ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 රාජාවලිය පොතේ සාරාංශයක්

      • යෙරොබොවම්ට විරුද්ධව අහියා අනාවැකියක් කියයි (1-20)

      • රෙහබෝවම් යූදා පාලනය කරයි (21-31)

        • ෂීෂක්ගේ ආක්‍රමණය (25, 26)

1 රාජාවලිය 14:2

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 11:30, 31

1 රාජාවලිය 14:4

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 18:1; 1සාමු 4:3

1 රාජාවලිය 14:5

පාදසටහන්

  • *

    හෝ, “ඔයා මේ මේ දේවල් එයාට කියන්න.”

1 රාජාවලිය 14:7

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 11:30, 31; 12:20

1 රාජාවලිය 14:8

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 12:16
  • +1රාජා 15:5; ක්‍රියා 13:22

1 රාජාවලිය 14:9

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 27:15; 2ලේක 11:15
  • +නෙහෙ 9:26; ගීතා 50:17

1 රාජාවලිය 14:10

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 15:25-29

1 රාජාවලිය 14:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 244 පි.

    මුරටැඹ,

    7/1/2010, 29 පි.

    7/1/2005, 31 පි.

    4/1/1995, 12 පි.

1 රාජාවලිය 14:14

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 15:25-29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙසායාගේ අනාවැකිය I, 133-134 පි.

1 රාජාවලිය 14:15

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

  • *

    ඒ කියන්නේ යුප්‍රටීස් ගඟෙන්.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 12:3
  • +ද්වි 8:7-9; 29:28; යොෂු 23:15; 2රාජා 17:6
  • +ද්වි 28:64; 2රාජා 15:29; 18:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙසායාගේ අනාවැකිය I, 133-134 පි.

1 රාජාවලිය 14:16

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 12:28-30; 13:33, 34

1 රාජාවලිය 14:19

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 12:15; 13:3

1 රාජාවලිය 14:20

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 13:20
  • +1රාජා 15:25

1 රාජාවලිය 14:21

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:24; ද්වි 12:5, 6; 1රාජා 8:16, 17
  • +ගීතා 78:68; 132:13
  • +1රාජා 11:1; 2ලේක 12:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2011, 10 පි.

1 රාජාවලිය 14:22

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 11:7; 2ලේක 12:1
  • +යෙසා 65:2

1 රාජාවලිය 14:23

පාදසටහන්

  • *

    මූ.අ., “උස් තැන්.”

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 65:7
  • +ද්වි 12:2, 3; යෙසා 57:5; යෙරෙ 2:20; හොෂෙ 4:13
  • +ලෙවී 26:1

1 රාජාවලිය 14:24

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 23:17, 18; 1රාජා 15:11, 12; 22:46; 2රාජා 23:7; හොෂෙ 4:14

1 රාජාවලිය 14:25

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 11:40
  • +2ලේක 12:2-4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (පාඩම් අංක 3), 8-12 පි.

1 රාජාවලිය 14:26

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:51; 15:18; 2රාජා 18:14, 15; 24:12, 13
  • +1රාජා 10:16, 17; 2ලේක 12:9-11

1 රාජාවලිය 14:29

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 27:24; 2ලේක 12:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2009, 32 පි.

1 රාජාවලිය 14:30

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 15:6

1 රාජාවලිය 14:31

පාදසටහන්

  • *

    අබියා කියලත් හඳුන්වනවා.

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 11:43
  • +1රාජා 11:1; 2ලේක 12:13
  • +1ලේක 3:10; මතෙ 1:7

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 රාජා. 14:21රාජා 11:30, 31
1 රාජා. 14:4යොෂු 18:1; 1සාමු 4:3
1 රාජා. 14:71රාජා 11:30, 31; 12:20
1 රාජා. 14:81රාජා 12:16
1 රාජා. 14:81රාජා 15:5; ක්‍රියා 13:22
1 රාජා. 14:9ද්වි 27:15; 2ලේක 11:15
1 රාජා. 14:9නෙහෙ 9:26; ගීතා 50:17
1 රාජා. 14:101රාජා 15:25-29
1 රාජා. 14:141රාජා 15:25-29
1 රාජා. 14:15ද්වි 12:3
1 රාජා. 14:15ද්වි 8:7-9; 29:28; යොෂු 23:15; 2රාජා 17:6
1 රාජා. 14:15ද්වි 28:64; 2රාජා 15:29; 18:11
1 රාජා. 14:161රාජා 12:28-30; 13:33, 34
1 රාජා. 14:192ලේක 12:15; 13:3
1 රාජා. 14:202ලේක 13:20
1 රාජා. 14:201රාජා 15:25
1 රාජා. 14:21නික් 20:24; ද්වි 12:5, 6; 1රාජා 8:16, 17
1 රාජා. 14:21ගීතා 78:68; 132:13
1 රාජා. 14:211රාජා 11:1; 2ලේක 12:13
1 රාජා. 14:221රාජා 11:7; 2ලේක 12:1
1 රාජා. 14:22යෙසා 65:2
1 රාජා. 14:23යෙසා 65:7
1 රාජා. 14:23ද්වි 12:2, 3; යෙසා 57:5; යෙරෙ 2:20; හොෂෙ 4:13
1 රාජා. 14:23ලෙවී 26:1
1 රාජා. 14:24ද්වි 23:17, 18; 1රාජා 15:11, 12; 22:46; 2රාජා 23:7; හොෂෙ 4:14
1 රාජා. 14:251රාජා 11:40
1 රාජා. 14:252ලේක 12:2-4
1 රාජා. 14:261රාජා 7:51; 15:18; 2රාජා 18:14, 15; 24:12, 13
1 රාජා. 14:261රාජා 10:16, 17; 2ලේක 12:9-11
1 රාජා. 14:291ලේක 27:24; 2ලේක 12:15
1 රාජා. 14:301රාජා 15:6
1 රාජා. 14:311රාජා 11:43
1 රාජා. 14:311රාජා 11:1; 2ලේක 12:13
1 රාජා. 14:311ලේක 3:10; මතෙ 1:7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 රාජාවලිය 14:1-31

පළවෙනි රාජාවලිය

14 ඒ කාලේදී යෙරොබොවම්ගේ පුතා වුණ අබියා අසනීප වුණා. 2 ඉතින් යෙරොබොවම් එයාගේ බිරිඳට මෙහෙම කිව්වා. “දැන් ගිහින් ඔයා මගේ බිරිඳ කියලා කාටවත් අඳුරගන්න බැරි වෙන විදිහට ඇඳගෙන ෂීලෝවලට යන්න. අනාගතවක්තෘ අහියා ඉන්නේ එහේ. එයා තමයි කිව්වේ මං මේ සෙනඟගේ රජ වෙනවා කියලා.+ 3 එයාට දෙන්න රොටි දහයකුයි, තුනී රොටි ටිකකුයි, මීපැණි බෝතලයකුයි අරගෙන යන්න. පුතාට මොකද වෙන්නේ කියලා එයා කියයි.”

4 යෙරොබොවම් කියපු විදිහටම එයාගේ බිරිඳ කළා. එයා ෂීලෝවල+ හිටපු අහියාගේ ගෙදරට ගියා. අහියා හොඳටම වයසට ගිහින් හිටපු නිසා එයාගේ ඇස් පෙනීම නැති වෙලයි තිබුණේ.

5 යෙහෝවා දෙවියන් අහියාට මෙහෙම කියලා තිබුණා “යෙරොබොවම්ගේ පුතා ඉන්නේ අසනීපෙන්. ඒ නිසා එයාට මොනවාද වෙන්නේ කියලා දැනගන්න යෙරොබොවම්ගේ බිරිඳ ඔයාව හම්බ වෙන්න එනවා. ඒත් එයා කවුද කියලා එයා ඔයාට කියන එකක් නැහැ. එයාට කියන්න ඕනෙ දේ මම ඔයාට කියන්නම්.”*

6 එයා දොරකඩට ආපු ගමන්ම එයාගේ අඩි සද්දේ ඇහිලා අහියා මෙහෙම කිව්වා. “ඇතුළට එන්න. ඔයා යෙරොබොවම්ගේ බිරිඳ කියලා මං දන්නවා. ඔයා කවුද කියලා හංගන්නේ ඇයි? ඔයාට නරක ආරංචියක් කියන්න කියලා දෙවියන් මට පැවරුවා. 7 ගිහින් යෙරොබොවම්ට මෙහෙම කියන්න. ‘ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා කියන්නේ මේකයි. “සෙනඟ අතරින් මං ඔයාව තෝරගෙන මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා විදිහට ඔයාව පත් කළා.+ 8 මම රාජ්‍යය දාවිත්ගේ පෙළපතින් උදුරගෙන ඔයාට දුන්නා.+ ඒත් ඔයා මගේ සේවක දාවිත් වගේ මගේ ආඥා පිළිපැද්දෙවත් මගේ මඟ පෙන්වීම්වලට මුළු හදවතින්ම කීකරු වුණේවත් නැහැ. දාවිත් නම් හැම වෙලේම මං හරියි කියලා සලකන දේ කළා.+ 9 ඒත් ඔයා ඔයාට කලින් හිටපු හැමෝටම වඩා දුෂ්ට දේවල් කළා. මාව කේන්ති ගස්සන්න ඔයා තව දෙවි කෙනෙක්ව හදාගත්තා. ලෝහවලින් අර රූප හදාගත්තා.+ ඔයා පිටුපෑවේ මටයි.+ 10 ඒ හින්දා මම යෙරොබොවම්ගෙන් පැවතෙන අය පිටට විපතක් ගේනවා. යෙරොබොවම්ගෙන් පැවතෙන ඊශ්‍රායෙල් දේශයේ ඉන්න දුර්වල, අසරණ අය ඇතුළුව හැම පුරුෂයෙක්වම මම නැත්තටම නැති කරලා දානවා. ගොම අයින් කරලා දානවා වගේ මම යෙරොබොවම්ගේ පෙළපත අතුගාලාම දානවා.+ 11 නගරවලදී මැරෙන යෙරොබොවම්ගේ පවුලේ අයව බල්ලෝ කාලා දානවා. නගරෙන් පිට මැරෙන අයව කුරුල්ලෝ කාලා දානවා. ඒ දේ කියන්නේ යෙහෝවායි.”’

12 “දැන් ඔයා ගෙදර යන්න. ඔයා නගරෙට ඇතුල් වුණ ගමන්ම දරුවා මැරෙනවා. 13 ඊශ්‍රායෙල්වරු හැමෝම එයා ගැන අඬා වැලපිලා එයාව තැන්පත් කරයි. යෙරොබොවම්ගේ පවුලේ අයගෙන් එයාව විතරයි ඒ විදිහට තැන්පත් කරන්නේ. මොකද ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා යෙරොබොවම්ගේ පවුලේ අයගෙන් එයාගේ විතරයි මොනවා හරි හොඳක් දැකලා තියෙන්නේ. 14 යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට රජෙක්ව පත් කරයි. එයා නියමිත දවසේදී යෙරොබොවම්ගේ පෙළපත නැති කරලා දායි.+ ඇත්තටම ඒ දවස දැනටමත් ඇවිල්ලයි තියෙන්නේ. 15 ඊශ්‍රායෙල්වරු නමස්කාර කරන්න කණු*+ හදාගෙන යෙහෝවාව කේන්ති ගස්සපු නිසා යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට දඬුවම් කරනවා. ඒ නිසා එයාලා වතුරේ ගහගෙන යන බට ලීයක් වගේ වෙනවා. දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ව එයාලාගේ මුතුන්මිත්තන්ට දුන්න මේ සරුසාර දේශයෙන් උගුල්ලලා+ එයාලව මහ ගඟෙන්* එගොඩ තියෙන ප්‍රදේශවලට විසුරුවාහරිනවා.+ 16 යෙරොබොවම් කරපු වැරදි නිසාත් එයාගේ බලපෑමට අහු වෙලා ඊශ්‍රායෙල්වරු කරපු වැරදි නිසාත් දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ව අත්හරිනවා.”+

17 ඊටපස්සේ යෙරොබොවම්ගේ බිරිඳ එතනින් පිටත් වෙලා තිර්ෂාවලට ගියා. එයා ගෙදර දොරකඩට ආපු ගමන්ම එයාගේ පුතා මැරුණා. 18 යෙහෝවා ඔහුගේ සේවකයා වුණ අනාගතවක්තෘ අහියා මාර්ගයෙන් කියපු විදිහටම ඊශ්‍රායෙල්වරු හැමෝම එයා ගැන අඬා වැලපිලා එයාව තැන්පත් කළා.

19 යෙරොබොවම්ගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු යුද්ධ ගැනත්+ එයා රජකම් කරපු විදිහ ගැනත් ඊශ්‍රායෙල්වල රජවරුන්ගේ ඉතිහාසය ගැන වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා. 20 යෙරොබොවම් අවුරුදු 22ක් රජකම් කළා. ඊටපස්සේ එයා මැරුණා.+ එයාවත් එයාගේ මුතුන්මිත්තන් වගේ තැන්පත් කළා. එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ නාදාබ් රජකමට පත් වුණා.+

21 ඔය අතරේ යූදාවල රජකම් කළේ සලමොන්ගේ පුතා වුණ රෙහබෝවම්. එයා රජ වෙද්දී එයාගේ වයස අවුරුදු 41යි. ඊශ්‍රායෙල් ගෝත්‍රවලට අයිති නගරවලින් යෙහෝවා දෙවියන් ඔහුගේ නම දරන්න+ තෝරගත්ත නගරය+ වන යෙරුසලමේ ඉඳන් එයා අවුරුදු 17ක් පාලනය කළා. රෙහබෝවම්ගේ අම්මාගේ නම නයමා. එයා අම්මොන් ජාතික ස්ත්‍රියක්.+ 22 යූදා රාජ්‍යයේ හිටපු මිනිස්සුත් යෙහෝවා දෙවියන් වැරදියි කියලා සලකන දේවල් කළා.+ එයාලා කොච්චර වැරදි කළාද කියනවා නම් එයාලා එයාලාගේ මුතුන්මිත්තන්ට වඩා වැඩියෙන් දෙවියන්ව කේන්ති ගැස්සුවා.+ 23 එයාලත් හැම කඳු මුදුනකම+ සහ සරුවට වැඩුණ හැම ගහක් යටම+ පූජනීය ස්ථාන,* කුලුනු, කණු*+ හැදුවා. 24 දේශයේ තිබුණ දේවාලවල පිරිමි ගණිකාවනුත් හිටියා.+ යෙහෝවා ඊශ්‍රායෙල්වරු ඉස්සරහින් පන්නලා දාපු ජාතීන් කරපු හැම පිළිකුල් දෙයක්ම සෙනඟ කළා.

25 රෙහබෝවම් රජකම් කරපු පස්වෙනි අවුරුද්දේ ඊජිප්තුවේ රජ වුණ ෂීෂක්+ යෙරුසලමට විරුද්ධව ආවා.+ 26 යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබුණ වටින දේවලුයි, රජමාලිගාවේ තිබුණ වටින දේවලුයි එයා පැහැරගත්තා.+ සලමොන් රජ හදපු රත්තරන් පලිස් ඇතුළුව හැම දෙයක්ම එයා අරගෙන ගියා.+ 27 ඒ නිසා රෙහබෝවම් රජ ඒවා වෙනුවට තඹ පලිස් හදලා ඒවා රජමාලිගාවේ දොරටු මුර කරපු අයගේ ප්‍රධානීන්ට භාර දුන්නා. 28 රජ යෙහෝවාගේ ගෘහයට ආපු හැම වෙලාවකදීම මුරකරුවෝ ඒ පලිස් අරගෙන ආවා. රජ එතනින් ගියාම එයාලා ආපහු ඒවා මුරකුටිවලින් තිබ්බා.

29 රෙහබෝවම්ගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු හැම දෙයක් ගැනම යූදාවල රජවරුන්ගේ ඉතිහාසය ගැන වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා.+ 30 රෙහබෝවම් සහ යෙරොබොවම් අතර නිතරම ගැටුම් තිබුණා.+ 31 අන්තිමේදී රෙහබෝවම් මැරුණා. එයාවත් එයාගේ මුතුන්මිත්තන් වගේ දාවිත්ගේ නුවරේ තැන්පත් කළා.+ එයාගේ අම්මාගේ නම නයමා. එයා අම්මොන් ජාතික කෙනෙක්.+ රෙහබෝවම්ගෙන් පස්සේ එයාගේ පුතා වුණ අබියාම්*+ රජකමට පත් වුණා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න