ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 තෙසලෝනික 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 තෙසලෝනික පොතේ සාරාංශයක්

      • සුබ පැතුම් (1, 2)

      • තෙසලෝනිකවරුන්ගේ විශ්වාසය තව තවත් ශක්තිමත් වෙයි (3-5)

      • ශුභාරංචිය පිළිගන්නේ නැති අයට දඬුවම් ලැබෙනවා (6-10)

      • සභාව වෙනුවෙන් යාච්ඤා කරයි (11, 12)

2 තෙසලෝනික 1:1

පාදසටහන්

  • *

    සීලස් කියලත් හඳුන්වනවා.

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 1:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (1 තෙස–එළි), 5 පි.

2 තෙසලෝනික 1:2

පාදසටහන්

  • *

    හෝ, “ලබන්න නොවටිනා කරුණාවත්.” “පැහැදිලි කිරීමක්” බලන්න.

2 තෙසලෝනික 1:3

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 3:12; 4:9, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2005, 32 පි.

2 තෙසලෝනික 1:4

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 2:19
  • +1තෙස 1:6; 2:14; 1පේතෘ 2:21

2 තෙසලෝනික 1:5

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 14:22; රෝම 8:17; 2තිමෝ 2:12

2 තෙසලෝනික 1:6

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:19; එළි 6:9, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 33 පාඩම

    මුරටැඹ,

    11/15/2004, 19 පි.

2 තෙසලෝනික 1:7

හරස් යොමු දැක්වීම්

  • +මාක් 8:38
  • +ලූක් 17:29, 30; 1පේතෘ 1:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2004, 19 පි.

    5/1/1993, 22 පි.

2 තෙසලෝනික 1:8

හරස් යොමු දැක්වීම්

  • +රෝම 2:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 33 පාඩම

    මුරටැඹ (පාඩම්),

    9/2019, 12-13 පි.

    මුරටැඹ,

    11/15/2004, 19 පි.

    5/1/1993, 22 පි.

2 තෙසලෝනික 1:9

හරස් යොමු දැක්වීම්

  • +2පේතෘ 3:7

2 තෙසලෝනික 1:11

හරස් යොමු දැක්වීම්

  • +රෝම 8:30

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 තෙස. 1:12කොරි 1:19
2 තෙස. 1:31තෙස 3:12; 4:9, 10
2 තෙස. 1:41තෙස 2:19
2 තෙස. 1:41තෙස 1:6; 2:14; 1පේතෘ 2:21
2 තෙස. 1:5ක්‍රියා 14:22; රෝම 8:17; 2තිමෝ 2:12
2 තෙස. 1:6රෝම 12:19; එළි 6:9, 10
2 තෙස. 1:7මාක් 8:38
2 තෙස. 1:7ලූක් 17:29, 30; 1පේතෘ 1:7
2 තෙස. 1:8රෝම 2:8
2 තෙස. 1:92පේතෘ 3:7
2 තෙස. 1:11රෝම 8:30
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 තෙසලෝනික 1:1-12

දෙවෙනි තෙසලෝනික

1 පාවුල්, සිල්වානස්* සහ තිමෝතිගෙන්,+ අපේ තාත්තා වන දෙවියන් සහ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න තෙසලෝනිකවරුන්ගේ සභාව වෙතට.

2 අපේ තාත්තා වන දෙවියන්ගේ සහ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාවත්* සමාදානයත් ඔයාලට ලැබෙන්න කියලා අපි පතනවා.

3 සහෝදරයෙනි, ඔයාලා ගැන දෙවියන්ට කියලා ඔහුට නිතරම ස්තුති කරන්න අපි බැඳිලා ඉන්නවා. මොකද අපිට ආරංචි වෙලා තියෙනවා ඔයාලාගේ විශ්වාසය තව තවත් ශක්තිමත් වෙනවා කියලා. ඒ වගේම එකිනෙකා ගැන ඔයාලා හැම කෙනෙක්ටම තියෙන ආදරය දවසින් දවස වැඩි වෙනවා+ කියලත් අපිට දැනගන්න ලැබුණා. 4 ඒ නිසා දෙවියන්ට අයිති සභාවන් අතරේ අපි ඔයාලා ගැන හරිම ආඩම්බරයෙන් කතා කරනවා.+ මොකද කොච්චර දුක් පීඩා, දුෂ්කරතාවලට මුහුණ දුන්නත් ඔයාලා ඒ හැම එකක්ම විඳදරාගන්නවා.+ ඔයාලාගේ විශ්වාසය අඩු වෙන්න දෙන්නෙත් නැහැ. 5 ඒකෙන් ඔප්පු වෙනවා දෙවියන් හැම දේම ධර්මිෂ්ඨව විනිශ්චය කරලා තියෙනවා කියලා. දෙවියන්ගේ රාජ්‍යය ලබන්න ඔයාලා සුදුසුයි කියලා ඔහු තීරණය කරලා තියෙන්නේ ඒ නිසයි. ඇත්තටම ඔයාලා දුක් විඳින්නෙත් ඒ රාජ්‍යය වෙනුවෙන්.+

6 දෙවියන් ධර්මිෂ්ඨ කෙනෙක් නිසා ඔයාලට පීඩා කරන අයට ඔහු අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා.+ 7 ඒත් ස්වාමීන් වන යේසුස් ඔහුගේ බලවත් දේවදූතයන් එක්ක+ ස්වර්ගයේ ඉඳන් එළිදරව් වෙන අවස්ථාවේදී+ දැන් පීඩා විඳින ඔයාලට අපිත් එක්කම සහනයක් අද්දකින්න ලැබෙනවා. 8 යේසුස් ඇවිළෙන ගිනි ජාලාවක් එක්ක එළිදරව් වෙලා, දෙවියන්ව අඳුරගෙන නැති අයටත් අපේ ස්වාමීන් වන යේසුස් ගැන ශුභාරංචිය පිළිගන්නේ නැති අයටත් දඬුවම් කරනවා.+ 9 ඔහු එයාලව විනිශ්චය කරලා එයාලට සදාකාල විනාශය නියම කරයි.+ එයාලට ආයෙත් ස්වාමීන් ඉස්සරහට එන්න ලැබෙන්නෙවත් ඔහුගේ තේජවත් බලය අද්දකින්න ලැබෙන්නෙවත් නැහැ. 10 යේසුස් තමන්ගේ ශුද්ධ තැනැත්තන් එක්ක තේජසට පත් වෙන්න එන ඒ දවසේදී ඔහු ගැන විශ්වාසය තියපු හැමෝම ඔහු දිහා ලොකු ගෞරවයකින් බලයි. අපි දීපු සාක්ෂිය විශ්වාස කරපු ඔයාලත් ඒ අය අතරේ ඉඳියි.

11 ඔයාලව කැඳවපු දෙවියන් ඔයාලට දෙන්න පොරොන්දු වුණ දේ ලබන්න ඔයාලා සුදුසුයි කියලා තීරණය කරනවා දකින්නයි අපි කැමති.+ ඒ නිසයි අපි නිතරම ඒ ගැන කියලා යාච්ඤා කරන්නේ. අපි දෙවියන්ගෙන් ඉල්ලන්නේ ඔහුගේ බලයෙන්, ඔයාලා වෙනුවෙන් කරන්න හිතන් ඉන්න හැම හොඳ දෙයක්ම ඒ විදිහටම කරන්න කියලා. ඒ වගේම විශ්වාසයක් ඇතුව ඔයාලා කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න සලස්වන්න කියලත් අපි ඉල්ලනවා. 12 අපි එහෙම යාච්ඤා කරන්නේ ඔයාලා මාර්ගයෙන් අපේ ස්වාමීන් වන යේසුස්ගේ නමට ලොකු ගෞරවයක් ලැබෙන්න ඕනෙ නිසයි. ඒ වගේම ඔහු එක්ක තියෙන බැඳීම නිසා ඔයාලා තේජසට පත් වෙනවා දකින්න අපිට ඕනෙ නිසයි. ඒ හැම දෙයක්ම වෙන්නේ අපේ දෙවියන්ගේ සහ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව නිසයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න