ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • කායින් සහ ආබෙල් (1-16)

      • කායින්ගෙන් පැවත ආපු අය (17-24)

      • සෙත් සහ එයාගේ පුතා ඒනොෂ් (25, 26)

උත්පත්ති 4:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:28
  • +1යොහ 3:10-12; යූද් 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2013, 12-13 පි.

    විශ්වාසය ආදර්ශයක්, 10-11 පි.

උත්පත්ති 4:2

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 23:35

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2013, 13 පි.

    1/15/2002, 22 පි.

    විශ්වාසය ආදර්ශයක්, 10-12 පි.

උත්පත්ති 4:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2002, 21 පි.

    2/1/1999, 21 පි.

    6/15/1996, 4-5 පි.

උත්පත්ති 4:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:12
  • +හෙබ්‍රෙ 11:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2015, 20 පි.

    1/1/2013, 14-15 පි.

    1/15/2002, 21 පි.

    8/15/2000, 13-14 පි.

    2/1/1999, 21 පි.

    6/15/1996, 4 පි.

    විශ්වාසය ආදර්ශයක්, 13-14 පි.

උත්පත්ති 4:5

පාදසටහන්

  • *

    හෝ, “එයාට දුකක් කලකිරීමක් ඇති වුණා.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2013, 15 පි.

    1/15/2002, 22 පි.

    2/1/1999, 21 පි.

    6/15/1996, 4-5 පි.

    විශ්වාසය ආදර්ශයක්, 14-16 පි.

උත්පත්ති 4:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/1999, 21, 23 පි.

    1/15/1999, 21 පි.

    6/15/1994, 14 පි.

උත්පත්ති 4:7

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2014, 28 පි.

    1/15/2002, 22 පි.

    2/1/1999, 21-23 පි.

    1/15/1999, 21 පි.

    6/15/1996, 4-5 පි.

    6/15/1994, 14 පි.

    2/1/1994, 31 පි.

    පිබිදෙව්!,

    10/2011, 24 පි.

උත්පත්ති 4:8

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 23:35; 1යොහ 3:10-12; යූද් 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2013, 15 පි.

    9/15/2002, 28 පි.

    විශ්වාසය ආදර්ශයක්, 16 පි.

උත්පත්ති 4:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2002, 22 පි.

උත්පත්ති 4:10

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 12:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2021, 4 පි.

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 90 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 84-85 පි.

    එළිදරව්, 100-101 පි.

    මුරටැඹ,

    6/15/2004, 14 පි.

    11/15/1995, 10 පි.

උත්පත්ති 4:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:5

උත්පත්ති 4:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 127 ලිපිය

උත්පත්ති 4:15

පාදසටහන්

  • *

    කායින්ව මරන්නේ නැතුව ඉන්න මේක අනිත් අයට අනතුරු ඇඟවීමක් වෙන්න ඇති.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2004, 29 පි.

    1/15/2002, 22-23 පි.

    2/1/1999, 21-22 පි.

උත්පත්ති 4:16

පාදසටහන්

  • *

    හෝ, “නොද්.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:8

උත්පත්ති 4:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 5:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 127 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    8/2016, 10 පි.

    මුරටැඹ,

    9/1/2010, 25 පි.

    1/1/2004, 29 පි.

    පිබිදෙව්!,

    10/8/2005, 22 පි.

උත්පත්ති 4:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2002, 6 පි.

උත්පත්ති 4:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 1/2020, 3 පි.

උත්පත්ති 4:24

හරස් යොමු දැක්වීම්

  • +උත් 4:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 1/2020, 3 පි.

උත්පත්ති 4:25

පාදසටහන්

  • *

    තේරුම, “වෙනුවට පත් කළ කෙනා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 4:8; මතෙ 23:35; හෙබ්‍රෙ 11:4
  • +උත් 5:3; 1ලේක 1:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2009, 13 පි.

උත්පත්ති 4:26

හරස් යොමු දැක්වීම්

  • +උත් 5:6; ලූක් 3:23, 38

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 1 2017 10 පි.

    මුරටැඹ,

    9/1/2005, 15-16 පි.

    9/15/2001, 29 පි.

    1/15/1997, 30 පි.

    11/15/1993, 12-13 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 4:1උත් 1:28
උත්. 4:11යොහ 3:10-12; යූද් 11
උත්. 4:2මතෙ 23:35
උත්. 4:4නික් 13:12
උත්. 4:4හෙබ්‍රෙ 11:4
උත්. 4:8මතෙ 23:35; 1යොහ 3:10-12; යූද් 11
උත්. 4:10හෙබ්‍රෙ 12:24
උත්. 4:11උත් 9:5
උත්. 4:16උත් 2:8
උත්. 4:17උත් 5:4
උත්. 4:24උත් 4:15
උත්. 4:25උත් 4:8; මතෙ 23:35; හෙබ්‍රෙ 11:4
උත්. 4:25උත් 5:3; 1ලේක 1:1
උත්. 4:26උත් 5:6; ලූක් 3:23, 38
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 4:1-26

උත්පත්ති

4 ආදම් එයාගේ බිරිඳ වුණ ඒව එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. ඒව ගැබ්ගෙන+ පුතෙක් බිහි කළා. එයාගේ නම කායින්.+ එයාව බිහි කරපු වෙලාවේ ඒව මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන් මම පිරිමි දරුවෙක්ව බිහි කළා.” 2 පස්සේ ඒව කායින්ගේ මල්ලි වුණ ආබෙල්ව බිහි කළා.+

ආබෙල් බැටළුවන්ව ඇති කළා. කායින් වගා කළා. 3 කාලයක් ගියාට පස්සේ කායින් එයා වගා කරපු දේවලින් කොටසක් යෙහෝවාට පූජාවක් විදිහට ඔප්පු කරන්න ගෙනාවා. 4 ඒත් ආබෙල් එයාගේ රැළේ හිටපු කුලුඳුල් සතුන් කීපදෙනෙක්ව ගෙනල්ලා+ උන්ගේ තෙල් කොටස් එක්ක උන්ව ඔප්පු කළා. යෙහෝවා ආබෙල්ව සහ එයාගේ පූජාව සතුටින් පිළිගත්තත්+ 5 කායින්ව සහ එයාගේ පූජාව පිළිගත්තේ නැහැ. ඒ නිසා කායින්ට ගොඩක් කේන්ති ගියා. එයාගේ මූණත් වෙනස් වුණා.* 6 එතකොට යෙහෝවා දෙවියන් කායින්ගෙන් මෙහෙම ඇහුවා. “ඔයා මෙච්චර කේන්තියෙන් ඉන්නේ ඇයි? බලන්නකෝ ඔයාගේ මූණත් වෙනස් වෙලා. 7 ඔයා වෙනස් වෙලා හොඳ දේවල් කළොත් මම ඔයාව පිළිගන්නේ නැද්ද? හැබැයි ඔයා හරි පාරට ආවේ නැත්තං පාපය* දොරකඩට වෙලා බලාගෙන ඉන්නවා ඔයාව අල්ලගන්න. ඔයා ඒකෙන් ජය ගන්න බලනවාද?”

8 ඊටපස්සේ කායින් “අපි කැලෑව පැත්තට යමුද” කියලා ආබෙල්ගෙන් ඇහුවා. එහෙට ගියාම කායින් ආබෙල්ට ගහලා එයාව මරලා දැම්මා.+ 9 පස්සේ යෙහෝවා කායින්ගෙන් ආබෙල් ගැන මෙහෙම ඇහුවා. “ඔයාගේ මල්ලි කොහෙද?” එතකොට කායින් කිව්වා “මං දන්නේ කොහොමද? ඇයි මං එයාගේ භාරකාරයාද” කියලා. 10 එතකොට දෙවියන් මෙහෙම කිව්වා. “ඔයා මොනවාද මේ කළේ? ඔයා හලපු ඔයාගේ මල්ලිගේ ලේ යුක්තිය ඉල්ලලා මට කෑගහනවා.+ 11 ඔයා මරලා දැම්ම ඔයාගේ මල්ලිගේ ලේවලින් තෙත් වෙලා තියෙන මේ ප්‍රදේශයෙන් මම ඔයාව පන්නලා දානවා. ඔයා ශාප ලබපු කෙනෙක් වෙනවා.+ 12 කොච්චර මහන්සි වෙලා වගා කළත් ඔයාට හොඳ පලදාවක් ලැබෙන්නේ නැහැ. ඔයාට ඉන්න ස්ථිර තැනක් තියෙන්නේ නැහැ. ඔයාට තැනින් තැනට පලා යන්න වෙනවා.” 13 කායින් යෙහෝවාට මෙහෙම කිව්වා. “මගේ වරදට දීලා තියෙන මේ දඬුවම මට දරාගන්න බැහැ. 14 ඔබ අද මාව මේ ප්‍රදේශයෙන් පන්නලා දානවා. අදින් පස්සේ මට ඔබේ මූණ දකින්න ලැබෙන්නෙත් නැහැ. ඉන්න ස්ථිර තැනක් නැති නිසා මට තැනින් තැනට පලා යන්න වෙනවා. ඉතින් කාට හරි මාව හම්බ වුණොත් එයා මාව අනිවාර්යයෙන්ම මරලා දායි.” 15 එතකොට යෙහෝවා කායින්ට මෙහෙම කිව්වා. “කවුරු හරි ඔයාව මැරුවොත් එයා ඔයාගේ ජීවිතේ වෙනුවෙන් හත් පාරක් වන්දි ගෙවන්න ඕනේ.”

ඉතින් කායින්ව හොයාගන්න කිසිම කෙනෙක් එයාව මරලා දාන්නේ නැති වෙන්න යෙහෝවා දෙවියන් ලකුණක්* නියම කළා. 16 ඊටපස්සේ කායින් යෙහෝවා දෙවියන් ඉදිරියෙන් යන්න ගියා. ඔහු ඒදන්වල නැඟෙනහිර පැත්තට වෙන්න තියෙන+ පලායන්නන්ගේ* දේශයට ගිහිල්ලා පදිංචි වුණා.

17 කායින් එයාගේ බිරිඳ එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා.+ ඇය ගැබ්ගෙන ඒනොක්ව බිහි කළා. පස්සේ කායින් නුවරක් ගොඩනඟන්න පටන්ගත්තා. එයා ඒ නුවරට එයාගේ පුතා වුණ ඒනොක්ගේ නම තිබ්බා. 18 පස්සේ ඒනොක්ට ඊරාද් කියලා පුතෙක් ඉපදුණා. ඊරාද් මෙහූයායෙල්ගේ පියා. මෙහූයායෙල් මෙතූෂායෙල්ගේ පියා. මෙතූෂායෙල් ලාමෙක්ගේ පියා.

19 ලාමෙක් ස්ත්‍රීන් දෙන්නෙක්ව විවාහ කරගත්තා. පළවෙනි කෙනාගේ නම ආදා. දෙවෙනි කෙනාගේ නම ෂිල්ලා. 20 ආදා යාබල්ව බිහි කළා. එයා තමයි කූඩාරම්වල ජීවත් වෙලා සත්ව රැළවල් බලාගත්ත මුල්ම කෙනා. 21 එයාගේ මල්ලිගේ නම යූබල්. එයා තමයි වීණාවයි, නළාවයි වාදනය කරන හැමෝගෙම ආදිපියා. 22 ෂිල්ලා තූබල්කායින්ව බිහි කළා. තූබල්කායින් තඹවලින් සහ යකඩවලින් විවිධ උපකරණ හැදුවා. එයාගේ සහෝදරියගේ නම නයමා. 23 ලාමෙක් එයාගේ භාර්යාවන් වුණ ආදා සහ ෂිල්ලාට මේ වචන පෙළ කිව්වා.

“මගේ භාර්යාවෙනි, මට කන් දෙන්න.

මම කියන දේට ඇහුම්කන් දෙන්න.

මට තුවාල කළ නිසා මම මිනිසෙක්ව මැරුවා.

මට පහර දුන්න නිසා මම ඒ තරුණයාව මැරුවා.

24 කායින්ව මැරුවොත් 7 පාරක් වන්දි ගෙවන්න වෙනවා නම්,+

ලාමෙක් නිසා 77 පාරක් වන්දි ගෙවන්න වෙයි.”

25 ආදම් ආයෙත් එයාගේ බිරිඳ එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. පස්සේ ඇය පුතෙක් බිහි කළා. “කායින් ආබෙල්ව මරපු හින්දා+ ආබෙල් වෙනුවට දෙවියන් මට තවත් පුතෙක් දුන්නා” කියලා ඇය කිව්වා. ඒ නිසා එයාට සෙත්*+ කියන නම තිබ්බා. 26 සෙත්ට ඒනොෂ්+ කියලා පුතෙක් ඉපදුණා. ඒ කාලේදී මිනිස්සු යෙහෝවා කියන නමින් කතා කරන්න පටන්ගත්තා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න