ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 27
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා පොතේ සාරාංශයක්

      • බැබිලෝනියේ වියගහ (1-11)

      • බැබිලෝනිවරුන්ට යටත් වෙන්න කියලා ශෙදකියාට කියයි (12-22)

යෙරෙමියා 27:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙරෙමියා, 36 පි.

යෙරෙමියා 27:3

හරස් යොමු දැක්වීම්

  • +එස 25:12, 13; ඔබ 1
  • +යෙරෙ 48:1; එස 25:8, 9
  • +යෙරෙ 49:1, 2; එස 25:2
  • +යෙසා 23:1; යෙරෙ 47:4; එස 26:3
  • +යෙසා 23:4; එස 28:21; යෝවෙ 3:4

යෙරෙමියා 27:5

පාදසටහන්

  • *

    මූ.අ., “මට සුදුසුයි කියලා හිතෙන ඕනෙම කෙනෙක්ට මං ඒවා දෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +දානි 4:17

යෙරෙමියා 27:6

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 25:9; 28:14; 43:10; දානි 2:37, 38

යෙරෙමියා 27:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 137:8; යෙරෙ 50:14, 27; දානි 5:26, 30
  • +යෙරෙ 25:12, 14; 51:11

යෙරෙමියා 27:8

පාදසටහන්

  • *

    හෝ, “ලෙඩ රෝගවලින්.”

හරස් යොමු දැක්වීම්

  • +එස 26:7, 8

යෙරෙමියා 27:12

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 24:17; 1ලේක 3:15; යෙරෙ 37:1
  • +යෙරෙ 38:2, 20

යෙරෙමියා 27:13

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:7
  • +2රාජා 25:3
  • +යෙරෙ 21:9; එස 14:21

යෙරෙමියා 27:14

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 28:1, 2, 11; 37:19
  • +යෙරෙ 14:14; 23:21; 28:15; 29:8, 9; එස 13:6

යෙරෙමියා 27:15

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 20:6; 29:21; එස 13:3

යෙරෙමියා 27:16

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 24:11, 13; 2ලේක 36:7; යෙරෙ 28:1-3; දානි 1:1, 2
  • +යෙරෙ 14:13

යෙරෙමියා 27:17

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 27:11; 38:17

යෙරෙමියා 27:19

පාදසටහන්

  • *

    ඒ කියන්නේ දේවමාලිගාවේ තිබුණ ලොකු තඹ භාජනේ.

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:15; 2රාජා 25:17; 2ලේක 4:11, 12; යෙරෙ 52:21
  • +1රාජා 7:23
  • +1රාජා 7:27; 2රාජා 25:16; 2ලේක 4:11, 14

යෙරෙමියා 27:20

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 24:14, 15; 2ලේක 36:10; යෙරෙ 24:1; දානි 1:2, 3

යෙරෙමියා 27:22

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:13, 14; 2ලේක 36:18; යෙරෙ 52:17, 18; දානි 5:3
  • +එස්රා 1:7; 5:14

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

යෙරෙ. 27:3එස 25:12, 13; ඔබ 1
යෙරෙ. 27:3යෙරෙ 48:1; එස 25:8, 9
යෙරෙ. 27:3යෙරෙ 49:1, 2; එස 25:2
යෙරෙ. 27:3යෙසා 23:1; යෙරෙ 47:4; එස 26:3
යෙරෙ. 27:3යෙසා 23:4; එස 28:21; යෝවෙ 3:4
යෙරෙ. 27:5දානි 4:17
යෙරෙ. 27:6යෙරෙ 25:9; 28:14; 43:10; දානි 2:37, 38
යෙරෙ. 27:7ගීතා 137:8; යෙරෙ 50:14, 27; දානි 5:26, 30
යෙරෙ. 27:7යෙරෙ 25:12, 14; 51:11
යෙරෙ. 27:8එස 26:7, 8
යෙරෙ. 27:122රාජා 24:17; 1ලේක 3:15; යෙරෙ 37:1
යෙරෙ. 27:12යෙරෙ 38:2, 20
යෙරෙ. 27:132රාජා 25:7
යෙරෙ. 27:132රාජා 25:3
යෙරෙ. 27:13යෙරෙ 21:9; එස 14:21
යෙරෙ. 27:14යෙරෙ 28:1, 2, 11; 37:19
යෙරෙ. 27:14යෙරෙ 14:14; 23:21; 28:15; 29:8, 9; එස 13:6
යෙරෙ. 27:15යෙරෙ 20:6; 29:21; එස 13:3
යෙරෙ. 27:162රාජා 24:11, 13; 2ලේක 36:7; යෙරෙ 28:1-3; දානි 1:1, 2
යෙරෙ. 27:16යෙරෙ 14:13
යෙරෙ. 27:17යෙරෙ 27:11; 38:17
යෙරෙ. 27:191රාජා 7:15; 2රාජා 25:17; 2ලේක 4:11, 12; යෙරෙ 52:21
යෙරෙ. 27:191රාජා 7:23
යෙරෙ. 27:191රාජා 7:27; 2රාජා 25:16; 2ලේක 4:11, 14
යෙරෙ. 27:202රාජා 24:14, 15; 2ලේක 36:10; යෙරෙ 24:1; දානි 1:2, 3
යෙරෙ. 27:222රාජා 25:13, 14; 2ලේක 36:18; යෙරෙ 52:17, 18; දානි 5:3
යෙරෙ. 27:22එස්රා 1:7; 5:14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
යෙරෙමියා 27:1-22

යෙරෙමියා

27 යොෂියාගේ පුතා වුණ යෙහෝයාකිම් යූදාවල රජකම් කරන්න පටන්ගත්ත කාලේදී යෙරෙමියාට යෙහෝවා දෙවියන්ගෙන් මේ පණිවිඩය ලැබුණා. 2 “යෙහෝවා මට මෙහෙම කිව්වා. ‘ඔයා වියගහකුයි, ඒකට පටියි හදාගෙන ඒක ඔයාගේ කරේ තියාගන්න. 3 යූදාවල රජ වන ශෙදකියාව හම්බ වෙන්න යෙරුසලමට ඇවිත් ඉන්න පණිවිඩකරුවන් අතේ ඒදොම්වල රජටත්+ මෝවබ්වල රජටත්+ අම්මොන්වරුන්ගේ රජටත්+ තීර්වල රජටත්+ සීදොන්වල රජටත්+ ඒ වගේ වියගස් යවන්න. 4 ඔවුන්ගේ ස්වාමිවරුන්ට මේ දේ කියන්න කියලා ඒ පණිවිඩකරුවන්ට කියන්න.

“‘“ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා කියන මේ දේ ඔබේ ස්වාමිවරුන්ට කියන්න. 5 ‘මේ පොළොවත් පොළොවේ ජීවත් වෙන මනුෂ්‍යයන්වත් සතුන්වත් හැදුවේ මමයි. මගේ අත දික් කරලා මගේ මහත් බලයෙන් මම ඒවා හැදුවා. මං කැමති කෙනෙක්ට මම ඒවා භාර දෙනවා.*+ 6 මම මේ හැම දේශයක්ම මගේ සේවකයා සහ බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ට+ භාර දුන්නා. මම වනසතුන්ව පවා ඔහුට යටත් කරලා දුන්නා. 7 ඔහුගේ රාජ්‍යය වැටිලා යන කල් හැම ජාතියක්ම ඔහුටයි, ඔහුගේ පුතාටයි, ඔහුගේ මුනුපුරාටයි සේවය කරනවා.+ ඊටපස්සේ ගොඩක් ජාතීන් සහ බලවත් රජවරු ඔහුව වහල්කමට ගනියි.’+

8 “‘“‘ජාතියක් හරි රාජ්‍යයක් හරි බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්ට සේවය කරන්නවත් ඔහුගේ වියගහට යටත් වෙන්නවත් කැමති නැත්නම් මම කඩුවෙන්,+ සාගතයෙන් සහ වසංගතවලින්* ඒ ජාතියට දඬුවම් කරනවා. බැබිලෝනියේ රජ අතින් ඔවුන් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන කල් මං එහෙම කරනවා’ කියලා යෙහෝවා කියනවා.

9 “‘“‘“බැබිලෝනියේ රජට සේවය කරන්න ඔබට සිද්ධ වෙන්නේ නැහැ” කියලා කියන ඔබේ අනාගතවක්තෘවරුන්ට, පේන කියන්නන්ට, සිහින දකින්නන්ට, මන්තර ගුරුකම් කරන්නන්ට සහ කට්ටඩියන්ට ඇහුම්කන් දෙන්න එපා. 10 මොකද ඔවුන් කියන්නේ බොරු අනාවැකි. ඔබ ඔවුන්ට ඇහුම්කන් දුන්නොත් ඔබේ දේශයෙන් ඈත තියෙන දේශයකට ඔබට යන්න වෙනවා. මම ඔබව සීසීකඩ විසුරුවාහරිනවා. ඔබ විනාශ වෙලා යනවා.

11 “‘“‘ඒත් ජාතියක් බැබිලෝනියේ රජගේ වියගහට යටත් වෙලා ඔහුට සේවය කළොත් මම ඒ ජාතියට තමන්ගේ දේශයේ දිගටම ඉන්න ඉඩහරිනවා. ඔවුන් වගා කරගෙන ඒ දේශයේ ජීවත් වෙයි’ කියලා යෙහෝවා කියනවා.”’”

12 මම යූදාවල රජ වුණ ශෙදකියාටත්+ මෙහෙම කිව්වා. “බැබිලෝනියේ රජගේ වියගහට යටත් වෙලා ඔහුටයි, ඔහුගේ සෙනඟටයි සේවය කරන්න. එහෙම කළොත් ඔබේ ජීවිතේ බේරගන්න පුළුවන්.+ 13 බැබිලෝනියේ රජට සේවය කරන්නේ නැති ඕනෙම ජාතියකට කඩුවෙන්,+ සාගතයෙන්,+ වසංගතවලින්+ පහර කන්න වෙනවා කියලා යෙහෝවා කිව්වා. ඉතින් ඔබත් ඔබේ සෙනඟත් ඒ විදිහට මැරුම් කන්න හදන්නේ ඇයි? 14 ‘බැබිලෝනියේ රජට සේවය කරන්න ඔබට සිද්ධ වෙන්නේ නැහැ’ කියලා කියන අනාගතවක්තෘවරුන්ට ඇහුම්කන් දෙන්න එපා.+ මොකද ඔවුන් ඔබට කියන්නේ බොරු අනාවැකි.+

15 “‘අනාවැකි කියන්න මම ඔවුන්ව එව්වේ නැහැ’ කියලා යෙහෝවා කියනවා. ‘ඒත් ඔවුන් මගේ නමින් බොරු අනාවැකි කියනවා. ඔබ ඒවාට ඇහුම්කන් දුන්නොත් මම ඔබව සීසීකඩ විසුරුවාහරිනවා. ඔබත් ඔබට අනාවැකි කියන අනාගතවක්තෘවරුනුත් අනිවාර්යයෙන්ම විනාශ වෙලා යනවා.’”+

16 පූජකයන්ටයි, මුළු සෙනඟටයි මම මෙහෙම කිව්වා. “යෙහෝවා කියන්නේ මේකයි. ‘“යෙහෝවා දෙවියන්ගේ ගෘහයට අයිති භාණ්ඩ ළඟදීම බැබිලෝනියේ ඉඳන් ගේනවා”+ කියලා අනාවැකි කියන ඔබේ අනාගතවක්තෘවරුන්ට ඇහුම්කන් දෙන්න එපා. මොකද ඔවුන් කියන්නේ බොරු.+ 17 ඔවුන්ට ඇහුම්කන් දෙන්න එපා. ඒ වෙනුවට බැබිලෝනියේ රජට සේවය කරන්න. එහෙම කළොත් ඔබේ ජීවිත රැකගන්න පුළුවන්.+ මේ නගරය නටබුන් ගොඩක් වෙන්න ඉඩ දෙන්නේ ඇයි? 18 ඔවුන් ඇත්තටම යෙහෝවාගෙන් ලැබුණ වචනය කියන අනාගතවක්තෘවරුන් නම් යෙහෝවා දෙවියන්ගේ ගෘහයෙත් යූදාවල රජමාලිගාවෙත් යෙරුසලමෙත් ඉතුරු වෙලා තියෙන භාණ්ඩ බැබිලෝනියට ගෙනියන්න ඉඩ දෙන්න එපා කියලා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාට කන්නලව් කරන්න කියලා ඔවුන්ට කියන්න.’

19 “මොකද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාට දේවමාලිගාවේ කුලුනු,+ මුහුද* කියලා හඳුන්වපු විශාල භාජනය,+ කරත්ත+ සහ මේ නගරයේ ඉතුරු වෙලා තියෙන අනිත් භාණ්ඩ ගැන කියන්න දෙයක් තියෙනවා. 20 බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්, යෙහෝයාකිම්ගේ පුතා වුණ යූදාවල රජකම් කරපු යෙකොනියාව, යූදාවල සහ යෙරුසලමේ හිටපු වංශවත් අය එක්ක යෙරුසලමේ ඉඳන් බැබිලෝනියට අරන් ගිය වෙලාවේ ඒවා අරන් ගියේ නැහැ.+ 21 යෙහෝවා දෙවියන්ගේ ගෘහයෙත් යූදාවල රජමාලිගාවෙත් යෙරුසලමෙත් ඉතුරු වෙලා තියෙන භාණ්ඩ ගැන ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. 22 ‘“ඒ හැම භාණ්ඩයක්ම බැබිලෝනියට ගෙනියනවා.+ මං ඒවා ආපහු ගේන කල් ඒවා බැබිලෝනියේම තියෙයි.” එහෙම කියන්නේ යෙහෝවායි. “ඊටපස්සේ මම ඒවා ආපහු මෙතනට ගේනවා.”’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න