ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 30
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම පොතේ සාරාංශයක්

      • සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනය (1-10)

      • සෙනඟගේ සංගණනයක්. ජීවිත බේරගන්න සම්මාදමක් (11-16)

      • අත පය හෝදගන්න හදපු තඹ වතුර භාජනය (17-21)

      • අභිෂේක කරන්න පාවිච්චි කරන ශුද්ධ තෛලය (22-33)

      • සුවඳ දුම් ඔප්පු කරන්න හදපු සුගන්ධවත් ද්‍රව්‍යය (34-38)

නික්මයාම 30:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:5
  • +නික් 37:25-28

නික්මයාම 30:2

පාදසටහන්

  • *

    රියනක් කියන්නේ සෙ.මී. 44.5ක් (අඟල් 17.5ක්) විතර. උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නික් 27:1, 2; ලෙවී 4:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 10/2020, 2 පි.

නික්මයාම 30:6

පාදසටහන්

  • *

    මූ.අ., “ගිවිසුම් පෙට්ටියේ පියන.”

  • *

    මූ.අ., “සාක්ෂි පෙට්ටියට.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 25:22
  • +නික් 26:33; හෙබ්‍රෙ 9:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 10/2020, 2 පි.

නික්මයාම 30:7

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 23:13
  • +නික් 30:34, 35
  • +ගණන් 16:39, 40; 1සාමු 2:27, 28; ලූක් 1:9
  • +නික් 27:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/1996, 9 පි.

නික්මයාම 30:8

පාදසටහන්

  • *

    පේන විදිහට මෙතන කතා කරන්නේ හිරු බැස යන වෙලාව සහ අඳුර වැටෙන වෙලාව අතර කාලය ගැනයි.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/1996, 9 පි.

නික්මයාම 30:9

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 10:1; 2ලේක 26:18; එස 8:11, 12

නික්මයාම 30:10

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 23:27; හෙබ්‍රෙ 9:7
  • +ලෙවී 16:5, 6, 18, 19

නික්මයාම 30:12

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් කොෆ.

හරස් යොමු දැක්වීම්

  • +නික් 38:25; ගණන් 1:2; 2සාමු 24:10, 15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ, 2/15/1997, 30 පි.

    මුරටැඹ,

    11/1/2011, 12 පි.

නික්මයාම 30:13

පාදසටහන්

  • *

    ෂෙකෙලයක් කියන්නේ ග්‍රෑම් 11.4ක්. උප. B14 බලන්න.

  • *

    ගේරා එකක් කියන්නේ ග්‍රෑම් 0.57ක්. උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 24:9; මතෙ 17:24
  • +ලෙවී 27:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ, 2/15/1997, 30 පි.

නික්මයාම 30:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 38:26; ගණන් 1:3; 26:1, 2

නික්මයාම 30:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 38:8; ලෙවී 8:11; 1රාජා 7:38
  • +නික් 40:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 40 පාඩම

නික්මයාම 30:19

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:30, 31; හෙබ්‍රෙ 10:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 40 පාඩම

නික්මයාම 30:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/1996, 9 පි.

නික්මයාම 30:21

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 4:6

නික්මයාම 30:24

පාදසටහන්

  • *

    හින මිනුමක් කියන්නේ ලීටර් 3.67ක්. උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:47

නික්මයාම 30:25

හරස් යොමු දැක්වීම්

  • +නික් 37:29

නික්මයාම 30:26

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:9; ගණන් 7:1

නික්මයාම 30:29

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 8:10
  • +නික් 29:37

නික්මයාම 30:30

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 8:12
  • +ගණන් 3:2, 3
  • +නික් 40:15

නික්මයාම 30:31

හරස් යොමු දැක්වීම්

  • +නික් 37:29; 1රාජා 1:39; ගීතා 89:20

නික්මයාම 30:33

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ආරොන්ගේ පවුලට අයිති නැති කෙනෙක්ගේ.

  • *

    මූ.අ., “ඊශ්‍රායෙල් සෙනඟ අතරින් අයින් කළ යුතුයි.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:37, 38

නික්මයාම 30:34

හරස් යොමු දැක්වීම්

  • +නික් 25:3, 6

නික්මයාම 30:35

හරස් යොමු දැක්වීම්

  • +නික් 37:29; ගීතා 141:2; එළි 5:8
  • +ලෙවී 2:13

නික්මයාම 30:37

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:31, 32

නික්මයාම 30:38

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 10/2020, 2 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නික්. 30:1නික් 40:5
නික්. 30:1නික් 37:25-28
නික්. 30:2නික් 27:1, 2; ලෙවී 4:7
නික්. 30:6නික් 25:22
නික්. 30:6නික් 26:33; හෙබ්‍රෙ 9:3
නික්. 30:71ලේක 23:13
නික්. 30:7නික් 30:34, 35
නික්. 30:7ගණන් 16:39, 40; 1සාමු 2:27, 28; ලූක් 1:9
නික්. 30:7නික් 27:20
නික්. 30:9ලෙවී 10:1; 2ලේක 26:18; එස 8:11, 12
නික්. 30:10ලෙවී 23:27; හෙබ්‍රෙ 9:7
නික්. 30:10ලෙවී 16:5, 6, 18, 19
නික්. 30:12නික් 38:25; ගණන් 1:2; 2සාමු 24:10, 15
නික්. 30:132ලේක 24:9; මතෙ 17:24
නික්. 30:13ලෙවී 27:25
නික්. 30:14නික් 38:26; ගණන් 1:3; 26:1, 2
නික්. 30:18නික් 38:8; ලෙවී 8:11; 1රාජා 7:38
නික්. 30:18නික් 40:7
නික්. 30:19නික් 40:30, 31; හෙබ්‍රෙ 10:22
නික්. 30:212ලේක 4:6
නික්. 30:24ගණන් 3:47
නික්. 30:25නික් 37:29
නික්. 30:26නික් 40:9; ගණන් 7:1
නික්. 30:29ලෙවී 8:10
නික්. 30:29නික් 29:37
නික්. 30:30ලෙවී 8:12
නික්. 30:30ගණන් 3:2, 3
නික්. 30:30නික් 40:15
නික්. 30:31නික් 37:29; 1රාජා 1:39; ගීතා 89:20
නික්. 30:33නික් 30:37, 38
නික්. 30:34නික් 25:3, 6
නික්. 30:35නික් 37:29; ගීතා 141:2; එළි 5:8
නික්. 30:35ලෙවී 2:13
නික්. 30:37නික් 30:31, 32
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නික්මයාම 30:1-38

නික්මයාම

30 “සුවඳ ද්‍රව්‍ය+ ඔප්පු කරන්න ඔබ ඇකේෂියා ලීවලින්+ පූජාසනයක් හදන්න. 2 පූජාසනය පෙට්ටියක හැඩයට හදන්න. ඒකේ දිග රියනක්,* පළල රියනක් සහ උස රියන් දෙකක් විය යුතුයි. ඒකේ කොන් හතරේ අං හතරක් මතු වෙන විදිහට ඒ පූජාසනය හදන්න.+ 3 පූජාසනයට පවිත්‍ර රන් ආලේප කරන්න. ඒකේ උඩ පැත්තටයි, හතර පැත්තටයි ඒකේ අංවලටයි රන් ආලේප කරන්න. පූජාසනය උඩට වෙන්න ඒක වටේටම රන් පටියක් අල්ලන්න. 4 පූජාසනය පොලුවලින් උස්සගෙන යන්න පුළුවන් වෙන විදිහට ඒකේ දෙපැත්තේ රන් වළලු දෙක ගාණේ සවි කරන්න. ඒ වළලු පූජාසනය වටේට තියෙන පටියට යටින් සවි කරන්න. 5 වළලු ඇතුළට යවන පොලු දෙක ඔබ සෑදිය යුත්තේ ඇකේෂියා ලීවලින්. ඒ පොලු දෙකටත් රන් ආලේප කරන්න. 6 ඔබ ඒ පූජාසනය තැබිය යුත්තේ මං පෙනී ඉන්න තැන+ වන ගිවිසුම් පෙට්ටිය* ළඟ තියෙන තිර රෙද්දට එහා පැත්තෙනුයි.+ ඒක ගිවිසුම් පෙට්ටියට* හරි කෙළින් හිටින විදිහට තියන්න.

7 “ආරොන්+ ඒ පූජාසනය මත සුවඳ ද්‍රව්‍ය+ ඔප්පු කළ යුතුයි.+ ඔහු හැමදාම උදේ පහන්+ සූදානම් කරන්න යද්දී ඒ මත සුවඳ ද්‍රව්‍ය ඔප්පු කළ යුතුයි. 8 ආරොන් හවස් වරුවේ* පහන් දල්වද්දීත් ඒ මත සුවඳ ද්‍රව්‍ය ඔප්පු කළ යුතුයි. ඔබේ හැම පරම්පරාවකදීම යෙහෝවා වන මං ඉස්සරහා නිතරම සුවඳ ද්‍රව්‍ය ඔප්පු කළ යුතුයි. 9 ඔබ නීතියේ සඳහන් වෙලා නැති විදිහට ඒ මත සුවඳ ද්‍රව්‍ය ඔප්පු නොකළ යුතුයි.+ ඒ මත දවන පූජාවක්වත් ධාන්‍ය පූජාවක්වත් පාන පූජාවක්වත් ඔප්පු නොකළ යුතුයි. 10 ආරොන් අවුරුද්දකට වතාවක් ඒ පූජාසනය පවිත්‍ර තත්වයකට ගෙනා යුතුයි.+ ඒකට ඔහු පාප පූජාවට ඔප්පු කළ සතාගේ ලේ ටිකක් ඒකේ අංවල තැවරිය යුතුයි.+ ඔබේ හැම පරම්පරාවකදීම අවුරුද්දකට වතාවක් පූජාසනය පවිත්‍ර තත්වයකට ගෙනා යුතුයි. මොකද යෙහෝවා වන මං ඒ පූජාසනය සලකන්නේ ඉතා ශුද්ධ දෙයක් විදිහට.”

11 ඊළඟට යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. 12 “ඊශ්‍රායෙල් සෙනඟගේ සංගණනයක් කරන හැම අවස්ථාවකදීම+ හැමෝම තම තමාගේ ජීවිතය බේරගන්න මුදලක්* යෙහෝවා වන මට ගෙවිය යුතුයි. ඔවුන් එහෙම කළේ නැත්නම් ඔවුන්ව ලියාපදිංචි කරද්දී ඔවුන්ට වසංගතයකින් පීඩා විඳින්න වෙයි. 13 ලියාපදිංචි වෙන හැම කෙනෙක්ම ෂෙකෙල්* භාගයක් ගෙවිය යුතුයි. ඒක යෙහෝවා වන මට දෙන සම්මාදමක්.+ ඔවුන් ඒ මුදල ගෙවිය යුත්තේ ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට සමාන ෂෙකෙල්වලින්.+ ෂෙකෙලයක බර ගේරා* මිමි 20ක්. 14 ලියාපදිංචි වෙන අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම කෙනෙක්ම යෙහෝවා වන මට ඒ සම්මාදම දිය යුතුයි.+ 15 ධනවත් අය ෂෙකෙල් භාගයකට වඩා වැඩියෙන්වත් දුප්පත් අය ඊට වඩා අඩුවෙන්වත් නොදිය යුතුයි. ඔවුන්ගේ ජීවිත බේරගන්න ඒ සම්මාදම එකතු කරලා යෙහෝවා වන මට දිය යුතුයි. 16 ඊශ්‍රායෙල්වරුන්ගේ ජීවිත බේරගන්න එකතු කරගත්ත ඒ රිදී කාසි හමු වීමේ කූඩාරමේ වැඩකටයුතු වෙනුවෙන් දිය යුතුයි. ඊශ්‍රායෙල් සෙනඟගේ ජීවිත බේරගන්නත් යෙහෝවා වන මට ඔවුන්ව සිහි වෙන්නත් එහෙම කරන්න.”

17 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 18 “වතුර භාජනයකුත් ඒ භාජනය තියන්න ආධාරකයකුත් තඹවලින් හදන්න.+ ඒක හමු වීමේ කූඩාරම සහ පූජාසනය අතරේ තියලා ඒකට වතුර පුරවන්න.+ ඇඟ පිරිසිදු කරගන්න ඒක පාවිච්චි කළ යුතුයි. 19 ආරොන් සහ ඔහුගේ පුතුන් ඔවුන්ගේ අත පය ඒකෙන් සෝදගත යුතුයි.+ 20 ඔවුන් හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන්න කලින් ඒකෙන් සෝදගත යුතුයි. පූජාසනය ළඟට ගිහින් යෙහෝවා වන මට ගින්නෙන් පූජා ඔප්පු කරන්න කලිනුත් ඒකෙන් සෝදගත යුතුයි. එහෙම කළේ නැත්නම් ඔවුන්ගේ ජීවිත ඔවුන්ට අහිමි වෙයි. 21 අත පය සෝදගත්තොත් ඔවුන්ගේ ජීවිත රැකගන්න ඔවුන්ට පුළුවන් වෙයි. ඒක ආරොන්, ඔහුගේ පුතුන් සහ ඔවුන්ගෙන් පැවතෙන අය දිගටම පැවැත්විය යුතු නියෝගයක්.”+

22 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 23 “ඔබ ඉස්තරම්ම වර්ගයේ සුවඳ ද්‍රව්‍ය එකතු කරගන්න. සුවඳ ලාටු ෂෙකෙල් 500ක්, සුවඳ කුරුඳු ෂෙකෙල් 250ක්, සුවඳ දඬු ෂෙකෙල් 250ක් 24 සහ දවුල් කුරුඳු ෂෙකෙල් 500ක් එකතු කරගන්න. ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට අනුව ඒවා මැනිය යුතුයි.+ ඔලීව තෙල් හින මිනුමකුත්* අරගන්න. 25 ඒ හැම ද්‍රව්‍යයක්ම පාවිච්චි කරලා ශුද්ධ තෛලයක් හදාගන්න. ඒක දක්ෂ තෙල් සාදන්නෙක් සෑදිය යුතු අනර්ඝ තෛලයක්.+ ඒක අභිෂේක කරන්න පාවිච්චි කරන ශුද්ධ තෛලයක්.

26 “ඔබ හමු වීමේ කූඩාරම සහ ගිවිසුම් පෙට්ටිය කැප කරන්න ඒ තෛලය පාවිච්චි කරන්න.+ 27 ඒ තෛලය පාවිච්චි කරලා හමු වීමේ කූඩාරමේ තියෙන මේසය සහ ඒකේ හැම භාණ්ඩයක්මත් පහන් රුක සහ ඒකට අයිති හැම භාණ්ඩයක්මත් සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනයත් 28 දවන පූජා ඔප්පු කරන පූජාසනය සහ ඒකේ තියෙන හැම භාණ්ඩයක්මත් වතුර භාජනය සහ ඒකේ ආධාරකයත් කැප කරන්න. 29 ඔබ ඒ හැම දෙයක්ම පරිශුද්ධ දේවල්+ විදිහට වෙන් කරලා තැබිය යුතුයි. ඒවා අල්ලන හැමෝම ශුද්ධව සිටිය යුතුයි.+ 30 ඔබ ආරොන්ව+ සහ ඔහුගේ පුතුන්ව+ ඒ තෛලයෙන් අභිෂේක කරලා, මං ඉස්සරහා පූජකයන් විදිහට සේවය කරන්න ඔවුන්ව කැප කරන්න.+

31 “ඔබ ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘ඔබේ හැම පරම්පරාවකදීම ඒ ශුද්ධ තෛලය අයිති මටයි. මගේ සේවය වෙනුවෙන් කැප කරන හැම කෙනෙක්වමත් හැම දෙයක්මත් ඒ ශුද්ධ තෛලයෙන් අභිෂේක කළ යුතුයි.+ 32 ඒක කිසිම මිනිසෙක්ගේ ඇඟේ ආලේප නොකළ යුතුයි. මේ තෛලයට සමාන වෙන කිසි තෛලයක් හදන්න එපා. මොකද ඒක ශුද්ධ තෛලයක්. ඔබ ඒක ශුද්ධ දෙයක් විදිහට හැමදාටම සැලකිය යුතුයි. 33 කෙනෙක් ඒකට සමාන තෛලයක් හැදුවොත් හෝ පූජක පවුලට අයිති නැති කෙනෙක්ගේ* ඇඟේ ඒක ආලේප කළොත් ඔහුව මරා දැමිය යුතුයි.’”*+

34 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මේ දේත් කිව්වා. “ඔබ නාතාප්, සුවඳ ඔනිකා, කෙල්බෙනා සහ පිරිසිදු කට්ටකුමංජල් එකම ප්‍රමාණවලින් එකතු කරගන්න.+ 35 දක්ෂ තෙල් සාදන්නෙක් ඒ දේවල් එකතු කරලා සුවඳ දුම් ඔප්පු කරන්න සුගන්ධවත් ද්‍රව්‍යයක් සෑදිය යුතුයි.+ ඒකට ලුණුත් එකතු කරන්න.+ ඒක ශුද්ධ ද්‍රව්‍යයක්. 36 ඒ සුගන්ධවත් ද්‍රව්‍ය කොටලා සිහින් කුඩක් හදන්න. ඒකෙන් ටිකක් හමු වීමේ කූඩාරමේ, මං ඔබට පෙනී ඉන්න තැන වන ගිවිසුම් පෙට්ටිය ඉස්සරහා තියන්න. ඔබ ඒක ඉතා ශුද්ධ ද්‍රව්‍යයක් විදිහට සැලකිය යුතුයි. 37 පෞද්ගලික පාවිච්චියට ඒ සුවඳ ද්‍රව්‍යය හදාගන්න එපා.+ ඒක යෙහෝවා වන මට ශුද්ධ දෙයක්. 38 ඒ සුගන්ධවත් ද්‍රව්‍යයේ සුවඳ විඳින්න කෙනෙක් ඒක හදාගත්තොත් ඔහුව මරා දැමිය යුතුයි.”

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න