ඊජිප්තුවේ රාජ යෂ්ටිය බිඳලා දානවා.+

12 යෙහෝවා වන මම අනිත් හැමෝටම වඩා ඔවුන්ව උසස් කරනවා.+

ඔවුනුත් මගේ නමට ගෞරවයක් ගේන විදිහට ජීවත් වෙයි.’+

එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න