යෝබ්
2 උගේ නහයට ලණුවක් දාන්නවත්
කොක්කකින් උගේ හකු සිදුරු කරන්නවත් ඔයාට පුළුවන්ද?
3 ඌට අනුකම්පා කරන්න කියලා ඌ ඔයාට බැගෑපත් වෙයිද?
ඌ මිහිරි වචනවලින් ඔයාත් එක්ක කතා කරයිද?
4 ඌ ඔයාත් එක්ක ගිවිසුමක් ඇති කරගෙන
හැමදාටම ඔයාගේ සේවකයෙක් වෙයිද?
5 සුරතලේට ඇති කරන කුරුල්ලෙක් එක්ක වගේ ඔයා ඌත් එක්ක සෙල්ලම් කරයිද?
ඔයා ඌව ගැටගහලා සෙල්ලම් කරන්න කියලා ඔයාගේ චූටි දුවලට දෙයිද?
6 වෙළඳපොළේදී ඌව මිල දී ගන්න මිනිසුන් පොරකයිද?
ඌව කෑලිවලට කපලා වෙළෙන්දෝ අතරේ බෙදාගනියිද?
9 ඌත් එක්ක පොරබැදලා දිනන්න හිතන්නවත් එපා.
ඌ ඔයා දිහාවට එනවා දැක්කාමත් ඔයා ගල්ගැහෙයි.*
10 ඌව අවුස්සගන්න තරම් නිර්භීත කෙනෙක් නැහැ.
එහෙමනම් මට විරුද්ධව නැඟී ඉන්න පුළුවන් කාටද?+
අහස යට තියෙන හැම දෙයක්ම අයිති මටයි.+
13 උගේ හම ගලවපු කෙනෙක් ඉන්නවාද?
උගේ හකු ළඟට යන්න තරම් එඩිතර කෙනෙක් ඉන්නවාද?
14 කාටවත් පුළුවන්ද උගේ හකු දිගහරින්න?
උගේ කට පුරාම තියෙන දත් දැක්කාම බය හිතෙනවා.
16 ඒවා කොච්චර තදින් ඇලිලාද කියනවා නම්
ඒවා අතරින් සුළං පොදකටවත් යන්න බැහැ.
17 ඒවා වෙන් කරන්න බැරි තරමට
එකකට එකක් යා වෙලයි තියෙන්නේ.
18 ඌ කිවිසුම් හරිද්දී එළියක් දිස් වෙනවා.
උගේ ඇස් හිමිදිරි ආලෝකය වගේ දිදුලනවා.
19 උගේ කටෙන්
ගිනිදලුත් ගිනිපුපුරුත් නික්මෙයි.
21 උගේ හුස්මට ගිනි අඟුරු ඇවිළෙනවා.
කටින් ගිනිදලු පිට වෙනවා.
22 උගේ ගෙල හරිම ශක්තිමත්.
ඌව දැක්කාම මිනිසුන් බයේ දුවනවා.
24 උගේ හදවත ගලක් වගේ.
ඒක ඇඹරුම් ගලක් වගේ තදයි.
25 ඌ ඉහළට මතු වෙද්දී නිර්භීත අය පවා බයෙන් වෙවුලයි.
ඌ වියරුවෙන් දිය කලඹද්දී මිනිසුන් වියවුල් වෙයි.
27 ඌට යකඩ දැනෙන්නේ පිදුරු වගේ.
තඹ දැනෙන්නේ දිරා ගිය ලී වගේ.
28 ඊතලයකින් ඌව පන්නලා දාන්න බැහැ.
ගල්පටියකින් විදින ගල්, ඌට දැනෙන්නේ පිදුරු ගහක් ඇඟේ වදිනවා වගේ.
29 මුගුරක් ඌ දකින්නේ පිදුරු ගහක් වගේ.
හෙල්ලයේ හඬ ඇහෙද්දී ඌ සිනාසෙයි.
30 උගේ උදරයේ හම කැඩිලා බිඳිලා ගිය වළං කැබලි වගේ.
ඌ මඩ ගොඩක යන්නේ හරියට මඩින යන්ත්රයක් හාරගෙන යනවා වගෙයි.+
32 ඌ පිහිනා යන මඟ දිලිසෙයි.
ඒක පේන්නේ හරියට ජලයේ පාවෙන සුදු කෙස් රොදවල් වගේ.
33 බය කියන්නේ මොකක්ද කියලා දන්නෙවත් නැති
ඌ වගේ සතෙක් පොළොවේ කොහෙවත් නැහැ.
34 ඌ සද්දන්තයන් ඉස්සරහා වුණත් නොසැලෙයි.
තේජාන්විත සතුන් අතරෙත් ඌ රජෙක් වගේ වැජඹෙයි.”