හොෂෙයා
ඊශ්‍රායෙල් සෙනඟ, මේ දේ හොඳින් හිතට ගන්න.
රාජ වංශය, ඔබත් හොඳට ඇහුම්කන් දෙන්න.
ඔබට විරුද්ධව තීන්දුවක් අරන් තියෙනවා.
ඔබ මිෂ්පා නුවරේ අටවපු උගුලක්.
තාබෝර් කන්ද+ මත එළපු දැලක්.
3 මම එෆ්‍රායිම් ගැන හැම දේම දන්නවා.
ඊශ්‍රායෙල්ට මගෙන් හැංගෙන්න බැහැ.
එෆ්‍රායිම්, ඔබ හැම ස්ත්‍රියක්ම පස්සේ ගිහින්
ඔවුන් එක්ක අනාචාරයේ* යෙදෙනවා.
ඊශ්‍රායෙල් හැම අතින්ම අපවිත්‍රයි.+
4 ඔවුන්ගේ එකම ආශාව අනාචාරයේ යෙදෙන එකයි.+
යෙහෝවා දෙවියන් ගැන ඔවුන්ට කිසි හැඟීමක් නැහැ.
ඔවුන්ට ආයෙත් ඔවුන්ගේ දෙවියන් ළඟට එන්න බැරි ඒ නිසයි.
5 ඊශ්‍රායෙල්වරුන්ගේ උඩඟුකම ඔවුන්ටම විරුද්ධව සාක්ෂි දෙනවා.+
ඊශ්‍රායෙල් සහ එෆ්‍රායිම් වැටුණේ ඔවුන්ගෙම පාප නිසයි.
යූදාත් ඔවුන් එක්කම වැටුණා.+
6 ඔවුන් බැටළුවන් සහ ගවයන් අරන් ඇවිත් යෙහෝවා දෙවියන්ව හොයනවා.
ඒත් ඔවුන්ට ඔහුව හම්බ වෙන්නේ නැහැ.
මොකද දෙවියන් ඔවුන්ගෙන් ඈත් වෙලා ගිහින්.+
මාසයක් යන්නත් කලින් ඔවුන්ගේ දේපළත්* එක්කම ඔවුන් විනාශ වෙනවා.
8 ගිබෙයාවලදී නළාවකුත් රාමාවලදී+ හොරණෑවකුත් පිඹින්න!+
බෙත්ආවෙන්+ ඉඳන් යුධ ඝෝෂා නඟන්න. බෙන්ජමින්, ඔබ ඉස්සරහින්ම යන්න.
9 එෆ්‍රායිම්, මම ඔබට දඬුවම් කරද්දී ඔබ දිහා බලන අයගේ ඇඟ කිලිපොළා යයි.+
වෙන්න යන දේ ගැන මම ඊශ්‍රායෙලයේ හැම ගෝත්රයකටම දැනුම් දීලයි තියෙන්නේ.
10 යූදාවල පාලකයෝ හැසිරෙන්නේ ඉඩම්වල මායිම් වෙනස් කරන අය වගේ.+
වේගයෙන් ගලා යන දිය පහරක් වගේ මම ඔවුන් පිටට මගේ කේන්තිය පිට කරනවා.
11 එෆ්‍රායිම් උදව් ඉල්ලුවේ ඔහුගේ සතුරෙක්ගෙන්.
ඔහු නැති නාස්ති වී ගියේ ඒ නිසයි. ඔහුට ලැබුණු විනිශ්චය සාධාරණයි.+
12 මම කාවෙක් වගේ එෆ්රායිම්ව කාලා දැම්මා.
යූදා සෙනඟව කුණු වෙලා යන්න සැලැස්සුවා.
13 තමන් රෝගීව ඉන්නවා කියලා එෆ්‍රායිම් තේරුම්ගත්තා.
යූදා තමන්ගේ තුවාලය දැක්කා.
ඒ නිසා එෆ්‍රායිම්, ඇසිරියාවෙන්+ උදව් ඉල්ලුවා.
මහ රජ ළඟට පණිවිඩකරුවන් යැව්වා.
ඒත් ඔහුට බැරි වුණා ඔබේ රෝගය සුව කරන්න.
ඔබේ තුවාලය සුව කරන්නත් ඔහුට බැරි වුණා.
14 මම එෆ්‍රායිම්ට තරුණ සිංහයෙක් වගෙත්
යූදා සෙනඟට කේශර සිංහයෙක් වගෙත් පහර දෙනවා.
15 මම ආයෙත් මගේ වාසස්ථානයට හැරිලා යනවා.
එහෙදී ඔවුන් කරපු වරදට වන්දි ගෙවන කල් මම බලන් ඉන්නවා.