ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • ජල මට්ටම ටිකෙන් ටික අඩු වෙයි (1-14)

        • පරෙවියෙක්ව පිටතට යවයි (8-12)

      • නැවෙන් එළියට එයි (15-19)

      • පොළොව ගැන දෙවියන් දෙන පොරොන්දුව (20-22)

උත්පත්ති 8:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:19, 20; හෙබ්‍රෙ 11:7

උත්පත්ති 8:2

පාදසටහන්

  • *

    හෝ, “නැවැත්තුවා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 7:11, 12

උත්පත්ති 8:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2003, 5 පි.

උත්පත්ති 8:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2013, 14 පි.

    7/1/2009, 13-14 පි.

    5/15/2003, 5 පි.

උත්පත්ති 8:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 7:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2013, 14 පි.

    5/15/2003, 5 පි.

උත්පත්ති 8:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:16

උත්පත්ති 8:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1992, 31 පි.

උත්පත්ති 8:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1992, 31 පි.

උත්පත්ති 8:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 7:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1992, 31 පි.

උත්පත්ති 8:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 7:20; 8:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2004, 31 පි.

    1/1/2004, 31 පි.

උත්පත්ති 8:13

පාදසටහන්

  • *

    මූ.අ., “නැවේ ආවරණය.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 7:6, 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2013, 14 පි.

    5/15/2003, 5 පි.

උත්පත්ති 8:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2013, 14 පි.

    5/15/2003, 5 පි.

උත්පත්ති 8:16

හරස් යොමු දැක්වීම්

  • +උත් 7:7; 1පේතෘ 3:20; 2පේතෘ 2:5

උත්පත්ති 8:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:19, 20; 7:14, 15
  • +උත් 1:22

උත්පත්ති 8:18

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:10

උත්පත්ති 8:19

පාදසටහන්

  • *

    මූ.අ., “ඒ ඒ වර්ගය විදිහට.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 7:13, 14

උත්පත්ති 8:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:7
  • +උත් 7:2; ලෙවී 20:25
  • +ද්වි 27:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2013, 15 පි.

උත්පත්ති 8:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:5; දේශ 7:20; මතෙ 15:19
  • +උත් 3:17; 5:29
  • +උත් 6:7, 17; 9:11; යෙසා 54:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2017, 8 පි.

    මුරටැඹ,

    8/1/2013, 15 පි.

    11/1/1996, 8 පි.

උත්පත්ති 8:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:14; ගීතා 74:17; දේශ 1:4

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 8:1උත් 6:19, 20; හෙබ්‍රෙ 11:7
උත්. 8:2උත් 7:11, 12
උත්. 8:5උත් 7:20
උත්. 8:6උත් 6:16
උත්. 8:9උත් 7:19
උත්. 8:11උත් 7:20; 8:3
උත්. 8:13උත් 7:6, 11
උත්. 8:16උත් 7:7; 1පේතෘ 3:20; 2පේතෘ 2:5
උත්. 8:17උත් 6:19, 20; 7:14, 15
උත්. 8:17උත් 1:22
උත්. 8:18උත් 6:10
උත්. 8:19උත් 7:13, 14
උත්. 8:20උත් 12:7
උත්. 8:20උත් 7:2; ලෙවී 20:25
උත්. 8:20ද්වි 27:6
උත්. 8:21උත් 6:5; දේශ 7:20; මතෙ 15:19
උත්. 8:21උත් 3:17; 5:29
උත්. 8:21උත් 6:7, 17; 9:11; යෙසා 54:9
උත්. 8:22උත් 1:14; ගීතා 74:17; දේශ 1:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 8:1-22

උත්පත්ති

8 දෙවියන් නෝවා ගැන සහ එයාත් එක්ක නැවේ හිටපු හැම වනසතෙක් ගැනමත් හැම හීලෑ සතෙක් ගැනමත් හිතුවා.+ ඒ නිසා එයාලට උදව් කරන්න ඔහු පියවර ගත්තා. ඔහු පොළොව මත හුළඟක් හමන්න සැලැස්සුවා. එතකොට වතුර ටිකෙන් ටික හිඳෙන්න පටන්ගත්තා. 2 මහා ජල කඳේ දිය උල්පත් හිඳිලා ගියා. අහසේ කවුළු වහලා දැම්මා. ඉතින් අහසෙන් ඇද හැලුණු වැසි නතර වුණා.*+ 3 පොළොවේ තිබුණ ජලය ටිකෙන් ටික හිඳෙන්න පටන්ගත්තා. දවස් 150කට පස්සේ වතුර මට්ටම සෑහෙන්න අඩු වෙලා තිබුණා. 4 හත්වෙනි මාසයේ 17වෙනි දවසේ නැව අරරත් කඳුකරය මත නැවතුණා. 5 දහවෙනි මාසය වෙන කල්ම වතුර ටිකෙන් ටික බැහැලා ගියා. දහවෙනි මාසයේ පළවෙනිදා වෙද්දී කඳු මුදුන් දකින්න පුළුවන් වුණා.+

6 දවස් 40කට පස්සේ නෝවා තමන් හදපු නැවේ කවුළුව ඇරියා.+ 7 ඊටපස්සේ එයා කපුටෙක්ව නැවෙන් එළියට යැව්වා. ඌ එළියට ගිහින් පියාඹලා ආපහු ආවා. වතුර හිඳිලා පොළොව වේළෙන කල්ම ඌ කීප සැරයක්ම ඒ විදිහට පියාඹලා ආපහු ආවා.

8 පස්සේ පොළොවෙන් වතුර හිඳිලා ගිහින්ද කියලා බලන්න නෝවා පරෙවියෙක්ව එළියට යැව්වා. 9 ඒ වෙද්දීත් පොළොව වතුරෙන් යට වෙලා තිබුණු නිසා ඌට පය තියන්න තැනක් හොයාගන්න බැරි වුණා.+ ඉතින් ඌ ආපහු නැවට ආවා. එතකොට නෝවා අත එළියට දාලා පරෙවියාව නැව ඇතුළට ගත්තා. 10 එයා තව දවස් හතක් බලලා ඊටපස්සේ පරෙවියාව ආයෙත් එළියට යැව්වා. 11 හවස් වෙද්දී පරෙවියා ආයෙත් නෝවා ළඟට ආවා. උගේ හොටේ අමු ඔලීව කොළයක් තියෙනවා එයා දැක්කා. පොළොවෙන් වතුර හිඳිලා ගිහිල්ලා කියලා ඒකෙන් නෝවා දැනගත්තා.+ 12 එයා තව දවස් හතක් බලාගෙන ඉඳලා පරෙවියාව ආයෙත් එළියට යැව්වා. ඒ සැරේ නම් පරෙවියා ආයේ ආවේ නැහැ.

13 නෝවාගේ ජීවිතේ 601වෙනි අවුරුද්දේ+ පළවෙනි මාසයේ පළවෙනි දවස වෙද්දී පොළොවේ වතුර හිඳිලා ගිහින් තිබුණා. නෝවා නැවේ වහලේ කොටසක්* ඇරලා එළිය බැලුවාම එයා දැක්කා පොළොව වේළෙන්න පටන් අරන් කියලා. 14 දෙවෙනි මාසයේ 27වෙනි දවස වෙද්දී පොළොව සම්පූර්ණයෙන්ම වේළිලා තිබුණා.

15 දෙවියන් නෝවාට මෙහෙම කිව්වා. 16 “දැන් ඔයාටයි, ඔයාගේ බිරිඳටයි, ඔයාගේ පුතාලටයි, එයාලාගේ භාර්යාවන්ටයි නැවෙන් එළියට යන්න පුළුවන්.+ 17 ඔයා එළියට යද්දී ඔක්කොම සත්තුන්වත් එළියට අරන් යන්න.+ හැම පියාසර කරන ජීවියෙක්ම, හැම සතෙක්ම, හැම කුඩා සතෙක්ම එළියට අරගෙන යන්න. එතකොට උන්ට බෝ වෙලා පොළොව පුරාම පැතිරිලා යන්න පුළුවන් වෙයි.”+

18 නෝවා එයාගේ බිරිඳයි, පුතාලයි,+ එයාලාගේ භාර්යාවනුයි එක්ක නැවෙන් එළියට ගියා. 19 හැම සතෙක්ම, හැම කුඩා සතෙක්ම, පියාසර කරන හැම ජීවියෙක්ම සහ අනිත් හැම සතෙක්ම කණ්ඩායම් හැටියට* නැවෙන් පිටතට ගියා.+ 20 ඊටපස්සේ නෝවා යෙහෝවා දෙවියන් වෙනුවෙන් පූජාසනයක් හැදුවා.+ එයා පවිත්‍ර සතුන්ගෙන් සහ කුරුල්ලන්ගෙන් කීපදෙනෙක්ව අරගෙන+ පූජාසනය උඩ තියලා දවන පූජා විදිහට උන්ව ඔප්පු කළා.+ 21 පූජාවෙන් ආපු සුවඳ නිසා යෙහෝවා දෙවියන්ට සතුටක් දැනුණා. ඒ නිසා යෙහෝවා මෙහෙම හිතුවා. “පුංචි කාලේ ඉඳන් මිනිසාගේ හිත යන්නෙම නපුරු දේවලට.+ ඉතින් මිනිස්සු කරන දේවල් නිසා මම ආයේ කවදාවත් පොළොවට ශාප කරන්නේ නැහැ.+ කලින් කළා වගේ මං ආයේ කවදාවත් පණ තියෙන හැම දෙයක්ම විනාශ කරන්නේ නැහැ.+ 22 පොළොව තියන තාක් කල් බීජ වපුරන එක සහ අස්වැන්න නෙළන එක සිද්ධ වෙයි. සීතල සහ උණුසුමත් ගිම්හානය සහ ශීත ඍතුත් දවාල සහ රාත්‍රියත් හැමදාටම තියෙයි.”+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න