ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 35
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා පොතේ සාරාංශයක්

      • රේකාබ්වරුන්ගේ කීකරුකම ආදර්ශයක් (1-19)

යෙරෙමියා 35:1

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 23:34; 2ලේක 36:5; දානි 1:1

යෙරෙමියා 35:2

පාදසටහන්

  • *

    හෝ, “කාමරයකට.”

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 10:15; 1ලේක 2:55

යෙරෙමියා 35:6

පාදසටහන්

  • *

    මූ.අ., “යෝනාදබ්.” යෙහොනාදාබ් කියන නම කෙටියෙන් කියන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 10:15

යෙරෙමියා 35:10

පාදසටහන්

  • *

    මූ.අ., “යෝනාදබ්.” යෙහොනාදාබ් කියන නම කෙටියෙන් කියන විදිහක්.

යෙරෙමියා 35:11

පාදසටහන්

  • *

    මූ.අ., “නෙබුකද්රෙෂර්.” ඒ නම ලියන වෙන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:5, 6; දානි 1:1

යෙරෙමියා 35:13

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 32:33

යෙරෙමියා 35:14

පාදසටහන්

  • *

    මූ.අ., “උදේ පාන්දර නැඟිටලා.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 35:8
  • +2ලේක 36:15, 16; නෙහෙ 9:26, 30; යෙරෙ 25:3

යෙරෙමියා 35:15

පාදසටහන්

  • *

    මූ.අ., “උදේ පාන්දර නැඟිටලා.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 7:24, 25
  • +යෙසා 1:16; යෙරෙ 25:5; එස 18:30; හොෂෙ 14:1
  • +යෙරෙ 7:5-7

යෙරෙමියා 35:16

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 35:8

යෙරෙමියා 35:17

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:15; 29:26, 27; යොෂු 23:15, 16; 2රාජා 23:27
  • +යෙසා 65:12; 66:4; යෙරෙ 7:13, 14

යෙරෙමියා 35:19

පාදසටහන්

  • *

    මූ.අ., “යෝනාදබ්.” යෙහොනාදාබ් කියන නම කෙටියෙන් කියන විදිහක්.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 212-213 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

යෙරෙ. 35:12රාජා 23:34; 2ලේක 36:5; දානි 1:1
යෙරෙ. 35:22රාජා 10:15; 1ලේක 2:55
යෙරෙ. 35:62රාජා 10:15
යෙරෙ. 35:112ලේක 36:5, 6; දානි 1:1
යෙරෙ. 35:13යෙරෙ 32:33
යෙරෙ. 35:14යෙරෙ 35:8
යෙරෙ. 35:142ලේක 36:15, 16; නෙහෙ 9:26, 30; යෙරෙ 25:3
යෙරෙ. 35:15යෙරෙ 7:24, 25
යෙරෙ. 35:15යෙසා 1:16; යෙරෙ 25:5; එස 18:30; හොෂෙ 14:1
යෙරෙ. 35:15යෙරෙ 7:5-7
යෙරෙ. 35:16යෙරෙ 35:8
යෙරෙ. 35:17ද්වි 28:15; 29:26, 27; යොෂු 23:15, 16; 2රාජා 23:27
යෙරෙ. 35:17යෙසා 65:12; 66:4; යෙරෙ 7:13, 14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
යෙරෙමියා 35:1-19

යෙරෙමියා

35 යොෂියාගේ පුතා වුණ යෙහෝයාකිම්+ යූදාවල රජකම් කරපු කාලේදී යෙහෝවා දෙවියන්ගෙන් යෙරෙමියාට මේ පණිවිඩය ලැබුණා. 2 “දැන් රේකාබ්වරුන්ගේ+ පවුලේ අයව හම්බ වෙන්න යන්න. එයාලා එක්ක කතා කරලා එයාලව යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තියෙන කෑම කාමරයකට* එක්කගෙන එන්න. ඊටපස්සේ එයාලට බොන්න වයින් දෙන්න.”

3 ඉතින් මම හබෂ්ෂිනියාගේ පුතා වුණ යෙරෙමියාගේ පුතා යයෂනියාවයි, එයාගේ සහෝදරයන්වයි, එයාගේ පුතාලා හැමෝවමයි, රේකාබ්වරුන්ගේ පවුලේ හැමෝවමයි එක්කගෙන 4 යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ගියා. මම එයාලව සැබෑ දෙවියන්ගේ සේවකයෙක් වුණ ඉග්දලියාගේ පුතා වුණ හානාන්ගේ පුතුන්ගේ කෑම කාමරයට එක්කගෙන ගියා. ඒක තිබුණේ දොරටු පාලකයෙක් වුණ ෂල්ලුම්ගේ පුතා වුණ මයසේයාගේ කෑම කාමරයට ඉහළින් තිබ්බ අධිපතීන්ගේ කෑම කාමරයට එහා පැත්තේ. 5 ඊටපස්සේ මම වයින් පුරවපු බඳුන් සහ කුසලාන රේකාබ්වරුන්ගේ පවුලේ අය ඉස්සරහින් තියලා “වයින් බොන්න” කියලා එයාලට කිව්වා.

6 ඒත් එයාලා මෙහෙම කිව්වා. “අපි වයින් බොන්නේ නැහැ. අපේ මුතුන්මිත්තා වුණ රේකාබ්ගේ පුතා යෙහොනාදාබ්*+ අපිට මේ වගේ අණක් දුන්නා. ‘ඔයාලවත් ඔයාලාගේ පුතාලාවත් කවදාවත් වයින් බොන්න එපා. 7 ගෙවල් හදන්නවත් බීජ වපුරන්නවත් මිදිවතු වවන්නවත් ඒවා අයිති කරගන්නවත් එපා. ඔයාලා දිගටම කූඩාරම්වල ජීවත් වෙන්න. එතකොට විදේශිකයන් විදිහට ඔයාලා ජීවත් වෙන දේශයේ ගොඩක් කල් ජීවත් වෙන්න ඔයාලට පුළුවන් වෙයි.’ 8 ඉතින් අපි අපේ මුතුන්මිත්තා වුණ රේකාබ්ගේ පුතා යෙහොනාදාබ් අපිට අණ කරපු හැම දෙයක්ම ඒ විදිහටම පිළිපදිනවා. ඒ නිසා අපිවත් අපේ භාර්යාවන්වත් අපේ දූපුතුන්වත් වයින් කටේවත් තියන්නේ නැහැ. 9 අපි ගෙවල් දොරවල් හදාගන්නේ නැහැ. අපිට මිදිවතුවත් කෙත්වතුවත් අයිති නැහැ. අපි බීජ වපුරන්නෙත් නැහැ. 10 අපි දිගටම කූඩාරම්වල ජීවත් වෙනවා. ඒ විදිහට අපි අපේ මුතුන්මිත්තා වුණ යෙහොනාදාබ්* අණ කරපු හැම දේකටම කීකරු වෙනවා. 11 ඒත් බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්* දේශයට විරුද්ධව සටන් කරන්න ආවාම+ අපි මෙහෙම කතා වුණා. ‘කල්දිවරුන්ගෙයි, සිරියානුවන්ගෙයි හමුදාවෙන් බේරෙන්න අපි යෙරුසලමට යමු.’ ඉතින් දැන් අපි යෙරුසලමේ ජීවත් වෙනවා.”

12 එතකොට යෙහෝවා යෙරෙමියාට මෙහෙම කිව්වා. 13 “ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘යූදාවල වැසියන් ළඟටත් යෙරුසලමේ ඉන්න අය ළඟටත් ගිහින් මෙහෙම කියන්න. “මං කියන දේවලට කීකරු වෙන්න කියලා ඔබට දිගින් දිගටම මං කිව්වේ නැද්ද”+ කියලා යෙහෝවා අහනවා. 14 “රේකාබ්ගේ පුතා වුණ යෙහොනාදාබ් වයින් බොන්න එපා කියලා ඔහුගෙන් පැවතෙන අයට දුන්න අණ ඔවුන් ඒ විදිහටම පිළිපදිනවා. අද වෙන කල් වයින් උගුරක්වත් බොන්නේ නැතුව ඔවුන් ඔවුන්ගේ මුතුන්මිත්තාට කීකරු වෙනවා.+ ඒත් මම ඔබට ආයේ ආයේ* කියපු දේවලට ඔබ කීකරු වුණේ නැහැ.+ 15 මම දිගින් දිගටම මගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ව ඔබ ළඟට එව්වා. ඔවුන්ව ආයේ ආයේ* එවලා+ ඔබට මෙහෙම කිව්වා. ‘ඔබ යන වැරදි මාර්ගවලින් හැරිලා ආපහු එන්න.+ හරි දේ කරන්න. වෙනත් දෙවිවරු පස්සේ ගිහින් ඔවුන්ට සේවය කරන්න එපා. ඔබ කීකරු වුණොත් මං ඔබටත් ඔබේ මුතුන්මිත්තන්ටත් දුන්න දේශයේ දිගටම ජීවත් වෙන්න ඔබට පුළුවන් වෙනවා.’+ ඒත් ඔබ මට ඇහුම්කන් දුන්නේ නැහැ. මං කියපු දේවල් කනකටවත් ගත්තේ නැහැ. 16 රේකාබ්ගේ පුතා වුණ යෙහොනාදාබ්ගෙන් පැවතෙන අය ඔවුන්ගේ මුතුන්මිත්තා දුන්න අණට ඒ විදිහටම කීකරු වෙනවා.+ ඒත් මේ සෙනඟ මට ඇහුම්කන් දෙන්නේ නැහැ.”’”

17 “ඒ නිසා ස්වර්ගයේ සේනාවල දෙවියන්, ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මම යූදා දේශයටත් යෙරුසලමේ ඉන්න හැමෝටමත් විරුද්ධව ගේනවා කියලා කියපු හැම විපතක්ම මම අනිවාර්යයෙන්ම ඔවුන් පිටට ගේනවා.+ මොකද මම ඔවුන්ට කතා කළත් ඔවුන් මට ඇහුම්කන් දෙන්නේ නැහැ. මම දිගින් දිගටම ඔවුන්ට අඬගැහුවත් ඔවුන් මට කිසි උත්තරයක් දෙන්නේ නැහැ.’”+

18 යෙරෙමියා රේකාබ්වරුන්ගේ පවුලේ අයට මෙහෙම කිව්වා. “ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ඔබේ මුතුන්මිත්තා වුණ යෙහොනාදාබ් කියපු හැම දේකටම ඔබ ඒ විදිහටම කීකරු වුණා. ඔහු අණ කරපු විදිහට ඔබ හැම දෙයක්ම මේ වෙන කල් කරන නිසා 19 ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මේ දේ ඔබට කියනවා. “රේකාබ්ගේ පුතා වුණ යෙහොනාදාබ්ගෙන්* පැවතෙන කෙනෙක් මං ඉස්සරහා හැමදාම සේවය කරයි.”’”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න